එස්. එම්. එස්. මඟින් ඡන්ද ඉල්ලීම තහනම්

 
 

ත්‍රස්තවාදයට හිස ඔසවන්නට ඉඩ දෙනවා ද?

 
 

එල්ටීටීඊය රැස්කළ ධනස්කන්ධයෙන් තමයි බටහිර දේශපාලනඥයන් අල්ලගෙන තියෙන්නේ

 
 

ආණ්ඩුවට විශිෂ්ට ජයක්

 
 

ගැහැනුන්ට මොන ඉංජිනේරුකම් ද කී කාලයේ බිහිවූ මෙරට පළමු ඉංජිනේරුවරිය

 
 

මුල් පිටුව

 
 

දේපළ තණ්හාවෙන් පිංකමට ආ අයට කොස්සෙන් ගසා පන්නයි

 
 

හිතේ කරදර තියෙන ගෑනු ළමයින්ට කුරුලෑ එනවා වැඩියි

 
 

අන්තිම හුස්ම යනතෙක් පෑනෙන් වැඩ ගැනීම මගේ එකම පැතුමයි

 
 

පළමුවරට රවුම් මුද්දරයක් ඇන්දේ මං

 
 

කොමර්ෂල් ක්‍රෙඩිට් වෙළෙඳසේවා පැසිපන්දු ශූරතාවය දිනයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


එලිෆන්ට් හවුස් සිසිල් බීම අලෙවි යන්ත්‍රයක්

එලිෆන්ට් හවුස් සිසිල් බීම අලෙවි යන්ත්‍රයක්

එලිෆන්ට් හවුස් විසින් ප්‍රථම වරට දේශීය වෙළෙඳපළට සිසිල්බීම අලෙවි යන්ත්‍රයක් හඳුන්වාදෙයි. ක්‍රෙස්කාට් ආහාර අංගණයේදී එහි ප්‍රථම එළිදැක්වීම සිදු කළ අතර ඒ සඳහා ජනප්‍රියතම එලිෆන්ට් හවුස් පාන වර්ග වූ ක්‍රීම් සෝඩා, EGB, ලෙමනේඩ්, නෙක්ටො, එලිෆන්ට් හවුස් බිටර් ලෙමන්, ඔරේන්ජ් ක්‍රෂ්, එලිෆන්ට් හවුස් සෝඩා, කික් කෝලා සහ ‍අනෙකුත් සිසිල් බීම වර්ග රැසක් ඇතුළත් විය. ඉදිරියේදී මෙවැනි යන්ත්‍ර ජාඇල සහ මොරටුව යන ප්‍රදේශවල පිහිටි K Zone වල ද ස්ථාපිත කිරීමට නියමිතව ඇත.

එලිෆන්ට් හවුස් පානීය අංශයේ ප්‍රධානත්වය සහ ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් හි උප සමූහාධිපති ධූරය උසුලන දමින්ද ගම්ලත් මහතා සිය අදහස් පළ කළේ මෙලෙසිනි. ‘තාරුණ්‍යයේ වෙළෙඳ නාමය වශයෙන් අපි අපේ නිෂ්පාදන හරහා තරුණ හද ගැස්මට සමීප වීමට නිරන්තරයෙන් උත්සාහ කරනවා. අද සිදු කළ නව තාක්ෂණික හඳුන්වාදීම මඟින් අතිශය කාර්ය බහුල දිවියක් ගෙවන අපේ දයාබර පාරිභෝගික ජනතාව වෙත ඔවුන් ඉතා ආදරේ කරන එලිෆන්ට් හවුස් බීම වර්ග වඩාත් සමීප කරවීමට හැකිවීම අපට ආඩම්බරයක්. මේ වනවිට දිවයිනේ තෝරාගත් ජනප්‍රිය ගමනාන්ත වල පමණක් ස්ථාපිත කර තිබෙන මෙම අලෙවි යන්ත්‍ර මඟින් විඩාබරව ගමන් බිමන් වල යෙදෙන ඕනෑම කෙනෙකුට පහසුවෙන් හා කාර්යක්ෂමව පිපාසය සන්සිඳුවා ගන්න පුළුවන්.

මේ හඳුන්වාදීමට නොබෝ දිනකට පෙර ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය හා නීල්සන් සමාගම එක්ව පවත්වන ලද සම්මාන උලෙළේදී ජයග්‍රාහී 8 වැනි වරටත් එලිෆන්ට් හවුස් ක්‍රීම් සෝඩා වසරේ පානය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීම සුවිශේෂත්වයක් විය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්