පාරිභෝගිකයන්ගේ අයිතීන් ගිලිහී යාම
ආර්ථික සංවර්ධන
පාරිභෝගිකයන්ගේ
අයිතීන් ගිලිහී යාම
මේ දිනවල රටේ සෑම තැනම අසන්නට ලැබෙන්නේ අතුරු අයවැය සහ බඩුමිල පහත හෙළුව ද
කඩ හිමියන් පහත දැමූ බඩුමිල ක්‍රියාත්මක නොකිරීම යන කාරණාවන්ය. මුද්‍රිත,
විද්‍යුත් මාධ්‍යයන් ඔස්සේ ද කතාබහට ලක්වන පාරිභෝගිකයාගේ අයිතීන් ගිලිහී
යාම පිළිබඳ නව තොරතුරු කිහිපයක් ගෙන ඒමට අදහස් කරමි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් පාරිභෝගිකයන්ගේ සුරක්ෂිත භාවය සඳහා වන
මාර්ගෝපදේශයන් සකස් කර ඇත. මේ සම්බන්ධයෙන් අන්තර්ජාලයෙන්
(Guidelines on Consumer Protection U. N) සොයා ගත් තොරතුරු බිඳක් ඇසුරින් වර්තමානයේ මෙරට
පාරිභෝගිකයාට වැදගත් වන කාරණා කිහිපයක් ඉදිරිපත් කිරීමට අදහස් කළෙමු.
මෙහි දී සලකා බැලිය යුත්තේ මෙකී හිමිකම් අප භුක්ති විඳිනවා ද යන්න යි.
. මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වන අයිතිය
සෑම පාරිභෝගිකයකුටම අත්‍යවශ්‍ය මූලික භාණ්ඩ සහ සේවා පහසුවෙන් ලැබිය හැකි
විය යුතුය. ප්‍රමාණවත් ආහාර, ඇඳුම්, නිවාස, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, මෙන්ම
සෞඛ්‍ය ආරක්ෂාව ලැබීමේ අයිතිය හැම කෙනෙකුටම තිබීම ප්‍රධානතම පාරිභෝගික
අයිතියක් වේ.
තෝරා ගැනීමේ අයිතිය
ගුණයෙන් උසස් බවට හා සෑහීමකට පත්විය හැකි ප්‍රමිති සහතිකයක් සහ තරගකාරී
මිලකට භාණ්ඩ සහ සේවා තෝරා ගැනීමට පිරිමනින ප්‍රමාණවලින් තිබීම අවශ්‍යය.
.හානි දෑවලින් වැළකීමේ අයිතිය
සෞඛ්‍යයට හා ජීවිතයට හානිකර වූ නිෂ්පාදනයන්, නිෂ්පාදන ක්‍රියා සහ
සේවාවලින් රැකවරණය සැලසිය යුතුය.
. තොරතුරු ලැබීමේ අයිතිය
භාණ්ඩ තෝරා ගැනීමට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට අයිතිය තිබිය යුතු අතර නොමඟ
යැවෙනසුලු ප්‍රචාරණයෙන් සහ ලේබල් දැන්වීම්වලින් ආරක්ෂාව තිබීම
අත්‍යවශ්‍යය.
. විමසීමේ අයිතිය
ආණ්ඩුවේ ප්‍රතිපත්ති සෑදීමේදීත්, ක්‍රියාවේ යෙදීමේදීත්, නිෂ්පාදන සහ සේවා
වර්ධනය වීමට අවස්ථාවක් තිබිය යුතුය.
. වැරැදි තොරතුරු දැක්වීම, ප්‍රමිතියෙන් තොර භාණ්ඩ සහ අසතුටුදායක සේවාව
වෙනුවෙන් වන්දි ලැබීමේ අයිතිය ඇතුළුව පැමිණිලිවලට සාධාරණ විසඳුමක් ලැබීමේ
අයිතිය තහවුරු විය යුතුය.
මෙම කරුණ වර්තමාන ලෝකයෙහි මහත් අභියෝගයට ලක්ව ඇත. අනවශ්‍ය ලෙස ආහාර පිළිබඳව
හුවා දක්වන වෙළෙඳ දැන්වීම් ඒවායේ අන්තර්ගත පෝෂණ ගුණයට වඩා හෝ සමහර අහිතකර
දේවල් ද වෙළෙඳපොළ තුළ අලෙවි කරන තත්ත්වයක් දැකිය හැකිය.
. පාරිභෝගික අධ්‍යාපනය ලැබීමේ අයිතිය
මූලික පාරිභෝගික අයිතිවාසිකම් හා වගකීම්, ඒ සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු
ආකාරය විශ්වාසදායක ලෙස භාණ්ඩ හා සේවා තෝරා ගැනීම යන කරුණු පවා පාරිභෝගිකයන්
දැනුම්වත් කිරීමේ නිපුණතා ද, දැනුම ද ලබා ගැනීමට පහසුකම් තිබිය යුතුය.
. සෞඛ්‍යවත් පරිසරයක ජීවත්වීමේ අයිතිය
වර්තමාන සහ අනාගත පරම්පරාවන්ගේ යහපැවැත්මට හානිකර නොවන පරිසරයක
ජීවත්වීමේ සහ වැඩ කටයුතු සිදු කිරීමේ අයිතිය තහවුරු කිරීම.
ලෝක ආහාර වෙළෙඳපොළ පාලනය කරන බහුජාතික සමාගම් විශාල බලයක් යොදා මානව
හිමිකම් යටපත් කිරීම නිසා පූර්ණ පාරිභෝගික අයිතීන් අද ලෝකයේ ඇතැම් රටවල
නැත්තේ ඒ හෙයිනි. කිරිපිටි සමාගම්, සිසිල් බීම සමාගම්, ජාන තාක්ෂණික ආහාර
නිපදවන සමාගම්, රසකාරක නිෂ්පාදන ආයතන, වෙළෙඳ දැන්වීම් කරුවන් සාමාන්‍ය ජනයා
නොමඟ යැවීමේ උපක්‍රම සිදු කරයි.
උදාහරණයක් ලෙස කුඩා දරුවන්ට වැලඳෙන රෝගවලින් ආරක්ෂා වීමට යෝගට් වර්ග,
කිරිපිටි වර්ග ගැනීම සුදුසු බවත් ඒවාහි රෝග සෑදීමෙන් වළක්වාලීමේ ඖෂධ අන්තර්ගත
බවටත් සහතික කරයි. ඒ සම්බන්ධ වෛද්‍යවරුන්ගේ මතය එය අසත්‍යයක් බවයි. යකඩ,
කැල්සියම්, ඇතුළු ශරීරයට අත්‍යවශ්‍ය මේද වැනි දේ මෙකී ක්ෂණික ආහාරවල
කිසිසේත් අඩංගු නොවන බව වෛද්‍ය මතයයි.
ලාංකීය පාරිභෝගිකයා වෙනුවෙන් ද විවිධ නීතිරිති සහ ඒවාට නීතිමය කටයුතු කිරීමේ
ආයතනයන් ද නමින් පමණක් තිබෙනු දක්නට ලැබේ. පිටරටින් මෙරටට ගෙන්වනු ලබන
ශරීරයට අහිතකර ඇපල්, මිදි, පෙයාර්ස් ඇතුළු පලතුරු සහ කල් ඉකුත් වීමේ දිනයක්,
නිෂ්පාදිත දිනයක්, අඩංගු දේ දැක්වෙන විස්තරයක් වැනි පාරිභෝගිකයා ආහාරය
පිළිබඳ දැනගත යුතු අත්‍යවශ්‍ය කරුණු නොදැක්වෙන ළමා ආහාර සහ බොහෝ පිටරටින්
විශේෂයෙන් චීන රටින් ගෙන්වන ලද පැණි රස ආහාර වර්ග පිටකොටුවේ බොහෝ වීදිවල සහ
මෙරට බොහෝ ආහාර වෙළෙඳසල්වල සුලබව දැකිය හැකිය.
ඒ පිළිබඳව පාරිභෝගිකයා හදිසි වැටලීම් අංශයන්ට දැනුම්වත් කිරීම් කළ ද මේ
මොහොත වන විටත් පිටකොටුව රතු පල්ලිය සහ ප්‍රධාන වීදි ගණනාවක් ඔස්සේ ගමන්
කරන්නවුන්ට ඒ ආහාර ද්‍රව්‍ය දැකබලා ගත හැකිය.
අංක 1, 2, 3 යන අංක යටතේ ඇති පොල් තෙල්, රසායනික ද්‍රව්‍ය මඟින් නිෂ්පාදිත සෝස්
වර්ග, ප්‍රමිතියෙන් තොර අච්චාරු වර්ග, සුවඳ විලවුන්, රෙදි වර්ණ ගැන්වීම සඳහා
යොදා ගන්නා වර්ණ යොදා නිෂ්පාදිත මිරිස් කුඩු, තුනපහ කුඩු, කහ කුඩු, ඇතුළු විශාල
ප්‍රමාණයේ අහිතකර නිෂ්පාදන ද්‍රව්‍ය පිටකොටුව විවිධ වෙළෙඳසල්හි විකිණීමට
ඇත. පාරිභෝගිකයන්ට අයිතිවාසිකම් ඇතත් ඒවා සියල්ල ඒවා දිනා ගැනීම හීනයක්
බවට පත්වී ඇත.
විශ්වාසදායක ආහාර මාර්ග තෝරා ගැනීම
එදා ගැමියන් ආහාර අවශ්‍යතාව සපුරා ගැනීම සිදුකර ඇත්තේ තම කුඹුරුවලින් සහ
ගොවිබිමෙන්ය. එසේත් නැතිනම් ගෙවත්තේ වගා කළ දේය. මීට අමතරව ගම්මුන් ගොවිතැන්
කරන ලද එළවළු, ධාන්‍ය, පලා වර්ග, පලතුරු, ඇතුළු බොහෝ දේ ගමේ එකිනෙකා අතර
හුවමාරුවෙන් සහ මිලදී ගැනීමෙන් ඔවුන් විශ්වසනීයව ආහාර අවශ්‍යතාවය සපුරා
ගත්තේය.
නාගරික ජනයා ඔවුන්ගේ කාර්ය බහුලත්වය හේතු කොටගෙන ක්ෂණිකව පහසුවෙන් සකසා ගත
හැකි ආහාර ක්‍රමයන්ට හුරුපුරුදුව සිටියි. ඔවුන් තම ආහාරවල ප්‍රමිතිය
විශ්වසනීය බව වැනි මිනිස් ජීවිතයේ සුරක්ෂිත බව හේතු නොසොයයි.
වර්තමාන සමාජයේ බහුලව අසන්නට දකින්නට ලැබෙන රෝග අතර දියවැඩියාව, ස්ථුල බව,
කොලෙස්ටරෝල්, කුඩා දරුවන්ගේ අඩු බර සහ මන්ද පෝෂණ තත්ත්වයන්, ගැබිනි මවුවරුන්
අඩුබර දරු උපත් බිහි කිරීම, වැනි කරුණු සඳහා ප්‍රධානතම හේතුව ලෙස පිරිසුදු
ගුණාත්මක ආහාර නොලැබීම සහ නොගැනීම බව වෛද්‍යවරුන්ගේ මතයයි. අද ලෝකයේ
රූපවාහිනී, ගුවන් විදුලි, සහ අන්තර්ජාල වෙබ් අඩවි ඔස්සේ ද විවිධ ක්ෂණික මෙන්ම
මිනිස් ජීවිතයට තර්ජනය වන ආහාර පිළිබඳ දැන්වීම්, තොරතුරු, විකාශනය කෙරෙයි.
විවිධ වර්ණයෙන් හැඩවලින් යුතු වන ආහාර වර්ග පාරිභෝගිකයා මිලදී ගන්නා
මට්ටමකට පොලඹවා ඇත.
. රසායනිකව දූෂණය වූ ආහාර
පසුගිය මාසයේ දී ඉදිරිපත් කළ අතුරු අයවැය මඟින් පහත හෙළන ලද ඇතැම් භාණ්ඩ අතර
සැමන් වර්ග, කිරිපිටි වර්ග ද රසායනිකව දූෂණයට ලක් වූ ආහාර යැයි නම් කළ හැකිය.
මේ වෙනුවට දියර කිරි, අලුත් මාළු, මස් ඇතුළු රසායනික කරණයට ලක් නොවූ ආහාර
පාරිභෝගිකයාට මිලදී ගත හැකිය. මේ අතර කුඩා දරුවන්ට නැතිවම බැරි බීම පැකට්
වර්ග, ශීතකළ බීම වර්ග විශේෂයෙන් ඇතැම් රටවලින් තහනමට ලක් කර ඇති (කොකාකෝලා
වැනි) බීම සිරුරට අහිතකරය.
පදික වේදිකාවේ තැන තැන අව්වේ වේළෙමින්, අපිරිසිදු වාතාශ්‍රයෙන් දූෂණය වූ
ආහාර පහසු මිලකට මිලදී ගැනීමට අපි පෙලඹී සිටීමු. ප්‍රමිතීන්ගෙන් තොර එවැනි ආහාර
විකිණීම සම්බන්ධයෙන් සෞඛ්‍ය නිලධාරීන් නීතිමය පියවර නොගැනීමට හේතුව කුමක්
විය හැකි ද? එවැනි ආහාර විකිණීම සිදු කෙරෙන්නේ මෑත කාලීනව සිට නොවේ. ඒ පිළිබඳ
බලධාරීන් දැනුම්වත් වී සිටින්නේ ද අද ඊයෙක නොවන බව ද සිතා බැලීම වටී.
රස කාරක, වර්ණ කාරක, ඇඹරීම මෙන්ම කල්තබා ගැනීම සඳහා ද විකිරණශීලී දේ එකතු කිරිම
සුලබ කරුණකි. රසායනික ද්‍රව්‍ය යොදා ටින් කිරීම, පැකට් කිරීම, ද එසේමය.
මෙමඟින් මිනිස් ජීවිත සියල්ල රෝගී තර්ජනයන්ට හසු කරයි. මෙකී ආහාර මිලදී ගැනීමේ
දී මඳක් හෝ සිතා බැලීමට හුරු පුරුදු වන්න ඔබ මිලදී ගන්නා රසායනික දූෂණයට ලක්
වූ ආහාර ඔබේ සිඟිති දරුවන්ට මවට පියාට සේම පවුලේ සියලු දෙනාට පසුකාලීනව මේවා
කෙසේ බලපෑම් කරාවි ද යන්න කියා.
මෑත කාලයේ සිට ලෝකයේ ඇතැම් රටවලත් ශ්‍රී ලංකාවේත් මෙවැනි ක්‍රියාදාමයන් ද
සිදුවන බව ඔබ අසා තිබේදැයි බලන්න. කිරි දෙනුන් ගෙන් වැඩිපුර කිරි ලබා ගැනීමට
එන්නත් භාවිත කරන අතර, ඔවුන් ආහාරයට ගනු ලබන තණකොළ වැඩි වශයෙන් පැළවීම සඳහා ද
රසායනික ද්‍රව්‍ය බෙහෙත් යෙදීම සිදු කරයි. මෙරට සියලු භෝග නිෂ්පාදනයේ දී සහල්,
ධාන්‍ය වර්ග, එළවළු සහ පලා වර්ග වගා කිරීමේදී ද රසායනික ද්‍රව්‍ය බීජ සහ පැළ
රෝපණයේ සිට භෝගය නෙළා ගැනීම තෙක් ම ඉසිනු ලැබේ. උදාහරණයක් ලෙස මඤ්ඤොක්කා, බතල,
අර්තාපල්, කැරට්, බීට්, නෝකෝල්, රාබු වැනි අල වර්ග සිටුවීමේ දී අල වැඩි
ප්‍රමාණයක් ලබා ගැනීම සඳහාත්, අල වර්ග ගැලවීමට පෙර පස බුරුල් වී අල නොකැඩී
ගලවා ගැනීම සඳහාත් රසායනික ද්‍රව්‍ය මසකට පෙර දී යොදනු ලැබේ.
අප ආහාර ගන්නේ නිරෝගී බව පවත්වා ගැනීමට සහ බඩගින්න නිවා ගැනීමට ය. මේ කාරණා දෙකට
අදාළව අපි ගනු ලබන ආහාරය මඟින් වැලඳිය හැකි රෝග කාරකයන් මෙන්ම අනාගතයේ
දිනයක කුමන රෝගයකට එම ආහාරය ඉවහල් වේ ද යන්න අපි නොසිතන කරුණක් වී ඇත.
මෙතෙක් ඉදිරිපත් කළ නිවැරැදි ආහාර තෝරා ගැනීමේ කරුණු සියල්ල නිවැරැදිව සලකා
බැලුවහොත් පාරිභෝගිකයාට අනාගතයේ වැලඳීමට ඉඩ ඇති රුධිර ආශ්‍රිත රෝග,
ස්නායු ආබාධ, පිළිකා, අස්ථි රෝග, චර්ම සහ පියයුරු රෝග, ආහාර විසවීම්, පෝෂණ ඌණතා,
ආසාදන රෝග, බැක්ටීරියා මඟින් හටගන්නා රෝග, ආහාර ජීර්ණ පද්ධතියේ හට ගැනෙන රෝග,
යනාදියෙන් ඈත් වී සිටීමට හැකි වේ.
වෙළෙඳපොළ මත යැපීම නවතා තම නිවසෙන්ම ආහාර නිෂ්පාදනය, වගා කිරීමට ස්වයංව
පෙලඹීම අප වග බලා ගන්නේ නම්, රටේ යපතට මෙන්ම නිරෝගී ජීවිතයක උරුමකරුවෙක්
වීමේ ආඩම්බරත්වය ඔබට හිමි වේ. කූට උපක්‍රම සහ දැන්වීම් හරහා කුඩා දරුවන්,
ගෘහනියන්, වැඩිහිටි සියලු පුරවැසියන් ඔවුන්ගේ අවශ්‍යතාවන්ට වඩා
වෙළෙඳපොළේ ඇති දේ බලහත්කාරයෙන් හෝ ඇගේ ගසා විකුණා ගැනීමට විවිධ උපක්‍රම
යොදා ගනී.
මේ සඳහා පාරිභෝගිකයන් වන අප ගත යුතු ක්‍රියාමාර්ග මොනවා ද?
• විශ්වාසදායක නැවුම් පිරිසුදු දේශීය ආහාර
කෙරෙහි අවධානය යොමු කිරීම.
• තම පරිසරයෙන් එදිනෙදා ආහාරයට අවශ්‍ය
බෝග නිපදවා සහ සකසා ගැනීමට
කටයුතු කිරීම.
• දේශීය ආහාර දැනුමට අනුව ආහාර පිස
ගැනීම. හා රසවත් කිරීමේ ක්‍රමෝපායන්
යොදා ගැනීම.
• වෙළෙඳපොළෙහි සැකසූ ආහාර (ක්ෂණික)
මිලදී ගැනීම සීමා කිරීම.
• විවිධ මාධ්‍යයන් ඔස්සේ ජනතාව මුළා කරන
දැන්වීම් කෙරෙහි විශ්වාසය නොතැබීම.
• කෘතීම, වර්ණ, රසකාරක භාවිත නොකිරීම.
නොවිධිමත් මෙන්ම සුරක්ෂිත නොවන
ආපන ශාලා, අවන්හල් මඟින් ආහාර
ගැනීම අත්හිටුවීම.
එවැනි කරුණු ඔබගේ නිවසේ, අසල්වැසි මෙන්ම සියලු ජනතාව අතරට නිරන්තරයෙන්
හුවමාරුවට ලක්කිරීම රටේ නිරෝගී ජනතාවක් බිහි කිරීමට දායක වීමක් ලෙස යොදාගත
හැකිය.
සඳමාලි සෙනෙවිරත්න
|