හොඳ පාසල් සහ හොඳ නැති පාසල්

 
 

ගමේ ආර්ථිකය ඉහළ නැංවීමට මේ වසරේ රුපියල් මිලියන 16386 ක්

 
 

මොකක්ද මේ සුනඛ දේශපාලනය

 
 

රසායනික පොහොරවලට බැක්ටීරියා හොඳ ආදේශකයක්

 
 

මුල් පිටුව

 
 

විවේචන එල්ල වන්නේ වෙනස්කම් කරන විටයි

 
 

සතෙන් සතේ එකතු කර වෙහෙරක් තනා පූජා කළ නාලන්දා දරුවෝ

 
 

පංතියේ දෙවැනියා වුණේ එකම පාරයි

 
 

දුර ගමන් පෞද්ගලික බස් ආසන වෙන් කිරීම ඩයලොග් දුරකථනයෙන්

 
 

ලියුකේමියාව දරුවන් බහුලව ගොදුරු වන පිළිකා රෝගයයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

සිනෙමායා

අර්නස්ට් පෝරුතොට ගරු පියනමගේ සිනමා මෙහෙවර

සාමයික භේදයකින් තොරව ජනතාවගේ ගෞරවයට පාත්‍ර වූ අර්නස්ට් පෝරුතොට පියතුමා, ජීවිතයේ අසූවන වියත්, මීසම් ජීවිතයේ වසර පනස්පහක් වැනි දීර්ඝ කාලයක් සම්පූර්ණ කර පසුගිය මැයි මස 31 වැනිදා මීසම් ජීවනය නිමා කර විශ්‍රාම දිවියට පිවිසියේය.

විවිධ අංශ ඔස්සේ එතුමා ගැන කතා කිරීමට බොහෝ දේ තිබේ. කතෝලික පදවි පූජකවරයෙකු ලෙසින් සිය සේවයේ උපරිමව නිරත වෙමින් දේශීය සිනමා සංස්කෘතිය වෙනුවෙන් එතුමා කළ මෙහෙවර අති උදාරය.

එතුමා මුලින්ම සිනමා මාධ්‍යයේ ප්‍රබලත්වය වටහා ගත්තේ 1944 දී බොරැල්ලේ ශාන්ත ඇලෝසියස් දෙව්සත්හලේ ඉගෙන ගනිමින් සිටි අවධියේ සිටය. දෙව්සත්හල භාරව සිටි අධිපති පියනමගේ ඥාතියෙකු එවකට ෂෙල් සමාගමේ සේවය කළ අතර ඔහු විසින් ඉඳහිට චිත්‍රපටයක් ගෙන්වා ප්‍රදර්ශනය කරන ලදී. එවකට ෂෙල් සමාගමේ වෙනම චිත්‍රපට ඒකකයක් විය. අධිපති පියනම ඉතා උගත් පුද්ගලයකු වූ බැවින් චිත්‍රපට පෙන්වීමට එරෙහි වූ විවේචන සැලකිල්ලට ගත්තේ නැත.

පෝරුතොට පියතුමාගේ සිත වඩාත්ම ඇදී ගියේ චිත්‍රපට මාධ්‍යයේ ප්‍රබලත්වය හා එය මානුෂික සංවර්ධනයට යොදා ගත යුතු බවට XI වන පියුස් පාප් වහන්සේගේ දේශන හා සමාජීය විශ්ව ලේඛන හැදෑරීමේදීය. චිත්‍රපට නැරඹීම හා චිත්‍රපට මාධ්‍යය පරිශීලනය කිරිම කතෝලික ධර්මයට පටහැනි නොවන බැවින් එය මානුෂික සංවර්ධනයට යොදා ගත හැකි උපකරණයක් බවත් කතෝලික ඉගැන්වීම් විය.

දේශීය හා විදේශීය චිත්‍රපට බැලීම පුරුද්දක් කරගෙන සිටි එතුමා එවකට “සොළොස්මාන සිනමා කුණ්ඩලිය”ට හා “අපේ කට්ටිය”ට ද සමීපව සම්බන්ධව සිටියේය. 1965 වර්ෂයේ දී ඔහු සිනමාව ගැන ලියූ “චිත්‍රපටි ගැන” නම් වූ පොත ප්‍රකාශයට පත්විය. 1968 වර්ෂයේදී ලංකා චිත්‍රපට විචාරක හා ලේඛක සංගමය (FCJAC) පිහිටුවීමේ පුරෝගාමී සාමාජිකයන් ස්වල්ප දෙනා ගෙන් කෙනෙක් විය. මේ කාලයේදීම එතුමා “ඥානාර්ථ ප්‍රදීපය” පුවත්පතට “කලාදර” යන ආරූඪ නාමයෙන් කලා විචාරකයකු වශයෙන් සම්බන්ධව සිටියේය.

