විජේ මල්ලිගෙ කොලොම
විජේ මල්ලිගෙ
කොලොම
විජේ මල්ලිගෙ ෆ්‍රෙන්ඩ් කෙනෙක් එක්ක පොඩි විසිට් එකක් කළා පහුගිය ඉරිද ලන්ච්
වෙලාවෙ.
ෆේරන්ඩ් කිව්වට මෑන්ස් නියම ක්ලාස් කකුලක්.
අපි නිකමට හිතමුකො ඇක්ටර් කෙනෙක් කියලා.
ඇක්ටර්ස්ල වුණත් මේ කාලෙ වැහි වැහැල.
ෆිල්ම්ස් කට්ටිය ද ස්ටේජ් ඩ්‍රාමා කට්ටිය ද ටෙලි කට්ටිය ද කොච්චර කෝටියක් නළුවො ද?
විජේ මල්ලිටත් ඔය කට්ටිය අතරෙ යාළුවො දෙතුන් දෙනෙක් නැත්තෙම නෑ. නිකම් ෆිට් පොරවල්.
වැඩිපුරම ඉතින් ස්ටේජ් එකේ
කට්ටියයි ටෙලි කට්ටියයි. සන්ඩේ විසිට් එකට සෙට් වුණේ ස්ටේජ් එකේ, ටෙලියෙ,
ෆිල්ම්ස්වල ඔය ඕනම ෆීල්ඩ් එකක රියල්ම රියල් වැඩ කාරයෙක්. අපි නිකමට හිතමුකො මෑන්ස්
මනෝරත්න වගේ මෑන්ස් කෙනෙක් කියලා. ඒ කියන්නෙ ජයලත් මනෝරත්න වගේ, ඩ්රැමටිස්ට්,
ඇක්ටර්, ඩිරෙක්ටර්, ප්‍රොඩියුසර්, රයිටර්, සින්ගර්, ෂිහ්ඞ කියල වැඩක් නෑ මෑන්ස්ගෙ
ආර්ටිස්ටික් කොලිටීස් ගැන කියලා. මනෝරත්නල නම් එක්කෙනයි මුළු ලංකාවටම. වන් ඇන්ඩ්
ඕන්ලි මනෝ.
ඉතින් ඉතින් විජේ මල්ලි මනෝගෙ වෙහිකල් එකේ ගියා කියමුකො. ආගිය කතා,
බූරුව මහත්තයට පිට පළාත්වල මිනිස්සුන්ගෙන් තියෙන රෙස්පොන්ස් එක. බූරුව මහත්තයා
ජාතියෙ ස්ටේජ් ඩ්‍රාමා බලන්න ඕඩියන්ස් තවමත් කැමැති බව විජේ මල්ලිත් දන්නවා. අපේ
ටෙලිවිෂන් පෙට්ටි වලින් දවස ගාණෙ ටෙලි ඩ්‍රාමාස් කියල පෙන්නන හුඟාක් ජරාව බලල
මිනිස්සුන්ට එපාවෙලා තියෙන්නෙ. ඒ වුණාට ටෙලි හැදිල්ලෙ කිසිම අඩුවක් නෑ. ඕව යට මොන
මොන ගේම්ස් තියෙනවද කියල විජේ මල්ලිට නම් කිසිම
අයඩියා එකක් නෑ. ලක්ෂ සිය ගණන් වියදම් කරල ටෙලි සීරිස් හදාගෙන ටෙලිවිෂන් ස්ටේෂන්
ලොක්කො පස්සෙන් යන්න වෙන සයිස් එකම නේ
මේ දවස්වල ටෙලි වැඩ කෙරෙන්නෙ.
මොන ජාතියෙ ආර්ටිස්ටික් ටෙලියක් හැදුවත් පෝළිමේ කට්ට කන්න වෙනව කියලයි විජේ මල්ලිගෙ
යාළුවො කියන්නෙ. මනෝටත් එහෙම සීන් එකක් ද කියල
විජේ මල්ලි නම් ඇහුවෙ නෑ. විජේ මල්ලියි මනෝයි සන්ඩේ නිසා ට්‍රැෆික් අඩු පාරක
ඩ්‍රයිව් එකේ
හෙමින් එනකොට මෙන්න කාර් එකේ
කැසට් රෙකෝඩර් එකේ යනවා සින්දුවක්.
