ඉන්දියාවට වීසා නිදහසක්

 
 

වරාය නගරය හා ගැමි දිරිය

 
 

දඹදිව හා අනුරාධපුරය අතර අසල් වැසියාගේ චාරිකාව

 
 

මීරියබැද්දේ නාය ගිය ජීවිත

 
 

අපේ කලාකරුවන් අතර මහා පුරුෂයන් නැහැ

 
 

සසර වසන තුරු ප්‍රේමය

 
 

මුල් පිටුව

 
 

ඉතිහාසය උපයෝගී කරගත්තේ වර්තමානය ගැන කියන්නයි

 
 

උපුල් නුවන් විදහා ඇය සිනාසුණා මම පිනා වුණා

 
 

නිරංගා ඇකඩමි ඔෆ් ආට්ස් ආයතනයෙන් “නීරෝගි ජීවිතයකට රෝග වැළැක්වීමේ” වැඩමුළු

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»

පොදුරද මඬුලු සැමරුම් උලෙළට ගිය ජනපතිගේ බ්‍රිතාන්‍ය සංචාරය

පොදුරද මඬුලු සැමරුම් උලෙළට ගිය ජනපතිගේ බ්‍රිතාන්‍ය සංචාරය

බ්‍රිතාන්‍යයේ එළිසබෙත් මහ රැජිනගේ ආරාධනයෙන් පොදු රාජ්‍ය මණ්ඩලයේ සැමරුම් දින උලෙළට සහභාගිවීම පිණිස පසුගියදා බ්‍රිතාන්‍යයේ සංචාරයක යෙදුණ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට රාජ්‍ය තාන්ත්‍රිකයකුට ලැබෙන ඉහළ පිළිගැනීමක් හිමි විය.

පොදු රාජ්‍ය මණ්ඩලයේ වත්මන් සභාපතිවරයා ද වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු රාජ්‍ය මණ්ඩලයේ නායිකා බ්‍රිතාන්‍යයේ එළිසබෙත් මහ රැජින බකිංහැම් මාළිගයේදී හමුවූ අවස්ථාවේදී රැජින ප්‍රකාශ කර සිටියේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ රජයට සහ නව රජය ගෙන යන වැඩපිළිවෙළට තමා තුළ පැහැදීමක් පවතින බවය.

මෙම හමුවේදී මහ රැජින ජනාධිපතිතුමාගේ ජයග්‍රහණයට සිය ශුභාශිංසන පළ කළාය.

ජනාධිපති බ්‍රිතාන්‍යයේ සංචාරයකට සහභාගි වූයේ ජයන්ති සිරිසේන මහත්මිය ද සමඟය. ජනාධිපතිතුමා සහ එම මහත්මිය වෙනුවෙන් මහ රැජින විසින් බකිංහැම් මාළිගයේදී දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්වීය.

පොදු රාජ්‍ය මණ්ඩලීය සැමරුම් උත්සවයට සහභාගිවීමට ජනාධිපතිතුමා එහි ගියේ පොදු රාජ්‍ය මණ්ඩලයේ වත්මන් සභාපතිවරයා ලෙස විශේෂ ආරාධිතයකු හැටියටයි. මේ උලෙළ මහ රැජන චාල්ස් කුමරු විලියම් කුමරු ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයන් සහභාගිත්වයෙන් මැල්බොරෝන් නුවර පිහිටි පොදු රාජ්‍ය මණ්ඩලීය මූලස්ථානයේදී පැවැත්විණ.

මේ අවස්ථාවට පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් කමලේෂ් ෂර්මා මහතා සහ 2015 පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතිවරයා ලෙස තේරී පත්වන මෝල්ටා රාජ්‍ය නායකයා ද සහභාගි වූහ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා හමුවූයේ ඔහුගේ නිල නිවසේදීය. ජනාධිපතිතුමා සහ බ්‍රිතාන්‍ය අගමැතිවරයා අතර පැවැති එම නිල හමුවේදී ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම උදෙසා අවශ්‍ය ඕනෑම ක්ෂේත්‍රයක ආධාර ශ්‍රී ලංකාවට සැපයීමට නොපැකිළිව ලබාදීමට සූදානම් යයි ඩේවිඩ් කැමරන් මහතා පවසා සිටියේය.

මෙම සාකච්ඡා‍වේදී උතුරු නැ‍ඟෙනහිර ජනතාව ඇතුළු සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ නිදහස හා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ක්‍රියාත්මක වැඩපිළිවෙළ ගැන ජනාධිපතිතුමා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට කරුණු යොමුකර සිටියේය.

උතුරේ ජනතාවගේ ඉඩම් නැවත ලබාදීමටත් ජාතීන් අතර සහජීවනය සහ සංහිඳියාව ගොඩනැඟීම උදෙසා ප්‍රතිසන්ධාන කාර්ය බළකායක් පිහිටුවීම පිළිබඳවත් මෙහි වාර්තාව ලබන ජුලි මස වන විට ලබා ගැනීමට නියමිත බව ද අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීමට කටයුතු කර ඇතැයි ද ජනාධිපතිතුමා මෙහිදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට පැහැදිලි කර දී තිබේ.

ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ යටතේ උතුරු නැ‍ඟෙනහිර පළාත්වල මේ වන විට නිර්මාණය වෙමින් පවතින යහපත් තත්ත්වය පිළිබඳව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා වෙත සතුට පළ කර සිටියේය.

බ්‍රිතාන්‍යයේ සර්ව පාක්ෂික පාර්ලිමේන්තු කණ්ඩායමේ හමුවකට ද ජනාධිපතිතුමා සහභාගි වූ අතර ලන්ඩන් නුවර වෙස්ට් මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී විශේෂ දේව මෙහෙයකට ද ජයන්ති සිරිසේන මහත්මිය සමඟ සහභාගි වූහ. මෙම දේව මෙහෙය සංවිධානය කර තිබුණේ පොදු රාජ්‍ය මණ්ඩල සැමරුම් දින උලෙළ නිමිත්තෙනි.

ලන්ඩන් නුවර බෞද්ධ විහාරස්ථානය වැඳ පුදා ගැනීමට ද එහි ගිය ජනාධිපතිතුමා විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමියන් ද බැහැදුටුවේය. මවුබිමෙන් බැහැර රටක ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය ආඩම්බරයට කරුණක් බව බෝගොඩ සීලවිමල හිමියෝ පැවැසූහ. සීලවිමල හිමියන් ප්‍රමුඛ එම විහාරස්ථානයේ වැඩ වෙසෙන මහා සංඝයා වහන්සේලා විසින් ජනාධිපතිතුමාට සෙත් පිරිත් සජ්ඣායනා කරමින් ආශිර්වාදය පැතූහ.

බ්‍රිතාන්‍යයේ ආරක්ෂක ඇමැති මයිකල් ෆැලන්ඩ් මහතා ද හමුවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එතුමා සමඟ ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීය.

තම රජය කටයුතු කරන්නේ නව සැලැස්මක් අනුව බව ද විදේශ ප්‍රතිපත්තිවලට නැවුම් මුහුණුවරක් ලබා දෙමින් කලාපයේ රටවල් සමඟ මිත්‍ර සබඳතා තහවුරු කරගැනීමට ක්‍රියා කරන බව ද ජනාධිපතිතුමා බ්‍රිතාන්‍ය ආරක්ෂක ඇමැතිවරයා සමඟ පැවැත්වූ මේ සාකච්ඡාවේදී සඳහන් කර සිටියේය.

අන්තර්ජාතික කටයුතුවලදී මෙන්ම මානව හිමිකම් කවුන්සලයේදී බ්‍රිතාන්‍යයේ සහාය ශ්‍රී ලංකාවට අවශ්‍ය බව ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක එඩි මිලිබෑන්ඩ් මහතා ද ජනාධිපතිතුමා හමුවිය. ජනාධිපතිතුමාගේ බ්‍රිතාන්‍ය චාරිකාව ද්විපාර්ශ්වීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට හේතු වන බව ද ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වර්තමාන වැඩපිළිවෙළට සුබ පතන බව ද මිලිබෑන්ඩ් මහතා කීය.

ජනාධිපතිතුමාගේ බ්‍රිතාන්‍ය සංචාරයේ තවත් විශේෂ වැදගත් අවස්ථාවක් වූයේ ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව හමුවීමය. ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ජනාධිපතිතුමාව මෙහිදී මහත් හරසරින් පිළිගන්නා ලදී. එතුමාට මෙහිදී සමරු තිළිණයක් ද පිරිනැමිණ.

ජනාධිපතිතුමාගේ බ්‍රිතාන්‍ය සංචාරයේ එතුමාට විරෝධය පළ කළ එල් ටී ටී ඊ හිතවාදීන් පිරිසක් විසින් ලන්ඩන් නුවර පවත්වන ලද විරෝධතාවයේදී එම ස්ථානයට ගිය ජනාධිපතිතුමා තම නිල රථයෙන් බැස විරෝධතාකරුවන්ට ආචාර කිරීමත් තවත් විශේෂ සිදුවීමකි.

බ්‍රිතාන්‍යයේ සංචාරයකට සහභාගිවීමට ඉකුත් 7 වැනිදා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය ජනාධිපතිතුමා සහ සිරිසේන මහත්මිය ආපසු දිවයිනට පැමිණියේ ඉකුත් බ්‍රහස්පතින්දාය. ජනාධිපතිතුමාගේ මෙම බ්‍රිතාන්‍ය සංචාරයට විදේශ ඇමැති මංගල සමරවීර, නැවත ලියාපදිංචි කිරීමේ ඇමැති ඩී. එම්. ස්වාමිනාදන්, පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි යන මහත්වරු ඇතුළු හත්දෙනකුගෙන් යුත් නියෝජිත කණ්ඩායමක් සහභාගි වූහ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්