කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»


ගුරු ‍ෙස්වයේ රසකතා

ගුරු ‍ෙස්වයේ රසකතා

කුණු - ගිනි වළේ ළමයෙක්

බොහෝවිට එදා ගම්බද පාසල්වල තිබූයේ එක ගොඩනැගිල්ලකි. මෙම විදුහලේත් වූයේ එවැනි එක් ගොඩනැගිල්ලකි. එය ඉංගිරිසි ‘එල්’ හැඩයෙන් යුක්ත විය. ගොඩනැගිලි හිඟය නිසාම පංති අතර පරතරය ඉතා අඩු විය. ඒ නිසාම උගැන්වීමේ ශබ්දය පංතියෙන් පංතියට ඇසීම වැළැක්විය නොහැකිය. එය ගුරු සිසු කාටත් හොඳට හුරුය. එහෙත් ඇතැම් විටෙක සාහිත්‍යය විෂයය උගන්වන සමහර ගුරුවරුන් කවි - සීපද හඬ නගා ගායනා කරමින් උගන්වන අවස්ථාවලදී දෙපැත්තේ පංතිවල ළමුන්ගේ හිත්-දෑස් ඒ වෙත ආකර්ෂණීය වනුයේ ඉබේටමය.

1965 වනවිට මෙම පාසලේත් එවැනි පසුබිමක් වූයෙන් සමහර ගුරුවරුන් කරනු ලැබූයේ තම දරු පිරිස පුටුත් සමඟ එළිමහනට රැගෙන ගොස් සෙවණැති ගසක් යට වාඩිවී සිට උගැන්වීමය. එය තවත් අතකින් ඉගෙනුම් පරිසරය වෙනස් කිරීමක් ද විය. ඒ අනුව ඒ ඒ පංති විසින් පාසල් භූමිය තුළ එවැනි තහවුරු කරගත් ස්ථාන ද තිබුණි.

පහේ පංතියේ අය එසේ අල්ලා ගෙන තිබූයේ පාසලේ වගා බිම ආසන්නයේ වූ කජු ගස යටය. පාසල් නිවාඩුව අවසන්වී නැවත පාසල පටන් ගෙන සතියකට පමණ පසු එම බිම් කොටස දරුවන් ශුද්ධ-පවිත්‍ර කිරීමට යොමුවූයේ පංතිභාර ගුරුතුමාගේ ද අනුමැතිය ඇතිවය. ළමෝ කීපදෙනෙක් බිම උදලු ගෑහ. කීපදෙනෙක් තණකොළ සහ රොඩු-බොඩු එකතු කර අසල වූ කුණු වළට දැමූහ. වැඩ කටයුතු එසේ සිදුවන අතරේදී වළ ඉක්මනින්ම පිරීයාම වැළැක්වීම සඳහා සිසුහු කීපදෙනෙක් එක්ව ගුරු නිවාසයෙන් රැගෙන ආ ගිනි පෙනෙල්ලකින් වළේ ඇති තණකොළ සහිත අපද්‍රව්‍යවලට ගින්දර දැමූහ. තණකොළ ගොඩ අමු නිසා ප්‍රදේශය දුමින් වැසී ගියා මිස මහ ජයට ගිනි ඇවිළීමක් සිදුවූයේ නැත.

සුළු ‍මොහොතකින් එතැන මහත් අකරතැබ්බයකි. මේ දුම් කැටිය අස්සේම දඟකාර පිරිමි ළමයකු හෝ කීපදෙනකු විසින් තවත් පිරිමි ළමයකු එම වළට තල්ලු කර දමා ඇත. ගුරුවරයාගේත් ළමුන්ගේත් සහායයෙන් වළතුළ වූ දරුවා වහා ගොඩට ගැනිණ. කාගේත් හොඳ වෙලාවට දරුවාගේ ඇඳුම්වලට ගිනි ඇවිළී නොමැත. එහෙත් එක් කකුලක දෙතැනක යාන්තමට කුණුහම ගැලවී ගොස් ඇත.

මෙම පසුබිම යටතේ එවෙලේම ශුද්ධ-පවිත්‍ර කිරීමේ කටයුතු නතර කර ළමුන් පංතිකාමරයට යැවිණ. ගුරු නිවාසයෙන් ගෙන්වා ගත් බෙහෙත් දරුවාගේ තුවාලවලට දැමිණ. ඉන් පැයකට පමණ පසුව දහවන ශ්‍රේණියේ පිරිමි ළමුන් දෙදෙනකු සමඟ අකරතැබ්බයට මුහුණපෑ දරුවා ගෙදරට යැවිණ.

මෙකල විදුහල පාලනය කෙරුණේ වැඩබලන මුල්ගුරුවරයකු අතිනි. එතුමා පාසලේ චිත්‍ර ගුරුවරයාය. දෙමවුපිය-සිසු කාගේත් හිත් දිනා සිටියේය. මෙම සිද්ධිය බරපතළ බව වැඩබලන මුල්ගුරුවරයා වහා තේරුම් ගත්තේය. එහෙයින්ම ගුරුමණ්ඩලය ඉක්මන් සාකච්ඡාවකට කැඳවීය. එහිදී තීරණය වූයේ පාඨශාලා පරීක්ෂකතුමාගෙන් වැඩිදුර උපදෙස් ගතයුතු බවය.

එතුමාගෙන් ලැබුණු උපදෙස් අනුව පරීක්ෂණයක් ක්‍රියාත්මක විය. වැඩබලන මුල්ගුරුතුමාත්, තවත් ගුරුවරු තිදෙනෙක් ද එක්ව පංතියේ එදින පැමිණ සිටි ළමයින් සියලු දෙනාගෙන්ම ප්‍රකාශ සටහන් කර ගත්හ. එම ප්‍රකාශ ඇසුරින් වාර්තාවක් සැකසිණ. එම වාර්තාවත් රැගෙන වැඩබලන මුල්ගුරුතුමා පසුදාම පාඨශාලා පරීක්ෂකතුමා වෙත නැවත ගියේය. වාර්තාව කියවා බැලූ පාඨශාලා පරීක්ෂකතුමා දියයුතු දඬුවම් පැහැදිලි කර තිබුණි. ඒ සඳහා ඊළඟ සිකුරාදා යොදා ගන්නා ලෙසට වැඩිදුරටත් උපදෙස් දී තිබුණි.

ඒ අනුව නියමිත සිකුරාදාව උදාවිය. එදින ප.ව. 1 ට වෙනදා සාහිත්‍ය සමිතියට වාඩි වෙන්නාක් මෙන් ගුරු-සිසු සියලු දෙනාම ශාලාවේ වාඩිවූහ. ඒ අතරම වැරදිකරුවන්වී සිටින සිසුන් කීපදෙනා ඉදිරිපෙළ අසුන්වල වාඩි කරවීම ද විශේෂත්වයක් විය. වැඩබලන මුල්ගුරුතුමා පමණක් වේදිකාවේ වාඩිවිය.

සුළු මොහොතකින් මුළු ශාලාවම මීයට බිම්බාක් මෙන් නිශ්ශබ්ද විය. කාගේත් දෑස් වේදිකාව දෙසට එල්ල විය. කාරණය ඉතා කෙටියෙන් පැහැදිලි කළ වැඩබලන මුල්ගුරුතුමා අනතුරුව වැරදිකරුවන්වී සිටින සිසුන් පස්දෙනාගේ නම් කියවන විට ඔවුහු එක පෙළට ගොස් වේදිකාවේ බිත්තියට පිට දී සිට ගත්හ. ඉනික්බිතිව වැඩබලන මුල්ගුරුතුමා මෙම සිද්ධියේ බරපතළකම විස්තර කර ඊළඟට දඬුවම් ලැබෙන ආකාරය පැහැදිලි කළේය. ‘වළට තල්ලු කිරීම සිදුකළ ශිෂ්‍යයාට තදබල වේවැල් පහර පහක් ලැබෙනවා. ඒ සඳහා අනුබල දුන් ඉතිරි හතර දෙනාට තදබල වේවැල් පහර තුන බැගින් ලැබෙනවා.’ ලැබුණු උපදෙස් අනුව වරදට පෙළඹ වූ සිවුදෙනා පළමුවත්, වරද කළ සිසුවා අවසානයටත් විත් වේවැල් පහර කෑහ. මෙයින් දෙදෙනකු අත ගසමින් ඉවසා සිටියද ඉතිරි තිදෙනා අත් ගසමින් - ඉකි ගසමින් හැඬූහ. ඒ මොහොතේ ගුරු-සිසු වැඩිම දෙනකු නොහඬා හැඬූයේ එය මනුෂ්‍ය ස්වභාවය නිසාම විය යුතුය.

මෙම දිනය එම පාසල් මාතාවගේ සමස්ත ඉතිහාසය තුළ වඩාත්ම අඳුරු දිනය වූවාට සැක නැත. මේ පිළිබඳව පසු දිනකදී කතා කරමින් සිටියදී ඒ වනවිටත් අවිවාහකව සිටි අවුරුදු හතළිස් පහක් පමණ වූ වැඩබලන මුල්ගුරුතුමා අනෙක් ගුරුවරුන් කීපදෙනකු සමඟ කියා තිබූයේ ‘ඒ මගෙත් නරක දවස් ටිකක් වෙන්න ඇති’ යන්නය.

හිමි වූ ‘අහිමි තෑග්ග’

අපි එම ශිෂ්‍යයාට ‘සුසිරිපාල’ යයි කියමු. ගමේ කුඩා පාසලෙන් අ.පො.ස. (සා.පෙළ) සමත් වූ ඔහු ආසන්න කුඩා නගරයේ වූ මහා විද්‍යාලයයට ඇතුළු වූයේ උසස් පෙළ හැදෑරීමටය.

මාස දෙක-තුනක් ගතවෙද්දී ඔහුට එහි පරිසරය යම් තරමකට හුරුවිය. ඒ අතර දිනක් විවේක කාලයේ දී දැන්වීම් පුවරුව බලමින් සිටියදී ඒ ආසන්නයේම එල්ලා තිබූ තවත් පුවරුවක් නෙත ගැටුණි. එහි උඩින්ම තරමක් ලොකු අකුරෙන් ‘නිර්මාණ පුවරුව’ යන්න සඳහන් වූ අතර ඉතිරි ඉඩෙහි මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ වග-තුග ඇතුළත්ව පුවත්පත්වල පළ වූ ඡායාරූප සහ විස්තර ඇතුළත් නිර්මාණයක් ද විය. එහි පහතින් එය සකසන ලද ශිෂ්‍ය්‍යාගේ නමත්, පංතියත් සඳහන් විය.

ලියන-කියන සහ මෙවැනි ක්‍රියාකාරකම් සඳහා කවදත් ආශාවක් දැක් වූ ‘සුසිරිපාල’ මේ ගැන වැඩි විස්තර දැන ගැනීමේ අටියෙන් පංති සගයකුගෙන් විමසුවේය. එම සගයා ‘විජේ’ ය. ඔහු සියලු විස්තර ක‍ීවේය. එම විස්තරවලට අනුව මෙම වැඩපිළිවෙළ මෙහෙයවනු ලබන්නේ උසස් පෙළ සඳහා ‘ආණ්ඩුක්‍රම’ විෂයය උගන්වනු ලබන ‘ලියනගේ සර්’ ය. ළමුන්ගේ එවැනි නිර්මාණ මාසයකට එකක් එසේ ප්‍රදර්ශනය කෙරේ. මාසයකට පසු එම ශිෂ්‍යයාට/ශිෂ්‍යයාවට පිටු අසූවේ කොපිපොත් දහයක් ඇතුළත් තෑගි පාර්සලයක් පිරිනැමේ. එම කටයුතු සිදු කෙරෙනුයේ ‘ලියනගේ සර්'ගේ පෞද්ගලික වියදමිනි. එම පුවරුවද ‘ලියනගේ සර්’ සාදවා ගෙන ඇත්තේ පරිත්‍යාගශීලී පියකු ලවාය.

‘සුසිරිපාල’ තව - තවත් දිරිමත් වූයේය. ඊළඟ සතියේ සඳුදා එනවිට ‘සුසිරිපාල’ ද නිර්මාණයක් සකසා ගෙනැවිත් ‘ලියනගේ සර්’ ට දුන්නේය. එම නිර්මාණයේ මැය වූයේ ‘අගමැති බණ්ඩාරනායක සමරු සටහන් යන්නය. එය ‘සුසිරිපාල’ මෙතෙක් කල් රැකගෙන සිටි එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ජීවිතයේ විවිධ අවස්ථා නිරූපිත පුවත්පත් ඡායාරූප එකතුවකි. ලස්සන අත්අකුරුවලට ද හිමිකම් පෑ ‘සුසිරිපාල’ එය ආකර්ෂණීය ලෙස ද සකසා තිබුණි.

