‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


මායා දිවයින ජාතික රූපවාහිනියේ

මායා දිවයින ජාතික රූපවාහිනියේ

මුලින්ම අභ්‍යවකාශ යානා පිළිබඳ සිහිනය ජනිත කළ ජූල්ස් වර්න් යන විශිෂ්ට ප්‍රංශ ලේඛකයාගේ එකසිය අසූ අට වැනි උපන් දිනය යෙදී ඇත්තේ පෙබරවාරි 8 වැනිදාටයි. ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉංග්‍රීසි බසින් ග්‍රන්ථ ලියූ ලේඛකයන් අතරින් අගතා ක්‍රිස්ටි, විලියම් ශේක්ස්පියර් අතර සමතැන්හි සිටින ඔහු ලොව වඩාත්ම පරිවර්තනය වුණු කෘති හිමි ලේඛකයන් අතරින් දෙවැනි තැන ගන්නේය. ඔහුගේ විශිෂ්ට නිර්මාණයක් වන 'මිස්ටීරියස් අයිලන්ඩ්' කෘතියේ ටෙලි නිර්මාණයක් 'මායා දිවයින' නමින් දැන් ජාතික රූපවාහිනියෙන් සඳුදා සිට සිකුරාදා දක්වා පස්වරු 6.30 ට විකාශය කෙරේ.

මිස්ටීරියස් අයිලන්ඩ් 1995 දී කැනඩාවේ විකාශය කරන ලද අතිශය ජනප්‍රිය වූ නාට්‍ය මාලාවකි. ජූල්ස් වර්ෂ 1874 දී ලියූ මිස්ටීරියස් අයිලන්ඩ් පාදක කර ගෙන විද්‍යාව හා වීරත්වය එක්කර රස විඳිය හැකි සේ මෙය නිර්මාණය කර තිබේ. මෙහි ෆ්‍රෑන්ක් වයිට්න්, කොලට් ස්ටීවන්සන්, ඇලන් ස්කාෆ්, සී. ඩේවිඩ් ජොන්සන්, ස්ටෙෆන් ලොවට්, ගෝඩන් මයිකල් වුල්වට්, ඇන්ඩි මාෂල්, ජෝන් බැක් යන නළු නිළියෝ රංගනයෙන් දායක වෙති.

ජූල්ස්ගේ 'මිස්ටීරියස් අයිලන්ඩ්' සිනමාවට නැ‍ඟෙන්නේ වර්ෂ 1916 තරම් දුරාතීතයේ සිටය. නිහඬ සිනමාවේ සිට කථානාද සිනමාව දක්වා මෙය 1929, 1941, 1951, 1961 වසරවලදී සිනමාවට නැඟී තිබේ. 1967 දී ක්‍රියාදාම සජීවීකරණ සිනමා පටයක් ලෙසින් කේරල් සීමන් නම් චෙකොස්ලෝවැකියානු සිනමාවේදීයා මිස්ටීරියස් අයිලන්ඩ් තිරයට රැගෙන ආවේය. මුලින්ම රූපවාහිනී මාලා නාටකයක් ලෙස 'මිස්ටීරියස් අයිලන්ඩ්' නිර්මාණය වන්නේ 1973 දීයි. දැනට පස් වරක් පමණ මෙය රූපවාහිනී නාට්‍ය මාලාවන් ලෙස විකාශය වී තිබේ.


Guitar Fest 2016 අද රාජකීය විදුහ‍ලේදී

ශ්‍රී ලාං‍කේය ගිටාර් සංගමය 6 වැනි වරටත් සංවිධානය කරන 'Guitar Fest 2016' ගිටාර් සංගීත සැඳෑ ප්‍රසංග මාලාව 24 (අද) සිට 27 වැනිදා දක්වා කොළඹ, කුරුණෑගල, යාපනය සහ මිහින්තලේ නගරවල පැවැත්වේ.

මෙහි ආරම්භක ප්‍රසංගය අද (24) සවස 5.00 ට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ රාජකීය විද්‍යාලයීය නව රඟහලේදී පැවැත්වේ.

කියුබානු තානාපති ෆ්ලෝරෙන්ටිනෝ බැටිස්ටා ගොන්සාලෙස් මහතා, ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා රාජේ ශ්‍රී බෙහේරා මහත්මිය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනුෂා ‍ගෝකුල ප්‍රනාන්දු මෙනෙවිය ඇතුළු ආරාධිතයින් රැසක් සහභාගි වෙති.


මංගලගේ චිත්‍ර ප්‍රදර්ශනය මාතරදී

බොල්පොයින්ට් වර්ණ චිත්‍රකලාව ලෝකයට හඳුන්වාදුන් ජනාධිපති සම්මාන ලාභී චිත්‍රශිල්පී මංගල මදනායක ගේ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය ලබන 28 සහ 29 දෙදින මාතර නූපේ පැරැණි ඕලන්ද ගොඩනැගිල්ලේදී පැවැත්වේ‍‍. ඔහුගේ නිර්මාණ 60ක් පමණ ප්‍රදර්ශනයට ඉදිරිපත් කරයි.මංගල මදනායකගේ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය මාතරදී


විජේසිරි වීරක්කොඩිට සම්මානයක්

රුවන් විජයවර්ධන සංස්කෘතික පදනම ප්‍රථව වරට සංවිධානය කළ 'රුවන් විජයවර්ධන සහෘද සම්මාන 2015' අවසන් වටයේ හොඳම ළමා නාට්‍ය ලෙස විජේසිරි වීරක්කොඩි නිෂ්පාදනය කළ ආනන්ද ප්‍රකාශ් මුදලිගේ අධ්‍යක්ෂණය කළ 'දිට්ඨධම්ම' නාට්‍යය දෙවැනි ස්ථානය හිමිකර ගන්නා ලදී. හේලි ජුවලර්ස් අධිපති චිත්‍රපට නිෂ්පාදක හා අධ්‍යක්ෂ සුනිල් අරුණ වීරසිරි අතින් විජේසිරි වීරක්කොඩි ජූරියේ විශේෂ සම්මානය ලබාගත් අයුරු.


'නර්තන සෙව්වන්දි‍' නර්තන දැහැන

ලක් දෙරණේ සුවහසක් හෘද රෝගී දරුවන් වෙනුවෙන් දියත් කළ Children's Heart Project ව්‍යාපෘතියේ අරමුදලට ආධාර පිණිස නර්තන විශාරද වෛද්‍ය උදුම්බරා සෙව්වන්දි කුමාරි විසින් 'නර්තන සෙව්වන්දි' නමින් ගෙන එනු ලබන නර්තන දැහැන ලබන 30 වන සෙනසුරාදා සවස 6.00ට මරදාන ටවර් රඟහලේදී පැවැත්වේ.


අමිතා වැදිසිංහගේ ඒක පුද්ගල ගී ප්‍රසංගය 30 දා

ප්‍රවීණ ගායිකාවක මෙන්ම සංගීත ගුරුවරියකද වන අමිතා වැදිසිංහගේ සංගීත දිවියේ පනස්වන

සැමරීම වෙනුවෙන් ඉදිරිපත් කරනු ලබන ‘අනෝතත්තවිල' ඒක පුද්ගල ගී ප්‍රසංගය මේ මස 30 වැනිදා

සවස 6.30ට ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී පණ්ඩිත් ඩබ්.ඩී.අමරදේවයන් සහ

කතානායක කරු ජයසූරිය මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. මෙහිදී යුග ගායනයෙන් ජගත් වික්‍රමසිංහ,උපාලි කරුණාරත්න, අමල් පෙරේරා සහභාගි වන අතර අමිතා වැදිසිංහ ගායනා කරන ලද ජනප්‍රිය ගීත රැසක් මෙහිදී ගායනා කිරීමට නියමිතය.


‘පෙම් යුවලක් ඕනෑකර තිබේ‘ 29දා

අඩු ආදායම්ලාභී විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ ශිෂ්‍යත්ව අරමුදලට ආධාර පිණිස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ 1986/1987 ආදී විද්‍යාර්ථින්ගේ සංගමය මඟින් උදයසිරි වික්‍රමරත්නගේ 'පෙම් යුවළක් ඕනෑකර තිබේ' නාට්‍යය ලබන 29 වැනි සිකුරාදා 6.30 ට බොරැල්ල නාමෙල් මාලිනී පුංචි රඟහල තුළ රඟ දැක්වේ.


'සඳ තාරකා' 29දා ටවර් රඟහලේදී

දශක තුනක් පුරා සංගීත ක්ෂේත්‍රයේ රැඳී සිටින නිමල් ගමගේ ගේ 'සඳ තාරකා' ගීත ප්‍රසංගය 15 වැනි වරටත් ලබන සිකුරාදා (29) ටවර් රඟහලේදී පැවැත්වේ.

නිමල්ගේ ගීත සඳහා මෙතෙක් ස්වර නිර්මාණයෙන් සරත් ද අල්විස්, උපාලි කන්නන්ගර, අර්නස්ට් සොයිසා, ජගත් වික්‍රමසිංහ, අජිත් ජයවීර, චන්දන වැලිකල, රෝහණ වීරසිංහ, එච්.එම්. ජයවර්ධන, නවරත්න ගමගේ, සරත් ප්‍රනාන්දු, කසුන් කල්හාර, සු‍රේශ් මාලියද්දේ, සමන්ත පෙරේරා, සිදත් සෝමසුන්දර සහ ආනන්ද පෙරේරාත් ගීත රචනයෙන් යාපා බණ්ඩාර සෙනෙවිරත්න, වර්නන් පෙරේරා, හේමසිර වල්පිට, අජන්තා රණසිංහ, කුමාරදාස සපුතන්ත්‍රී, නිලාර් එම්. කාසිම්, ධර්මරත්න පෙරේරා, ප්‍රේමකීර්ති ද අල්විස්, ගයා රම්‍ය අල්විස්, අමරසේන කංකානම්ගේ, නිමල් ගමගේ, විමල් රූබසිංහ, නලින් පලිහේන, ශාන්ත දේශබන්දු දායක වී ඇත.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්