එස්. එම්. එස්. මඟින් ඡන්ද ඉල්ලීම තහනම්

 
 

ත්‍රස්තවාදයට හිස ඔසවන්නට ඉඩ දෙනවා ද?

 
 

එල්ටීටීඊය රැස්කළ ධනස්කන්ධයෙන් තමයි බටහිර දේශපාලනඥයන් අල්ලගෙන තියෙන්නේ

 
 

ආණ්ඩුවට විශිෂ්ට ජයක්

 
 

ගැහැනුන්ට මොන ඉංජිනේරුකම් ද කී කාලයේ බිහිවූ මෙරට පළමු ඉංජිනේරුවරිය

 
 

මුල් පිටුව

 
 

දේපළ තණ්හාවෙන් පිංකමට ආ අයට කොස්සෙන් ගසා පන්නයි

 
 

හිතේ කරදර තියෙන ගෑනු ළමයින්ට කුරුලෑ එනවා වැඩියි

 
 

අන්තිම හුස්ම යනතෙක් පෑනෙන් වැඩ ගැනීම මගේ එකම පැතුමයි

 
 

පළමුවරට රවුම් මුද්දරයක් ඇන්දේ මං

 
 

කොමර්ෂල් ක්‍රෙඩිට් වෙළෙඳසේවා පැසිපන්දු ශූරතාවය දිනයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»


පවුම් මිලියන ගණනකට විකිනුණු සුනඛයෙක්

පවුම් මිලියන ගණනකට විකිනුණු සුනඛයෙක්

කිසියම් දෙයක අගය අඩුවීමකදී ඒකත් දැන් බල්ලට ගිහින් යනුවෙන් අප අතර කියමනක් තිබුණත් මිලියන ගණනකට විකිණුනු සුනඛයකු ගැන මේ තොරතුර වාර්තා වූයේ චීනයෙනි.ලොව වාර්තා ගත වැඩිම මිලකට අලෙවි වූ මේ සුනඛයාගේ මිල පවුම් මිලියන 1.2කි. මිල අධිකම සුනඛයා ලෙස මීට පෙර තිබූ වාර්තාව බිඳ හෙලමින් චීනයේ දේපල වෙළඳාම්කරුවකු විසින් මේ සුනඛයා මිලට ගනු ලැබුවේ යුආන් මිලියන 12ක් ගෙවමිනි.

චීනයේ ෂෙජියෑංග් පළාතේ පැවැති සුඛෝපභෝගී සුරතල් සුනඛ වෙන්දේසියකදී විකුනුණු මේ සුනඛයා රන්වන් ලොම් සහිත ටිබෙටාන් වර්ගයේ අවුරුද්දක් වයසැති සුනඛයෙකි. ඒ වර්ගයේ සුනඛයෝ සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් විශාලව වැඩෙති.

"මේ වර්ගයේ සතුන්ගේ සිංහ රුධිරය මුසුව තිබෙනවා. රතු‍ පැහැයට හුරු ලොම් සහිත ටිබෙටාන් වර්ගයේ වෙනත් සුනඛයකු මා මේ වෙන්දේසියේදීම යු‍ආන් මිලියන 6කට වික්කා "යැයි ටිබෙටාන් සුනඛයන් මුහුන් කර බෝකර විකිණීමේ යෙදෙන ෂැන් ගෙන්යුන් පැවසීය.සිංහ හැඩරුවට සමාන ටිබෙටාන් වර්ගයේ මේ සුනඛයන් චීනයේ සැලකෙන්නේ සමෘද්ධිමත්භාවයේ හා ශුද්ධවන්තභාවයේ සංකේතයක් වශයෙන් බැවින් ධනවත් චීන ජාතිකයේ කෙතරම් මිලක් ගෙවා හෝ මේ සුනඛ වර්ගය මිලදී ගැනීමට පෙලඹෙති.ටිබෙ‍ටාන් වර්ගයේ සුනඛයන් නිසා උන්ගේ අයිතිකරුවන්ගේ සෞඛ්‍ය රැකෙන අතරම ආරක්ෂාවද සැලසෙන බවට ඔවුහූ විශ්වාස කරති.

එ‍ඩේර සංස්කෘතින්ගෙන් යුක්ත වූ ටිබෙටය, චීනය, නේපාලය,‍ඉන්දියාවේ ලඩාක් ප්‍රදේශය සහ මධ්‍යම ආසියානු පළාත් නිජබිම් කරගත් මේ සුනඛ විශේෂය එකල ඇතිදැඩි කර ඇත්තේ ගව එළු හා බැටළු විශාල රංචු ආරක්ෂාවටත් කඳවුරු, ආශ්‍රම සහ මාලිගාවන්හි ආරක්ෂාවටත්ය. ශරීර ප්‍රමාණයෙන් විශාල මේ වර්ගයේ සුනඛයන් දඩයමට දක්ෂ අතරම වෘකයන් සහ දිවියන් ට පහර දිමට තරම් ශක්තිමත් බවද පැවසේ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්