විජේ මල්ලිගෙ වන් ඔෆ් ද බෙස්ට්ස් නෙව් වන් ඇන්ඩ් ඕන්ලි බෙස්ට් සයිස් එකේ සින්දුව එක
කාලෙකදි. මතක නැද්ද ඔයගොල්ලන්ට අර අපේ නිරෝෂා විරාජනී නංගී කියපු සින්දුව, බන්දුල
නානායක්කාරවසම් ලියපු ලව්
සින්දුව. විජේ මල්ලි ලව් සෝන්ග්ස් අහල තියෙනවා, නිරෝෂා කියන සිනා තොටක්වලට ගහන්න
පුළුවන් ජාතියෙ සින්දු නම් අහල තියෙන්නෙ හරිම ටිකයි.
ඒක විජේ මල්ලිට නම් කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නැති ටයිප් එකේ ෆුල් ආතල් සින්දුවක්.
බන්දුල මල්ලිගෙ වචනයි, නිරෝෂ ළමයගෙ සින්ගින්ස් ස්ටයිල් එකයි රෝහණ ලොක්කගෙ මෙලඩි
එකයි එකට එකතු වුණාම දැනෙන සනීපෙ කියල වැඩක් නෑ මෙයාලා. නොහඬා ඉන්නම් ගිලිහුණු දා
පෙම් ලොව මල්දම් කිව්වට නිරෝෂා, කොහොමද අඬන්නෙ නැතුව පෙම් ලොව මල්දම් ගිළිහී ගියාට
පස්සෙ.
බන්දුල මල්ලි ඔය කාව්‍යක්කාර බාසාවෙන් ලියාපු අයඩියා එකම ද මන්ද අර ඉස්සර
කාලෙ ෆිල්ම් සෝන්ග් එකක ඇහෙන්නෙ. පේ්රමාලෝකය නිවී ගියා, ඔබෙ රූපය මා හද ඇඳී ගියා,
බූට් වැදුනම ඉතින් ඔය ජාතියෙ ලව් සෝන්ග් කාට කාටත් අල්ලලා යනව තමයි. ඒත් නිරෝෂගෙ
සිනා තොටක් සින්දුව, දැන් කොච්චර කාලයක් තිස්සෙ විජේ මල්ලිගෙ ෆේවරිට් ලිස්ට් එකේ
ටොප් ටෙන්වල තියෙනව ද?
ඕන්න මනෝගෙ කාර් රෙකෝඩරේ ඊළඟ සෝන්ග් එක. ඒක නම් ෆිල්ම් සෝන්ග් එකක්. ඒකත් නිරෝෂගෙ
සෝන්ග් එකට දෙවැනි නෑ. මේකෙ අයිතිකාරයො ගොඩයි. ආරියවංශ කුලරත්න සොරි මෙයාලා,
කුලරත්න ආරියවංශ ළමයට ප්‍රසිඩෙන්ෂල් එවෝඩ් ලැබුණු ඩුවට් එක විජය ධර්ම ශ්‍රී ගෙ
ආරාධනාවල මාලිනී රවීන්ද්‍ර ලව් සීන් එකකට ලියාපු.
සීත අරණේ සුපුල් නා මල සුවඳ
ගැල්වූ ජීවිතේ, සීත හිමගිර සීත නොදැනේ දැනේ උණුසුම ආදරේ. ඕ මයි ගෝඩ් මිල්ටන්
මල්ලිගෙයි මාලිනීගෙ වොයිසස් ෂිහ්ඞ පිස්සු වැටෙනවා කියන්නෙ පිස්සු ඩබල් වෙනවා.
මනෝරත්න මේ මහ දවල් විජේ මල්ලිත් පිස්සු වැට්ටෙව්වා මේ ජාතියෙ සින්දු ලෝඩ් කරගෙන
ඉඳලා. සීත අරණේත් අර නිරෝෂගෙ සින්දුව සයිස් එකේම තවත් එකක්.
එකම වෙනස ෆිල්ම්ස් එක
හදපු ලොක්කා, සෝන්ග් එක කියපු කාලේ ඒක කට්ටියම යන්න ගිහින්. ඒත් කුලේගෙ වචන රෝහණගෙ
මියුසික් ඒව අපිත් එක්ක. සන්ඩේ ලන්ච් ගන්න එකත් අමතක වුණා මනෝටයි විජේ මල්ලිටයි
ඕන්න සින්දු අහන්න ගියාම. සංගීතය පේ‍්‍රමයේ ආහාරය කිව්වට මනෝටයි විජේ මල්ලිටයි
කිසිම පේ්රමයක්වත් නැතුව සංගීතය ආහාරය වෙච්ච හැටි!
|