හොඳ පාසල් සහ හොඳ නැති පාසල්

 
 

ගමේ ආර්ථිකය ඉහළ නැංවීමට මේ වසරේ රුපියල් මිලියන 16386 ක්

 
 

මොකක්ද මේ සුනඛ දේශපාලනය

 
 

රසායනික පොහොරවලට බැක්ටීරියා හොඳ ආදේශකයක්

 
 

මුල් පිටුව

 
 

විවේචන එල්ල වන්නේ වෙනස්කම් කරන විටයි

 
 

සතෙන් සතේ එකතු කර වෙහෙරක් තනා පූජා කළ නාලන්දා දරුවෝ

 
 

පංතියේ දෙවැනියා වුණේ එකම පාරයි

 
 

දුර ගමන් පෞද්ගලික බස් ආසන වෙන් කිරීම ඩයලොග් දුරකථනයෙන්

 
 

ලියුකේමියාව දරුවන් බහුලව ගොදුරු වන පිළිකා රෝගයයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

රණවිරු රියල් ස්ටාර් - 2 නොවැම්බර් මාසේදි ඇරැඹෙනවා

රණවිරු රියල් ස්ටාර් - 2 නොවැම්බර් මාසේදි ඇරැඹෙනවා

ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල් දේවපි‍්‍රය අබේසිංහ

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රවෘත්ති) වරයකු ලෙස රූපවාහිනියට පා තැබු ඔහු ඉන් පහළොස් වසරකට පසු එහි වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් වරයා බවට පත්වන්නේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ ද රාජකාරි කිරීමෙන් අනතුරුව. දේවපි‍්‍රය අබේසිංහ නම් ඔහු හා මේ කතාබහ රූපවාහිනිය හා බැඳුණු ඔහුගේ වෘත්තිය අත්දැකීම් අළලායි.

අද ජාතික රූපවාහිනියට තියෙන තැන ගැන ඔබ තෘප්තිමත් ද...

ජාතික වගකීමක් සහ ජාතික ප්‍රතිපත්ති ඇසුරේ විකාශය වන ජාතික රූපවාහිනිය වැඩිම ලාභ ලබමින් ඉතාම හොඳ තැනක ඉන්නව. ඊට වැඩි තෘප්තියක් කොහෙද?

ඒත් ‘රේටින්ග්ස්’ වලට අනුව නම් ජාතික රූපවාහිනිය හැමදාම පිටුපස්සෙ...

ඔය රේටින්ග්ස් කියන්නෙ අමු බොරුවක්. වංචාවක්. ඒ වංචාවට අනුව නම් අපි පිටුපස්සෙ. ඒත් හැම මාසෙම හෝ හැම වසරෙම ආදායම් අතින් අපි අංක එකේ. ආදායම් ලැබෙන්නෙ මිනිස්සු රූපවාහිනිය නරඹන නිසා. ඒ හින්දා ඔය රේටින්ග්ස් අපි තඹේකට මායිම් කරන්නෑ.

ඔය තරම් සහසුද්දෙට කොහොමද ‘රේටින්ග්ස්’ බොරුවක් කියන්නෙ...

මොකද බැරි. ඔය රේටින්ග්ස්වලට යොදාගන්නෙ කොළඹ නගරෙ තදාසන්න ප්‍රදේශයක ගෙවල් 350 ක වහලෙ අටවපු ‘පීපල්ස් මීටර්ස්’ කියන යන්ත්‍ර 350 ක්. ඒ අවට ගෙවල්වල මිනිස්සු රූපවාහිනි යන්ත්‍රවල චැනල් මාරු කරද්දි ඒ චැනලයට මේ මීටරයෙ ලකුණත් වැටෙනව. සමහර ගෙවල්වල ටී. වී දෙකක් තියල එක ටී. වී. එකක දවස පුරාම එකම චැනලයක් ක්‍රියාත්මක කරල තියෙනව. ඒ සඳහා ඒ නිවැසියන්ට අදාළ රූපවාහිනි සමාගමෙන් මුදල් ලැබෙනව. හැබැයි ගෙදර අනෙක් ටී. වී. එකෙන් නිවැසියො තමන්ට අවශ්‍ය වෙනත් චැනල් මාරු කර කර බලනව.

අවාසනාවකට අපේ රටේ රේටින්ග්ස් මනින ආයතන දෙක තුනක් තිබුණත් එක ආයතනයයි ක්‍රියාත්මක වෙන්නෙ. වෙළෙඳ දැන්වීම් ආයතන පිළිගන්නෙත් ඔය සමීක්ෂණ වාර්තාව. මේ රටේ මිනිස්සු තියා රූපවාහිනි ආයතනවල අපිවත් දන්නෑ ඔය ‘පීපල්ස් මීටර්ස්’ සවි කරල තියෙන්නෙ කොහේද කියල. ඔය නියැදියට තෝරා ගත්තු නිවාස 350 තියෙන තැන පවා රහසක් නම් ඒ තොරතුරුවල විනිවිද භාවයක් නැති බව පේනවනෙ.

ඉතින්, කොළඹ කොහේහරි තැනක ඔහොම අටවපු මැෂින් 350 කින් ගන්න වාර්තාවකින් කියන්න පුළුවන් ද මුළු රටම බලන්නෙ අහවල් චැනලය කියල තීරණය කරන්න. ඒකම තමයි බොරුව.

කවදාවත්ම අංක එකට එන්න රූපවාහිනියට බැරි වුණාද...

පහුගිය ලෝක කුසලානය විකාශය කළේ ජාතික රූපවාහිනිය පමණයි. එදා මුළු රටම රූපවාහිනිය වටා රොක්වුණු දවසක්. ඔබ දන්නවද... මේ රේටින්ග්ස්වලට අනුව එදත් අපි තුන්වැනි තැන. අනික තමයිධ්ජ්ඒ සම්මාන උලෙළ දවසෙම තමයි ලෝක පාපන්දු කුසලානය තිබුණේ. මේ දෙකම විකාශය කළේ ජාතික රූපවාහිනිය. එදත් අපි රේටින්ග්ස්වලින් පිටුපස්සෙ. ඒකෙන්ම තේරෙනවනෙ මේ මිනිස්සු කරන්නෙ අමු වංචාවක් කියල. ඒ හින්දා අපිට ඔය රේටින්ග්ස් මත්තෙ එල්ලීගෙන ඉන්න කිසිම උවමනාවක් නෑ. අපි ඉහළම ආදායම් වාර්තා කරමින් හොඳ දේ පමණක් රටට දෙමින් අපේ ගමන යනවා.

වෙනම විකාශන වෙලාවක් යටතේ අලුත් ටෙලි නාට්‍යයකුත් පටන් අරන්...

ඔව්. ඒ ඇත්කඳ ලිහිණි ටෙලි නාට්‍යය. අපේ ඉතිහාසය හා බැඳුණු බොහොම නිර්මාණශීලි හොඳ ටෙලි නාට්‍යයක්. රාත්‍රි 8.30 තමයි අපේ ප්‍රධාන ටෙලි නාට්‍ය විකාශන කාලය.

ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් පත් කළ විද්වත් කමිටුවක් නරඹල අනුමැතිය ලබපු ඉහළ ප්‍රමිතියක් ඇති නාට්‍ය පමණයි 8.30 ප්‍රධාන ටෙලි නාට්‍ය විදියට තෝරා ගන්නෙ. ඒ වගේම සෙනසුරාදා සහ ඉරිදටත් රාත්‍රී 9.00 ට එවැනි හොඳ ටෙලි නාට්‍යයක් වෙනුවෙන් අපි ඉඩක් වෙන් කළා. ඒ අනුවයි ‘ඇත්කඳ ලිහිණි’ පටන් ගත්තෙ.

ඇයි ඉතින් ඒ දේට මෙච්චර කල් පමා වුණේ...

අපේ ටෙලි නාට්‍යවල උපරීම කාලය කොටස් 100 යි. හැමදාම ගියත් 100 න් ඉවරයි. ඒ නිසා අපි මෙගා රැල්ලට වැටෙන්නෙ නැහැ. තෝරා ගත්තු වෙලාවල් කිහිපයකට මෙතෙක් එහෙමයි ටෙලි නාට්‍ය විකාශය වුණේ. ඉතින් පමා වුණේ රණවිරු රියල් ස්ටාර් අවුරුද්දකට කිට්ටු කාලයක් විකාශය වූ හින්දා. රණවිරුවන් වෙනුවෙන් මේ තරම් ඉඩක් වෙන් කරපු එකම චැනලයත් අපි.

කොහොමද රණවිරු රියල් ස්ටාර් වෙනුවෙන් ලැබුණු ප්‍රතිචාර...

ලෝකයේ ප්‍රථම මිලිටරි රියැලිටි වැඩසටහන නිෂ්පාදනය කරල විකාශය කරන්න ලැබීම අපිට ලොකු ගෞරවයක්. ඒ වෙනුවෙන් අපි විශාල පිරිවැයක් දැරුවා. නමුත් ඒ අවසන් වැඩසටහන ලංකාවෙ අංක එකේ සංගීත ප්‍රසංගය වුණා. ඒ සතුට තවම දැනෙනව.

මොකද තවමත් මිනිස්සු ඒ ගැන කතා කරන නිසා. අනික මෙය ආරම්භයේ පටන් බොහොම විනිවිද භාවයකින් පවත්වාගෙන ගිය වැඩසටහනක්.

හැබැයි සුපුරුදු පරිදි කාන්තා නියෝජනය අතරමඟදී හලා දැම්මා.

ඒක කළේ අපි නෙවෙයි. එස්. එම්. එස්. හැම සතියෙම එස්. එම්. එස්. මනාප ලක්ෂ 5 ක් පමණ ලැබුණා. අවසාන තරගයේදී එස්. එම්. එස්. ලක්ෂ 20 ක්. මේවා ගණනය කෙරුණේ ඒ තරග කරුවන්, කාරියන් නියෝජනය කරන ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් කණ්ඩායමක් සහ විනිශ්චය මණ්ඩලය ඉදිරියේ.

විනිශ්චය මණ්ඩලය සිය ලකුණු ලබා දුන් පෑන පවා විශේෂ ඉලෙක්ට්‍රොනික් පෑනක්. ඒවා කෙළින්ම පරිගණක ගත වෙන විදියටයි සකසා තිබුණේ.

අඩුම තරමින් දීපු ලකුණක් වෙනස් කරන්නවත් මේ නිසා අවස්ථාවක් තිබුණේ නෑ. කොහොම වුණත් අපිත් ආසාවෙන් හිටියා කාන්තාවක් අවසාන වටයට තරග වදී කියල. එහෙම වුණානම් එය තරගයට තවත් ආලෝකයක් වන්නට තිබුණා.

රණවිරු රියල් ස්ටාර් දෙවැනි වටය මීට වඩා වෙනස් ස්වරූපයක් ගනීද...

අනිවාර්යෙන්. ආරක්ෂක අමාත්‍යාංශය එක්ක, ගරු ආරක්ෂක ලේකම් තුමා එක්ක මේ දවස්වල ඒ පිළිබඳ සාකච්ඡා කෙරෙමින් පවතිනවා. තරගයේ ස්වරූපය සහ තෑගි ප්‍රමාණය මෙවර වඩාත් විශාල වෙනව. එය ගිය වරටත් වැඩිය උණුසුම් තරගයක් වේවි. ලබන නොවැම්බරයේ රණවිරු රියල් ස්ටාර් -II ඇරැඹෙනවා.

නව සභාපතිවරයකුගේ පැමිණීමත් එක්ක ජාතික රූපවාහිනිය ඉදිරියේදී වෙනස් වෙන්නෙ කොහොමද...

ප්‍රවීණ මාධ්‍යවේදියකු වන මොහාන් සමරනායක මහත්මා සභාපති ධුරයට ඇවිත් තවම සති තුනයි. රාත්‍රි 10.00 ඉංගී‍්‍රසි ප්‍රවෘත්ති විකාශයක් ඇරැඹුවේ ඔහුගේ යෝජනාවකට අනුව. භාෂා නිපුණතාව සහ ජනතාවට ඉංගි‍්‍රසි ප්‍රවෘත්ති සමීප කරවීම එහි එක් අරමුණක්. ඉදිරියේදී වැඩසටහන් අතින් තව බොහෝ වෙනස්කම් සිදු වේවි.

රූපවාහිනි ක්ෂේත්‍රයේ ඔබේ පසුබිම මොන වගේ එකක් ද...

මං ඉපදුණෙ හැදුණේ වැඩුණේ, තංගල්ලෙ. අධ්‍යාපනය ලැබුවෙ හුංගම විජයබා මධ්‍ය මහ විදුහලින්. පේරාදෙණිය සරසවියෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබල, ශාස්ත්‍රපති උපාධිය ගත්තෙ කැලණි විශ්ව විද්‍යාලයෙන්. ඩි. බී. නිහාල්සිංහයන්ගෙ ටෙලිසිනේ ආයතනයේ වැඩ කරල රූපවාහිනි ක්ෂේත්‍රයට පා තැබුවෙ ජාතික රූපවාහිනියෙන්. ඒ ප්‍රවෘත්ති අංශය නියොජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විදියට. ඒ පටන් ගත් ගමන තමයි මේ. ජාතික රූපවාහිනියෙ පරිපාලනයට සහ විකාශයට අදාළ සියලු කටයුතු අධීක්ෂණය කිරීම තමයි අද මගේ රාජකාරිය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා