මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»


හිස ගිනිලෑවත් රණවිරුවන් පාවා නොදුන් අඹගොල්ලේ රාල

හිස ගිනිලෑවත් රණවිරුවන් පාවා නොදුන් අඹගොල්ලේ රාල

කවදත් දේශ හිතෛශී සිහළුන්ගේ නිජ භූමියක් වූ ඌව - වෙල්ලස්සේ ඉංග්‍රීසි පාලන විරෝධී කැලඹීම් 1817 වසරේ සැප්තැම්බර් මස වන විට මතු වෙමින් පැවැති මොහොතේ යළි සිංහල රාජ්‍යයක් නිර්මාණය කිරීමේ පරම අධිෂ්ඨානයෙන් යුතුව කතරගම කඳ සුරිඳු වෙතින් විවරණ ලබා ඌව - වෙල්ලස්සේ බින්තැන්නේ කොක්කාගලට පැමිණි “දොරේ සාමි කුමරු” වෙත වෙල්ලස්සේ දේශ හිතෛශී විරුවන් සිය ගණනින් රොද බැ‍ඳෙන්නට විය.

කල්ප කාලාන්තරයක් පුරා සිංහල ගම්මාන අතර ලුණු, රෙදිපිළි ආදී භාණ්ඩ රැගෙන සැරිසරමින් තම වෙළෙඳ ආධිපත්‍යය සරු ලෙසින් වඩවා සිටි මුස්ලිම්වරුන් එම ළෙන්ගතු සබඳතා නින්දනීය ලෙසින් අමතක කරමින් ඉංග්‍රීසි පාලනයේ චරපුරුෂ සේවාවේ ස්වෙච්ඡාවෙන්ම නිරත වූ මෙම අකෘතඥයන් විසින් වෙල්ලස්සේ වන වදුලු අතරේ පුපුරු ගැසෙමින් හැඩවන විමුක්ති කාමීන්ගේ නැගිටීම පිළිබඳ තොරතුරු බදුල්ලේ ඉංග්‍රීසි ඒජන්ත මේජර් ඩග්ලස් විල්සන් වෙත සවිස්තරව සපයා දී ඇත.

උඩරට පැවැති රාජ්‍ය පාලන ව්‍යුහය පිළිබඳ තැකීමක් නොලක ඉංග්‍රීසි පාලනය එතෙක් ඌව - වෙල්ලස්සේ රදළවරුන් විසින් දරන ලද වෙල්ලස්සේ “මඩිහේ මුහන්දිරම්” තනතුරට විශාල ගැල් ප්‍රමාණයකට හිමිකම් කී “හජ්ජි මරික්කාර්” නමැති ජාතිකයා පත්කර ඇතිවෙමින් පවතින කැලඹිලි තත්ත්වය මැඬලීම උදෙසා ඔහු බින්තැන්නට යවන ලදි. හජ්ජිගේ මෙම පත්වීම පිළිබඳ වියරු වැටී සිටි බූටාවේ රටේ රාල ප්‍රධාන පිරිසේ ග්‍රහණයට පත්වූ හජ්ජි ඇතුළු පිරිසට අත්වූයේ ක්ෂණික මරණයකි.

හජ්ජිගේ මිනීමරුවන් සොයා බින්තැන්නට පැමිණි බදුල්ලේ ඒජන්ත හා ඉංග්‍රීසි සේනාංකයේ ප්‍රධානී මේජර් ඩග්ලස් විල්සන්, බින්තැන්නේ ඊතනවත්ත දේවාලය අසල දී ගුවනේ පියඹා ආ “හී” සැරයකින් ළය සිදුරු වී මරුමුවට පත්වී ඇත. ක්‍රෝධයෙන් මුසපත් වූ ඉංග්‍රිසි සේනාංක විමුක්ති නායකයන් වූ බූටාවේ රටේ රාල, කොහුකුඹුරේ රාල ආදී නායකයන් ඇතුළු කැරලිකරුවන් සොයා තම ම්ලේච්ඡ භීෂණය වපුරුවාලමින් බින්තැන්නේ ගම්මාන හා වනවදුලු පීරන්නට විය. වෙහෙර විහාරස්ථාන හා නිවාස කොල්ලකමින් දුටු දුටුවන් ඝාතනය කරමින් ගම්-බිම් ගිනිබත් කරමින්, ගහකොළ වනසාලමින්, ගව මහීෂා ආදීන් පලහා කමින් ගමින් ගම ගලා එන මෙම මහා වන චෞර ගංගාව පිළිබඳ ලැබූ තොරතුරු සමඟින් ගම්වැසියෝ වහ වහා තම ජීවිත ආරක්ෂාව පතා වනගත ආරක්ෂිත ස්ථාන බලා සැඟව යන්නට වූහ.

