රනිල් - සජිත් හවුල බලවත්වෙයි

 
 

රටේ ස්ථාවරභාවයට 'ෆෝබ්ස්’ සඟරාවෙන් සහතිකයක්

 
 

සරල ප්‍රශ්නයක් සංකීර්ණ කළත් අධිකරණය නොමඟ යැවීමට නොහැකියි

 
 

ගඩොල් ලක්ෂ 260 ක් බැඳ සඳ හිරු සෑය හදන හැටි මෙන්න

 
 

ශිෂ්‍යත්ව විභාග ඉහළින් සමත්වී රටෙන්ම පෙරමුණ ගත් එකම පවුලේ අක්ක - මලෝ

 
 

මුල් පිටුව

 
 

අම්මාගේ මිනිය ගෙදර තියෙද්දි මං පාසල් නාට්‍යයේ රඟපෑවා

 
 

වාල්වට්ට්‍ර වාල්ලු

 
 

ඒෂියන් එලායන්ස් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගනී

 
 

මං ආවෙ උදව් කරන්න ඒත් වැරැදි වැඩ කරද්දී මට බලන් ඉන්න බෑ

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

හොල්මන් නගරයකදී අස්සන් තැබුණු ගිවිසුම

නට්වාර් සිං ගේ දේශපාලන හෙළිදරව්ව - 8 කොටස

හොල්මන් නගරයකදී අස්සන් තැබුණු ගිවිසුම

ඉන්දියා, ශ්‍රී ලංකා දෙපාර්ශවයේ ම කැමැත්ත මත අවසානයේ සාම ගිවිසුම අස්සන් තැබීම 1987 ජූලි 29වැනිදා ට යොදා ගනු ලැබී ය. කොළඹ ගමනට සහභාගී වන දූත පිරිස නම් කෙරිණි. එවකට ඉන්දීය විදේශ අමාත්‍ය ධූරය හෙබවූ නට්වාර් සිං ද ඒ අතර විය. තමා ගමනට සහභාගී වීම නියත වූ පසු අගමැති රජීව් හමු වූ නට්වාර් සිං පැවසුවේ මේ ගමනට සහභාගී වන දූත පිරිස අතරට අනිවාර්යයෙන් ම තවත් ජ්‍යෙෂ්ඨ කැබිනට් ඇමැතිවරු දෙදෙනකු ඇතුළත් විය යුතු බවයි.

ඒ ගිවිසුම සම්බන්ධ කටයුතු වැඩිප්‍රමාණයකට කර දුන් පී.වී. නරසිංහ රාඹ් සහ තවත් ජ්‍යේෂඨ ඇමැතිවරයකු වූ එන්.ඩී. තිවාරි යන දෙදෙනායි. අවසානයේ රජීව් මේ අතරින් නරසිංහ රාඹ් පමණක් දූත පිරිසට එක් කර ගත් අතර ඒවෙනුවට තමිල් නාඩු ප්‍රාන්ත ආණ්ඩුවේ ඇමැතිවරුන් රාශියක් නම් දූත පිරිසට ඇතුළත් ව තිබිණි.

ජූලි 29වැනිදා උදෑසන 10 වන විට ඉන්දීය දූත පිරිස කටුනායක ගුවන් තොටුපොළට ළඟා වූහ. එහිදී අගමැතිවරයා පිළිගැනිමට පැමිණ සිටියේ ජනාධිපති ජයවර්ධන‍ගේ පාර්ලිමේන්තුවේ අමාත්‍යවරයෙකි. ඔහු රජීව් ඇතුළු පිරිසට පැවසූවේ මේ මොහොතේ දී මෝටර් රථ මගින් කොළඹ නගරයට ඇතුළු වීම කළ නොහැකි බවයි.

එයට හේතුව වූයේ ගිවිසුම අස්සන් කිරීමට විරෝධය දක්වමින් මහ පිරිස් කොළඹ නගරයේ මාර්ගවලට පැමිණ විරෝධතාවල නිරත වීමයි. මේ හේතුවෙන් මාර්ගවල රථ වාහන ගමනාගමනය අඩපණ වී තිබිණී.

අවසානයේ රජීව් ගාන්ධි ඇතුළු ඉන්දීය දූත පිරිස කොළඹ නගරයට ගෙන එනු ලැබුවේ හෙළිකොප්ටර් යානා මගිනි. නට්වාර් සිං පවසන්නේ ඒ මොහොතේ ඔහුට කොළඹ නගරය දක්නට ලැබුණේ හොල්මන් නගරයක් විලසින් බවයි.

නගරය පුරා උද්ඝෝෂණ පැවැත්වෙමින් තිබුණු අතර තැනින් ගැන ගිනිතැබීම් ද සිදුව තිබෙණු ඉන්දීය දුත පිරිසට දක්නට ලැබුණි. නට්වාර් සිං සඳහන් කරන්නේ උද්ඝෝෂකයෝ ජනා‍ධිපති ජයවර්ධනගේ දේපළවලට පවා ගිනි තබා තිබූ බව තමන්ට දැන ගන්න‍ට ලැබුණු බවයි.

