හොඳ පාසල් සහ හොඳ නැති පාසල්

 
 

ගමේ ආර්ථිකය ඉහළ නැංවීමට මේ වසරේ රුපියල් මිලියන 16386 ක්

 
 

මොකක්ද මේ සුනඛ දේශපාලනය

 
 

රසායනික පොහොරවලට බැක්ටීරියා හොඳ ආදේශකයක්

 
 

මුල් පිටුව

 
 

විවේචන එල්ල වන්නේ වෙනස්කම් කරන විටයි

 
 

සතෙන් සතේ එකතු කර වෙහෙරක් තනා පූජා කළ නාලන්දා දරුවෝ

 
 

පංතියේ දෙවැනියා වුණේ එකම පාරයි

 
 

දුර ගමන් පෞද්ගලික බස් ආසන වෙන් කිරීම ඩයලොග් දුරකථනයෙන්

 
 

ලියුකේමියාව දරුවන් බහුලව ගොදුරු වන පිළිකා රෝගයයි

 
 

ටිකිරි හමුව

 

»
»

ලියුකේමියාව දරුවන් බහුලව ගොදුරු වන පිළිකා රෝගයයි

ලියුකේමියාව දරුවන් බහුලව ගොදුරු වන පිළිකා රෝගයයි

පිළිකාව යන වචනය ඇසෙත්ම සැමෝම තැති ගනිති. පිළිකාවක් ලෙස හඳුන්වනු ලබන්නේ ශරීරයේ සෛල අසාමාන්‍ය ලෙස වර්ධනය වීමකි. පිළිකා රෝගය පිළිබඳව විමර්ශනය කිරීමේදී විවිධ වර්ගයේ පිළිකා ඇතිවිය හැකි බව පෙනී යයි. ඇතැම් විටෙක පිළිකාව ශරීරයේ යම් ස්ථානයක ඇතිවන ගැටිත්තක් ලෙස ඇතිවිය හැකිය. ඇතැම් විටෙක සම මතු පිට ඇතිවිය හැකිය. තවත් විටෙක රුධිරයේ පිළිකා සෛල ඇතිවී මුළු ශරීරය පුරා ගමන් කළ හැකිය.

කලකට පෙර පිළිකාව බහුල රෝගයක් නොවුණත් අද සමාජයේ පිළිකා රෝගීන් බහුලව දැකගත හැකිය.

පිළිකා රෝගයට ගොදුරු වූවන්ගේ වයස් මට්ටම් පිළිබඳව සැලකීමේදී කුඩා දරුවනට පිළිකා ඇතිවීමේ හැකියාව ඉතාම අඩුය. එහෙත් ළමා කාලයේ ඇතිවන රෝගාබාධ නිසා දරුවන් මියයන සංඛ්‍යාව පිළිබඳව සැලකීමේදී වැඩිම දරුවන් පිරිසක් මිය යන්නේ පිළිකාව නිසා බව හඳුනාගෙන ඇත.

දරුවන්ට ඇතිවන පිළිකා පිළිබඳව කරුණු සෙවීමේදී එම දරුවාගේ ස්ත්‍රී පුරුෂභාවය එම දරුවාගේ වයස යන කරුණු මත හටගන්නා පිළිකා එකිනෙකට වෙනස් වන බව නිරීක්ෂණය කළ හැකිය.

වයස අවුරුද්දකට වඩා අඩු පිරිමි දරුවන් වැඩි වශයෙන්ම ගොදුරු වන පිළිකා තත්ත්වය ලෙස ඇස්වල ඇතිවන පිළිකාව හඳුනාගෙන ඇත. අවුරුද්දට වඩා අඩු ගැහැනු දරුවන්ගේ වැඩියෙන්ම පිළිකා ඇතිවන්නේ අක්මාවේය. අවුරුදු 1 - 4 වයසේ පසුවන ගැහැනු පිරිමි දෙපිරිසේම දරුවන් වැඩි වශයෙන්ම ගොදුරු වන්නේ ලියුකේමියා රෝගයටය.

ඊට අමතරව එම වයස් කාණ්ඩයේ පසුවන දරුවන්ගේ වැඩි වශයෙන් පිළිකා ඇතිවී තිබෙන්නේ දෑස්, ශරීරයේ පටක, අක්මාව, වකුගඩු වැනි ස්ථානවලය.

අවුරුදු 5 - 16 අතර වයසේ පසුවන පිරිමි දරුවන් අතර වැඩි වශයෙන්ම වාර්තා වී ඇති පිළිකා රෝගී තත්ත්වය වන්නේ ලියුකේමියා රෝගී තත්ත්වයයි. එසේම එම වයසේ පසුවන ගැහැනු දරුවන් අතර මොළයේ, දෑස්වල, ඩිම්බ කෝෂවල පිළිකා බහුල බව ද හෙළි වී ඇත.

ඒ අනුව සලකා බලන විට ළමයින් අතර බහුලව දක්නට ලැබෙන පිළිකා රෝගය ලෙස ලියුකේමියාව හඳුනාගෙන ඇත.

ඉපදී වසරක් ගතවීමට පෙර හෝ වයස අවුරුදු දෙකක් තුනක් ගතවූ පසුව දරුවකුට පිළිකාව වැනි රෝගයක් ඇතිවන්නේ කෙසේදැයි යමෙකුට ගැටලුවක් විය හැකිය. ඒ සඳහා වන පිළිතුර වන්නේ එවැනි දරුවන් තුළ පිළිකා ඇතිවීමට ජානමය බලපෑම ප්‍රධාන හේතුවක් වන බවය. මේ පිළිබඳව වැඩිහිටියන් අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැත.

පවුලේ හෝ පරම්පරාවේ කිසියම් දරුවකුට පිළිකා රෝගයක් තිබුණා යැයි කියා අනෙක් දරුවන්ටත් පිළිකාවක් හට ගනී යැයි වැඩිහිටියන් බියක් ඇති කර ගත යුතු නැත. ඒ එසේ ඇතිවීමේ හැකියාව ඉතාම අල්ප බැවිනි. පිළිකා රෝගය ඇතිකරන ජාන, මවුපියන්ගෙන් දරුවන්ට උරුම වන්නේ ඉතාම අල්ප වශයෙනි.

දරුවන් බහුලවම ගොදුරු වන පිළිකා රෝගය ලියුකේමියාව නිසා අද අපි ලියුකේමියා රෝගය පිළිබඳව කරුණු සොයා බලමු. ලියුකේමියාව හේතු කීපයක්ම නිසා ඇතිවන රෝගී තත්ත්වයකි.

ලියුකේමියා රෝගයට ජානමය බලපෑම මූලික වශයෙන්ම හේතු වුවද පරිසර දූෂණය, වායුගෝලයේ ඕසෝන් ස්ථරයට සිදුවී ඇති හානිය, කෘෂි රසායනික ද්‍රව්‍ය ආහාර සමඟ ශරීරගත වීම වැනි හේතු ලියුකේමියා රෝගය ඇතිවීමට බලපෑ හැකි බව දැන් පැහැදිලිය. අතීතයේදීට වඩා වර්තමානයේදී ලියුකේමියා රෝගයට ගොදුරු වූ දරුවන් වැඩිවීමට ඉහත හේතුන් මූලික වී ඇත.

ලියුකේමියා රෝගයේදී සිදුවන්නේ රුධිර සෛල නිපදවෙන ඇටමිදුලු තුළ රතු සෛල සුදු සෛල පට්ටිකා යන සෛල නිපදවීම අඩපණ වී පිළිකා සෛල අධික ලෙස වර්ධනය වීමය; ඕතචඵබ ඛ්ඥතතඵ නම් සෛල අධික ලෙස වර්ධනය වීමය.

රුධිරයේ රතු සෛල අඩුවීම නිසා ශරීරය පුරා ඔක්සිජන් ගෙනයාමට උපකාරී වන හිමොග්ලොබින් ප්‍රමාණය පහත බසී. එහි ප්‍රතිඵලය වන්නේ දරුවා උදාසීන කම්මැළි මලානික ස්වභාවයකට පත්වීමය.

තම දරුවා වෙනදාට වඩා අලස, දුර්වල, කම්මැළි ස්වභාවයක් පෙන්නුම් කරන විට දෙමව්පියෝ දරුවා වෛද්‍යවරයකු වෙත යොමු කරති. එහිදී වෛද්‍යවරයා පළමුව හඳුනාගන්නේ දරුවා රක්තහීනතාවයට ගොදුරු වී ඇති බවය. ඒ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී දරුවාගේ රක්තහීනතාවට හේතුව සොයාගත හැකි වේ. ඇතැම් විටෙක එම හේතුව ලියුකේමියා රෝගය විය හැකිය.

රක්තහීනතාවට හේතු වන එකම කාරණය ලියුකේමියාව බවට මෙහිදී මවුපියන් වැරැදි නිගමනයකට එළඹිය යුතු නැත. ඒ, රක්තහීනතාවට හේතු වන සාධක ගණනාවක්ම තිබෙන බැවිනි.

ඇට මිදුලුවල හටගන්නා ලියුකේමියා රෝගය මොළය, අක්මාව, වෘෂණ කෝෂ වැනි අවයවයන්ට ද බලපෑම් කරයි. අපස්මාරය වැනි තත්ත්වයක් පෙන්නුම් කිරීම, අක්මාව වෘෂණ කෝෂ ඉදිමීම වැනි ලක්‍ෂණයන් ද ලියුකේමියා රෝගයේ දී බාහිරව පෙන්නුම් කෙරේ.

ලියුකේමියා රෝගයේ රෝග ලක්‍ෂණ කවරේදැයි දැන් අපි සොයා බලමු. කිසියම් දරුවකු ලියුකේමියා රෝගයට ගොදුරු වී සති හතරක් වැනි කාලයකදී දරුවා කෙරෙන් රෝග ලක්‍ෂණ පෙන්නුම් කෙරේ. පළමුව පෙන්නුම් කෙරෙන්නේ විශේෂිත නොවූ, දරුවන් වෙතින් ඕනෑම රෝගයකදී පෙන්නුම් කළ හැකි රෝග ලක්‍ෂණය.

කෑම රුචිය අඩුවීම, තරහ යන ස්වභාවය, කම්මැලි ස්වභාවය වැනි ලක්‍ෂණ මුලදීම පෙන්නුම් කෙරේ.

මහරගම පිළිකා රෝහලේ
ළමා දැඩිසත්කාර ඒකකයේ
ළමා රෝග පිළිබඳ
විශේෂඥ වෛද්‍ය
දීපාල් පෙරේරා

ඊට අමතරව නිතර නිතර ස්වසන මාර්ගය ආසාදනයට ලක් වෙයි. එසේ ස්වසන මාර්ගයේ ඇතිවන ආසාදනවලින් දරුවන් සම්පූර්ණයෙන් සුවය ලබන්නේ නැත. ලියුකේමියාවට ගොදුරු වූ දරුවන් තුළ ප්‍රතිශක්තිකරණය අඩුවීම එයට හේතුවය.

දරුවකු ලියුකේමියාවට ගොදුරුවී සති කීපයක් ගතවන විට ශරීරයේ තැනින් තැන කුෂ්ට මතුවීම, විශේෂයෙන් වසා ගැටිති ඉදිමීම වැනි තත්ත්වයන් දිස්වේ. රුධිරයේ රතු රුධිරානු ප්‍රමාණය අඩුවීම නිසා දරුවා සුදුමැලි ස්වභාවයකට ද පත්වේ.

මුඛයේ විදුරුමස් වැනි විවිධ ස්ථානවලින් රුධිරය වහනය වීම ලියුකේමියා රෝගයේ ප්‍රධානම රෝග ලක්‍ෂණයකි. කන පැසවීම, පපුවේ කුඩා ගෙඩියක් වැනි යමක් මතු වීම මෙන්ම ඉහත රෝග ලක්ෂණ සියල්ලම සමඟ නොකඩවා උණ ඇති වීම ලියුකේමියා රෝගයේ තවත් ප්‍රධානතම රෝග ලක්‍ෂණයන්ය.

ලියුකේමියා රෝගයට ගොදුරුවූ දරුවන්ගෙන් සියයට 25 කට පමණ අතපයේ සන්ධිවල නිතර නිතර වේදනා ඇතිවේ. ඒ ලියුකේමියා රෝගයේ මූලික රෝග ලක්ෂණය.

ලියුකේමියා රෝගයට ගොදුරුවූ දරුවන්ගේ රුධිරයේ සුදු සෛල අඩුවීම නිසා ප්‍රතිශක්තිකරණ හැකියාව අඩුවේ. එබැවින් විවිධ බෝවන රෝගවලට ලක්වීමේ හැකියාව වැඩිය. රෝගී දරුවන්ගේ ශරීරයේ විවිධ ස්ථානවලින් රුධිරය වහනය වන්නේ රුධිරය කැටිගැසීමට උපකාරී වන පට්ටිකා රුධිරයේ හිඟවීම නිසාය.

දරුවකුට ලියුකේමියා රෝගය හටගෙන ඇතිදැයි පරීක්‍ෂා කිරීම සඳහා පළමුව රුධිර පරීක්‍ෂණයක් කරනු ලැබේ. රුධිර පරීක්‍ෂාවේදී Blast cells ඇති බව පෙනී ගියහොත් ලියුකේමියා රෝගය යැයි අනුමාන කළ හැකිය.

එහෙත් යම් දරුවකු ලියුකේමියා රෝගයට ගොදුරුවී ඇතිදැයි නිශ්චිතවම හඳුනාගත හැක්කේ ඇට මිදුළු පරීක්ෂාවක් කිරීමෙනි.

එසේම දරුවකුට ඉදිරියේදී ලියුකේමියා රෝගය හටගැනීමේ හැකියාව ඇතිදැයි ජාන පරීක්‍ෂාවක් මගින් හඳුනාගත හැකිය. ලෝකයේ දියුණු රටවල එම පරීක්‍ෂාවන් සිදු කෙරේ. එසේ හඳුනාගතහොත් එම ජානමය වෙනසට ප්‍රතිකාර කිරීමෙන් දරුවාට ලියුකේමියා රෝගයට ගොදුරුවීමට පෙර එම ජානමය වෙනසට ප්‍රතිකාර කිරීමෙන් රෝගය සෑදීමෙන් වළක්වා ගත හැකිය.

මෙහිදී සඳහන් කළ යුතු තවත් වැදගත් කරුණක් ඇත. එනම් මන්ද මානසික තත්ත්වයේ පසුවන දරුවන්ට අනෙක් දරුවනට වඩා ලියුකේමියා රෝගය හටගැනීමේ හැකියාව වැඩි බවය. ලියුකේමියා රෝගයට බිය විය යුතු නැත. අද දියුණු ප්‍රතිකාර ක්‍රම මඟින් ලියුකේමියාව සුව කළ හැකි බැවිනි.

නවීන ප්‍රතිකාර මගින් ලියුකේමියාවට ගොදුරුවූ දරුවන්ගෙන් 80%කට පමණ සම්පූර්ණ සුවයක් ලබාගත හැකිය.

ඒ සඳහා නියමිත වෛද්‍ය උපදෙස් අනුවම තම දරුවනට නිසි ප්‍රතිකාර ලබාදීමට මවුපියන් පියවර ගත යුතුය. ප්‍රතිකාර සතියකින් දෙකකින් හෝ මාසයකින් දෙකකින් අවසන් වන්නේ නැත. බොහෝවිට වසර දෙකක් පමණ එම ප්‍රතිකාර නොකඩවා දරුවාට ලබා දිය යුතුය. මූලික ප්‍රතිකාර සති 6 ක් පමණ එක දිගට කරනු ලැබේ. ඉන්පසුව වරින් වර වසර 2 ක පමණ කාලයක් ප්‍රතිකාර කළ යුතුය.

ලියුකේමියා රෝගයට ප්‍රතිකාර ලබන දරුවන් අනෙක් රෝගවලට ගොදුරු වූ දරුවන්ට වඩා පරෙස්සමෙන් රැකබලා ගත යුතුය. දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ හැකියාව හීන බැවින් විශාල පිරිසක් ගැවසෙන ස්ථානවලට දරුවා ගෙන නොයා යුතුය. සෙම්ප්‍රතිශ්‍යාව, බෝවන උණ වැලඳුණ දරුවන්ගෙන් ලියුකේමියා දරුවන් වෙන්කොට තැබිය යුතුය. ලියුකේමියා දරුවන් පිළිබඳව ඉතා පරිස්සම් සහගත ලෙස ක්‍රියා කිරීම එම දරුවාගේ ඥාතීන්ගේද වගකීමකි.

කිසියම් බෝවන රෝගයක් තමන්ට ඇතිනම් ලියුකේමියා රෝගයට ගොදුරුවූ දරුවකුගේ සුවදුක් බැලීමට නොයා යුතුය. එය ඥාතීන්ගේ වගකීමකි.

ලියුකේමියා රෝගයට ගොදුරුවූ දරුවනට සැමවිටම නිවසේ පිරිසිදු ලෙස පිළියෙල කළ ආහාරපාන ආදිය දීම වැදගත්ය. එසේම දරුවා සැමවිටම පී‍්‍රතියෙන් තැබීමට වැඩිහිටියන් උත්සහ කළ යුතුය. මෙම දරුවනට මනා පෝෂණයක් ලබාදීම අත්‍යවශ්‍යය. ප්‍රෝටීන බහුල මස්, මාළු, බිත්තර, කිරි සමඟ එළවළු පලතුරු ආදිය දරුවාගේ ආහාර වේලට එක් කිරීම වැදගත්ය. දරුවා කෑම ගැනීම ප්‍රතික්ෂේප කරන අවස්ථාවලදී විවිධ පෝෂණීය සුප් වර්ග ලබාදිය හැකිය. මෙම රෝගයට අගුණ ආහාර කියා දෙයක් නැත. එහෙත් තෙල් මිරිස් අධික ආහාර ලබාදීමෙන් වැළකී සිටිය යුතුය. ඒ; එම ආහාර නිසා ගැස්ට්‍රයිටිස් ඇති විය හැකි බැවිනි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා