දහදාහක් කැඳවූවත් 4000 ක් ඇවිත් නෑ

 
 

ජයලලිතාගේ ඊළාම් යෝජනාව ගැනයි

 
 

අසාධාරණ අතපෙවීමට එරෙහිව සැවොම පෙළගැසිය යුතුයි

 
 

පාහියන්ගලින් හමුවූ තරුණියගේ ඇටසැකිල්ල අවුරුදු 48000ක් පරණයි

 
 

වැඩිම වැස්ස වෙනුවට මාලිබොඩටත් දැන් පෑවිල්ල!

 
 

මුල් පිටුව

 
 

පෙර ආත්මයේ පගා ගත් කෙනා මේ ආත්මයේ දුක් විඳින හැටි

 
 

මලබද්ධයට හිතුමතේ බෙහෙත් ගැනීමත් අර්ශස් හැදෙන්න හේතුවක්

 
 

නිර්මාණකරුවා ඉතිහාසය විකෘති නොකළ යුතුයි

 
 

විස්සයි-20 රස්තියාදුකාර ක්‍රීඩාවක්

 
 

සුපිරි සම්මාන රාත්‍රියේ දී හොල්සිම් තරු දිදුලයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»


පොත් පුවත්

පූජ්‍ය විතාරන්දෙණියේ වජිරවංශ හිමි ලියූ “දිවිමග සනසන අමා දහම”

නවතම මුද්‍රණය 04 වැනිදා දොරට වඩී

පූජ්‍ය විතාරන්දෙණියේ වජිරවංශ හිමි ලියූ ‘දිවිමග සනසන අමා දහම’ බෞද්ධ ග්‍රන්ථයේ නවතම මුද්‍රණය මේ මස 04 වැනිදා අඟහරුවාදා උදේ 10.00 ට කොළඹ මරදානේ, දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේ දී පැවැත්වේ.

බුදු දහමේ අන්තර්ගත සුවිශේෂී දහම් කරුණු නූතන සමාජ සංස්ථාවේ ප්‍රගතියට ඉවහල් වන අයුරින් පූජ්‍ය විතාරන්දෙණියේ වජිරවංශ හිමියන් විසින් ලියන ලද ‘දිවිමග සනසන අමා දහම’ කෘතිය මෙරට ගිහි පැවිදි සැමගේ අවධානය යොමු විය යුතු ශාස්ත්‍රීය සංග්‍රහයකි. කාලීන වශයෙන් වැදගත් වන මාතෘකා විසි අටක් ය‍ටතේ මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.

පූජ්‍ය විතාරන්දෙණියේ වජිරවංශ හිමියන්ගේ ‘දිවිමග සනසන අමා දහම’ ග්‍රන්ථය එදින දවස පුරා විශේෂ අඩු මිලකට සැදැහැවතුන්ට ලබා ගැනීමට අවස්ථාව සලසා ඇත.

පොල්ගහවෙල මිතභාණි හිමියන් ලියූ “සාමිස සුවයෙන් නිරාමිස සුවයට”

නිවනට මග - 2 03 වැනිදා දොරට වඩී

වේවැල්දෙණිය ආරණ්‍ය සේනාසනාධිපති සමථ විදර්ශනා භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පොල්ගහවෙල මිතභාණි හිමියන් ලියූ “සාමිස සුවයෙන් නිරාමිස සුවයට” (නිවනට මග - 2) බෞද්ධ ග්‍රන්ථය මාර්තු 03 සඳුදා සවස 3.00 ට ගාල්ල, වලහන්දූව උපනන්ද විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී දොරට වඩී.

ඔබ සහ ඔබේ විශේෂ අවශ්‍යතා ඇති දරුවා

දෙමාපියන් හට ප්‍රායෝගික මඟ පෙන්වීමක්

කර්තෘ - නිපුන වික්‍රමගේ

මිල - රු. 500

ප්‍රකාශනය - සරසවි ප්‍රකාශකයෝ

විශේෂ අවශ්‍යතා සහිත හෙවත් ආබාධිත දරුවෙකු රැක බලා ගැනීමේදි මාපියන් හා පවුලේ සෙසු අය ජයගත යුතු අභ‍ියෝග රැසක් වේ. ඒ පිළිබඳව මාග්‍රට් බැරට් නම් ලේඛිකාව ලියූ කෘතියේ පරිවර්තනය ආබාධිත දරුවන් ඇති මාපියන්ට හා ඒ පිළිබඳ ගුරුවරුන්ට විශේෂ වන කෘතියකි.

වෙද මැදුර

කර්තෘ - ජයකොඩි සෙනෙවිරත්න

මිල - රු. 300

ප්‍රකාශනය - දයාවංශ ජයකොඩි සහ සමාගම

වෙද මැදුර නවකතාවේ නවතම මුද්‍රණය පසුගියදා නිකුත් විය. මීට දශක හතරකට උඩදී සිංහල ගැමි සමාජය තුළ ප්‍රභූන් අතර වෙද මහතාට ලැබී තිබුණේ මුල් තැනකි. වෙද ගෙදරද හඳුන්වනු ලැබුවේ වෙද වලව්ව නමිනි. එවන් වූ වෙද වලව්වක අනාගතය පිළිබඳ තොරතුරු අනාවරණය වන කතාවකි.

ලෝකය එකම යායකි සහ තවත් සිතිවිලි

කර්තෘ - ලාල් හෑගොඩ

ප්‍රකාශනය - හෑගොඩ සේයා ශිල්ප නිකේතනය

ඡායාරූපය තුළ ඇති නිර්මාණාත්මක කාව්‍යය ඉස්මතුවන විශ්ව ඡායාරූප එකතුවක් හා ලාල් හෑ‍ෙගාඩ කවියාගේ කාව්‍ය රචනා කීපයක එකතුවකි. විශේෂයෙන් ම ඡායාරූපකරණය හදාරන්නවුන්ට විශේෂ වන කෘතියකි.

බුහුටි

පී. පියසෝම පෙරේරා

මිල - රු. 150

ප්‍රකාශනය - කර්තෘ ප්‍රකාශනයකි

ඉතාලි ජනකතා එකතුවකි. ඉංග්‍රිසි පොතපත ඇසුරින් සකස් කළ මේ ජනකතා එකතුව විශේෂයෙන් ම යොවුන් පාඨකයන්ට සරිලන ලෙස රචනා කර තිබීම විශේෂයකි.

පන්හිඳක මුවරද
ඩබ්ලියු.ඒ. අබේසිංහ කාව්‍ය අනුවාදන කාව්‍ය සහ ගීත විමර්ශන

කතුවරු - ශක්තික සත්කුමාර

යනුෂා ලක්මාලි

මිල - රු. 275

ප්‍රකාශනය - ෆාස්ට් පබ්ලිෂින්

නූතන සිංහල කවිය නිසඳැස් හා නිදහස් සම්ප්‍රදාය සහ ඩබ්.ඒ. අබේසිංහ කවිමඟ, ඩබ්.ඒ. අබේසිංහ කාව්‍ය විමර්ශන, අනුවාදන කාව්‍ය විමර්ශන, ගීත විමර්ශන යනුවෙන් කොටස් හතරකට බෙදා ලියන ලද විචාර ග්‍රන්ථයකි. අබේසිංහ කවියා ගීත රචකයා ඉස්මතු කොට කෙරෙන ලද අගය කිරීමකි.

වෙස්මුහුණු කලාව

කර්තෘ - ජේ.ඩබ්. භද්‍රානන්ද විජේසූරිය

මිල - රු. 750

ප්‍රකාශනය - වෙස් මුහුණු කෞතුකාගාරය

පාරම්පරික වෙස් මුහුණු කලාව පිළිබඳව අම්බලන්ගොඩ පාරම්පරික වෙස්මුහුණු කලාකරුවෙකු අතින් ලියැවුණු මේ කෘතියෙන් ශ්‍රී ලංකාවට ආවේණික සම්ප්‍රදායික වෙස් මුහුණු කෝලම් සන්නි පාල සහ රාක්ෂ ආදි වශයෙන් වර්ග කීපයකට බෙදා ඒවා බිහිවීමට පාදක වුණු පුරාවෘත්ත පිළිබඳව විස්තර කොට ඇත.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්