එස්. එම්. එස්. මඟින් ඡන්ද ඉල්ලීම තහනම්

 
 

ත්‍රස්තවාදයට හිස ඔසවන්නට ඉඩ දෙනවා ද?

 
 

එල්ටීටීඊය රැස්කළ ධනස්කන්ධයෙන් තමයි බටහිර දේශපාලනඥයන් අල්ලගෙන තියෙන්නේ

 
 

ආණ්ඩුවට විශිෂ්ට ජයක්

 
 

ගැහැනුන්ට මොන ඉංජිනේරුකම් ද කී කාලයේ බිහිවූ මෙරට පළමු ඉංජිනේරුවරිය

 
 

මුල් පිටුව

 
 

දේපළ තණ්හාවෙන් පිංකමට ආ අයට කොස්සෙන් ගසා පන්නයි

 
 

හිතේ කරදර තියෙන ගෑනු ළමයින්ට කුරුලෑ එනවා වැඩියි

 
 

අන්තිම හුස්ම යනතෙක් පෑනෙන් වැඩ ගැනීම මගේ එකම පැතුමයි

 
 

පළමුවරට රවුම් මුද්දරයක් ඇන්දේ මං

 
 

කොමර්ෂල් ක්‍රෙඩිට් වෙළෙඳසේවා පැසිපන්දු ශූරතාවය දිනයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


ටාටා e-XETA වෙළෙඳපළට

ටාටා e-XETA වෙළෙඳපළට

ඩිමෝ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂක රංජිත් පණ්ඩිතගේ මහතා විසින් නව මෝටර් රථයේ යතුර එහි පළමු පාරිභෝගිකයෙක් වන ඩබ්ලිව්.ඩී.එච්. චන්දන මහතා වෙත භාර දෙමින්. සීමාසහිත ටාටා මෝටර් සමාගමේ ජාත්‍යන්තර ව්‍යාපාර අංශයේ මගී මෝටර් රථ කලාප කළමනාකාර ප්‍රනාවි කුමාර් මහතා, ඩීමෝ ප්‍රධාන විධායක නිලධාරි ගහනාත් පණ්ඩිතගේ සහ ටාටා අංශයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි විජිත බණ්ඩාර මහත්වරු ද මෙහි වෙති.

 

සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉංජිනේරු පොදු සමාගම (ඩීමෝ) සමඟ එක්ව ටාටා මෝටර්ස් විසින් ශ්‍රී ලංකාවට නවීන පන්නයේ e - XETA මෝටර් රථය හඳුන්වා දෙයි.

මේ අනුව ශ්‍රී ලංකාවේ ටාටා නිෂ්පාදිතයන් තවත් ශක්තිමත් කිරීමට e - XETA සමත් වනු ඇත. එය වඩාත් හැඩකාර, සුවපහසු, වැඩි ඉඩපහසුකම් සහ ඉහළ ක්‍රියාකාරිත්වයක් සහිත නවතම නිෂ්පාදනයකි. ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයකින් ද යුතුවේ. මෙහි පවතින වායු සැපයුම සහ වායුසමීකරණය, පවර් ස්ටියරින්, පවර් වින්ඩෝස් හතර, වර්ණ ගන්වන ලද බම්පර්ස් මෙන් ම දෙවර්ණයකින් යුත් ඇලොයි රෝද, ලා දුඹුරු පැහැති අභ්‍යන්තරය සමඟින් එහි ඇති සියුම් රේඛා හේතුවෙන් මෝටර් රථයේ අලංකාරත්වය වඩාත් වැඩි කරනු ලබයි.

ටාටා මෝටර්ස් හි ශ්‍රී ලංකාවේ කලාප කළමනාකරු ප්‍රනාවි කුමාර් මහතා ප්‍රකා‍ශ කර සිටියේ ‘ශ්‍රී ලංකාවේ පාරම්පරිකවම ටාටා මෝටර්ස් සඳහා වැදගත් වෙළෙඳපොළක් පවතිනවා. ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් හට මෙම මගී ප්‍රවාහන වාහන එකතුව මඟින් පිරිනමන්නේ සුපිරි තත්ත්වයක්. එය දිගටම පවත්වාගෙන යන බව අපගේ විශ්වාසයයි. e - XETA මඟින් ශ්‍රී ලංකාවේ නවතම මෝටර් රථ වෙළෙඳපොළෙහි සුවිශේෂී ස්ථානයක් හිමිකර ගැනීම අපගේ අරමුණයි” යැයි ඔහු පැවසීය.

ටාටා මෝටර්ස් 70,000 කට අධික වාණිජ වාහන සහ මගී වාහන ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ආනයනය කර තිබේ. ඩිමෝ හී දීප ව්‍යාප්ත අලෙවි සහ අලෙවියෙන් පසු සේවා, ටාටා වාහන සඳහා වූ 24 පැය මාර්ගස්ථ සහය සහ සුපිරි නිෂ්පාදන ක්‍රියාකාරිත්වය මෙම සාර්ථකත්වයට හේතුවී ඇත.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්