1924 වර්ෂයේ දී ආරම්භව අඛණ්ඩව පවත්වාගෙන ආ කතෝලික සඟරාවක් වූ “දිව්‍ය හෘදයේ දූතයා” සඟරාව 1969 වර්ෂයේ දී එහි හත්වන කලාපයේ පටන් “දූතයා” ජාතික කතෝලික සංස්කෘතික මාසිකයක් ලෙසින් නව මුහුණුවරකින් ප්‍රකාශයට පත්විය. පෝරුතොට පියතුමා විසින් එස සැලැසුම් කරන ලද අතර එහි ප්‍රධාන සංස්කාරක ද විය. නව මුහුණුවරක් ගත් “දූතයා” සඟරාවේ මුල් කවරය අයිරාංගනී සේරසිංහගේ ඡායාරූපයකින් සැරසී තිබිණ. ආගමික මුහුණුවරකින් බැහැරව විශිෂ්ට සංස්කෘතික සඟරාවක් ලෙසින් පළ වූ එය කලාප හයකින් නැවතිණ.

1971 වර්ෂයේ කැලණිය මීසම පාලනාධිපති වශයෙන් සිටි අවදියේ දී තරුණයින් කීප දෙනකු සමඟ (මෙම ලියුම්කරු ද ඊට අයත් විය) එවකට පිහිටවා තිබූ අන්තර් ජාතිත කතෝලික සිනමා සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාවක් බිහිකිරීම පිළිබඳව සාකච්ඡා කළේය. OCIC සංවිධානය බිහිවූයේ 1928 හේග් නගරයේදීය. 1972 වර්ෂයේදී මෙම සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාව “ශ්‍රී ලංකා ජාතික කතෝලික සිනමා පර්ෂදය” නමින් බිහිවූ අතර අර්නස්ට් පෝරුතොට ගරු පියතුමා එහි ජාතික අධ්‍යක්ෂවරයා විය.

ඒ වනවිට ශ්‍රී ලංකාවේ ප්‍රධාන සිනමා සම්මාන උත්සව දෙකක් පැවතිණ. සරසවි සම්මාන උලෙළ හා විචාරක සම්මාන උලෙළයි. පෝරුතොට පියතුමාගේ මඟපෙන්වීම යටතේ කතෝලික සිනමා පර්ෂදය 1977 පෙබරවාරි මස 05 වැනිදා පළමු සිනමා සම්මාන උළෙල ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පවත්වන ලදී. පෝරුතොට පියතුමාගේ සභාපතිත්වය යටතේ ලෙස්ලි බොතේජු, සිරිල් බී.පෙරේරා, රැලෙක්ස් රණසිංහ, එඩ්වින් ආරියදාස, ඈෂ්ලි රත්නවිභූෂණ යන අය ප්‍රථම ජූරියට අයත් වූහ.

පෝරුතොට පියතුමාට අවශ්‍යව තිබූ කාරණා කීපයක්ම විය. උලෙළ මුඛ්‍ය දේශනයකින් සමන්විත වීම, සම්මානයන් සඳහා හේතු පාඨ දැක්වීම හා උලෙළින් පසු දිනයක ජූරිය, මහජනතාව මුණගැසීම ඒ අතරින් ප්‍රධාන විය. උත්තමාචාර දේශනය හා හේතු පාඨ පොත් පිංච ලෙසින් මුද්‍රණය කරන ලදී. එතුමා කතෝලික සිනමා පර්ෂදයට යෙදූ ශක්තිමත් අඩිතාලම නිසා එම උලෙළ විවිධ ජාතික අධ්‍යක්ෂවරුන් යටතේ වුවද අද දක්වාම ක්‍රියාත්මක වේ. පෝරුතොට පියතුමාගේ යුගයේ දී සම්මාන ප්‍රදානය ශ්‍රී ලංකාවේ නිපදවන ලද දෙමළ හා ඉංග්‍රීසි භාෂීය වෘත්තාන්ත චිත්‍රපට සඳහා ද වාර්තා හා කෙටි චිත්‍රපට සඳහා ද දීර්ඝ කෙරිිණි.

කොළඹ මල්වත්ත පාරේ 6 වන පාවුළු මධ්‍යස්ථාන ගොඩනැඟිල්ලේ පර්ෂදයේ මූලස්ථානය පිහිටවූ එතුමා මිමි 16 සහ මිමි 35 ප්‍රක්ෂේපණ යන්ත්‍ර පහසුකම්වලින් යුත් මිනි සිනමා ශාලාවක් පිහිටුවූයේය. සෑම සිකුරාදා දිනකම චිත්‍රපට දර්ශන පැවැත්වූ අතර පෝදා දිනයන්හි ඉදිරියේදී තිරගත කිරීමට නියමිත වෘත්තාන්ත චිත්‍රපටයක් පෙන්වා එහි නිර්මාතෘ සමඟ සංවාදයකට එළඹෙන්නට සහභාගිවූවන්ට අවස්ථාව ලබා දුන්නේය. තරුණයන්ට සිනමාකරණය ඉගැන්වීම ද එතුමාගේ ප්‍රබල අවශ්‍යතාවක් විය. සුප්‍රකට සිනමා ඡායාරූප ශිල්පී ඇන්ඩෘ ජයමාන්නයන්ගේ සහාය ලබාගත් එතුමා සිනමා හා රූපවාහිනීකරණ පාඨමාලාව ආරම්භ කළේය. ඉන් උගත් බොහෝ දෙනකු අද මෙම ක්‍ෂේත්‍රයන්හි ප්‍රවීණයෝ වෙති.

සිනමා ප්‍රකාශන ද පෝරුතොට පියතුමාගේ දැඩි අවධානයට ලක්වූ ක්ෂේත්‍රයක් විය. සිනමාවේ කාර්මික අංශය පිළිබඳ මූලික දැනුමක් ලබා දෙන කෘතියක් සම්පාදනය කරන ලෙස එතුමා විසින් මෙම ලියුම්කරුගෙන් හා පර්ෂදයේ ක්‍රියාකාරිකයෙකු වූ ලක්ෂ්මන් වැලිකල මහතාගෙන් ඉල්ලා සිටියේය. සති දෙකක් එතුමාගේ මව ජීවත් වූ මාරවිල නිවෙසේ නැවතී සිටිමින් පොත ලිවීමේ කටයුතු අපි නිම කළෙමු. එය 1975 දී “සිනමාවේ කාර්මික රටාව“ යනුවෙන් පළවිය. තවද එවකට කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් සරසවියේ සිනමා අධ්‍යාපන කටයුතු නිම කර ශ්‍රී ලංකාවට පැමිණ සිටි රාණි සරවනමුත්තු විසින් පශ්චාත් උපාධිය සඳහා පිළියෙළ කළ නිබන්ධය වූ ච්ඥමඥතධනථඥදබ ධට බඩඥ ඉඪදඩචතච ඛ්ඪදඥථච මුද්‍රණය කර ප්‍රකාශයට පත්කරන ලදී.

ශ්‍රි ලංකාවේ කිසියම් වර්ෂයක් තුළ ප්‍රදර්ශනය වන චිත්‍රපටවලට අදාළ සියලුම තොරතුරු අන්තර්ගත සිනමා වාර්ෂිකයක අවශ්‍යතාව වටහා ගත් එතුමා 1974 චිත්‍රපට වාර්ෂිකය පළකොට ඊට අත්තිවාරම යෙදුවේය. පර්ෂදය විසින් චිත්‍රපට වාර්ෂික ග්‍රන්ථ කීපයක් මේ අනුව පළ කරන ලදී. පසුව 1947 සිට 1951 දක්වා මුල් වසර පහ ද එක් ග්‍රන්ථයක් ලෙසින් සම්පාදනය කරන ලදී.

දේශීය සිනමාවට අර්නස්ට් පෝරුතොට ගරු පියතුමා විසින් කරන ලද මහ¼ගු මෙහෙවර මෙවැනි කෙටි සටහනකට කිසිසේත් අන්තර්ගත කළ නොහැකිය. 2011 ජූනි මස 28 වන අඟහරුවාදා එතුමා පිළිබඳව සකස් කරන ලද “ආලකමන්දාව“ වැඩසටහන ජාතික රූපවාහිනියෙන් විකාශනය කිරීම ජාතික ජනමාධ්‍යයක් විසින් එතුමාට දක්වන ලද ප්‍රණාමයක් වශයෙන් සැලකිය හැකිය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා