![]() ![]() |
||
කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු
කොස්ලන්ද මීරියබැද්ද වතුයායට ඉහළින් තවත් ප්‍රදේශ දෙකක නායයෑමේ ලකුණු පහළ වීමෙන් පසු එම ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමට රජය කටයුතු කරමින් සිටී. තවදුරටත් නායයෑමේ ලකුණු පහළ වී ඇත්තේ මීරියබැද්ද එස්. කේ. කොටස සහ අම්පිටිතැන්න කොටසය. මීරියබැද්ද එස්. කේ. කොටසේ දැනට පවුල් පණහක් පමණ ජීවත්වන අතර අම්පිටිතැන්න කොටසේ පවුල් හැත්තෑවක් පමණ වෙසෙති. එස්. කේ. කොටසේ විශාල භූමි ප්‍රදේශයක් ඉරිතලා ගොස් ඇති අතර මීට වසර කිහිපයකට පෙර එම ප්‍රදේශයේ නාය යෑමකින් එක් පුද්ගලයෙක් මියගොස් තිබේ. මීරියබැද්ද වතුයායේ සිදුවූ ආකාරයේ ඛේදවාචකයක් ඇතිවීමට පෙරාතුව මෙම ප්‍රදේශවලින් ඉවත්ව ආරක්ෂිත ස්ථානවලට යන ලෙස සියලුම පදිංචිකරුවන්ට ඉවත්වන ලෙස දැනුම් දී ඇතත් සමහරුන් එම ප්‍රදේශවලින් ඉවත්වීමට මැලිකමක් දක්වන බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර වතුකරයේ අවදානම් ප්‍රදේශ පිළිබඳව දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත්, ඔවුන්ගේ ආරක්ෂාව හා පහසුකම් කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වන ලෙස කොස්ලන්දේ විපතට පත්වූවන් බැලීමට ගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වතු පාලකයින්ට උපදෙස් ලබා දී තිබේ. මීරියබැද්ද වතුයායේ පසුගිය දා ඇතිවූ නායයෑමේ ඛේදවාචකයෙන් පුද්ගලයින් 200 ක් පමණ අතුරුදන් වී ඇති අතර ඔවුන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකව පවතී. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |