එස්. එම්. එස්. මඟින් ඡන්ද ඉල්ලීම තහනම්

 
 

ත්‍රස්තවාදයට හිස ඔසවන්නට ඉඩ දෙනවා ද?

 
 

එල්ටීටීඊය රැස්කළ ධනස්කන්ධයෙන් තමයි බටහිර දේශපාලනඥයන් අල්ලගෙන තියෙන්නේ

 
 

ආණ්ඩුවට විශිෂ්ට ජයක්

 
 

ගැහැනුන්ට මොන ඉංජිනේරුකම් ද කී කාලයේ බිහිවූ මෙරට පළමු ඉංජිනේරුවරිය

 
 

මුල් පිටුව

 
 

දේපළ තණ්හාවෙන් පිංකමට ආ අයට කොස්සෙන් ගසා පන්නයි

 
 

හිතේ කරදර තියෙන ගෑනු ළමයින්ට කුරුලෑ එනවා වැඩියි

 
 

අන්තිම හුස්ම යනතෙක් පෑනෙන් වැඩ ගැනීම මගේ එකම පැතුමයි

 
 

පළමුවරට රවුම් මුද්දරයක් ඇන්දේ මං

 
 

කොමර්ෂල් ක්‍රෙඩිට් වෙළෙඳසේවා පැසිපන්දු ශූරතාවය දිනයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


වෘත්තිකයන්ගෙන් සැදුම් ලත් සංචාරක මාර්ගෝපදේශක සේවාවක්

වෘත්තිකයන්ගෙන් සැදුම් ලත් සංචාරක මාර්ගෝපදේශක සේවාවක්

සංගමයේ සභාපති ජෝ ලිවේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ උප සභාපති නුවන් මහවත්තගේ, ලේකම් ආසිරි සමරවීර, හිටපු සභාපති ඩඩ්ලි පෙරේරා සහ මාධ්‍ය සම්බන්ධීකාරක ඉ.වි.හේමචන්ද්‍ර මහත්වරු.

 

රට ගැන සැබෑ අවබෝධයක් ලබාදෙන, තොරතුරු ලබාදෙන සංචාරක මාර්ගෝපදේශක සේවාවක් සැපයීමට ශ්‍රී ලංකා ජාතික සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන්ගේ සංගමය පියවර ගෙන ඇත.

මේ යට‍ෙත් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයට පූර්ණ සහයෝගය ලබා දෙමින් තම සංගමය ක්‍රියා කිරීමට සූදානම් යයි එම සංගමයේ සභාපති ජෝ ලිවේරා මහතා පැවසීය.

කොළඹ 10 මරදාන පන්සල පාරේ සංගම් මූලස්ථානයේ පැවැති මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පහත සඳහන් කරුණු ද අනාවරණය කරන ලදී.

සංචාරකයන් මුලා කොට රට පිළිබඳ වැරදි තොරතුරු පවසන ‘ගයිඩ්ලා’ සහ මුහුදු වෙරළේ දී හමුවී සංචාරකයන්ට තොරතුරු කියා මුළා කරන්නට උත්සාහ කරන ‘බීච් බෝයි’ වෘත්තීය සංගමයේ සාමාජිකයන් කිසිවකු අයත් නොවේ.

අඩුම තරමින් භාෂා 5 වැඩි සංඛ්‍යාවක් කතා කළ හැකි විස්තර කියා දිය හැකි ශ්‍රී ලංකා සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරු වශයෙන් සුදුසුකම් ලත් පිරිස 1170කි.

මේ අය අතර විශ්වවිද්‍යාලවල ආචාර්ය හා මහාචාර්යවරු, පරිපාලකයන් දේශීය හා බටහිර වෛද්‍යවරු, ඉංජිනේරුවන්, කාර්මික විද්‍යාඥයන් හා කෘෂිකර්ම ජීව, රසායන හා භූ විද්‍යාඥයන් ද ප්‍රවීණ කලාකරුවන් ලේඛකයන් චිත්‍රශිල්පීන්, මධ්‍ය මට්ටමේ නිලධාරීන් පිරිස් සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරු ලෙස සංගමයේ සාමාජික බලපත්‍ර සහිතව කටයුතු කරති.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්