කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»


කව් සිළුමිණ

නොවඩිනු මැන

සටහන : සිදුහත් උපත හා සම්බන්ධ ‘මායා සිහිනය යසෝදරාවතේ පටන් බොහෝ කවීන්ට කවි නිමිති සැපයීය. අද එයට තව තවත් අරුත් එක්වෙමින් තිබේ. ඒ ඇත් පැටවුන් විකිණීමේ ජාවාරම නිසාවෙනි. සුදත් නවීන්ද්‍ර, එදා සහ අද සමපාත කරමින් උත්ප්‍රාසවත් ගුණ පෙරදැරිව මේ රචනය ගොඩ නඟන්නට උත්සාහ දරයි. ව්‍යවහාර භාෂාවේ යෙදුම් මඟින් නොව කාව්‍යෝක්තීන්ගෙන් ම අරුත තීව්‍ර කරන්නට උත්සහ දැරී නම් වඩාත් සරු විය හැකිව තිබිණි.

මායා සිහිනයට
සුදු නෙළුම ගෙන සොඬගට
තුසිත පුරවර සිට
වඩින සුදු ඇත් පුත

ටීටර් නටන්නට
පෙරහැර කරන්නට
ගජ යානෙන් වඩින්නට
පරපුර බබළවන්නට

පැටියෙකු උවමනා
කී රහස ඉගිළුණා
නුඹ එන බව අසා
අලි පොත ද සැඟැවුණා

බල පුළුවන්කමට
නිලමෙට හතරවරිගෙට
ලයිසමකි අත යට
දළපොඩි අත ගාන්නට

රටකිරි ලැබේවී
පලතුරු කිසට දේවී
වතින් සරසාවී
බන්දනේ මතුරාවී

සුදුමල වැටේවී
ඇත් වෙළුමෙන් බැ‍ඳේවී
දෙවියොත් හැරේවී
මැතිඳුට සින්න වේවී...!

බි‍ඳෙන රළ

රළ බිඳි බිඳි යයි
කාටත් නොදැනම
කිරි පාටට

විසිහතර පැයේ
කොයි සිට එන්නෙද
විමසා බැලුවෙද
දැනුමැත්තෙක්
කිසි තැනෙක නොවේ

පයින් ගසා
නවතන්නට හැකිවෙද
රළ නොහඬයි
කිසිවෙකුට බියේ

රළ කලබල නැත
සසළව ඇවිදියි
සසර පුරාවට
මුහුදු දියේ

ඇදුරිඳු විමල්

අංජන දෙනෙත් දල්වා
හද වීණාව හඬවා
කුසලතා කොඳ මල්
පුබුදන දෙසුම් දෙසුවා
සසිරිබර සිරිලක
සතර විල තුළ සුපිපුණ
සුවිමල වූ පියුමක්
දෙස් විදෙස් සිප් සුවඳ බෙදුවා

සමනලයා හා නුඹ

දුකින් පීඩිතව
වෙර දරයි - දිවි රැක ගැනුමට
සමනල පැට්ටෙක්
මකුලු දැලෙන් නික්ම යාමට...

සුපසන් ප්‍රේමයක
නැවුම් රස පතා
පැටලි පැටලී... නුඹ
වියන් බඳී - සෙනෙහස
මහද කුටියේ
දුර ගමනක් යාමට....

විවාහ සංවත්සරය...

චමත්කාරවූ වසන්ත සමයේදී
දෝතින් නෙළුවෙමි නිල් මහනෙල් මල
තිස් එක් වසරක් අතිනත බැඳගෙන
මා සනසයි නිරතුරු පා සෙනෙහස

මධුවිත රිසි වී බඹරිඳු මත් වී
අයාලෙ රැඟුවේ අරමුණ සුන් වී
සිහින ලොවක් තුළ දිවියම ගල් වී
පිබිදුන කළ නිල් මහනෙල දිස් වී

ලොබ වී සුන්දර මල වෙත වැසුමට
අපමණ බාධක දෙහදක බැඳුමට
ඉර හඳ තරු කැට අහස් තලා යට
කඳුළ පිස දැමු යුග දිවි රැඟුමට

මැදි විය බඹරිඳු විසුම් සුවය විඳ
මල තවමත් සුන්දර මන ලෝලිද
ඉඳ හිට දැල්වෙන නුරා පුළිඟු වැද
එළියයි යුග දිවි තුටු හසරැල් මැද

පා සටහන්...

ගිනි ගහනා කාෂ්ටකේ
පුපුරු ගසන දුහුවිල්ලේ
මිරිවැඩි නැති පා සටහන්
පසු පස යමි විමසිල්ලෙන්

රළු පොළවට ගොරෝසු වුණ
පුංචි මෙළොක් පා සටහන්
සිදාදියේ කටු අකුලේ
මල් පෙති වැනි පා සටහන්

සපත්තු කඩ ඉදිරිපිටින්
සෙමින් ඇඳුන පා සටහන්
අරුමෙකි පාසල් මිදුලේ
නුදුටිමි මේ පා සටහන්

සොයා ගනිමි, සොයා ගනිමි
කාගෙ ද මේ පා සටහන්
සපතේරුවෙකුගෙ පුතුගේ
මිරිවැඩි නැති පා සටහන්...

පිය සමර

හද මඬළ සිසිල දෙන නුගතුරක් වගේ යා
නද සවන සනසවන ස්වර දමක් ලෙසේ යා
නිදහනක් වන් නිමල මිනිස්කම අගේ යා
අදද, ඔබැ හිඩැස පුරවන කෙනෙක් නොවේ යා

අව දි වුණු පරපුරට උරුම කර දී කවි ය
නව පෙළට ශක්තියක් වුණි! එදා ඔබැ දිවි ය
රුව සජීවිව නැතත් එදා හිමි කළ සවි ය
තව ත් සුවහසක් කල් ඔබැයැ අපෙ සර සවි ය

දැනහැඳින යවුවනේ ප්‍රතිබාව මනාසේ
සැනසෙන්න පහන් වැට පහන් කළ විලාසේ
ජන හදට ළං වෙවී සතර මං පරාසේ
පින ලැබු සත්-පියුම් පිපී අද ජලාසේ

නුබ දිදුල පුරසඳය පිරිවරා තරු කැකුළු
සබ ගැඹෙහි ඒ කැකුළු අද විසුල මුතුපබළු
පොඹ කරන දනඟ සිත් කලා රසයෙන් ඇලලු
ඔබ ළඟින් සිටියවුන් අද ඉහළ තැන් වළලු

ගැති නොවුණු කිසිම විට ඉසුරු දන-බල වලට
සති යෙන්ය කළේ හැම දෙයම මතු පරපුරට
බැති සිතින් ගරු කෙරුව ලොවේ හැම මිනිසුනට
නැති අඩුව දැනෙන්නේ නැති විටයි හදවතට

හොල්මන

මාළු අරගෙන එන්න
තාත්තා මූදු ගිය
එනතුරා බලා ඉමි
දෑන් බොහෝ කෙලෙක සිට

රැයේ මහ මැදියමේ
ලෑලි දොරගුල හරින
හොල්මනක් දකිමි මම
නිදි පැදුර වෙත ඇදෙන

අම්ම මහපු දැල් වලට
මාළු කූරිත් අරන්
හොල්මන් එයි රෑට
ජීවිතය මහගන්න

ළමා

රන් මුතු මැණික් හැම ධන සම්පතට වඩා
දරුවා ලොව වටි කොතරම් වුවද කුඩා
දරු සෙනෙහස ගැනම සියවස් කලෙක දොඩා
සිටිතත් නමක් නිම් නැත මට නොමැත විඩා

මිනිසත් ගුණ වඩා රට දැය සමය රැක
මවු පිය නෑ සියන් පරපුර රකින නෙක
.... ගමනෙක යෙදෙන දරුවන් පිරිස දැක
දිවි සරතැසක් නොමැතිව මට සිටිත හැක

බිම්සර නිරිඳු සුරතල් පුත් උකුළෙ දැරූ
අජාසත්ගෙ අතැඟිල්ලේ සැරව පිරූ
ගෙඩි වණ වේදනා දැක සිය සතුට හැරූ
මුව තුළ උරා සුවකර මතු රජෙකු කෙරූ

හැම වසරකම ඔක්තෝබර් පළමු දින
ලෝ දන ළමා දින සමරති සෙනෙහෙ දැන
මිනිසත් සත්වගත් ලෝකෙත් දියුණ ගැන
නියැළෙන්නට ළමා පරපුර රකිනු මැන

අවබෝධය

නුඹේ ආදරේ
මගී බස් රියක් වාගේ
එම නිසා...
ඉදිරි නැවතුමෙන්
බහින්න ඕනේ මං

සුසානය

ඉද්ද වතු සුදු මලින් ගැවසුණු
පාළු මුඩුබිම හතර පැත්තේ
සද්දයක් නැත තපෝ වනයකි
කුරුස හා සිහිවටන ඇත්තේ

ඇති දේ ඇති කර ඇති දේ නැතිකර
නව විදුනැණ ලෝකය ජයගෙන ඇත
මිනිහා මරණින් මුදවන බලයක්
හපන්කමක් ලොව කිසිවෙකු හට නැත

පිරිස් බලය මිල මුදලට අරගෙන
පස් පව් බලයෙන් නගරයෙ රජ කළ
ඉසි - කෝ - මද - මානෙන් පිම්ඹී උන්
කවුරුත් සාමෙන් එක ළඟ සැතපෙති

විරුවන් - පඬුවන් - සරසවි යෝගේ
ලැබු කලාකරු කවියන් වාගේ
සැතපෙන මුත් සොහෙනක දුක නෑගේ
නම බබළයි ලොව ඉර - හඳ වාගේ!