කෙසේ වුවද මෙය භාර දී මාස දෙකක් ගතවුවද පුවරුවේ ප්‍රදර්ශනය නොවුණි. මාස දෙකක් පුරා තවම පුවරුවේ රැඳී තිබෙනුයේ ද පරණ නිර්මාණයමය. තාමත් පවතින එම නිර්මාණයට වඩා තම සැකසුම කලාත්මක බව ‘සුසිරිපාල’ ගේ තක්සේරුවය. තම නිමැවුම පුවරුවට නොගියේ ඇයිද යන විචිකිච්ඡාව ද සහිතව මේ ගැන ‘සුසිරිපාල’ ‘විජේට’ මතක් කළේය. එවිට ‘විජේ’ කීවේ ‘මම ඒක ලියනගේ සර්’ ගෙන් ඉල්ලල දෙන්නං. හැබැයි මගෙ නම දාල ආයෙ ඒක සර්ට දෙන්න ඉඩ දෙනව නං තමයි'. මෙම නිර්මාණය කෙසේ හෝ තමා වෙත ලබා ගත යුතුම නිසා ‘සුසිරිපාල’ එයට එකඟ විය.

‘විජේ’ එම පාසලේ මුල සිටම සිටිනා සිසුවකු නිසා හැම ගුරුවරයකු සමඟම යම් කිට්ටු සබදතාවක් ඇත. ඒ නිසාමදෝ, කී පරිදිම ‘විජේ’ එය ආපසු ඉල්ලා ගෙන ඔහුගේ නම යොදා ‘ලියනගේ’ ගුරුතුමා වෙත නැවත භාර දුන්නේය. එයින් දින දෙක-තුනකට පසු අගමැති බණ්ඩාරනායක සමරු සටහන් මගින් ‘නිර්මාණ පුවරුව’ කලඑළි විය.

මාසයකට පසු විජේට තෑග්ග ලැබුණි. ඔහු එය ‘සුසිරිපාලට’ ද පෙන්වා ගෙදර ගෙන ගියේය. ඒ සමඟම පුවරුවෙන් ඉවත් කළ නිර්මාණය ‘සුසිරිපාලට’ ආපසු ලැබිණ.

‘ලියනගේ’ ගුරුතුමා උසස් පෙළ සඳහා ‘ආණ්ඩුක්‍රම’ විෂයය උගන්වද්දී කලින් නොදන්වා හිටි ගමන් පංතියේ දී පිළිතුරු ලිවීම සඳහා අභ්‍යාසයක් දෙන්නේය. ‘සුසිරිපාල’ ඊට මුහුණ දෙන පළමු අවස්ථාවය. ඊළඟ දින ‘ලියනගේ’ ගුරුතුමා හරි-වැරදි බලන ලද පිළිතුරු පත් ආපසු ගෙනැවිත් බෙදුවේය. එහිදී වැඩිම ලකුණු ලබා තිබූයේ පිටත පාසලකින් පැමිණි ‘සුසිරිපාලය'.

මෙය ‘ලියනගේ’ ගුරුතුමා‍ෙග් හිතේ පතුලටම කිඳා බැස ඇති සේය. දිනක් ගුරු විවේකාගාරය අසලින් යමින් සිටි ‘සුසිරිපාලට’ කතා කළ ‘ලියනගේ’ ගුරුතුමා පවුලේ තොරතුරු සහ වෙනත් ආගිය තොරතුරු විමසුවේය. අවසානයේ දී මෙසේ කීය. ‘ඔයා එදා අර ප්‍රශ්නෙට හොදටම උත්තර ලියල තිබුණ. සංතෝසයි...අර බණ්ඩාරනායක සමරු සටහන් නිර්මාණයත් හැදුවෙ ඔයා නේද?.... ඉතින් ඇයි ඒක ‘විජේගෙ’ නමින් පළවුණේ?... ඒක වෙන ලාච්චුවක දාල තියලයි මට අමතක වුණේ... ඒ කොපි පොත්වලින් ටිකක් ඔයාටත් ලැබුණද?’

‘නෑ... සර් ඒකට කමක් නෑ... ඒක මම හැදුවට පළවුණේ ‘විජේගෙ’ නමින් නේ. මෙය ඇසූ ලියනගේ ගුරුතුමා සුසිරිපාලට සමු දුන්නේය.

පසුදා ලියනගේ ගුරුතුමාගෙන් සුසිරිපාලට පණිවුඩයක් ලැබුණි. එයින් කියැවුණේ පාසල ඇරුණු විගස මුණගැසෙන ලෙසය. ඒ අනුව සුසිරිපාල ලියනගේ සර් වෙත ගියේය. එවිට සුසිරිපාලගේ අතට යම් පාර්සලයක් ලැබිණ. වැඳ නමස්කාර කොට භාරගත් එය සුසිරිපාල ගෙදර ගිය වගස විවෘත කර බැලුවේය. එහි වූයේ පිටු අසූවේ කොපි පොත් දහයකි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්