හොඳ පාසල් සහ හොඳ නැති පාසල්

 
 

ගමේ ආර්ථිකය ඉහළ නැංවීමට මේ වසරේ රුපියල් මිලියන 16386 ක්

 
 

මොකක්ද මේ සුනඛ දේශපාලනය

 
 

රසායනික පොහොරවලට බැක්ටීරියා හොඳ ආදේශකයක්

 
 

මුල් පිටුව

 
 

විවේචන එල්ල වන්නේ වෙනස්කම් කරන විටයි

 
 

සතෙන් සතේ එකතු කර වෙහෙරක් තනා පූජා කළ නාලන්දා දරුවෝ

 
 

පංතියේ දෙවැනියා වුණේ එකම පාරයි

 
 

දුර ගමන් පෞද්ගලික බස් ආසන වෙන් කිරීම ඩයලොග් දුරකථනයෙන්

 
 

ලියුකේමියාව දරුවන් බහුලව ගොදුරු වන පිළිකා රෝගයයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

ඓශ්වර්යාට මව් පදවිය...?

ඓශ්වර්යාට මව් පදවිය...?

මීට වසර හතරකට පෙර බොලිවුඩ් පුරය අමන්දානන්දයට පත්කරමින් සිනමා පවුලක කඩවසම් තරුණයකු ලොව මුල් තැන ගත් රූ රැජනකගේ අත ගත්තා. එදා ඔවුන් දෙදෙනා ජීවන සිනමාවේ අබිසෙස් ලැබුවා. එලෙස වාසනාවන්ත ජීවිත ඇරැඹු ඔවුන් දෙදෙනා, අභිෂේක් භච්චන් සහ ඓශ්වර්යා රායි. 2007 අපේ‍්‍රල් 20 දා පැවැත්වුණු ‘අභි - ඓශ්’ යුවළ ගේ විවාහ මංගලෝත්සවය සිනමා රසකාමීන්ගේ නොමඳ අවධානයට ලක්වුණා.

පසුගිය අපේ‍්‍රල් මාසයේ දී අභිෂේක් සහ ඓශ්වර්යාගේ සිව් අවුරුදු විවාහ සංවත්සරය එළැඹෙද්දී වඩාත්ම සතුටට පත්වුණේ දෙදෙනාගේම දෙමව්පියන්. විශේෂයෙන්ම, අභිෂේක්ගේ පියා, අමිතාබ් භච්චන් තමන්ගේ සතුට ප්‍රකාශ කළ අයුරු ද මෙහිදී සටහන් නොකරම බැහැ. ඔහු තම පුතාගේත් ලේලියගේත් විවාහ සංවත්සරය පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ සතුට කියා පෑවේ තමන්ටම වෙන්වුණු බ්ලොග් අඩවියෙහි සටහනක් තැබීමෙන්.

‘මට හිතාගන්න බැහැ, අභිෂේක්ගෙත් ඓශ්වර්යාගෙත් විවාහය සිද්ධ වෙලා අවුරුදු හතරක් ගත වුණා ද කියලා. හරියට අද ඊයේ වගේ. නෑදෑයො, යාළු මිත්‍රයො අපේ ගෙදර පිරෙන්න හිටියා. මංගල උත්සවයේ චාරිත්‍ර වාරිත්‍ර කෙරුණු හැටි මට තවමත් මතකයි. ඒවා මතක් වෙන කොට මට දැනෙන්නෙ ඒ මංගල උත්සවය මීට පැය කිහිපයකට කලින් සිද්ධ වුණා වගෙයි...’ අමිතාබ් එලෙස තම සිතුවිලි සටහන් කළා.

විවාහයෙන් සිව්වැනි වසර ගෙවී යද්දීත් අභිෂේක් සහ ඓශ්වර්යා ගේ ජීවිත ගතවුණේ හරිම සැහැල්ලුවෙන්. විවාහයේ පළමු, දෙවැනි සහ තෙවැනි සංවත්සර වලදී නිවසෙහි පි‍්‍රය සම්භාෂණ පැවැත්වුණු බව කවුරුත් දන්නවා. නමුත්, මෙවර එවැන්නක් සිදුවුණේ නැහැ. එයට හේතුවක් තිබුණා. අභිෂේක් පසුගිය සති කිහිපය තුළ ‘දම්මරෝ දම්’ චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු වලට එක්වී සිටීම එයට හේතුවයි. මේ චිත්‍රපටයේ අභිෂේක් ප්‍රධාන චරිතයක් රඟපෑවා.

ඒ නිසා අභිෂේක්ට තම ආදරණීය බිරිඳ සමඟ ඉන්දියාවේ හෝ විදේශයකදී නිවාඩුවක් ගත කරන්නටවත් විවේකයක් තිබුණේ නැහැ. කොහොම වුණත්, දෙදෙනාගේ සමීප මිතුරු මිතුරියන්ගෙන් නොඅඩුවම උණුසුම් සුබ පැතුම් ලැබී තිබුණා. සුබ පැතුම් සමග ඔවුන්ගෙන් ප්‍රශ්නයකුත් අභිෂේක්ටත් ඓශ්වර්යාටත් යොමු වී තිබුණා. ‘දැන් ඉතින් අවුරුදු හතරකුත් ගතවෙලා. කවදද ඔය දෙන්නා දරු සුරතල් බලන්නෙ?’ ඔන්න ඔය ප්‍රශ්නය යොමු වෙද්දී ඊට ප්‍රතිචාර දක්වන්නට අභිෂේක්වත් ඓශ්වර්යාවත් උනන්දු වුණේනැහැ.

සිව්වැනි විවාහ සංවත්සරය මහ ඉහළින් සැමරුවේ නැතත් තමන්ගේ පවුලට ලැදී සමීප කිහිප දෙනෙකු සහභාගිවූ නිවසේ පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයේදීත් ‘දරු සුරතල්’ ප්‍රශ්නය මතු වුණා. නමුත් ඊට පිළිතුරු නොදුන් අභිෂේක්, වෙන අතකට කතාව යොමු කළා. “අපි දෙන්නා මගේ අම්මයි තාත්තයි එක්ක හරිම සතුටින් කාලය ගත කරනවා. මට තාමත් හිතෙන්නෙ මම ඓශ්වර්යාව බැන්දෙ මේ ඊයෙ නැත්නම් පෙරේදා කියලයි. අපි දෙන්නා බැන්දයි කියල ජීවිත වෙනස් කරගත්තෙ නැහැ. එදා වගේම අදත් සැහැල්ලුවෙන් ඉන්නවා.”

”ඓශ්වර්යාගේ සතුට කවදාවත් අඩුවෙලා නැහැ. එයයි මමයි විවේක වෙලාවට ෆුට්බෝල් නැත්නම් ක්‍රිකට් මැච් එකක් බලනවා.”

අභිෂේක්ගේ මුවෙන් පිටවුණේ එවැනි වදන් වුවත් මිතුරු මිතුරියන් නැඟු ‘වැදගත්ම’ ප්‍රශ්නයට මේ වන විට පිළිතුරක් ලැබිලා. ඓශ්වර්යා මව් පදවිය ලබන්නට සූදානම් වෙන බවයි අලුත්ම ආරංචිවලින් කියැවෙන්නේ. මේ පිළිබඳව කරුණු විමසූ බොහෝ දෙනෙකුට ඓශ්වර්යා පැවසුවේ ඒ ආරංචියෙහි ඇත්තක් නැති බවයි. නමුත් පසුගිය 21 දා අමිතාබ් තම බ්ලොග් අඩවියෙහි සටහනක් තබමින් ප්‍රකාශ කළේ අභිෂේක් සහ ඓශ්වර්යා ළඟදීම දරු සුරතල් බලන්නට සූදානම් වන බවයි. තමන් නැවත වතාවක් සීයා කෙනෙකු බවට පත්වන බවත් ඔහු සතුටින් සටහන් කර තිබුණා.

මේ සටහන දස අත පැතිර යද්දී අභි - ඓශ් යුවළට නොකඩවාම සුබ පැතුම් ගලා එන්නට පටන් ගත්තා. විශේෂයෙන්ම බොලිවුඩ් සිනමාවේ අභිෂේක් සහ ඓශ්වර්යා ළඟින්ම ඇසුරු කරන ජනපි‍්‍රය නළු නිළියන්ගෙන් උණුසුම් සුබ පැතුම් ලැබුණා. ඒ අය අතරින් පි‍්‍රයංකා චොප්රා, රිටිෂ් දේශ්මුඛ්, සල්මන් ඛාන්, සොෆී චෞද්රි, රන්වීර් ෂෝරේ යන අය කැපී පෙනුණා. (සල්මන් ඛාන් මීට පෙර ඓශ්වර්යාගේ පෙම්වතා වී සිටි බව රහසක් නොවෙයි. 1999 දී ඇරැඹුණු මේ දෙදෙනාගේ ආදර කතාව නිමාවට පත්වුණේ 2001 දීයි)

ඓශ්වර්යා දරු සම්පතක් බලාපොරොත්තුවෙන් සිටීම නිසා දැනට ඇය රඟපාමින් සිටින චිත්‍රපටවල වැඩ කටයුතු නතර කරන්නට සිදුවේදැයි චිත්‍රපට අධ්‍යක්ෂවරු සැක පහල කරනවා. ඓශ්වර්යා අලුතින්ම රඟපාන චිත්‍රපටය, ‘හෙරොයින්’. මෙය අධ්‍යක්ෂණය කරන්නේ මධූර් භන්දර්කාර්. ඔහු දැන් තීරණය කර ඇත්තේ මේ චිත්‍රපටයේ රූපගත කිරීම් දින 45 කට නතර කිරීමටයි. ඒ ඓශ්වර්යාට ඇයගේ දෙමව්පියන්ගේ නිවසට ගොස් ඔවුන් සමග කාලය ගත කිරීමට ඉඩ සලසා දෙන්නටයි. මධූර් කලින් අදහස් කරගෙන සිටියේ ‘හෙරොයින්’ චිත්‍රපටයේ වැඩ කටයුතු නිමකර ලබන නොවැම්බරයේදී තිරගත කරන්නටයි. නමුත් ඓශ්වර්යා දැනට සිටින තත්ත්වය තුළ චිත්‍රපටයේ වැඩ ඒ වන විට නිම කරගන්නට හැකිවේදැයි කියන්නට බැහැ.

කොහොම වෙතත් ඓශ්වර්යා මධූර්ට දන්වා තිබුණේ ‘හෙරොයින්’ ට්ත්‍රපටයේ රූපගත කිරීම්වලට එක්වීමට තමන් සූදානම් බවයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා