රනිල් - සජිත් හවුල බලවත්වෙයි

 
 

රටේ ස්ථාවරභාවයට 'ෆෝබ්ස්’ සඟරාවෙන් සහතිකයක්

 
 

සරල ප්‍රශ්නයක් සංකීර්ණ කළත් අධිකරණය නොමඟ යැවීමට නොහැකියි

 
 

ගඩොල් ලක්ෂ 260 ක් බැඳ සඳ හිරු සෑය හදන හැටි මෙන්න

 
 

ශිෂ්‍යත්ව විභාග ඉහළින් සමත්වී රටෙන්ම පෙරමුණ ගත් එකම පවුලේ අක්ක - මලෝ

 
 

මුල් පිටුව

 
 

අම්මාගේ මිනිය ගෙදර තියෙද්දි මං පාසල් නාට්‍යයේ රඟපෑවා

 
 

වාල්වට්ට්‍ර වාල්ලු

 
 

ඒෂියන් එලායන්ස් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගනී

 
 

මං ආවෙ උදව් කරන්න ඒත් වැරැදි වැඩ කරද්දී මට බලන් ඉන්න බෑ

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

අවස්ථාවක් නොලැබෙන ලංකාවේ ක්‍රිකට් දක්ෂයෝ

ශ්‍රී ලංකා ක්‍රිකට් දක්ෂතා නිසා

අවස්ථාවක් නොලැබෙන ලංකාවේ ක්‍රිකට් දක්ෂයෝ

ඉකුත් වසර ගණනාවම ලෝක කුසලාන ක්‍රිකට් තරග වලදී ශ්‍රී ලංකාව අවසන් තරගයට පිවිසෙනු දක්නට ලැබිණ.එය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ශක්තිය ලොවට කියා පෑමක් වුව මේ නිසාම ක්‍රිකට් ලොවේ විශාල හැකියාවක් ඇති ලාංකිකයන් තිදෙනෙකුට ඉන් තමන්ට හිමි විය යුතු අවස්ථාව අහිමි වී යන ආකාරය දක්නට ලැබිණ.ලාංකිකයන් වශයෙන් මෙන්ම රටට ඉමහත් කීර්තියක් ගෙනා ක්‍රිකට් ක්‍රීඩකයන් වශයෙන්ද,තමන්ට නොලැබෙන අවස්ථාවට වඩා කණ්ඩායම සූරතාවය සදහා තරග වැදීම ගැන ඔවුන් ද හදවතින්ම සතුටු වන බව සත්‍යය වුව ජගත් ක්‍රිකට් කරළියේ ලංකාවට විශාල ආඩම්බරයක් වී ඇති මේ තිදෙනා පිළිබදව සටහනක් තැබීම අපි යුතුකමක් කොට සිතුවෙමු.

මේ අතරින් ජගත් ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාවෙ වැඩියෙන්ම ගරු සැළකිලි ලබන පුද්ගලයෙක් ලෙස අවිවාදිත රන්ජන් මඩුගල්ලේට හිමි වන්නේ විශේෂ තැනකි.කලෙක පටන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරක ප්‍රධානියා වශයෙන් කටයුතු කරන මඩුගල්ලේ එම තනතුරට තේරී පත් වන්නේ 1993 දී ය.

1996 ශ්‍රී ලංකාව ලෝක කුසලාන අවසන් තරගයට පිවිසීමෙන් පසුව 1999 දී අවසන් තරගයේ තීරකයා වශයෙන් අවස්ථාව නොලැබෙන මඩුගල්ලට,1999 සහ 2003 වර්ෂ වල ශ්‍රී ලංකාව සහභාගි නොවන අවසන් තරග දෙකේම තරග තීරක ලෙස කටයුතු කිරීම පැවරෙන්නේය.

එමෙන්ම 2007 වර්ෂයේ ඇරඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලි පහක් මේ දක්වා පවත්වා ඇති අතර එහදී තෙවතාවක්ම අවසන් තරගයට ප්‍රවේශ වීමට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ඇත.එසේ අවස්ථාව නොලැබි 2007 සහ 2010 වර්ෂ වලදී අවසන් තරගයන් හී තරග තීරක ලෙස කටයුතු කරන්නට අවස්ථාව හිමි වූයේ මඩුගල්ලටය.

ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු ටෙස්ට් තරගයේ ප්‍රථම ඉණිමේදීම අර්ධ ශතකයක් රැස් කළ මඩුගල්ල,එම ඉණිමේ ශ්‍රී ලංකා පිතිකරුවෙක් ලැබූ වැඩිම ලකුණු ප්‍රමාණයේ (65) හිමිකරු ද විය.ටෙස්ට් තරග 21 දී හ්‍රී ලංකාව නියෝජනය කර ඇති මඩුගල්ල එක්දින තරග 63 දී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත.

එක් ටෙස්ට් ශතකයකට හිමිකම් කියන මඩුගල්ලේ,ශ්‍රී ලංකා කණ්ඩායම දුර්වල අවස්ථාවක නායකත්වයට පත් වූ අතර එහිදී ජයග්‍රහණය නොලද්දේ වුව ද,තමාට ලැබුණු කණ්ඩායමේ හැකියාවන් හා සසදා ඔහුගේ නායකත්වය ඉහළින් වර්ණා කරන්නට ජාත්‍යන්තර ක්‍රිකට් ප්‍රවීනයෝ නොපැකිළිව ඉදිරිපත් වූහ.

ක්‍රීඩක අවධියේ සිටම ප්‍රතිවාදීන්ගේ නොමද සෙනෙහසට සහ ගෞරවයට පත් වූ ක්‍රීඩකයෙක් වු මඩුගල්ලේ සුනිල් ගවස්කාර් විසින් හදුන්වා දුන්නේ,සිය හොදම මිතුරා ලෙසය.එසේම මියන්ඩාඩ් වැනි ක්‍රීඩකයන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් වලදි මඩුගල්ලේට සිය වචනවලින් ඔහුව මෙල්ල කරන්නට හැකි වීම ද,ක්‍රීඩක අවධියේදී ද ඔහුට ක්‍රිකට් ලෝකයේ තිබුණ පිළිගැනීම පැහැදිළි කරන්නක් විය.හෙතෙම මහනුවර ත්‍රිත්ව සහ කොළඹ රාජකීය යන විදුහල් වලින් ලාංකේය ක්‍රිකට් පිටියට ලැබුණු ඉස්තරම්ම දායාදයකි.

මඩුගල්ල මෙන්ම අසාර්ථක ක්‍රිකට් කණ්ඩායමක් සමග නායකත්වයට හිමිකම් කී ක්‍රීඩකයෙක් වූ රොෂාන් මහානාම ද,නායකයෙක් ලෙස පරාජය අත් වින්ද ද,ශ්‍රී ලංකාව නියෝජනය කළ හොදම නායකයෙක් ලෙස තමන්ට ලැබුණු සුළු අවස්ථාවෙන් ලෝකයට සනාත කරන්නට සමත් වූ ක්‍රීඩකයෙකි.

පසුගියදා සිය තරග තීරක දිවියේ 200 වන තරගය ද සම්පූර්ණ කළ මහානාම,1999 දී ක්‍රීඩක දිවියට සමුදීමෙන් පසුව 2004 දී තරග තීරකයෙක් ලෙස පත් වන්නේය.තරග තීරකයෙක් ලෙස ජනප්‍රිය පුද්ගලයෙක් ලෙස ඉතා කෙටි කලකින්ක්‍රිකට් ලෝකයේ අවධානය දිනා ගන්නා මහානාම ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 52 දී සහ එක්දන තරග 213 දි ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයෙක් විය.

ඔහු ලොව සිටි අති විශිෂ්ඨතම පන්දු රකින්නා ලෙස ඕනෑම මොහොතක හැදින්විය හැකි ක්‍රීඩකයෙක් වන අතර එම කිරුළට සමීපතම පුද්ගලයා වන ජොන්ටි රෝඩ්ස් පවා මහානාම ගේ පන්දු රැකීම වර්ණා කළේ පිටියේ ඕනෑම තැනෙක පන්දු රැකීමට ඔහුට ඇති හැකියාව තමන්ට නොමැති බව කියමින්ය.

සනත් ජයසූරිය සමග දෙවන කඩුල්ලට ලකුණු 576 ක් එක් කරමින් ඉන්දියාවට එරෙහිව මහානාම තැබූ සම්බන්ධතාවය එකල ඕනෑම කඩුල්ලකට තැබූ හොදම සම්බන්ධතාවය ලෙස ඉතිහාසයට එක් වු අතර අද ද,එම සම්බන්ධතාවය දෙවන කඩුල්ල සදහා වන හොදම සම්බන්ධතාවය වන්නේය.

එය ඕනෑම කඩුල්ලක් සදහා වන සම්බන්ධතා අතරින් දෙවන වන්නේ,මහේල ජයවර්ධන (374) සහ කුමාර් සංගක්කාර (287) එක්ව තෙන කඩුල්ලට රැස් කළ ලකුණු 624 ක සම්බන්ධතාවයට පමණි.

වේදනාත්මක සමුගැනීම නම් පොතෙන් සිය ක්‍රිකට් ජීවිතය ගැන මහානාම කළ හෙළිදරව් ක්‍රිකට් ලෝකය පුරාම දැඩි කතාබහට ලක් වූ අතර ඒ හරහා පැහැදිළි වූ ඔහුගේ ක්‍රිකට් ජීවිතය තුළින් විද්‍යාමාන වූ ‘නොපසුබස්නා වීර්යය’ අතිශයින් ප්‍රශංසාවට ලක් විය යුතු ආදර්ශමත් කාරණාවක්ය.

මේ සියළු කරුණු ද සමග ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස ලෝකයේ ගෞරවයට පත් වූ මහානාම අද ලොව සිටින හොදම තරග තීරකවරයෙක් ලෙස ද,ගෞරවයට පත් වී තිබුණත්,ඔහුට එක්දින හෝ විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් තරගයක තීරක වන්නට තවමත් අවස්ථාවක් හිමි වී නැත්තේ,ශ්‍රී ලංකා කණ්ඩායම නිරන්තරයෙන් අවසාන තරගය සදහා පැමිණිම හේතුවෙන්ය.

මහානාම ‍මෙන්ම කොළඹ නාලන්දාවෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වූ කුමාර ධර්මසේන 2012 වර්ෂයේ ලොව හොදම ක්‍රිකට් විනිසුරු ලෙස අයිසීසී ක්‍රිකට් සම්මාන උළෙලේදී ගෞරවයට පාත්‍ර විය.මහානාම මෙන්ම 1996 දී ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙක් වූ ධර්මසේන,ක්‍රීඩාවේදී දැක් වූ පහසුවෙන් පසු නොබසින මානසිකත්වය නිසාම පිටියේ කැපී පෙණුන ක්‍රීඩකයෙක් වූ අතර,ඔහු ක්‍රීඩා ලෝලීන්ගේ ආදරයට සහ ගෞරවයට පාත්‍ර වූයේ ‘උනන්දුවා’ ලෙස ය.

ටෙස්ට් තරග 31 දී සහ එක්දින තරග 141 දී ශ්‍රී ලංකාව නියෝජනය කළ කුමාර ධර්මසේන තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක් වූ ක්‍රීඩකයෙකි.ක්‍රීඩකයෙක් ලෙසම විනිසුරුවෙක් ලෙස ද,ඉතා උනන්දුවෙන් සිය දියුණුව සොයා ගිය ධර්මසේන 2009 දී අන්තර් ජාතික ක්‍රිකට් විනිසුරු දිවිය ඇරඹූ අතර, 2011 දී ජගත් ක්‍රිකට් විනිසුරු මඩුල්ලට තේරි පත් විය.

ඔහුගේ හැකියාව සහ උනන්දුව මොනවට කියා පාමින් 2012 දීම ලොව හොදම ක්‍රිකට් විනිසුරු වූ ධර්මසේන,ලෝක කුසලාන අවසාන තරගයකට ශ්‍රී ලංකාව නොපිවිසෙන්නේ නම්,නිරන්තරයෙන්ම එහි අවසාන තරගයේ විනිසුරුවෙක් වන තරමට විනිසුරුවන් අතර ප්‍රසාදය හා කීර්තිය දිනා සිටින අයෙකි.

සාර්ථකත්වය පහසුවෙන් ගිලිහී යන්නට හෝ උදුරා ගන්නට ඉඩ නොදෙන්නෙක් ලෙස ක්‍රිකට් ලෝකය පුරා ප්‍රචලිත ධර්මසේන ක්‍රීඩකයෙක් ලෙස මෙන්ම විනිසුරුවෙක් ලෙස ද එය මොනවට ඔප්පු කළ අයෙක් වන අතර,එම භූමිකා දෙකෙන්ම ශ්‍රී ලංකාව ගෞරවණීය තැනෙකට ඔසවා තබන්නට සමත් වූ සාඩම්බර චරිතයකි.

කෙසේ හෝ මේ වන විට ක්‍රීඩකයන් දක්වන අදහස් වලින් ද පැහැදිළි වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය,ක්‍රීඩකයන් සූදානමින් නොසිටි අවස්ථාවක ඉන්දියාව සමග වන තරගාවලියකට ශ්‍රී ලංකා කණ්ඩායම තල්ලු කර දමා ඇත.

ලෝක කුසලානය පෙනී පෙනී මේ කර දේ පිළිබදව දැඩි විවේචන එල්ල වන අතර එය ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවේ දක්ෂතා වලට බලපෑමක් කරනු ඇති බවට ද මත පළ වෙමින් ඇත.එසේ වුවහොත් ලෝක කුසලාන අවසාන තරගයේදී ලෝක කසලානය වෙනුවෙන් තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායමක් වෙනුවට,මේ තිදෙනාගෙන් දෙදෙනෙක් අවසාන තරගයේ විනිශ්චයට සහ තීරක තනතුරට පත් වෙමින් සුළුවෙන් හෝ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගෞරවය රැක දෙන්නට ඉදිරිපත් වෙනු සැක නැත.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්