මෙත් සිත

බුදු පා මුල
පිදුණු සියපත මත
වැසූ මී මැස්සා
වැටිනි. අසලැ'ති
පානීයං පරිකප්පිතං බඳුනට
නැගී මෙත් සිත
දුන් උදව්වට
මරු කටින් ගොඩ එන්ට
හිලව්වට
විස විත
දඹරැ'ගිලි තුඩ මත...

පරතරය

කර්තෘ : උපෙකලා අතුකෝරළ
ප්‍රකාශනය : කර්තෘ ප්‍රකාශනයකි.

‘පරතරය’ උපෙකලා අතුකෝරළගේ පළමුවන කවි සරණියයි. කලක් තිස්සේ පුවත්පත් කවි පිටු සැරසු ඇගේ කවි මේ පළමුවරට එක්තැන් වීමකි.

ප්‍රේමය හා ඒ ඇසුරෙහි සැරිසරන අත්දැකීම් උපෙකලාගේ කවියට වැඩිපුරම ආග්‍රය භූමි වේ. ඇතැම් විටෙක වට - අවට ලෝකය ද ඇගේ කවියට වස්තු විෂය වෙයි.

අබලි වී පය ගැටෙන
දිවි මගේ චාරිකා
අතරතුර නුඹ මෙමට
වන්දනාවක් වුණා
පරාජිත ස්නේහයක
මතක නටබුන් තියා
පලා නොයනුව මැනවි
හද නුවර හැර දමා

තුරුණු කිවිඳියක ලෙස තමාම වඩාත් සමීප අත්දැකීම් තෝරා ගැනීමෙහි වරදක් නැත ද ඒවායේ සුලභ ස්වරූපයෙන් කවිය මුදවා ගන්නේ කෙසේදැයි යන්න ද ඇය සිතුවා නම් මැනවි. ‘දෙල්ගහ වැටිලා’ නම් රචනය, උපෙකලා ආත්මාන්වේෂණයෙන් මිදී සංජානනය පුළුල් කොටගත් අවස්ථාවකි.

කුට්ටි කෙරූ මළ උන්දැගෙ අතපය
කරගහන්න කිසිවෙක්වත් නැතුවට
ඒ අතරේවත් ගෙඩි ඇතුවාදැයි
බලන්න ආගිය උන්නම් අපමණ

අරුතම අලංකාරයක් කොට ගන්නා මේ කවි මග සාටෝප නැති නමුදු උපෙකලා සතු පුළුල් දැක්ම විශද කරයි. දෙල් ගස වැටුණු පසුව ද ඉන් ලබනා ලාභ ප්‍රයෝජන මිස සංවේදනා සිඳුණු ලෝකයට අන් අරමුණු නැත.

සැටුලිඳුගේ මළගම හා වඳුරු අම්මලා’ වැනි රචනා නව අනුභූතීන් අරමුණු කරගත්ත ද වාචික සන්නිවේදනය මතම යැපෙන රචනා වීම නිසා කාව්‍යමය ගුණ හීන වේ. ‘ගැබ්බර බිරිය’, උපෙකලා සතු, මානව හැඟීම් විවරණයෙහි සමත්කම් පෙන්වන නිර්මාණයකි. කාව්‍ය භාෂාව පරිහරණයේදී ද ඇගේ සමත්කම් එහි වේ.

නුරාබර නෙතු දයාබර වී
විඩාබර මුව හැඟුම්බර වී
සවණ පමණක් පිරිමදී ඔබ
හැඟුම් දහසක් මුමුනලා

වසන්තය

ආදරයේ දුනුව රැගත්
වසන්තයේ ධනුද්ධරා
සාඩම්බර ලීලාවෙන්
මිහිලිය වෙත පැමිණෙන්නේ

බිඟු වැලකින් සාදා ගත්
අලංකාර ඒ දුන්නෙන්
අඹ මල් සැර විදින වෙලේ
සුහදිනියේ අප හසුවේ
ආදරයෙන් සිටින බැඳී

මල් බරවූ තුරු වදුලින්
සුවඳ රැගෙන සුළඟ හමයි
විල් බැබළෙයි පිපි පියුමින්
ලිය බැබළෙයි සෙනේහයෙන්

ගව් ගණනක් දුරින් දුරට
ලතා මඩුලු නෙත් සනසයි
දෑසමන් මල් සුදු පාටින්
කතුන් දෙතොල සිනහ නැ‍ඟෙයි

වසත් සමේ මේ දසුනින්
තවුසන් වුව - දැහැන් බි‍ඳේ
තුරුණු වියේ හදවත් තුළ
පෙම්බර සිතුවිලි ඉපිදේ

මහා කවි කාලිදාසයන් ගේ පැදි පෙළ ඉංග්‍රීසි බසින් සිංහලට පරිවර්තනය කළේ


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්