‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


උතුරාගිය දරු සෙනෙහසින් ඉදිකළ වතුරුවා පුදබිමේ රන් වෙහෙර

උතුරාගිය දරු සෙනෙහසින් ඉදිකළ වතුරුවා පුදබිමේ රන් වෙහෙර

ඓතිහාසික කතරගම පුරවරයේ බෞද්ධ පූජනීය ස්ථාන ගණනාවක් තිබේ. කිරි වෙහෙර, තිස්සමහාරාම මේ අතරින් ප්‍රධාන තැනක් ගනී. කතරගම වැඳ පුදා ගන්නට යන බැතිමතුන් කිරි වෙහෙර බිමේ වැඩි වේලාවක් රැඳී චෛත්‍යය වන්දනා කරන්නට පෙලඹෙන්නේ සිතට දැනෙන අසීමිත සුවදායක බව නිසාවෙනි.

අනතුරුව කතරගම දෙවියන් වැඳ පූජා වට්ටි පුද පඬුරු පූජා කොට බාර හාරවලින් නිදහස් වී ආපසු එන ගමනේදී සෙල්ල කතරගම කන්ද උඩ පිහිටි විහාරස්ථානයට ගොස් බුදුන්වැඳ ඉන්පසු එහි පහළ පිහිටි ගණදෙවි කෝවිලෙන් ආශිර්වාද ලබා ගැනීම සාමාන්‍ය පිළිවෙතයි.

අද අප ඔබ සමඟ මේ ගමන් කරන්නට සූදානම් වන්නේ මේ පුරවරයේ පිහිටි තවත් ඓතිහාසික පින් බිමක් වෙතය. එය නමින් සෙල්ල කතරගම කරිවිලේ වතුරුවා රජමහා විහාරයයි. මෙය රෝහණ රාජධානියේ උතුරු කෙළවරේ පිහිටි පුරා විද්‍යාත්මකව මෙන්ම ඓතිහාසිකවද අතිශයින් වැදගත් පුණ්‍ය භූමියකි.

මේ පින්බිම කරුණු තුනක් හේතුවෙන් අපට ඉතාමත් සුවිශේෂී වෙයි. ඉන් පළමුවැන්න නම් දුටුගැමුණු නිරිඳුන් තුන් සිංහලයම එක්සේසත් කිරීම සඳහා සිව් රඟ සේනා සමඟ අනුරාධපුරය බලා පිටත්ව ගොස් ඇත්තේ මෙම විහාරස්ථානයේ වැඩ හිඳින වෙහෙර වැඳ ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුවයි.ඉන්පසු මෙම විහාරස්ථානය අසලින් ගලා බස්නා මැණික් ගඟ වතුරුවා තොටුපළින් තරණය කර බුත්තල දෙසට ජයග්‍රාහී ගමන ආරම්භ කර ඇති බව ඉතිහාසයේ සඳහන් වෙයි.

දෙවැනි කාරණය වන්නේ මෙම විහාරස්ථානයේ ඇති පූජනීය වූත් ඓතිහාසික වූත් වැදගත් කමයි.‍

මෙම ඓතිහාසික තොරතුරු පිළිබඳව පැහැදිලි කර දීමට ඉදිරිපත් වූයේ මෙම විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති ලෙස වැඩ හිඳින පූජ්‍ය දෙනගම ධම්මරතන ස්වාමීන් වහන්සේය.

‘‘මෙම පූජා භූමිය රුහුණු රාජධානියේ උතුරු කෙළවරේ පිහිටා තිබෙන පුරා විද්‍යාත්මකව මෙන්ම ආගමිකවත් ඉතාම වැදගත් ස්ථානයකි. මේ ස්ථානය පිළිබඳව පාලි රසවාහිනිය ලංකාදීප උත්පත්ති කතාවේදී සඳහන් වන්නේ 'වස්තුර ආර වෙහෙර' නමිනි. ඒ අනුව මෙය ඉතාම වැදගත් පෞරාණික වෙහෙරක් බව සනාථ වනවා. ඒ වගේ ම මෙම චෛත්‍යය දෙවැනි පෑතිස් රජ සමයත් - දුටුගැමුණු රජ සමයත් අතර ඉදිවූ 'ක්ෂුද්‍ර චේතිය' සම්ප්‍රදායට අයත් වෙනවා.මෙහි ඇති ඓතිහාසික සාධක අනුව මහානාග මහ නිරිඳුන් විසින් කරවන ලද බවටයි විශ්වාස කරන්නේ. මෙම භූමියේ ඇති ටැම්පිට විහාරයේ ශේෂ වූ ගල්ටැම්, ටැම් ලිපි මෙන් ම විහාර භූමිය පුරා විසිරී තිබෙන ප්‍රාකාර බැමි, සුසාන, වළං කැබැලි, උළු කැබැලි ආදිය පුරාවස්තු අතර ප්‍රධාන තැනක් ගන්නවා.‘‘

