හොඳ පාසල් සහ හොඳ නැති පාසල්

 
 

ගමේ ආර්ථිකය ඉහළ නැංවීමට මේ වසරේ රුපියල් මිලියන 16386 ක්

 
 

මොකක්ද මේ සුනඛ දේශපාලනය

 
 

රසායනික පොහොරවලට බැක්ටීරියා හොඳ ආදේශකයක්

 
 

මුල් පිටුව

 
 

විවේචන එල්ල වන්නේ වෙනස්කම් කරන විටයි

 
 

සතෙන් සතේ එකතු කර වෙහෙරක් තනා පූජා කළ නාලන්දා දරුවෝ

 
 

පංතියේ දෙවැනියා වුණේ එකම පාරයි

 
 

දුර ගමන් පෞද්ගලික බස් ආසන වෙන් කිරීම ඩයලොග් දුරකථනයෙන්

 
 

ලියුකේමියාව දරුවන් බහුලව ගොදුරු වන පිළිකා රෝගයයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

අසිරිමත් බෝඹුරුඇල්ල

අසිරිමත් බෝඹුරුඇල්ල

බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි තවත් ඉතා අප්‍රකට දිය ඇල්ලක් පිළිබඳ තොරතුරු අනාවරණය කරන්නටයි මේ සූදානම.

වැලිමඩ නගරයේ සිට උඩුහාවර හරහා බෝඹුරුඇල්ල ග්‍රාමයට දුර කිලෝ මීටර් 18 ක් පමණ වේ. එහි සිට වාරිමාර්ග ඇළ ඉවුර දිගේ ඉහළට විහිදුණු අඩි පාරේ කිලෝ මීටරයක් පමණ ගමන් කළ පසු දිය ඇල්ල පෙනෙනතෙක් මානයට යා හැකි ය.

අඩි පාර ඉතා දුෂ්කර ය. කෙත්වතු, ඇළ - වේලි, කඳුරු ආදිය පසුකොට කැළය මැද්දෙන් විහිදුණු අඩි පාරේ ගමන් කිරීමට දිය ඇල්ල පිළිබඳව දැනුවත් ගැමියකුගේ සහාය ලබා ගත යුතු ය. මෙම මඟ ද ඉතා විසිතුරු ය.

මනාව වැට බැඳ සකස් කළ හේන් ගණනාවක් ද මඟදී හමුවේ. බෝඹුරුඔය ඉවුර අයිනෙන් යා යුතු මේ ගමනේ දී ඔය කඩා හැලී නිර්මාණය කරන කුඩා දිය ඇලි ගණනාවක් ම දර්ශනය වේ.

ඇතැම් තැනකදී ඔය හරහා ගමන් කළ යුත්තේ ඒදණ්ඩක් මතිනි. ඉතා අවදානම් සහිත ගමනක් නිසා ප්‍රවේශම් වීම ඉතා වැදගත් ය. ගොවියන්ගේ හේන් මැදින් කඳු මුදුනක් කරා ගමන් ගනිත් ම හේන් යාය අවසන් වී ගන වනාන්තරය ඇරැඹේ.

හේන් සීමාවෙන් එහාට කිසිසේත් ම යා නොහැක. පිහිටි පවුරු පදනම් සහිත වනාන්තරය තරණය කිරීමට සමත් ජගතකු බෝඹුරු ඇල්ල ගමේ ද නැත. එහි සිට දිය ඇල්ලට දුර කිලෝ මීටර් භාගයකට ආසන්න වෙතැයි අනුමාන කළ හැකි ය.

වාසනාවකට මෙන් නිල්ල පැතුරුණු තුරු හිස් මුදුන් මතින් ඇදහැලෙන දිය ඇල්ල දුරතියා ම නැරඹිය හැකිවේ. දිය ඇල්ල නිර්මාණය වන ඔය පටන් ගන්නේ පිදුරුතලාගල කඳු වැටියේ දකුණු අන්තයෙනි. එය පිදුරුතලාගල වැටියේ ම පිහිටි ගල් පව්වකින් ඇද හැලී ලවර්ස්ලිප් නම් වූ (පෙම්වතුන්ගේ පිම්ම) දිය ඇල්ල ද නිර්මාණය කරයි.

අනතුරුව හාවාඑළිය හරහා ගලා ගොස් සඳතැන්න ජලාශය ද, ඊට පහළින් පිහිටි බොරලන්ද ජලාශය ද පෝෂණය කරයි. ඔය වනාන්තරයට පිවිසෙන්නේ අනතුරුව ය. ශාඛා ගණනාවක් එකතු වීමෙන් සෑදුණු දිය දහර රළු - පරළු ස්වරූපයක් ගනී.

එය මීටර් 1842 ක් උස කොටකිතුල් කන්දේ බෑවුමේ පිහිටි කළුගල් පව්වකින් ඇද හැලී මීටර් 50 ක් පමණ උස බෝඹුරු ඇල්ල නිර්මාණය කරයි. පුළුල් ගල් පව්වේ සතර පොළකින් දිය දහර ඇද හැලේ. ශ්‍රී ලංකාවේ පළලම සහ දර්ශනීයම දිය ඇලිවලින් එකකි.

දිය ඇල්ල කඩාහැලෙන හඬ මුළු ප්‍රදේශයම දෝංකාරවත් කරයි. එහි හඬ කිලෝ මීටරයක් පමණ දුරට ඇසේ. ඒ තරම් සුවිශාල දිය දහරාවක් ගල් පව්වෙන් පහළට ඇද හැලේ.

දිය ඇල්ල නැරඹීමට පිටස්තරින් කිසිවෙකුත් නොපැමිණෙන තරමටම එය අප්‍රකටය. ඒ තරමටම දිය ඇල්ල අවට පරිසරය අති පිරිසුදු ය. ප්‍රකට දිය ඇලි සමීපයට විත් ඒවා කෙළෙසා දැමුවත්, මා කෙළෙසා දැමීමට මා ආසන්නයටම පැමිණෙන්නට නම් ඔබට කිසිසේත් ම නොහැකි යයි උද්දාමයෙන් යුතුව පවසමින් දිය ඇල්ල ඇද හැලේ.

වරක් දෙවැනි රාජසිංහ රජුගේ ඇතා කුලප්පු වී බැඳ තිබූ දම්වැල් කඩාගෙන වන වැදී ඇත. ඇතා ඇල්ලීමට ඇත් ගොව්වන් කිසිවෙකුත් සමත් නොවීය. ඇතා අල්ලා දෙන කෙනකුට ගම්වරක් තෑගි දෙන බව රජු අණබෙරයක් මඟින් ප්‍රසිද්ධ කළේ ය.

මෙම ප්‍රදේශයේ විසූ වනසිංහ මුත්තා ඇතා අල්ලා බෝ ගසේ මුලක බැන්දේ ය. ඇතා බැන්දේ බෝමුලේ නිසා ගම ද ‘බෝමුලේ’ නමින් ව්‍යවහාරයට පත් විය. බෝමුලේ පසුව ‘බෝඹුරේ’ විය. බෝඹුරේ හද්දා පිටිසර ගම්මානයකි.

ගම දියුණුවී වැලිමඩ සිට මාර්ගය තැනුණාට පසු ගම රටේ ම ප්‍රසිද්ධ විය යුතු යයි සිතා ඊට දිය ඇල්ලේ නම ද ඇඳමින් ‘බෝඹුරු ඇල්ල’ නම තැබූ බව පැරැන්නෝ පවසති.

බෝඹුරුඇල්ල අදත් ගොවි ගම්මානයකි. බැලූ බැලූ අත ඇත්තේ කෙත්වතුය. හෙල්මලු ක්‍රමයට කෙරෙන වී ගොවිතැන ගමට ආශිර්වාදයක් වී ඇත. ගම්වැසියන් ගැමියන් වූ නිසා ම ඔවුන් කෙරෙන් මනුස්සකම උතුරා හැලේ. ආගන්තුක සත්කාරය ඉහවහා ගොසිනි.

බෝඹුරු ඇල්ල නිර්මාණය කර ගලන ජල දහරාව අනතුරුව ගලා ගොස් උමා ඔය පෝෂණය කරයි.


‘නමස්කාර’ 8 වැනි කලාපය එළිදකී

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාරගේ ප්‍රධාන සංස්කාරකත්වයෙන් සහ දෙනගම සිරිවර්ධනගේ සංස්කරණයෙන් පළවන ‘නමස්කාර’ යෞවනයේ සඟරාවේ 8 වැනි කලාපය (ජූනි) පසුගියදා එළිදුටුවේය. මෙය ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ ප්‍රකාශනයකි.

‘රෝමය ගිනිගනී 2’ නැවතත්

බන්දුල විතානගේ නවතම නාට්‍ය නිර්මාණය ‘රෝමය ගිනිගනී 2’ මේ මස 09 වැනි දා සවස 3.30 ට සහ 6.30 ට කොළඹ 10, ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී වේදිකාගත වෙයි.

මර්වින් බෙන්ස්ට උපහාර

ලක්ෂිත මාතරආරච්චි ලියූ ‘ඔබේ නිවෙසේ ශබ්දාගාරය’ කෘතිය එළිදැක්වීමේ උත්සවයේදී ප්‍රවීණ ශබ්ද පරිපාලකවරයකු වන මර්වින් බෙන්ස් මහතා වසර 50ක පමණ කාලයක් ශබ්ද පරිපාලක ක්ෂේත්‍රයට කළ මෙහෙවර වෙනුවෙන් ඔහුට විශේෂ උපහාර සම්මානයක් පොතේ කතුවරයා විසින් පිළිගන්වනු ලැබූවා.

‘ස්විට් ඒන්ජල්’ 8 වැනිදා සිට

එරංග සේනාරත්න තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ ‘ස්විට් ඒන්ජල්’ චිත්‍රපටය මේ මස 8 වැනි දින සිට ප්‍රදර්ශනය කෙරේ. සුරේශ් ගමගේ සමඟ සිනමාවට හඳුන්වාදෙන දීපාචන්දි, මානෙල් වානගුරු, වසන්ත කුමාරවිල, අනුෂා රාජපක්ෂ ප්‍රමුඛ නළු නිළි පිරිසක් මෙහි රඟති.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා