ඉන්දියාවට වීසා නිදහසක්

 
 

වරාය නගරය හා ගැමි දිරිය

 
 

දඹදිව හා අනුරාධපුරය අතර අසල් වැසියාගේ චාරිකාව

 
 

මීරියබැද්දේ නාය ගිය ජීවිත

 
 

අපේ කලාකරුවන් අතර මහා පුරුෂයන් නැහැ

 
 

සසර වසන තුරු ප්‍රේමය

 
 

මුල් පිටුව

 
 

ඉතිහාසය උපයෝගී කරගත්තේ වර්තමානය ගැන කියන්නයි

 
 

උපුල් නුවන් විදහා ඇය සිනාසුණා මම පිනා වුණා

 
 

නිරංගා ඇකඩමි ඔෆ් ආට්ස් ආයතනයෙන් “නීරෝගි ජීවිතයකට රෝග වැළැක්වීමේ” වැඩමුළු

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»


මෙරට ව්‍යාපාර නැංවීමටත් පොදු රාජ්‍ය මණ්ඩලේ සහාය

ආර්ථික සංවර්ධන

මෙරට ව්‍යාපාර නැංවීමටත් පොදු රාජ්‍ය මණ්ඩලේ සහාය

ශ්‍රී ලංකාවේ වෙළෙඳ කටයුතු පුරාණ සේද මාවත දක්වා ඈතට දිව යන ඉතිහාසයකට උරුමකම් කියන නමුත් විධිමත් වෙළෙඳ රටාවකට රට හුරු කරවන ලද්දේ පෘතුගිසි, ලන්දේසි හා බ්‍රිතාන්‍ය වෙළෙඳ සමාගම් විසිනි. පුරාණයේ සිට ශ්‍රී ලංකාවේ මුතු මැණික් සහ අලි ඇතුන් ප්‍රධාන වෙළෙඳ භාණ්ඩ වුවද පෘතුගිසිහු හා ලන්දේසිහු කුරුඳු සහ පුවක් යන වෙළෙඳ භාණ්ඩ කෙරේ වැඩි සැලකිල්ලක් දැක්වූහ. උඩරට රාජ්‍යයේ රජවරුන් සමඟ ඇතිකරගත් ගිවිසුම් මඟින් පෘතුගිසින් මෙන්ම ලන්දේසිහු ද උඩරට රාජ්‍යයේ කුරුඳු සහ පුවක් නොකඩවා සපයා ගැනීම සහතික කර ගත්හ. නමුත් උඩරට රාජ්‍යයේ රජවරු වෙළෙඳාම දියුණු කර ගැනීම කෙරෙහි සැලකිලිමත් නොවූහ.

මම වෙළෙන්දෙක් නොවෙමියි කී උඩරට රාජ්‍යයේ දෙවන රාජසිංහ රජු, “උඩරට රාජ්‍යයේ වැසියාගේ නිවාසයන්හි තත්ත්වය දියුණු කිරීම හෝ කැලෑවල වැවෙන කුරුඳු වගාව දියුණු කිරීම හෝ මගේ අභිලාෂය නොවේ. මට උවමනා වන්නේ මේ රටින් විදේශිකයන් පන්නා දැමීමටය. එහෙයින් මා සමඟ සාකච්ඡාවට වෙළෙන්දකු නොව යුද සෙබළෙකු එවිය යුතුයි” යැයි ලන්දේසි ආණ්ඩුකාරයාට දන්වා සිටියේය. උඩරට රාජ්‍යයේ වෙළෙඳ ප්‍රතිපත්තිය එමඟින් ප්‍රත්‍යක්ෂ වේ.

එහෙත් එකී උඩරට රාජ්‍යය ද 1815 දී ඉංග්‍රිසින්ට අයත් වූ පසු ඔවුහු ලංකාවම වැවිලි වගාවට යටකොට මෙරට ආර්ථිකය සහමුලින්ම වෙනස් කළහ. පහතරට ප්‍රදේශවල බලය අල්ලාගෙන සිටි ඉංග්‍රිසින්ට අවශ්‍යව තිබුණේ උඩරට රාජ්‍යය සමඟ නිදහස් වෙළෙඳාම යන පිළිවෙත අනුගමනය කිරීමටය. එහෙත් උඩරටින් ඊට නිසි සැලකිල්ලක් දැක්වුණේ නැත. අවසානයේ උඩරට රාජ්‍යය අත්පත් කර ගැනීමේ අරමුණින් 1815 ජනවාරි 10 වැනිදා උඩරට රාජ්‍යයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමට හේතුවක් කරගත්තේ ද නිදහසේ වෙළෙඳාමේ නිරතවූ පහත රැටියක වූ කයිඅප්පු නමැති පුවක් වෙළෙන්දකුගේ කටඋත්තරයකි.

ඒ කටඋත්තරය මඟින් උඩරට රාජ්‍යය ආක්‍රමණය කිරීම සාධාරණීය කළ ආණ්ඩුකාර බ්‍රවුන්රිග්ගේ අනුප්‍රාප්තිකයෝ ක්‍රමානුකූලව ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අවශ්‍ය අන්දමට සකස් කර ගත්හ.

මේ දිනවල බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලයේ වාර්ෂික සමුළුව පැවැත්වෙන අතර බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත්ව තිබී නිදහස ලබාගත් රටවල් ද ඇතුළුව රටවල් 53 ක් එහි සාමාජිකත්වය දරති. දැන් එම රාජ්‍ය හවුලේ නායකත්වය හොබවන්නේ මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපතිවරයාය. ඉතා විශාල රාජ්‍ය හවුලක් වන බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 29,958,050 කි. ජනගහණය බිලියන 2328 කි. හයිටි රාජ්‍යය ද සාමාජිකයකු වන නමුත් එහි සාමාජිකත්වය තහනම් කර ඇත. මෙයට පෙර පකිස්ථානය ද එම ඉරණමට මුහුණ දුන් රටකි.

1949 අප්‍රේල් 28 වැනි දින ලන්ඩන් ප්‍රකාශනය මඟින් පොදු රාජ්‍ය මණ්ඩලය ස්ථාපිත වුවද එහි අතීතය 1931 වෙස්ට්මිනිස්ට්ටර් ප්‍රඥප්තිය සහ 1926 බැල්පර් ප්‍රකාශනය දක්වා ඈතට දිව යයි.

මේ රාජ්‍ය හවුල විවිධ පොදු අරමුණු රාශියකින් යුක්තය. එසේම රාජ්‍යයන් අතර අන්‍යොන්‍ය දියුණුව සඳහා පිහිටුවන ලද ආයතනයන්ගෙන් ද සමන්විතය.

එයින් එක් ආයතනයක් වන්නේ 1997 එඩින්බර්ග්හි පවත්වන ලද පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුවේදී ගත් තීරණ අනුව පිහිටුවන ලද පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික කවුන්සිලයයි. අන්‍යෙන්‍යව එකිනෙකාට උදව් උපකාර කර ගැනීම සහ වෙළෙඳාමේ ප්‍රවර්ධනයට පියවර ‍සකසා ගැනීම එහි එක් අරමුණකි.

වෙළෙඳ පොළ ආර්ථිකයක් ගොඩනඟා ගැනීම උපකාර වන අතරම අවශ්‍ය ආයෝජන සකසා දීම ද එමඟින් සිදු කැරේ. එසේම පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ එකමුතුව ආර්ථික සංවර්ධනයකදී ප්‍රයෝජනයට ගත හැකි අන්දම විදහා පෑම සහ ඊට අනුබල දීම ද තවත් කාර්යයකි. මේ හැර තවත් කාර්ය රැසකි.

පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල් අතර වෙළෙඳ කටයුතු ප්‍රවර්ධනය කළ යුතුව ඇතත් පොදු රාජ්‍ය මණ්ඩලය ඒ සඳහා ප්‍රමාණවත් සාර්ථක පියවර නොගන්නා බවට ප්‍රචාරයක් ද පවතී. මේ ප්‍රචාරයෙන් කියැවෙන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයට වඩා යුරෝපීය ආර්ථික හවුල ඉස්මතු කර සැලකීමට ඇතැම් පොදු රාජ්‍ය මණ්ඩල සාමාජිකයන් කටයුතු කරන බවකි. පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල් අතර නිදහස් වෙළෙඳාමක් තිබිය යුතු ය යන මතයක් ද දැන් පැතිර යයි.

ආර්ථික අංශයෙන් බලන කල ඒ ඒ රටවල සංවර්ධනය හා ව්‍යාපාරික කටයුතු දියුණු කර ගැනීමේදී පොදු රාජ්‍ය මණ්ඩලය ‍ක්ෂේත්‍ර ගණනාවකින් රටවලට උදව් උපකාර ගැනීමට කටයුතු සලසා තිබේ.

කෘෂිකර්මාන්තය මඟින් එක් ක්ෂේත්‍රයකි. සංචාරක කර්මාන්තය, මත්ස්‍ය නිෂ්පාදනය සහ වාණිජ කටයුතු සඳහා අවශ්‍ය පුහුණුවීම් ලබාදීම් ද, වෙ‍ළෙඳ කටයුතු සඳහා අවශ්‍ය ප්‍රදර්ශන සඳහා උපකාර කිරීම ද තවත් අංශයෝය. ඒ හැම අංශයකින්ම අවශ්‍ය සහාය ශ්‍රී ලංකාව ද ලබාගෙන ඇත.

සමාගමක් ලියාපදිංචි කිරීම ඇතැම් විට ශ්‍රී ලංකාවේ කල්යන ක්‍රියාවලියකි. සංචාරක කර්මාන්තයේ දී සමාගමක් ලියාපදිංචි කිරීමට දේශපාලනඥයන් හා නිලධාරීන් පසුපස යෑමේ සිරිතක් ලංකාවේ පවතින නිසා විදේශීය ආයෝජකයන්ට මේ රට එපා වී ඇතැයි ප්‍රකට ආයෝජකයකු කියා සිටියේ ඉකුත් සතියේය. එවැනි තත්ත්වයන් පිටුදකින පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රියාකාරිත්වය සිය සාමාජිකයන් උනන්දු කරවන්නේ හැකිතාක් කඩිනමින් සමාගමක් ආරම්භ කිරීමට රටක ආයෝජකයනට අවස්ථාව සහිත පරිසරයක් උදාකර දිය යුතු බවය.

ශ්‍රී ලංකාවේ තේ, ඇඟලුම්, ආදි නිෂ්පාදන රාශියක් මිලදී ගන්නේ පොදු රාජ්‍ය මණ්ඩල සාමාජික රටවල්ය. පසුගිය දා වාර්තාවක් ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජෝන් රන්කින් 2014 වසරේ ශ්‍රී ලංකාවේ ඇඟලුම් සහ රෙදිපිළි වෙළෙඳාමේ ලොකුම මිලදී ගන්නා බවට පත්ව ඇත්තේ මහා බ්‍රිතාන්‍යය යැයි කියා සිටියේය.

ඔහු පවසා සිටි අන්දමට යුරෝපයේ ශ්‍රී ලංකා ඇඟලුම් සඳහා ඇති ප්‍රධානතම වෙළෙඳ පොළ මහා බ්‍රිතාන්‍යයයි. 2013 වසර සමඟ සසඳා බලන කල 2014 වසරේ දී ශ්‍රී ලංකාව සහ මහා බ්‍රිතාන්‍ය අතර සිදු වූ ගනුදෙනුවල ශ්‍රී ලංකාවේ අපනයන අංශය 36% ක වර්ධනයක් ලබාගෙන ඇති බව පෙන්වා දී ඇති මහ කොමසාරිස්වරයා එහි වටිනාකම රන් පවුම් බිලියන 1.158 ක් බව ද කියා සිටියේය. මේ වන විට බ්‍රිතාන්‍ය පවුමක වටිනාකම රු. 202 - 205 අතරය.

ශ්‍රී ලංකාව විසින් 2014 දී බ්‍රිතාන්‍යයට අපනයනය කළ ඇඟලුම් හා රෙදිපිළි අංශයේ වටිනාකම බ්‍රිතාන්‍ය පවුම් දසලක්ෂ 865 කි. එය මුළු අපනයනයන්ගෙන් සියයට 74 කි.

ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතුවලට බ්‍රිතාන්‍ය සමාගම් රාශියක් දායකත්වය සපයන බව කියා සිටින මහ කොමසාරිස්වරයා ළමා සේවකයන් සේවයේ නොයෙදවීම, සේවකයන්ගෙන් බලහත්කාරයෙන් වැඩ නොගැනීම, වඩා සිත්ඇදගන්නා සේවක වටපිටාවක් සකස් කර ගැනීමට හැකියාව ලැබීම යන කරුණු නිසා ශ්‍ර ලංකාවේ කර්මාන්ත ආරම්භ කිරීමට තවත් සමාගම් ඉදිරියේදී එකතු වන බව ද කියා සිටියේය.

ඔහු විසින් ඉදිරිපත් කරන ලද සංඛ්‍යා ලේඛනවලට අනුව 2009 දී මහා බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකාවෙන් මිලදී ගත් භාණ්ඩවල වටිනාකම රන් පවුම් මිලියන 654.7 කි. එහෙත් 2014 දී එය රන් පවුම් මිලියන 1158 දක්වා ඉහළ ගියේය. පොදු රාජ්‍ය මණ්ඩලයීය සාමාජික රටවල් අතර බැඳීම හා අවබෝධය එමඟින් පැහැදිලි වන අතර කැනඩාව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, වැනි විශාල වෙළෙඳ පොළක් සහිත රටවල් රාශියක් එහි සාමාජිකයෝය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්