සැකකරුවන්ගේ ප්‍රධානියකු වූ බූටාවේ රටේ රාල ලුහුබඳිමින් බිබිල ප්‍රදේශයට පැමිණි ඉංග්‍රීසි සේනාංකය වනගත ගම්මානයක් වූ “අඹගොල්ල” ග්‍රාමය වැටලීය. ගොඩ-මඩ සරුසාර වී, කුරහන් ආදී ධාන්‍යයෙන් පිරි අටු-කොටු ආදියෙන් සපිරි සශ්‍රීක ගම්මානයක් වූ අඹගොල්ල ඒ වන විට ජනශුන්‍යව තිබුණි.

ග්‍රාමයේ නිවෙස් බිඳ කොල්ලකෑමෙන් පසුව ඉංග්‍රිසින්ගේ සුපුරුදු ව්‍යායාම වූ නිවාස හා ධාන්‍ය ගෙවල් ගිනි තබන ලදී. හතර අතින් බුර බුරා නඟින ගිනි ජාලා අතරට මැදිව තම දෙපාවල ඇති ව්‍යාධියක් හේතුවෙන් ඇවිදීමට අපහසුව තම අටුගෙට වී සිට එළියට පැමිණි ‘අඹගොල්ලේ රාල’ ඉංග්‍රීසි සේනාවට ‍කොටු විය.

දින ගණනාවක් ක්ෂුඩාවෙන් විපරිතව සිටි වෘක රැළක රසවත් ගොදුරක් බවට පත් වූ අඹගොල්ලේ රාලගෙන් ඉංග්‍රීසින් ඔවුන්ගේ ක්‍රෑර ක්‍රමවේද යොදවමින් සැඟව පලාගොස් ඇති බූටාවේ රටේ රාල ප්‍රමුඛ විමුක්තිකාමීන් පිළිබඳ ප්‍රශ්න කළත් ඔවුන්ට ඔහුගේ මුවිල් ලැබී ඇත්තේ ආක්‍රෝෂ වදනින් යුතු පරිභවයකි.

ඉංග්‍රීසි සොල්දාදුවන් වෙතින් එල්ල වූ අතිශය අමානුෂික වධ හිංසා අබියස දෙස් දෙවොල් නඟමින් විලාප නැඟුවත් පලාගොස් ඇති වෙල්ලස්සේ සටන්කාමීන් පිළිබඳ ඉඟියක් හෝ ලබා ගැනීමට නොහැකි වූ නොහික්මූ ඉංග්‍රීසි සොල්දාදුවෝ අඹගොල්ලේ රාලගේ දෙපයේ ඇස්වට වටා රැහැන් පටකින් බැඳ ඔහුගේ හිස පහතට සිටින ලෙසට ගේ මිදුලේ ඇති සියඹලා ගසේ අත්තක කකුල් දෙකෙන් එල්ලා හිස පහතින් ගිනි ගොඩක් දල්වා එම ගිනිගොඩ වෙත ඔහුගේ සිරුර උස්-පහත් කරමින් ඉංග්‍රීසි තම අවශ්‍යතාව සඵල කර ගැනීමට උත්සාහ දැරූහ. එහෙත් ජාති හිතෛෂියාගෙන් එකඳු වදනක් හෝ ලබා ගැනීමට ඔවුන්ට නොහැකි වූයෙන් වියරු වැටුණු ඔවුන් තව තවත් දර කොටන් දමා ගිනි ගොඩ සක්‍රීය කරමින් අඩපණ සිරුරේ හිස ගිනිගොඩ සමීප වෙන ලෙසින් එල්ලා තබා පිටව ගොස් ඇත්තේ මැදිවිය ද ඉක්මවා සිටි මෙම හෙළ විරුවාගේ ඇති ආත්ම අභිමානය පිළිබඳව වික්ෂිප්ත වෙමිනි.

වේදනාවෙන් මුසපත්ව මෙම හෙළ විරුවා නඟන මහ හඬ ගම්දනව් සිසාරා දෝංකාරය දෙමින් තිබී රෑ මැදියමේ නිසල වී ඇත.

දේශයේත්, ජාතියේත් නිදහස හා ස්වාධීනත්වය උදෙසා තම දිවි පුදකළ මෙවන් බොහෝ අප්‍රකට හෙළ විරුවන් හා බැඳි ජනකතා, ජනකවි ඇතුළත් ජනශ්‍රැති ඌව වෙල්ලස්සේ වෙසෙන පැරැණියන් අතරේ දී බොහෝ වර හමු වේ.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්