කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»


පොත් පුවත්

 

 

 

අඟුරු හතු

කර්තෘ - පොල්ගස් වත්තේ ධම්මානන්ද හිමි
මිල - රු. 500
ප්‍රකාශනය - ඇස් ගොඩගේ සහ සහෝදරයෝ

සිය නිවසේ අඟහිඟකම් අඩදබර මෙන් ම සිය මව විඳින අන්ත දුක් පීඩා නිමා කරන්නට අඟුරු හතු නමින් ඔහු අසා ඇති වාසනාව සොයා මහා වනාන්තරයේ හුදකලාවන මහතුන් නම් කුඩා දරුවෙකු වටා මේ කතාව ගෙතී ඇත. මවු සෙනෙහස පිළිබඳ අපූරු අත්දැකීමක් පාඨකයාට ලබා දෙන නවකතාවකි.\

තුන්පෙති හතරපස් පෙති

කතුවරු - ආරියවංශ රණවීර
නන්දන වීරසිංහ
මිල - රු. 500
ප්‍රකාශනය - ඇම්. ඩී. ගුණසේන සමාගම

කවිය කවියෙන් ම දකින දිවයිනේ ප්‍රවීණතම කවීන් දෙදෙනෙකුගේ සංක්ෂිප්ත කාව්‍ය ගණයට අයත් කෘතියකි. කවීන් දෙදෙනාගේ ම බසින් කියතොත් මෙය අනවශ්‍ය අලංකාර බොරු වලින් ඉවත්වී ආදිතම නිරාකූල, සරල එහෙත් අරුත්බර උපශාන්ත කවි මඟ සොයා යාමට ගත් ප්‍රයත්නයකි. සිංහල කවි මඟට නව එළියක් ගෙනෙන කාව්‍ය නිර්මාණ ග්‍රන්ථයකි.

පොළොන්නරුවේ පොත්ගුල් විහාරය, ප්‍රතිමාව සහ නිශ්ශංකමල්ලගේ කාලිංග රාජ්‍ය

මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ ප්‍රාචීන පුස්තකාලයේ නිමේෂ තිවංකර සෙනෙවිපාල ලියූ ශාස්ත්‍රීය පර්යේෂණ කෘතිය මගින් පොළොන්නරු යුගය හා එහි පිහිටා තිබෙන පළමුවැනි පරාක්‍රමබාහු රජුගේ යැයි ඇතමුන් මත පළ කරන ප්‍රතිමාව පිළිබඳව වෙනස් මතයක් මෙම කෘතියෙන් ඉදිරිපත් කර ඇත.

තිලකසිරි සිංහබාහු ලියූ යුගාන්තරණය

හොරණ ප්‍රාදේශීය ඉංජිනේරු තිලකසිරි සිංහබාහු ලියූ “යුගාන්තරණය” කාව්‍ය සංග්‍රහය ඉකුත් 31 වෙනිදා කොළඹ 07, මහවැලි කේන්ද්‍රයේ ගාමිණි දිසානායක ශ්‍රවණාගාරයේදී එළිදක්වනු ලැබීය.

විවිධ වෘත්තිකයන් අතර සාහිත්‍ය රසකාමීන් හා නිර්මාණ ගුණයෙන් පිරිපුන් පුද්ගලයන් සිටින බවට මෙම කෘතිය සාක්ෂියකි.

අතීත සිංහල හෙළ දීපය හා පුරාණ ලෝකය

කර්තෘ - පී.එස්.ටී. චූලවංශ
මිල - රු. 550
ප්‍රකාශනය - සමන්තී පොත් ප්‍රකාශකයෝ

මෙය රාවණා රාජ්‍ය යුගයේ සිට මෙරට ඉතිහාසය පිළිබඳව තොරතුරු රැසක් හෙළි කරන කෘතියකි. කතුවරයා පවසන්නේ සිංහලයාගේ ඉතිහාසය පිළිබඳව පවතින වැරදි මතවාද රැසක් සිය කෘතියෙන් සාක්ෂි සමඟ නිවැරැදි කරන බවය. මෙරට ඉතිහාසයේ ඒ ඒ යුගයන්ට සාපේක්ෂව ලෝකයේ විවිධ ප්‍රදේශවල පැවති ශිෂ්ටාචාර පිළිබඳව ද මෙහිදී කරුණු දක්වා තිබේ.

බණ ගෙට බණ කතා

විශ්‍රාම ලත් විදුහල්පති ඩී.එම්.එල්. දිසානායක මහතාගේ කෘතියකි. මෙහි අඩංගු වන්නේ බොහෝ දෙනෙක් දන්නා ප්‍රසිද්ධ බණ කතාය. එහෙත් කතුවරයා එම සෑම කතාවක් ම අවසානයේ එහි හරය පිළිබඳව නිගමන ලබාදී ඇත. එසේම මේ ගැනත් හිතන්න හා මේ ටිකත් කියවන්න යනුවෙන් දක්වා ඇති කොටස් මගින් පාඨකයාට තවදුරටත් සිතන්නට පොලඹවා ඇත.

ග්‍රීක පුරාණෝක්ති

කර්තෘ - හේමරත්න ලියනආරච්චි
මිල - රු. 590
ප්‍රකාශනය - විසිදුනු ප්‍රකාශකයෝ

ග්‍රීක පුරාණෝක්ති විටෙක ප්‍රබන්ධයන්ට ද වඩා රසවත්ය. මිනිස් පරිකල්පනයේ විශිෂ්ටතා සේම අඳුරු අගාධාදියද ඒ මඟින් ප්‍රකට කෙරේ. ග්‍රීක සභ්‍යත්වය පිළිබඳ විශිෂ්ට පර්යේෂකයෙකු වූ හේමරත්න ලියනාරච්චි අපේ සිංහල පාඨකයන් හට පිදෙන මේ ග්‍රීක පුරාණෝක්ති සාර සංග්‍රහය රසයෙන් ද දැනුමෙන් ද පිරි ග්‍රන්ථයකි.

පුංචි සටනක්

කර්තෘ - හේමචන්ද්‍රිකා ලියනගේ
මිල - රු. 240
ප්‍රකාශනය - විසිදුනු ප්‍රකාශකයෝ

මෙම කෘතිය කිසිදු චකිතයකින් තො‍රව ස්වාධීනව පොත පත කියැවීම අරඹන, යොවුන් වියට පා නඟන දූ දරුවන් අතට පත් කළ හැකිය. මෙහි විශේෂත්වය වන‍්නේ බොහෝ යොවුන් කෘතීන්හි මෙන් යෞවනයන් හා වැඩිහිටියන් අතර ගැටුම් අවස්ථා නොමැත. මෙහි යෞවනයන් වැඩිහිටියන් සමඟ සිටින අතරේදීම තමන්ව නොතකා හැරීමට එරෙහිවත් සිය ස්වාධීනත්වයත් වෙනුවෙන් අරගල කරති.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්