දෙනගම ධම්මරතන හිමි

මෙම ඓතිහාසික පින් බිමට ඇතුළුවන ස්ථානයේ වම් පසින් රන්වන් රැස් විහිඳුවන ස්වර්ණ වර්ණ චෛත්‍යයකි.

වතුරුවා පූජා භූමියට පිවිසෙන කෙනකුගේ සිතට මෙම චෛත්‍යරාජයාණන් දැකීමත් පුදුම සහගත පින් සිතිවිලි පහළ වනු ඇත. මෙය නම් කර ඇත්තේ 'යස්වන්ත් ස්වර්ණ චෛත්‍යය' නමිනි. පන්සල් භූමියට පිවිසෙන විට නෙත ගැටෙන මෙම චෙත්‍යය වෙත පිවිසීමට මකර තොරණක ආකෘතියකට තොරණක් ඉදිකර තිබේ. එයින් ඇතුළුවන විට නෙත ගැටෙන ගල් පුවරුවකි. එහි ඇති ඡායාරූපයේ සිටින්නේ ඇලෙස්ටයාර් යස්වන්ත් සේනානායක තරුණයායි. මෙම ස්වර්ණ චෛත්‍යය ඉදිකර ඇත්තේ ඔහුගේ නමිනි.

“මෙම චෛත්‍යය ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වර්ණාලේපිත චෛත්‍යයයි. අඩි 72ක් උසට අඩි 136 ක වට ප්‍රමාණයකින් යුතුව තනා ඇති මේ චෛත්‍යයේ කොත්වහන්සේ චූඩා මාණික්‍යය සමඟ අඩි 65 ක් උසයි. පළඳවා ඇති චූඩා මාණික්‍යයගෙන්වා තිබෙන්නේ චෙක් රාජ්‍යයෙන්. මෙය ලංකාවේ උසම චූඩා මාණික්‍යය සහිත රන් සෑය බවත් කියන්න ඕන. මෙම චූඩා මාණික්‍යය අඟල් 32 ක් උසයි.කොත් වහන්සේ රන් ආලේප කර ඇත්තේ රන් පවුම් 65 කින්.

යස්වන්ත් සේනානායක

මෙම චෛත්‍යය ගොඩනඟා ඇති ගඩොල් ලෙඩි පිස්ටල් පාෂාණයේ තනා ඇති අතර මෙම රත්තරන් තායිලන්තයෙන් ගෙන්වා ආලේප කර තිබෙනවා. මේවා වසර සිය ගණනකින් වුවත් යළිත් පිරියම් කරන්න ඕන නැහැ.

මෙය තනා නිම කිරීමට රුපියල් කෝටි 15කටත් අධික මුදලක් වැය වී ඇති අතර, ඒ සා විශාල ධනස්කන්ධයක් වැය කර මේ චෛත්‍යය ඉදිකර පූජා කිරීම පිළිබඳවත් ඉතාමත් සංවේදී කතා පුවතක් තිබෙනවා.

මෙම චෙත්‍යය ඉදිකළ සම්පත් බැංකුවේ හිටපු සභාපතිවරයකු වන ආතර් සේනානායක සහ එඩ්නා සේනානායක දෙපළගේ පුතා තමයි ඇලෙස්ටයාර් යස්වන්ත් සේනානායක කියන්නෙ. එම තරුණයා 1989 නොවැම්බර් 02 වැනි දින උපත ලැබූ කෙනෙක්. ආතර් මැතිතුමන්ලා පදිංචිව සිටියේ කොළඹ. ඔවුන් මේ කිට්ටුව නව නිවෙසක් තනා පදිංචි වෙලා සිටියා. විදෙස් රටවල සිටි මේ යස්වන්ත් තරුණයා මවුබිමට පැමිණි සෑම අවස්ථාවකදීම මෙම විහාරස්ථානයට පැමිණීමට අමතක කරන්නේ නෑ. ඒ එන අතරදී මෙහි බෝධි ප්‍රාකාරය කැඩී ඇති බව දැක එය පිළිසකර කර දීමට කටයුතු කළා.

ඒත් හදිසියේ ම මෙම තරුණයා ඩෙංගු රෝගය වැලඳීමෙන් 2012 මැයි මාසයේ 31 වැනිදා මෙලොවින් සමුගත්තා. තමන්ගේ තරුණ පුතා අකාලයේ මෙලොව හැර යාමෙන් පසු උතුරා ගිය දරු සෙනෙහසින් ආතර් මහත්මයා‍ත් එම මහත්මියත් මෙම රන් වෙහෙර තනා පූජා කළා.

මෙම වෙහෙර ගර්භයට ඇතුළු විය හැකි ලෙස තමයි තනා තිබෙන්නේ. මෙම වෙහෙර ගර්භයේ තැන්පත් කර තිබෙන්නේ ශ්‍රී දළදා වහන්සේගේ එම ප්‍රමාණයේ ම රන් අනුරුවක්. සෙංකඩගලප‍ුරේ වැඩ වෙසෙන වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ මෙන් ම සෝමාවතී චෛත්‍යයේ වැඩ වෙසෙන දකුණු දන්ත ධාතූන් වහන්සේ ඇසුරේ සති කීපයක් පුද සත්කාර ලබා ගැනීමෙන් පසුව තමයි මේ රන් දළදා වහන්සේ මෙහි තැන්පත් කළේ.ඒ වගේම මෙම චෛත්‍යය වටේ තැන්පත් කර ඇති බුද්ධ ප්‍රථිමා වහන්සේලා තිනමත් සුවිශේෂී වනවා.

එම පිළිම නිර්මාණය කර ඇත්තේ ජේඩ් පාෂාණයෙන්. බුදු හිමි වස්සාන,හේමන්ත සහ ගිම්හාන යන සෘතු තුනට රන් චීවර පළඳවන ආකාරය ඉන් නිරූපණය කෙරෙනවා. තායිලන්තයේ රාජ්‍යත්වයේ සහ සෞභාග්‍යෙයේ සංකේතය ලෙස පූජනීයත්වයට පත් තායිලන්ත රාජ මාලිග විහාරස්ථානයේ ඇති ශ්‍රී ලංකාවෙන් වැඩමවන ලද මරකත මැණිකකින් නිර්මාණය කරන ලද එමරල්ඩ් බුද්ධා ප්‍රථිමාවේ අනුරුවක් ආකාරයට තමයි මෙම ප්‍රථිමා තනා තිබෙන්නේ.මෙම තුන් නම එකම ස්ථානයකදී වන්දනා කර ගත හැක්කේ මෙම විහාරයේ දී පමණයි.“

චෛත්‍යයේ තොරතුරු පවසමින් උන්වහන්සේ අපට එය වැඳ පුදා ගන්නට ආරාධනා කළහ.

මෙම චෛත්‍යය ගර්භයට ඇතුළු වීමට අවසර ඇත්තේ සුදු ඇඳුමින් සැරසී පමණි. එසේ නොවන අයට ඇඳ ගැනීමට සුදු රෙදි ලබාදීමට කටයුතු කරයි. අපි චෛත්‍යය ගර්භයට ඇතුළුවී රන් දළදා වහන්සේ වැඳ ගතිමු.

තිසරණ සහිත පංචශීලය සමාදන්ව රන් දළදා වහන්සේ වැඳ පුදාගත් අප ලබාගත් පින් අකාලයේ මෙලොව හැර ගි යස්වන්ත් තරුණයාගේ භවගාමී ජීවිතය සුවපත් වීමටත්,ඔහුට නිවන් සුව ලබා ගැනීමට එම පින් හේතු වන ලෙසටත් අනුමෝදන් කළෙමු.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්