ඉන්දීය අගමැතිධූරය හෙබවීම ඇරඹූ පසු රජීව් ගාන්ධි විදෙස් රටකට ගිය සෑම මොහොතකම මහා ජනකායක් විසින් ඉමහත් ආදරයෙන් පිළිගනු ලැබීම සාමාන්‍ය දෙයක් වූ නමුත් මෙවර ශ්‍රී ලංකාවේදී නම් එම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වූ බවද නට්වාර් සිං සඳහන් කරයි.

කොළඹට පැමිණී රජීව් පිළිගණු ලැබුවේ නිහඩතාව සහ අසහනය පිරී ගිය වාතාවරණයක් මධ්‍යයේ ය. එපමණක් ද නොව ඉන්දීය අගමැතිවරයාගේ සම්ප්‍රාප්ති උත්සවයට පැමිණීමට නියමිතව සිටි ශ්‍රී ලංකා රජයේ උසස් නිලධාරීන් පවා උත්සවය වර්ජනය කර තිබෙනු ඉන්දීය දූත පිරිසට දක්නට ලැබිණි.

කොළඹට පැමිණී දූත පිරිස ජනාධිපති මන්දිරයට කැඳවනු ලැබූ අතර එහිදී එකඟතා කිහිපයකට අස්සන් තැබීමට නියමිත ව තිබිණි. නට්වාර් සිං පවසන්නේ මේ අවස්ථාවට සහභාගී වීම ද ශ්‍රී ලංකා රජයේ ප්‍රබලයන් කිහිපදෙනෙක් විසින් ප්‍රතික්ෂේප කර තිබුණු බවයි.

ඒ අතරට අගමැති ප්‍රේමදාස, අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මෙන්ම සිරිමාවෝ බණ්ඩාරනායක ද විය‍. නට්වාර් සිං පවසන්නේ ජනාධිපතිවරයා විසින් ප්‍රදානය කළ දිවා ආහාරයට සහභාගි වූ පිරිස ආතතියෙන් යුක්ත ව සිටි බවත් එකිනෙකා සමග කතාබහ කළේ ද එම වාතාවරණය මධ්‍යයේ ම බවයි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පසුකාලීනව ගැටලු රැසක් ඇති වීමට හේතුව වූ ඉන්දු ලංකා සාම ගිවිසුම අස්සන් තැබුණේ එදිනම සවස තුනට ය. ගිවිසුමට අස්සන් කරනු ලැබුවේ ශ්‍රී ලංකා ජනාධිපති ජයවර්ධන සහ ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි විසිනි. ඒ සමගම ජනාධිපති ජයවර්ධන ඉන්දීය දුත පිරිස සහ ශ්‍රී ලාංකික ප්‍රභූවරුන් අතර සුහද හමුවක් සංවිධානය කර තිබිණි.

නට්වාර් සිං පවසන්නේ තමා සහ නරසිංහ රාඕ මේ අවස්ථාවට සහභාගී වූ ශ්‍රී ලාංකික අමාත්‍යවරුන් සමග කතාබහේ යෙදෙමින් සිටි බවයි. එවිට රජීව්, ජයවර්ධන සහ තවත් කිහිපදෙනෙක් කිසියම් බැරූරෑම් සාකච්ඡාවක නිරත වී සිටින අන්දම දුටු බවත් ඒ සාකච්ඡාව කිනම් කරුණක් මුල් කරගෙන සිදු වන්නේ ද යන්න සොයා බලන ලෙස නරසිංහ රාඕ තමාට පැවසූ බවත් ය.

පසුව මේ සම්බන්ධව රජීව් ගෙන් විමසන නට්වාර් සිං ට ලැබෙන පිළිතුර වන්නේ දිවයිනේ උතුරු ප්‍රදේශයේ නීතිය හා සාමය ආරක්ෂා කර ගැනීමට සහයෝගය දැක්වීම සඳහා ඉන්දීය හමුදාවේ සාමාජිකයන් කොටසක් ලංකාවට එවන මෙන් ජයවර්ධන ජනාධිපතිවරයා තමාගෙන් ඉල්ලා සිටි බවයි. හැකියාවක් තිබේ නම් අද දිනය ඉක්ම යාමට පෙර මේ පිරිස ලංකාවට එවන ලෙස ජනාධිපතිවරයා තමාගෙන් ඉල්ලූ බවද රජීව් ගාන්ධි නට්වාර් සිං ට පවසා සිටියේ ය.

මේ ඇසූ වහාම නට්වාර් සිං පවසා ඇත්තේ තමාට එක්වරම ඊට කිසිවක් පැවසිය නොහැකි බවත් දිල්ලියේ සිටින තම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ගෙන් ද විමසා පිළිතුරක් ලබා දෙන බවත් ජයවර්ධන ජනාධිපතිවරයාට පවසන ලෙසයි.

එහෙත් නට්වාර් සිං පුදුමයට පත් කරමින් රජීව් පවසන්නේ තමා ඒ මොහොතේම එම ඉල්ලීමට එකඟ වූ බවත් මේ වන විටත් ඉන්දීය හමුදා ඛණ්ඩයකට ශ්‍රී ලංකාවට එන මෙන් නියෝග ද ලබා දී අවසන් බවයි. නට්වාර් සිං තවදුරටත් පුදුමයෙන් පුදුමයට පත් කරමින් රජීව් ගාන්ධි පවසන්නේ ඒ අනුව අද රාත්‍රියේ දී ගුවන් මගින් ඉන්දීය හමුදා භටයන් කොළඹට පැමිණෙනු ඇති බවයි.

පසුව තමාට දැනගන්නට ලැබුණු මේ තොරතුරු නරසිංහ රාඕ සමග පැවසූ විට ඔහු පුදුමයටත් කනගාටුවටත් පත් වූ බව නට්වාර් සිං තම චරිතාපදානයේ සඳහන් කර තිබේ. එසේ වුවද නරසිංහ රාඕ තම අසතුට කිසි ලෙසකින් අගමැතිවරයාට දැන ගැනීමට ඉඩ සලසා නැත.

නරසිංහ රාඕ යනු ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ ප්‍රභලතම චරිතයක් වූ අතර රජීව් ගාන්ධිගෙන් පසු එම පක්ෂයේ නායකත්වයටත් ඉන් පසුව ඉන්දියාවේ අගමැති ධූරයටත් පත් වූ ඔහු ඉතා විචක්ෂණශීලී මෙන්ම පරිණත දේශපාලනඥයකු ලෙස අදටත් ප්‍රසිද්ධියක් උසුලන්නේ ය.

නට්වාර් සිං පවසන්නේ මේ අන්දමින් නොවැළැක්විය හැකි ලෙස ශ්‍රී ලංකාවේ ජාතිවාදී අර්බුදය තුළට ඉන්දියාව බලෙන් උරා ගනු ලැබූ බවයි.

' එක් ජීවිතය කාලයක් ප්‍රමාණවත් නොවේ' යනුවෙන් වන නට්වාර් සිං ගේ චරිතාපදානයේ ඔහු 1987 ජූලි 30 වැනිදාව සඳහන් කරන්නේ ' අඳුරු දිනයක් ' ලෙසිනි. එදින රජීව් ආරක්ෂක අංශ විසින් ඔහු වෙත පුද දෙනු ලැබූ උත්තමාචාර පෙළපාලිය නිරීක්ෂණය කරමින් සිටිය දී නාවිකයකු වූ විජිත රෝහණ විජේමුණි තම රයිෆල් බඳෙන් එල්ල කළ ප්‍රහාරයකට ලක් වන්නේ ය.

නට්වාර් සිං පවසන්නේ පහර එල්ලවත්ම රජීව් දැක්වූ නිරායාස ප්‍රතිචාර හේතුවෙන් ඔහු දරුණු තුවාළ ලැබීමෙන් වැළකුණු බවයි. පහර එල්ල වන බව යන්තමින් දුටු රජීව් නිරාසයෙන්ම තම සිරුර විරුද්ධ පැත්තට හැරවූයේ ය.

ඒ ප්‍රතිචාරය හේතුවෙන් ඔහුට එල්ල කළ පහර නිසි ලෙස නොවැදුණු බව නට්වාර් සිං ගේ අදහසයි. කෙසේ වුවද ඔහු වැඩිදුරටත් පවසන්නේ ‍ගිවිසුම අස්සන් කිරීමේ දී සිදු වූ මේ සියල්ල අනාගත ව්‍යසනයක පෙර නිමිති ලෙස තමන් දුටු බවයි.

මෙලෙසින් ගිවිසුමට අස්සන් තබා එම හදිසි කියාදාමය අවසන් කළද ඉන්පසු උදා වූ මාස කිහිපය ද ඉන්දියාවට සැනසිලි දායක කාලයක් වූයේ නැත. මේ කාලයේ දී යාපනයට ඉන්දීය සාම සාධක හමුදාව යවනු ලැබූ අතර එහි පැවති ත්‍රස්තවාදී ක්‍රියා මර්දනය කිරීම ඔවුන්ගේ වගකීම විය. ඉන්දීය හමුදාවේ මාණ්ඩලික ප්‍රධානීවරයා පුරසාරම් කියා ඇත්තේ තමා යාපනයේ ත්‍රස්තවාදීන් සති දෙකෙන් මට්ටුකරන බවයි. කෙසේ වෙතත් මෙය පුරසාරමක් පමණක්ම වූ අතර නට්වාර් සිං පෙන්වා දෙන්නේ යාපනයේ භූ විෂමතාව සහ සමාජීයීය පසුබිම ගැන නිසි දැනුමකින් තොර වූ ඉන්දීය හමුදාව ත්‍රස්තවාදීන් හමුවේ අසරණ වූ බවයි.

 

ලබන සතියේ ප්‍රභාකරන්ගේ ගැටයට හසුවුණූ රජීව් දේශපාලන ජීවිතය විනාශ කර ගනී

 


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්