කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»


මීවදයත් අපේ ලෝකෙ වගෙයි: ලෙඩ්ඩු බලාගන්න හෙද හෙදියන්

මීවදයත් අපේ ලෝකෙ වගෙයි: ලෙඩ්ඩු බලාගන්න හෙද හෙදියන්

අප වාසය කරන ලෝකයේ සිටින ඉතාම කඩිසර, කාර්යශීලි සතුන් ලෙස හඳුන්වන්නේ මීමැස්සන් ය. ඔවුන්ගේ ලෝකය මීවදයයි. මී මැසි ලෝකයේ බොහෝ දේ මනුෂ්‍ය ලෝකයට ද සමාන වේ. මීමැස්සන් කෙතරම් කඩිසර වුවත් උහු ද ලෙඩ වූ අප මෙන්ම නිෂ්ක්‍රීය වෙති. මීවදය තුළට යම් රෝගයක් ඇතුළු වුවහොත් මීමැස්සෝ නිශ්ක්‍රීය වී අරමුණක් නැතිව හැසිරීම් විලාශ පෙන්වති. එමෙන්ම බොහෝ දෙනා මරුමුවට පත් වෙති.

මීවදයට වැල‍ඳෙන රෝගාබාධ හඳුනා ගැනීම මෙන්ම එම රෝගී මීමැස්සන්ට හෙදකම් කිරීමට හා සාත්තු කිරීමට විශේෂ සාත්තු සේවක සේවිකා මීමැස්සන් ද වෙති. එම සත්තු මීවදය තුළ අති විශේෂ කාර්යභාරයක් ඉටුකරන බව ජර්මනියේ හල්ලේ ප්‍රදේශයේ පිහිටි මාටින් ලුතර් විශ්ව විද්‍යාලයේ මීමැසි කෘමින් පිළිබඳ විශේෂඥයකු වූ සිල්වියෝ ඊර්ලර් පවසයි.

රෝගාබාධ ඇතිවීමට පෙර මීමැස්සන් ඒ සඳහා සූදානම් කර ගැනීම සඳහා විශේෂ මීපැණි පිළියෙල කිරීම වෛද්‍ය මීමැස්සන් විසින් කරන බව ඔහුගේ පර්යේෂණයේදී හෙළි වී ඇත්තේය. එක් එක් මීමැස්සා පෙළෙන රෝගාබාධයට අනුව ප්‍රතිජීවක සහිත පැණි ලබාදීම මේ වෛද්‍ය මීමැස්සන්ගේ කාර්ය වේ.

ඊර්ලර්ගේ පර්යේෂණ වාර්තාවට අනුව නොසෙමා සෙරනියා යන පරපෝෂිත රෝගයෙන් පෙළෙන මීමැසි සත්තු සේවිකාවන්ට අවශ්‍ය ප්‍රතිජීවක මීපැණි සාදා ගනු ලබන්නේ කාල වර්ණ පළගැටි, සූර්යකාන්ත ලින්ඩන් වෘක්ෂවලින් ලබාගනු ලබන යුෂ මීපැණි සමඟ මිශ්‍ර කරමිනි. මෙසේ සාදනු ලබන මීපැණිවල විෂබීජ නසන ප්‍රතිජීවක ශක්තියක් ඇති බව දැක්වේ.

මේ හැර මීවදය තුළ අති විශේෂ වෛද්‍යමය කටයුතු ඉතා සූක්ෂම ලෙස සිදුවන බවත් පර්යේෂකයන් විසින් සොයා ගනු ලැබ ඇත.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්