හොඳ පාසල් සහ හොඳ නැති පාසල්

 
 

ගමේ ආර්ථිකය ඉහළ නැංවීමට මේ වසරේ රුපියල් මිලියන 16386 ක්

 
 

මොකක්ද මේ සුනඛ දේශපාලනය

 
 

රසායනික පොහොරවලට බැක්ටීරියා හොඳ ආදේශකයක්

 
 

මුල් පිටුව

 
 

විවේචන එල්ල වන්නේ වෙනස්කම් කරන විටයි

 
 

සතෙන් සතේ එකතු කර වෙහෙරක් තනා පූජා කළ නාලන්දා දරුවෝ

 
 

පංතියේ දෙවැනියා වුණේ එකම පාරයි

 
 

දුර ගමන් පෞද්ගලික බස් ආසන වෙන් කිරීම ඩයලොග් දුරකථනයෙන්

 
 

ලියුකේමියාව දරුවන් බහුලව ගොදුරු වන පිළිකා රෝගයයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

මෙරට උසම වෙසක් තොරණ

මෙරට උසම වෙසක් තොරණ

මේ ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදි කරන ලද උසම වෙසක් තොරණය. යශෝධරා ජීවන චරිතය රැගත් මේ තොරණේ උස අඩි 72කි. පළ අඩි 105කි. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ ශ්‍රී ලංකාවේ එකම තැනෙක හිඳ වැඩිම පිරිසක් නැරඹූ වෙසක් තොරණ ලෙස ද එය ඉතිහාසගත වීමය.

මේ දර්ශනීය තොරණ ඉකුත් වෙසක් සමයේදී කොළඹ ගාලු මුවදොර දී ප්‍රදර්ශනය කෙරිණ. ඉන් අනතුරුව එය පසුගිය පොසොන් පොහොය සමයේදී අම්බලන්තොට ප්‍රදේශයට රැගෙන ගොස් එහි ද ප්‍රදර්ශනය කළ අතර ප්‍රේක්ෂකයන්ගේ නොමඳ පැසසුමට ද එය ලක් විය.

මේ තොරණ ඉදිකිරීමට මූලික වූයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ප්‍රසන්න කලුතරගේ මහතා ඇතුළු කණ්ඩායමකි. තොරණ ඉදිකිරීම සම්බන්ධයෙන් ප්‍රසන්න කලුතරගේ මහතා පළ කරනුයේ මෙවැනි අදහසකි.

”2600 සම්බුද්ධත්ව ජයන්ති පුණ්‍ය මහෝත්සවය යෙදුණේ ගිය වෙසක් පෝයදා. මෙදාට මතකයේ රැඳෙන දෙයක් කරන්න ඕනෑය කියලා අපි කල්පනා කළා. ඒ අනුව තමා උසම තොරණ නිර්මාණය කෙරුණේ. මර්වින් සේනාරත්න මහතා තොරණේ කථා ප්‍රවෘත්තිය ලියලා දුන්නා. දක්ෂ ශිල්පීන් චිත්‍ර ඇන්දා. විදුලි බල්බ 67,000ක් තොරණට ඇතුළත් කළා.

මේ තොරණ හැදුවේ ත්‍රිකුණාමලයේ. එතැන සිට කොළඹ ගාලු මුවදොරට ගෙනාවා. ලොකුම අභියෝගය වුණේ තද සුළඟට ඔරොත්තු දෙන ආකාරයට තොරණ නිර්මාණය කිරීමයි. මේකට වියදම රුපියල් ලක්ෂ 53ක් විතර වුණා. කොහොම නමුත් ඒ කටයුත්ත සාර්ථක වුණා. වෙසක් කාලයේදී කොළඹට ඇදී ආව ලක්ෂ ගණන් සෙනඟ ගාලු මුවදොර පිටියටත් ආවා.

ඒ හැමෝම වගේ මේ තොරණ නැරඹුවා. තොරණ නිර්මාණය කළාටත් වඩා ලොකු සතුටක් භුක්ති වින්දේ එය නරඹන පිරිස දැක්කහමයි. වෙසක් උත්සවය හමාර වීමත් එක්කම මේ තොරණ අම්බලන්තොටට ගෙන යන්න කියලා ඉල්ලීමක් ආවා. ඒ අනුව තොරණ එහේ පොසොන් කලාපයටත් අරගෙන ගියා. අපේ ශ්‍රමය අපතේ නොගිය බවට මේ සිද්ධියත් හොඳ උදාහරණයක්.” ඔහු තවදුරටත් සඳහන් කළේ ලබන වසරේදීත් කාලයක් මතකයේ රැඳෙන දැවැන්ත තොරණක් ඉදිකිරිමට සූදානම් වන බවයි.

පූජේමි බුද්ධං CD තැටිය එළි දුටු දා

සංගීතවේදී සරත් ගුණවර්ධන විසින් පද රචනය, තනු සහ සංගීත නිර්මාණය කළ ‘පූජේමි බුද්ධං’ සංගත තැටිය පසුගියදා සම්බෝධි විහාරාධිපති පූජ්‍ය පණ්ඩිත දරණගම කුසධම්ම නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් එළි දැක්විණි.

එහිදී ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව් ඩී. අමරදේවයන්ට ‘පූජේමි බුද්ධං’ මුල්ම තැටිය පිරිනැමූ අයුරු.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා