ගමේ ආර්ථිකය ඉහළ නැංවීමට
මේ වසරේ රුපියල් මිලියන 16386 ක්

මේ වසර සඳහා මෙරට ග්‍රාමීය ආර්ථික සංවර්ධනයට රුපියල් මිලියන 16,386 ක මුදලක් වෙන් කොට තිබේ. ඒ යටතේ දේශීය ආර්ථිකයේ නවමු හා වේගවත් වර්ධනයකට මුල පිරෙනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. මුළු රටම ආවරණය වන පරිදි මාර්ග, විදුලිය, ජලය, කෘෂි, අධ්‍යාපන යනාදී සියලුම ක්ෂේත්‍ර නියෝජනය වන ලෙස දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළක් ඒ යටතේ ක්‍රියාත්මක කැරේ. මෙහිදී ගෘහ ආර්ථික ඒකක 1, 402, 300 ක් ඇති කිරීමට සැලසුම් කර ඇත. ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ උපදේශකත්වය හා මෙහෙයවීම මත මෙම මූල්‍ය ප්‍රතිපාදන මගින් රටේ ග්‍රාමිය ආර්ථිකය ඉහළ නැංවීම පිණිස දිවි නැගුම, ගම නැගුම, ළදරු පාසල් යන ක්ෂේත්‍ර ඔස්සේ ව්‍යාපෘති දස දහස් ගණනක් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන ඇතැයි ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.ඒ.ඒ.කේ. රණවක මහතා ‘සිළුමිණ’ ට කීය.

විස්තර »

පිළිකා රෝගවලින් පෙළෙන ළමයින්ට ප්‍රතිකාර කිරීම සඳහා යාපනයේ ඉදිකිරීමට යෝජිත වාට්ටුව සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් ‘තරණය’ යනුවෙන් පා ගමනක් සංවිධානය කැර තිබේ. එය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් දෙවුන්දරින් ආරම්භ කෙරිණ. මේ අවස්ථාවට මාස් ලීනියා ඇක්වා ප්‍රධාන විධායක සාරින්ද උනම්බුව, මාස් ඩිසයින් හි විධායක අධ්‍යක්ෂ නාදන් සිවගුරුනාදන් මාස් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ ඩයන් ගෝමස් ඇතුළු ව්‍යාපාරිකයෝ, ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඇතුළු විශාල පිරිසක් එක්වූහ. යාපනයේ ඉදි කැරෙන පිළිකා වාට්ටුව සඳහා වූ මුල්ගල නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් රැගෙන ගියේ මෙසේ ය. ඡායාරූපය - සුදම් ගුණසිංහ
 

බැංකුවේ යුතුකම අවශ්‍ය මොහොතේ මහජනතාවට උපකාර කිරිමයි

- ජනපති

මහජන බැංකුව බංකලොත් තත්ත්වයට වැටී ඇතැයි කියා එය විකුණා දැමිය යුතුය යන මතය යටපත් කොට නැවත ගොඩනඟන්නට හැකිවූ බවත් එය සතුටු විය හැකි කරුණක් බවත් බැංකුවේ 50 වැනි ජයග්‍රහණය සමරන මොහොතේ තවත් අවුරුදු 50ක අනාගතයක් වෙනුවෙන් ශක්තිමත් බැංකුවක් බවට පත්කරන්න කටයුතු කළ යුතු යයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කීය. ජනාධිපතිතුමා එසේ කියා සිටියේ මහජන බැංකුවේ 50 වැනි සමරුව නිමිත්තෙන් ගිය සිකුරාදා (1) අරලියගහ මන්දිරයේදී පැවැති උත්සවය අමතමිනි. තවදුරටත් කතා කළ ජනාධිපතිතුමා මෙසේ කීය. අපි කවුරුත් බැංකුවේ ඉතිහාසය සමඟ ලොකු බැඳීමක් තියනවා. එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ යුගයේ ටී.බී.ඉලංගරත්න ඇමැතිතුමා තමයි මහජන බැංකුව පිහිටුවනු ලැබුවේ.

විස්තර »

කොළඹ පවුල් 56000 ක් දිවි නැඟුමෙන් පොහොසත් කෙරෙති

කොළඹ දිස්ත්‍රික්කය ඇතුළත මේ වසරේදී ගෘහස්ථ ආර්ථික ඒකක 56000 කට ආසන්න ගණනක් ආරම්භ කරන බවත් එයින් පුද්ගලයන් ලක්ෂ දෙක හමාරකට පමණ සෙත සැලසෙන බවත් කොළඹ දිස්ත්‍රික් ලේකම් එස්. හපුආරච්චි මහතා පවසයි. ඒ අනුව කෘෂිකර්ම සංවර්ධනය යටතේ පවුල් 45177 කට ද ජලජීවී හා සත්ත්ව පාලන ක්ෂේත්‍රයේ පවුල් 3890 කටද ග්‍රාමීය කර්මාන්ත යටතේ පවුල් 7633 කට සෙත සැලසෙන බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

විස්තර »

‘තරණය’ දෙවුන්දර සිට ගමන් අරඹයි

යාපනය සහ මහරගම රෝහල්වල ළමා පිළිකා වාට්ටු ඉදිකිරීමට ආධාර එකතු කිරීමේ අරමුණින් දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා ‘තරණය’ නමින් පා ගමනක් පසුගියදා ආරම්භ කෙරිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹි මෙම පා ගමන සංවිධානය කර තිබුණේ ‘කලර් ඔෆ් කරේජ් ට්‍රස්ට්’ සංවිධානයයි.

විස්තර »

මෘදුකාංග නිර්මාණයෙන්
ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

පරිගණක තරග ජය ලැබූ නාලන්දාවේ ඉසුරු රාජපක්ෂ, උමේෂ් ජයසිංහ, සකුන්ත ගුණරත්න සහ විරාජ් කොඩිතුවක්කු ශිෂ්‍යයෝ ජයග්‍රහණය බෙදා හදා ගනිමින්.
ඡායාරූපය – විමල් කරුණාතිලක

විස්තර »

වෙළඳ දැන්වීම් . . . .

Navayugaya
 



 


 

 

 

 

o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o