දහදාහක් කැඳවූවත් 4000 ක් ඇවිත් නෑ

 
 

ජයලලිතාගේ ඊළාම් යෝජනාව ගැනයි

 
 

අසාධාරණ අතපෙවීමට එරෙහිව සැවොම පෙළගැසිය යුතුයි

 
 

පාහියන්ගලින් හමුවූ තරුණියගේ ඇටසැකිල්ල අවුරුදු 48000ක් පරණයි

 
 

වැඩිම වැස්ස වෙනුවට මාලිබොඩටත් දැන් පෑවිල්ල!

 
 

මුල් පිටුව

 
 

පෙර ආත්මයේ පගා ගත් කෙනා මේ ආත්මයේ දුක් විඳින හැටි

 
 

මලබද්ධයට හිතුමතේ බෙහෙත් ගැනීමත් අර්ශස් හැදෙන්න හේතුවක්

 
 

නිර්මාණකරුවා ඉතිහාසය විකෘති නොකළ යුතුයි

 
 

විස්සයි-20 රස්තියාදුකාර ක්‍රීඩාවක්

 
 

සුපිරි සම්මාන රාත්‍රියේ දී හොල්සිම් තරු දිදුලයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»


සාහිත්‍ය ප්‍රශ්න පත්තරය

සාහිත්‍ය ප්‍රශ්න පත්තරය

පොත් කියැවීමේ පුරුද්ද විමසන මෙම ප්‍රශ්න මාලාව ඇරැඹෙන්නේ, පාඨක ඔබටත් ගත හැකි යමක් එහි ඇති බැවිනි.

ඔබේ ප්‍රියතම ප්‍රබන්ධ කෘතිය...

ධම්මික ගංගානාත් දිසානායක

ගුණරත්න ඒකනායකගේ ‘අලුත් වලව්ව'. යටත් විජිත යුගයේ වතු වගාවත් සමඟ හෙමින් හෙමින් වෙනස් වූ සමාජයක් හා එහි මිනිසුන්ගේ සිතිවිලි, මේ කෘතියෙන් අපූරුවටට ඉදිරිපත් කරනවා.

ප්‍රබන්ධ නොවන කෘතිය...

කතුවරු තිදෙනෙක් එක්ව රචනා කළ Theory's of the Mass Communication’ කෘතිය. මෙය මා නිතර පරිශීලනය කරන නිසාදෝ එයට මා බොහෝ ප්‍රියයි.

මේ දිනවල ඔබ කියවන්නේ...

ප්‍රදීපා සේරසිංහ ලියූ, ‘සිඳු මෙහෙසි’ නම් ඓතිහාසික කෘතිය.

කෙනෙකුට කියවන්න යැයි ඔබ නිර්දේශ කරන කෘති තුනක්...

මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘මළවුන්ගේ අවුරුදු දා’ සිංහල භාෂාව මොන තරම් සං‍ෙව්දීව භාවිතා කළ හැකි දැයි දැනෙන තරමට මෙය ඉතාම අපූරු කෘතියක්.

ඊළඟට ‘විරාගය’ මාර්ටින් වික්‍රමසිංහයන් විරාගය ලියා තිබෙන්නේ, බුදු දහමේ කියැවෙන මිනිස් සිතේ ඇතුළාන්තය ඉතාමත් හොඳින් විග්‍රහ කරමින්. කෙනකු එය කියැවීම වටින්නේ ඒ නිසා.

ඈත අතීතයේ චීනයේ ‘සුන්සු’ කියන ජනරාල්වරයාගේ යුද කලාව පිළිබඳ ලියැවුණු ‘Art of War’ කෘතියත් කෙනෙක් කියැවිය යුතුමයි. ලෝකයේ යුද්ධය පවතින රටවල් අදත් පරිශීලනය කරන මේ කෘතියෙන් සම්ප්‍රදායික යුද්ධවලදී අනුගමනය කළ යුතු උපාය මාර්ග පිළිබඳ පමණක් නෙවෙයි ජීවිතයේ මානසික වියවුල්, ගැටලු නිරාකරණය කරගන්නටත් හොඳ පසුබිමක් හදනවා. ජීවිතයේ කොයි දේටත් අදාළ සහ වැදගත් වන මේ කෘතියත්, වරක් කියැවීම ජීවිතයට වටිනවා.

පොතක ඔබ වඩා වැදගත් කොට සලකන්නේ රචනා ශෛලිය ද? අන්තර්ගතය ද? නැතිනම් අවසානයද?

අවසානය කෙසේ වෙතත් මුල් කාරණා දෙක ඉතා වැදගත්.

ඔබ ළමා කාලයේ කියැවූ හොඳම පොත...

ඒ.වී.සුරවීරයන්ගේ ‘පෑදි දියට බොර දිය'. එතකොට මං මහනුවර ධර්මරාජේ දහයේ පන්තියේ සිසුවෙක්.

ඔබ කියැවීමට කැමැති විශේෂ වර්ගයක ග්‍රන්ථ තිබෙනවාද...

මං හුඟක් කැමැති චරිතාපදාන කියවන්න. ඒ තුළ ජීවිතයට ගත හැකි දේ ‍ෙබාහෝයි.

මෙතෙක් ඔබ කියැවූ පොත්වලින් ජීවිතයට ලැබුණු දේ..

ජීවිතාවබෝධය. ඊළඟට භාෂාව ඉතාම සුමට ලෙස හැසිරවීමේ හැකියාව.

ඔබට අනුව පොතකින් තැනුණු හොඳම චිත්‍රපටය...

මහගමසේකරයන්ගේ ‘තුංමං’ කෘතිය ඇසුරෙන් නිර්මාණය කළ ‘තුංමං හන්දිය'.

ඔබ ඉහළින්ම අගයන කතුවරයා...

ලියෝ ටෝල්ස්ටෝයි.

ඔබේ ප්‍රියතම සම්භාව්‍ය කෘතිය...

‘කව් සිළුමිණ'. මහා කාව්‍යයක් ලෙස එය ලියා තිබෙන ශෛලියට සහ එහි ඇති ශෘංගාරාත්මක බවට මා ඉතා ප්‍රියයි.

ඔබේ ප්‍රියතම පරිවර්තන කෘතිය...

ඒ.පී. ගුණරත්නයන් පරිවර්තනය කළ බැද්දේගම. එය ලෙනාඩ් වුල්ෆ් ගේ කෘතියටත් වඩා සරු භාෂාවකින් ඔහු පරිවර්තනය කර තිබෙනවා.‍


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්