එස්. එම්. එස්. මඟින් ඡන්ද ඉල්ලීම තහනම්

 
 

ත්‍රස්තවාදයට හිස ඔසවන්නට ඉඩ දෙනවා ද?

 
 

එල්ටීටීඊය රැස්කළ ධනස්කන්ධයෙන් තමයි බටහිර දේශපාලනඥයන් අල්ලගෙන තියෙන්නේ

 
 

ආණ්ඩුවට විශිෂ්ට ජයක්

 
 

ගැහැනුන්ට මොන ඉංජිනේරුකම් ද කී කාලයේ බිහිවූ මෙරට පළමු ඉංජිනේරුවරිය

 
 

මුල් පිටුව

 
 

දේපළ තණ්හාවෙන් පිංකමට ආ අයට කොස්සෙන් ගසා පන්නයි

 
 

හිතේ කරදර තියෙන ගෑනු ළමයින්ට කුරුලෑ එනවා වැඩියි

 
 

අන්තිම හුස්ම යනතෙක් පෑනෙන් වැඩ ගැනීම මගේ එකම පැතුමයි

 
 

පළමුවරට රවුම් මුද්දරයක් ඇන්දේ මං

 
 

කොමර්ෂල් ක්‍රෙඩිට් වෙළෙඳසේවා පැසිපන්දු ශූරතාවය දිනයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් “යන්ග් ලර්නර්ස්” සිසු සිසුවියෝ රන් සම්මානයෙන් පිදුම් ලබති

සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් “යන්ග් ලර්නර්ස්” සිසු සිසුවියෝ රන් සම්මානයෙන් පිදුම් ලබති

රටවල් 100 පුරා විහිදී ඇති මධ්‍යස්ථාන 10000 වැඩි ප්‍රමාණයක් සතු සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් ආයතනය 850 කට අධික විවිධත්වයෙන් යුතු වෘත්තීය අධ්‍යාපන සුදුසුකම් ලබා දෙමින් වසරකට මිලියන තුනකට අධික සහතික පත්‍ර ලාභීන් විසුරුවා හැරීමට සමත්ව ඇති විශිෂ්ට අධ්‍යාපන කේන්ද්‍රස්ථානයකි. මෙම 850 කට අධික විවිධත්වයෙන් යුතු වෘත්තීය අධ්‍යාපන සුදුසුකම් අතරෙන් ඉංග්‍රීසි භාෂා ප්‍රවර්ධනයට අදියරයන් කීපයකින් ක්‍රියාත්මක වන අතර “යන්ග් ලර්නර්” මෙහි මුල්ම අදියර වේ.

ESOL සහ ESOL ලෙස ක්‍රියාත්මක වන තවත් අදියරයන් ද්විත්වයක් මඟින් ඉංග්‍රීසි භාෂාව තම මව් භාෂාව නොවූ පුද්ගලයන්ට ඉංග්‍රීසියෙන් ලිවීම කියවීම සවන්දීම හා ඉංග්‍රීසි කථන හැකියාව වැඩි දියුණු කරනු ලබයි. ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ ඉංග්‍රීසි භාෂාවේ අත්‍යවශ්‍යතාව හොඳින්ම දත් සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් වෘත්තීය අධ්‍යාපන කේන්ද්‍රස්ථානය ඒ සඳහාම වෙන්වූ ව්‍යාපාරික සන්නිවේදනය සඳහා ඉංග්‍රීසි මාධ්‍ය භාවිතය සහ ව්‍යාපාර අධ්‍යයනයට අදාළ විභාග සඳහා ඉංග්‍රීසි මාධ්‍ය භාවිතයට පුහුණු කිරීමට වෙනමම පාඨමාලා ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ යටතේ මෙම සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා පාඨමාලා සාර්ථකව නිම කළ සිසු සිසුවියන් 250 කට අධික පිරිසගේ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය පසුගියදා එනම් 2013 දෙසැම්බර් 21 වන දින කොළඹ විශ්වවිද්‍යාලීය ශාස්ත්‍ර පීඨ රඟහලේදී අති උත්කර්ශවත් අන්දමින් පවත්වන ලදී. දකුණු ආසියානු කලාපීය සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් වෘත්තීය අධ්‍යාපන කේන්ද්‍රස්ථානයෙහි අධ්‍යක්ෂක මුෆ්ති හෂීම් මහතා මෙම වැඩසටහනෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. දිවයින පුරා විසිරී සිටින සිසු සිසුවියන් අතරෙන් ඉංග්‍රීසි භාෂා සහතික පත්‍ර පාඨමාලාව සාර්ථක ලෙස නිම කළ ප්‍රථම පන්ති සාමාර්ථ ලබා ගත් සිසු සිසුවියන් සඳහා මෙහිදී රන් පදක්කම් පිරිනැමූ අතර හොඳම ප්‍රතිඵල ලබා දීම සඳහා සිසු සිසුවියන්ට සවියක් වූ අධ්‍යාපන මධ්‍යස්ථාන ද මෙහිදී ඇගයීමට ලක් විය.

උත්සව සභාව අමතමින් පිළිගැනීමේ කතාව සිදුකළ සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් සාමාන්‍යාධිකාරී - ව්‍යාපාර සංවර්ධන ෆාහිම් ශකූර් මහතා ප්‍රකාශ කරන්නට වූයේ සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් ආරම්භක අවධිය තුළ විවිධ ක්ෂේත්‍ර යටතේ සහතිකපත් දෙසියයක් පමණ ලබාදුන් අතර වර්තමානය වන විට එය මිලියන තුන දක්වා වැඩි වර්ධනය වී ඇති බවයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්