![]() ![]() |
||
පවුම් මිලියන ගණනකට විකිනුණු සුනඛයෙක්
චීනයේ ෂෙජියෑංග් පළාතේ පැවැති සුඛෝපභෝගී සුරතල් සුනඛ වෙන්දේසියකදී විකුනුණු මේ සුනඛයා රන්වන් ලොම් සහිත ටිබෙටාන් වර්ගයේ අවුරුද්දක් වයසැති සුනඛයෙකි. ඒ වර්ගයේ සුනඛයෝ සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් විශාලව වැඩෙති. "මේ වර්ගයේ සතුන්ගේ සිංහ රුධිරය මුසුව තිබෙනවා. රතු පැහැයට හුරු ලොම් සහිත ටිබෙටාන් වර්ගයේ වෙනත් සුනඛයකු මා මේ වෙන්දේසියේදීම යුආන් මිලියන 6කට වික්කා "යැයි ටිබෙටාන් සුනඛයන් මුහුන් කර බෝකර විකිණීමේ යෙදෙන ෂැන් ගෙන්යුන් පැවසීය.සිංහ හැඩරුවට සමාන ටිබෙටාන් වර්ගයේ මේ සුනඛයන් චීනයේ සැලකෙන්නේ සමෘද්ධිමත්භාවයේ හා ශුද්ධවන්තභාවයේ සංකේතයක් වශයෙන් බැවින් ධනවත් චීන ජාතිකයේ කෙතරම් මිලක් ගෙවා හෝ මේ සුනඛ වර්ගය මිලදී ගැනීමට පෙලඹෙති.ටිබෙටාන් වර්ගයේ සුනඛයන් නිසා උන්ගේ අයිතිකරුවන්ගේ සෞඛ්‍ය රැකෙන අතරම ආරක්ෂාවද සැලසෙන බවට ඔවුහූ විශ්වාස කරති. එඩේර සංස්කෘතින්ගෙන් යුක්ත වූ ටිබෙටය, චීනය, නේපාලය,ඉන්දියාවේ ලඩාක් ප්‍රදේශය සහ මධ්‍යම ආසියානු පළාත් නිජබිම් කරගත් මේ සුනඛ විශේෂය එකල ඇතිදැඩි කර ඇත්තේ ගව එළු හා බැටළු විශාල රංචු ආරක්ෂාවටත් කඳවුරු, ආශ්‍රම සහ මාලිගාවන්හි ආරක්ෂාවටත්ය. ශරීර ප්‍රමාණයෙන් විශාල මේ වර්ගයේ සුනඛයන් දඩයමට දක්ෂ අතරම වෘකයන් සහ දිවියන් ට පහර දිමට තරම් ශක්තිමත් බවද පැවසේ.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |