.
Astrology - සතියේ කල දසාව
ශ. ව. 1935 ක්වූ කුම්භ රවි 18 භාග මැදින් මස පුර පෑලවිය තිථිය ලත්
මාර්තු මස 02 වැනි ඉරිදා සිට 8 වැනිදා ශනිදා දක්වා...- හරිපි‍්‍රය ගුණසේකර
මේ සතිය අධ්‍යාපනික හා සන්නිවේදන අංශවල නිරත අයට යහපත්ය. එදිනෙදා
කටයුතුවලට එල්ල වන බාධක හා විරෝධතා ක්‍රමයෙන් මඟ හැරී යයි.
රැකියා අහිමි වූ අයට ආරක්ෂක අංශවල සේවයේ යෙදී සිට විශ්‍රාම ගිය අයට නැවත සේවයට
කැඳවීම් ලැබේ.
ආර්ථික රටාවේ වෙනස්කම් ඇතිවන මේ සූර්ය මාසය තුළ ව්‍යාපාරිකයන්ට තරමක
පසුබෑමකට ලක්වීමට සිදු වෙයි. සති අග ආනයන අපනයන කටයුතුවල නිරත අයට ලාබ
හිමිකර ගැනීමට හැකි වෙයි. සැලසුම් ඉදිරියට ගෙන යාමේ වාතාවරණයක් ගොඩනැඟේ.
ජය අංකය - 04
සුබ දවස - බදාදා
කලාකරුවන්ට හා නිර්මාණ ක්ෂේත්‍රයේ නිරත අයට යහපත්ය. ධන ලාබ හිමි වෙයි. තම
හැකියාවන් මුල්කොට සේවා ඇගැයීම්වලට ලක්වීමෙන් වරප්‍රසාද හිමි වෙයි.
ගෘහ නිර්මාණ කටයුතු, වැවිලි කර්මාන්තයේ නිරත අයට මිශ්‍ර පල ගෙන දෙයි. කෘෂිකර්ම
කටයුතුවල යෙදෙන්නන්ට පතල් හා මැණික් කර්මාන්ත කරුවන්ට ලාබ අත්වෙයි. වගා
කටයුතුවල නිරත අයට ජල හිඟය මුල්කොට තරමක පාඩු විඳින්නට සිදු වෙයි.
පවුලේ සමඟිය හා අසල්වැසියන්ගේ සහයෝගය තුළින් අඩුපාඩු රැසක් සකසා ගත හැකි
වෙයි. ශරීර සෞඛ්‍යය පිළිබඳව සැලකිලිමත් විය යුතුය.
ජය අංකය - 02
සුබ දින - අඟහරුවාදා
අධ්‍යාපන කටයුතුවල යෙදෙන අයට උසස් අධ්‍යාපනයට අවස්ථාව උදා වෙයි. තාක්ෂණික
වෛද්‍ය අංශවල ඉගෙනුම ලබන අයගේ අදහස් සඵල වෙයි.
දේශපාලන කටයුතුවල නිරතව සිටින අයගේ බලාපොරොත්තු ඉටු කරමින් ආලෝකය මතුකර
දෙන සතියකි. වරින් වර ඇතිවන අර්බුදකාරී තත්ත්වය මැඬ පවත්වා ඉදිරියට යාමේ
හැකියාව ගොඩනැඟේ.
ආර්ථික මට්ටම යහපත් වුවද එදිනෙදා කටයුතුවලදී බලාපොරොත්තු නොවූ වියදම්
ඇතිවෙයි. ඒ පිළිබඳව කල්පනාකාරීව කටයුතු කළ යුතුය.
ජය අංකය - 07
සුබ දින - බදාදා
බලාපොරොත්තු නොවන ආකාරයෙන් වියදම් වැඩිවීමට හේතු වන සතියකි. බොහෝ දුරට අන්
අයට පිහිට වෙන්නට උත්සාහ ගනී. සමාජ සේවාවල නිරත අය ගැන සමාජයීය වශයෙන්
ඇගැයීමට ලක්වන සතියකි.
නිවාස හා ඉඩම් නොමැති අයට ගෙවීමේ ක්‍රමයට ඉඩම් මිලයට ගැනීමේ අවස්ථාව සැලැසේ. තම
දියුණුවට බාධා කරන අයකුගේ රහස් කුමන්ත්‍රණයක් හෙළි වෙයි. අනවශ්‍ය
ප්‍රශ්නවලින් මිදී කටයුතු කිරීමට වාතාවරණය සකසා ගනී.
සෙම් රෝග ක්ලාන්ත ගති පාද ආබාධ මතුවීමට ඉඩ ඇත.
ජය අංකය - 05
සුබ දින - සඳුදා
ග්‍රහ බලපෑම් නිසා යටපත්ව තිබු කටයුතු රාශියක් ගොඩනඟා ගැනීමට හැකි වෙයි.
හිමිකම් පිළිබඳ ප්‍රශ්නවලට මුහුණ පෑමට සිදුවෙයි. එවැනි ප්‍රශ්නවලට විසඳුම්
ලබා ගැනීමට ඉවසිලිවන්ත හා බුද්ධිමත්ව කටයුතු කළ යුතුය.
එතෙර ගමන් හා සංචාරවලට අවස්ථාව සැලැසේ. ඒ සඳහා අනුග්‍රහය දක්වන ඥාතියකු මුණ
ගැසීමෙන් සති අන්තය සතුටින් ගෙවී යයි. අනාගතය පිළිබඳ නව වැඩපිළිවෙළක් ඉෂ්ට
කර ගැනීමට හැකි වෙයි.
වාහන පදවන්නන් පරෙස්සම් විය යුතුය. වැටීම් තැලීම් හෝ අනතුරුවලට ඉඩ යෙදේ.
ජය අංකය - 09
සුබ දින - ඉරිදා
ජීවනෝපාය මාර්ගයේ වෙනසක් ඇති නොවේ. තමා ඇසුරු කළ හිතවතුන් අතුරෙන් දැඩිව
විශ්වාසය තැබු අයකුගෙන් වුණ සිත් රිදුමක් නිසා ඔහුගෙන් දුරස් වන්නට සිදු වෙයි.
දරුවන්ගේ දස්කම් වලින් සතුටට පත්විය හැක. දරුවකුගේ දියුණුවක් සම්බන්ධව පවුලේ
අය සමඟ සතුට බෙදා ගැනීමට හැකි වෙයි.
ශාස්ත්‍රීය කටයුතුවල නිරත අයට, නීතිඥයින්ට, දේශකයන්ට, ලේඛකයන්ට යහපත්
සතියකි.
උගත් අය හමුවීමට අවස්ථාව යෙදේ. විවාහයට සුදුසු වයසේ සිටින දූ දරුවන්ට
ඉදිරිපත් වන මංගල යෝග සාර්ථක වෙයි.
ජය අංකය - 07
සුබ දින - බදාදා
විවිධ දුෂ්කරතා මැද අදහස් සාර්ථක කරගත හැකිය.
දේපළ සම්බන්ධයෙන් බලපෑ අවහිරතාවක් මඟ හැරී යයි. හිතට එකඟව තීරණ ගැනීමෙන්
බාධක යටපත් කර ගත හැකිය.
අනාගතය පිළිබඳව ආකල්ප ඇති කර ගැනීමට ඉඩ සැලැසේ. තරග විභාගවලට යොමුවන අයට
ජයග්‍රාහී ප්‍රතිඵල ලබාගත හැක.
සේවා අඩුපාඩු සපුරා ගැනීමට හිතවත් අයගේ උදව් උපකාර ලැබේ. වාතාබාධ, උදරයේ ආබාධ
ඇතිවිය හැක.
ජය අංකය - 03
සුබ දින - සිකුරාදා
ශාස්ත්‍රීය කටයුතුවල නිරත අයට යහපත් සතියකි. හිතවතුන්ගේ පැසසුමට ලක්වෙයි.
අතපසු වූ වැඩ කීපයක් නිම කැරගැනීමට හැකි වෙයි.
පවුලේ අය හා අසල්වැසියන් අතර හොඳ හිත වර්ධනය වෙයි.
ගුරු වෘත්තිය හා කලා ක්ෂේත්‍රයේ නිරත අයට යහපත්ය. ලේඛන කටයුතුවල නියළී සිටින
අයට ගෞරවය මෙන්ම අන්‍යයන්ගේ ප්‍රශංසා හිමිකර ගත හැකි වෙයි.
සති අන්තයේ ප්‍රිය සාදයකට සහභාගි වීමට අවකාශ සැලැසේ. ඇස් ආබාධ ඇති වේ.
ජය අංකය - 01
සුබ දින - අඟහරුවාදා
කලක සිට පැවැති රෝගාබාධයකට ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරයකු මුණ ගැසෙයි.
එදිනෙදා කටයුතු සඳහා වෙහෙස වීමෙන් උදාසීනත්වයක් මතුවුණ ද අන් අයගේ දිරි
ගැන්වීම් මඟින් තම අරමුණු ඉටු කැර ගැනීමට හැකි වෙයි.
වෛද්‍ය වෘත්තිය හා ඊට අදාළ ඖෂධ පිළිබඳ පර්යේෂණවල යෙදෙන අයට සුබදායක සතියකි.
ඖෂධ නිෂ්පාදනය කරන අයට මෙන්ම අලෙවි කරන්නන්ට යහපත්ය.
කාන්තා සහාය ලබා ගැනීමට හැකි වෙයි. දරුපල නොමැති අයට දරුපල ලාබ හිමි වෙයි.
අවිවාහක අයට මංගල යෝග උදාවෙයි. තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් විය
යුතු සතියකි.
ජය අංකය - 08
සුබ දින - ්‍රහස්පතින්දා
පවුලේ අය අතර සුහදතාව ගොඩ නැඟේ. සිතුවිලි එක අරමුණක රඳවා ගැනීමට නොහැකි
වාතාවරණයක් උදා වෙයි.
පැරැණි ණය මුදලක් ලබා ගැනීමට හැකි වෙයි. ප්‍රශ්නවලට මැදිවී සිටින අයට විසඳුම්
ලබා ගැනීමට හැකි වෙයි.
නිවාස අලුත් වැඩියාවක් සඳහා මුදලක් වැය කිරීමට සිදු වේ. දුර බැහැර සිටින
ඥාතියකුගේ බලාපොරොත්තු රහිත පැමිණීම මහත් සතුටකට හේතු වෙයි. ආහාරපාන
ගැනීමේදී විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය.
ජය අංකය - 09
සුබ දින - සෙනසුරාදා
තම ජීවන රටාවේ කිසියම් වෙනසක් ඇති කරගත හැකිය. ගෙදර දොර කටයුතුවලදී සාකච්ඡා
කොට තීරණවලට එළඹීම යහපත්ය. ඉවසිලිවන්තව කටයුතු කළ යුතු සතියකි.
සාහිත්‍ය සම්මන්ත්‍රණවලට සහභාගි වීමට අවස්ථාව ලැබේ. විවිධ සේවා සඳහා යොමු
වීමෙන් අතිරේක ආදායම් සරු කරගත හැකි වෙයි.
හවුල් ව්‍යාපාරවලට යොමුවන අයට සුබදායකය. කෘෂි කර්මාන්ත කටයුතුවල නිරත අයට
යහපත්ය. සෙම් පීඩා ඇති අය පරෙස්සම් විය යුතුය.
ජය අංකය - 06
සුබ දින - සෙනසුරාදා
ජීවිතයේ නව පෙරළියක් ඇතිවන සතියකි. සිතුම් පැතුම් ඉටුකර ගැනීමට හිතවත් අයගේ
උපකාර ලබා ගත හැකිය.
නිවාස ඉදිකරන අයට ඒ සඳහා ණය මුදල් සපයා ගැනීමට හැකි වෙයි.
රජයේ සේවකයන් ගෙන් ස්ථාන මාරු බලාපොරොත්තු වන අයගේ අදහස් සඵල වෙයි.
අමතර භාෂා අධ්‍යයනය කරන්නට අවස්ථාව උදා වෙයි. තරග විභාගවලින් ජය අත්වෙයි.
උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වන්නන්ට යහපත් සතියකි.
හිසේ ආබාධ තුනටිය ආබාධ සන්ධි වේදනා මතු කරයි.
ජය අංකය - 03
සුබ දිනය - බ්‍රහස්පතින්දා
|