![]() ![]() |
||
මීවදයත් අපේ ලෝකෙ වගෙයි: ලෙඩ්ඩු බලාගන්න හෙද හෙදියන්
මීවදයට වැලඳෙන රෝගාබාධ හඳුනා ගැනීම මෙන්ම එම රෝගී මීමැස්සන්ට හෙදකම් කිරීමට හා සාත්තු කිරීමට විශේෂ සාත්තු සේවක සේවිකා මීමැස්සන් ද වෙති. එම සත්තු මීවදය තුළ අති විශේෂ කාර්යභාරයක් ඉටුකරන බව ජර්මනියේ හල්ලේ ප්‍රදේශයේ පිහිටි මාටින් ලුතර් විශ්ව විද්‍යාලයේ මීමැසි කෘමින් පිළිබඳ විශේෂඥයකු වූ සිල්වියෝ ඊර්ලර් පවසයි. රෝගාබාධ ඇතිවීමට පෙර මීමැස්සන් ඒ සඳහා සූදානම් කර ගැනීම සඳහා විශේෂ මීපැණි පිළියෙල කිරීම වෛද්‍ය මීමැස්සන් විසින් කරන බව ඔහුගේ පර්යේෂණයේදී හෙළි වී ඇත්තේය. එක් එක් මීමැස්සා පෙළෙන රෝගාබාධයට අනුව ප්‍රතිජීවක සහිත පැණි ලබාදීම මේ වෛද්‍ය මීමැස්සන්ගේ කාර්ය වේ. ඊර්ලර්ගේ පර්යේෂණ වාර්තාවට අනුව නොසෙමා සෙරනියා යන පරපෝෂිත රෝගයෙන් පෙළෙන මීමැසි සත්තු සේවිකාවන්ට අවශ්‍ය ප්‍රතිජීවක මීපැණි සාදා ගනු ලබන්නේ කාල වර්ණ පළගැටි, සූර්යකාන්ත ලින්ඩන් වෘක්ෂවලින් ලබාගනු ලබන යුෂ මීපැණි සමඟ මිශ්‍ර කරමිනි. මෙසේ සාදනු ලබන මීපැණිවල විෂබීජ නසන ප්‍රතිජීවක ශක්තියක් ඇති බව දැක්වේ. මේ හැර මීවදය තුළ අති විශේෂ වෛද්‍යමය කටයුතු ඉතා සූක්ෂම ලෙස සිදුවන බවත් පර්යේෂකයන් විසින් සොයා ගනු ලැබ ඇත. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |