එස්. එම්. එස්. මඟින් ඡන්ද ඉල්ලීම තහනම්

 
 

ත්‍රස්තවාදයට හිස ඔසවන්නට ඉඩ දෙනවා ද?

 
 

එල්ටීටීඊය රැස්කළ ධනස්කන්ධයෙන් තමයි බටහිර දේශපාලනඥයන් අල්ලගෙන තියෙන්නේ

 
 

ආණ්ඩුවට විශිෂ්ට ජයක්

 
 

ගැහැනුන්ට මොන ඉංජිනේරුකම් ද කී කාලයේ බිහිවූ මෙරට පළමු ඉංජිනේරුවරිය

 
 

මුල් පිටුව

 
 

දේපළ තණ්හාවෙන් පිංකමට ආ අයට කොස්සෙන් ගසා පන්නයි

 
 

හිතේ කරදර තියෙන ගෑනු ළමයින්ට කුරුලෑ එනවා වැඩියි

 
 

අන්තිම හුස්ම යනතෙක් පෑනෙන් වැඩ ගැනීම මගේ එකම පැතුමයි

 
 

පළමුවරට රවුම් මුද්දරයක් ඇන්දේ මං

 
 

කොමර්ෂල් ක්‍රෙඩිට් වෙළෙඳසේවා පැසිපන්දු ශූරතාවය දිනයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»


ඔයාගෙ තාත්තට තියා මේ ලෝකෙ කිසිම කෙනෙකුට මං ආදරේ නෑ

ඔයාගෙ තාත්තට තියා මේ ලෝකෙ කිසිම කෙනෙකුට මං ආදරේ නෑ

දෑතින් බදා ගන්නට බැරි තරමට විසල් කුඹුක් ගස දෙස ඇය බලාසිටියේ විමතිය මුසු ගෞරවයකිනි. මේ ගස මේ සා අතුපතර විහිදා වැඩෙන්නට කොපමණ කලක් ගතවන්නට ඇත්ද? අව්ව වැස්ස පමණක් නොව තවත් අනේක අතවරයන්ට මුහුණ දෙන්නට ඇති.

“මොකද බුම්මගෙන?” ගෝතමී ඇසුවේ කුඹුක් මුලක් මත හිඳගනිමිනි. නිතර බුම්මාගෙන ඉන්නේ ඇය නො‍වේදැයි සිතූ නදී කට කොනකින් හිනැහුණා ය. ඒ දුටු ගෝතමීට ද සිනා පහල විය.

“ඇයි හිනාවෙන්නෙ?” නදී හිඳගත්තේ දඟකාර බැල්මක් හෙළමිනි.

“නෑ ඉතිං නිතර බුම්මගෙන ඉන්නෙ මම නේ..” යි කී ගෝතමී හඬ නඟා හිනැහුණාය. ඒ හිනාවට හවුල් වුවද ඇය තමාගේ සිත කියෙව්වේ කෙලෙසදැයි නදී පුදුමයට පත්වූවාය.

“තාම තරහෙන්ද ඉන්නෙ ගෙදර යන්න නොදුන්නට?”

ගෝතමී මෘදු මොළොක් හඬින් කතාකරන්නේ කලාතුරකිනි.

“ගෙදර යන්න මගෙත් ආසාවක් නෑ පුංචි අම්මේ..”

ගෝතමී දෑස විහිදා විමසිලිමත් බැල්මක් හෙළුවාය.

“එහෙනං මහ ලොකුවට උඩ දාගෙන ලෑස්ති වුණේ?”

“තාත්ත අඬගහපුවාම බෑ කියන්නෙ කොහොමද පුංචි අම්මේ? මං බෑ කිව්ව නං තාත්ත හිතයි නංගි කැම්පස් සිලෙක්ට් වුණාට මම ඉරිසියාවෙ කියල..Óයි නදී ඇත්තම කීවාය.

ගෝතමී මුව කොන ඇද කළාය.

“අනුන් හිතන විදිය ගැන කරදර වෙන්න ගියොත් තමන්ට ජීවිතයක් ඉතිරි වෙන්නෑ නදී..”

තිගැස්සුණු යුවතිය පුංචි අම්මා දෙස බලා ගත් වනම සිටියාය.

“ඒ වුණාට පුංචි අම්මේ ඒ මගේ තාත්තනේ.. අඩු ගානෙ තමන්ගෙ උදවියවත් හිතන පතන හැටි ගැන කරදර නොවී කොහොමද?”

“තාත්තව සතුටු කරන්න ඔයා දුක් විඳින්න ඕනිද නදී? ඒක මහ කරුමයක් නෙ. ඔයා ගෙදර ගියානං ආපසු එන්නෙ හිත රිද්දගෙන.. හා නැද්ද?”

ලාලනීගේ නපුරු බව සිහි කළ නදී හිස සැලුවාය.

පළමු දින ඇය නිහඬව පසුවෙනවා නිසැකය. තමා නොදුටුවාක් මෙන් හැසිරෙනවා ඇති. දෙවන දවසේ දී ප්‍රියන්තිගේ අදක්ෂ බව පුන පුනා කියමින් සාප්පුව දියුණු කර ගන්නට ඉඩක් නැතැයි මැසිවිලි නඟනවා ඇති. තෙවන දවසේ දී එක එල්ලේම තමාට චෝදනා කරන්නට දොස් පවරන්නට තරම් ඇය සාහසික වන බව සිතූ නදී සුසුමක් හෙළුවාය. ඔක්කෝටම වඩා ඉවසිය නොහැක්කේ සුජිත් හා චාපා ‍ගේ අඟර දඟරයි.

“ඒ වුණාට තාත්තා පවු පුංචි අම්මේ..” යි ඕ සිහින් හඬින් කොඳුළාය.

“විමල් අයියට තිබ්බෙ මාව බඳින්න... ඔය කොහෙවත් යන ගෑනියෙක් බැඳගත්තු වෙලාවෙ.. මගෙං වෙනස්කමක් වෙනවද මගෙ අක්කගෙ දරුවටÓයි කී ගෝතමී නැඟී සිටියාය.

නදී මහත් සේ ඇරුණ ඇසින් ඇය දෙස බැලුවාය.

“ඒ කියන්නෙ පුංචි අම්මා ආදරේ ද මගේ තාත්තට?”

ගෝතමී සරදම් සිනාවක් පෑවාය.

“කෙහෙම්මල් ආදරයක් ගැන නෙමේ ළමයො මං කියන්නෙ.. ඔයාගෙ තාත්තට නෙමෙයි මේ ලෝකෙ කිසිම පිරිමියෙකුට මං ආදරේ කරලත් නෑ කරන්නෙත් නෑ..”

සිහිල් සුළඟක් හමා ආවේ වික්ෂිප්ත වූ නදී සනහාලන්නට වගේය. එහෙත් ඇයට සැනසිය හැක්කේ ‍ගෝතමී තවදුරටත් මේ කාරණය පැහැදිලි කරන්නේ නම් පමණි.

“එතකොට ඔයා අර ඉස්කෝලෙ මහත්තයව බඳින්න කැමැති වුණේ බොරුවට ද?”

“අම්මගෙයි අයියගෙයි වදේටනෙ ළමයෝ..”

“ඉතිං ඔයාමනෙ දැන් කීවේ අනුන්ට ඕන විදියට ජීවත්වෙන්න හොඳ නෑ කියල”

‍ගෝතමී‍ෙග් දෙනෙත දිදුලන්නට විය. ඇය නදී දෙස බැලුවේ කෝපයෙනි.

“ඔව්. මං අනුන්ට ඕන විදියට ජීවත්වෙන්නෙ නෑ තමා..”

“මට තේරෙන්නෑ පුංචි අම්මේ..”

“අපෙ අම්ම බලනවා ඇති කෝ මේ දෙන්නා තාමත් නැත්තෙ මොකද කියලÓයි කියමින් ගෝතමී වැවට බැස්සාය. ඇය හඹා ගොස් තව දුරටත් ප්‍රශ්න කරන්නට වුවමනා වුව ද නදී නිහඬවම තොල් සැපුවාය.

“ඔයා නෑවත් නැතත් මං නාගත්තු හැටියෙ යනව යන්නÓයි ගෝතමී තර්ජනය කළේ ගල්ගැසී බලා ඉන්න කෙල්ල දෙස රවා බලමිනි.

කුඹුක් මුලක් මත වූ රෙදි පෙරදි ගොන්නෙන් චීත්තයක් ගත් නදී “මොකද්ද ඒ කතාවෙ තේරුම..?Óයි කොඳුළාය. කොතරම් රළු පරළු වුවත් පුංචි අම්මා ආවාට ගියාට කතා නොකරන බවත් ඇය දනියි. ඒ නිසා ඒ කතාවෙ කිසියම් අරුතක් තිබිය යුතුමය. එහෙත් තවදුරටත් ඒ පිළිබඳව ළතැවීමට වේලාවක් නැත්තේය. කී ලෙසින්ම දිය නා හමාර වූ සැණින් ගෝතමී ආපසු යන බව හඟිමින් නදී දිය රෙද්ද හැඳගත්තාය. එය ඉතාමත් දුෂ්කර කටයුත්තක් විය ගෝතමී කොතෙක් කියා දුන්නද හැඳ සිටින ඇඳුම් සීරුවෙන් මුදා චීත්තය පටලවා ගැන්මට නදීට සෑහෙන වේලාවක් ගතවෙයි.

“දියරෙද්ද ඇඳගන්න ඔච්චර වෙලා ගියාම නාන්නෙ කොයි වෙලාවෙද හැබෑටම?”

රෙදි සෝදන ගෝතමී අසන්නේ අප්‍රසාදයෙනි.

“අයියෝ මේක හරි කරදරයක් පුංචි අම්මේ.. මං ඇඳන් ඉන්න ඇඳුම් පිටින්ම නාන්නම්කො..”

නදී නහයෙන් හැඬුවේ ගිළිහෙන්නට ගිය චීත්තය දෑතින්ම අල්ලා ගනිමිනි.

“නෑ නෑ. වවුලගෙ ගෙදර ආව නං එල්ලිලා ඉන්න ඕන..”

“ඉතිං පුංචි අම්මමනේ කීවේ අනුන් හිතන දේවලින් වැඩක් නෑ.. තමුන්ට ඕන විදියටයි ජීවත්වෙන්නෙ කියලා..”

වරලස එක්තැන් කළ කොණ්ඩා කටුව ගලවා ගත් නදී නෝක්කාඩු බැල්මක් හෙළුවාය.

“ඒ වුණාට ඔයා ගවොම් කොටේ පිටිං වැවේ බැහැල නානකොට ගමේ හැමෝම අමුතු විදියට බලයි. ඔයාට විතරක් නෙමෙයි අපිටත් හිනාවෙයි. පිළිවෙළක් තියෙනවනෙ හැමදේකම. ඒක කඩල බිඳල කුඩුපට්ටම් කරල දාන එක ඒ හැටි හොඳ වැඩක් නෙමෙයි.”

මඳ සිනාවක් පෑ නදී දියට බැස්සාය.

“එහෙනං ඉතිං පුංචි අම්මත් කසාද බැඳල දරුවො හදන්න.. ඒක නේ ජීවිතේ පිළිවෙළ..”

ගෝතමීට උත්තරයක් දෙන්නට ඉඩක් නොලැබිණ. දරු පැටවුන් කීප ‍දෙනෙක් පිරිවරා පැමිණි ගැහැනියක පෑ සිනාවට පිළිතුරු සිනාවක් පාන්නට සිදු විය.

“නාන්න ආවද නංගියේ?”

“ඔව් අක්කා..”

ඒ ළෙන්ගතු කතාබහ නදී තුළ කිසියම් සොම්නසක් ජනිත කරවයි. එහෙත් වැව් දියට බැස සිටියදීත් නාන්නට ආවාදැයි ප්‍රශ්න කිරීම හාස්‍යජනක නොවේදැයි ඇයට සිති.

“නාන්න ආව බව දැන දැනම ඇයි පුංචි අම්මේ එහෙම අහන්නෙ...?Óයි ඇය ඇසුවේ දිය නා හමාර වී ආපසු ගෙදර යන අතරතුරය.

“ආන්න ඒක තමා මම කීවේ... පිළිවෙළක් රටාවක් තියෙනවා කියලා. ගම්මු එහෙම තමා. නොදැන නෙමේ අහන්නෙ.. හිතවත්කම අඟවන්න...”

නදී හිස සැලුවා ය. මිනිසුන්ගේ ඇවතුම් පැවතුම් වටහා ගන්නට තැත් දරනවා විනා හෙළා දැකිය යුතු නැතැයි ඇයට සිතිණි.

තවම දිය බිඳු රූරා හැලෙන වරලස අවුල් කර දමමින් හමා යන සුළඟ වරෙක බෙහෙවින් වේගවත්ය. නදීගේ හා ගෝතමීගේ ගවොම් සායවල් පවා ඩැහැගෙන යන්නට වෑයම් කරන සෙයකි.

“අම්මෝ හුළඟෙ සැර..Óයි නදී කීවේ මුහුණට කඩා වැටෙන කෙහෙරොද අතකින් මෑත් කරමිනි.

ගෝතමී හිනැහුණාය. දිය නා හමාර වී අක්කා සමඟ ආපසු යන දැරියක දකිමින් ඇය අතීතයේ සොඳුරු මතකයක අතරමං වූවාය.

“අක්කගෙ කොණ්ඩෙ හරි දිගයි. ඉතිං මං ආසයි අක්ක පිටිපස්සෙන් යන්න. ඇයි අර දිග කොණ්ඩෙ හුළඟට විසිරෙන හැටි බල බලා යන එක තරම් සතුටක් මට තවත් තිබුණෙ නැති නිසා..”

මල් සුවඳත් සිහිල් සුළඟත් මධ්‍යයේ ඒ හඬ දුර ඈතක සිට ගලා එන්නාක් බඳුය. නදී සන්තාපයෙන් වෙළී යන හදින් සුසුමක් හෙළුවාය. යතුරු පැදියක කටුක හඬ වැව්පිටියේ සුන්දරත්වය මඳකට කඩතොලු කර දැමුවේය.

ලබන සතියට


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්