‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


රඟපෑම ඉගැන්විය හැකි දෙයක් නෙමෙයි

රඟපෑම ඉගැන්විය හැකි දෙයක් නෙමෙයි

ප්‍රවීණ රංගන ශිල්පී හේමසිරි ලියනගේ

හේමසිරි ලියනගේ අපට සිටින අතිශය ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පියෙකි. රූපවාහිනිය සහ සිනමාව තුළ මෙන්ම වේදිකාව මත ද ඔහු ඉදිරිපත් කළ රංගනයන් බොහෝ අවස්ථාවල සම්මානයට පාත්‍ර වී ඇත. පසුගිය දිනෙක අප හේමසිරි ලියනගේ කලාකරුවා හමු වූයේ ඔහුගේ රංගන දිවියේ අතීත සහ වර්තමාන තොරතුරු පිළිබඳව විමසා බලන්නටය.

“මගේ ගම හොරණ නාහල්ල. මගේ දෙමවුපියන්ට ලොකු ආර්ථික පසුබිමක් තිබුණේ නෑ. නමුත් විශේෂයෙන් අම්මට ඕන වුණා අපට උගන්වන්න. ඒ නිසයි ගමේ ඉඳලා හොරණ ටවුන් එකට පදිංචියට ආවේ. හොරණ ටවුන් එකේ ස්ටුඩියෝ එකක් පවත්වාගෙන ගිය ජෙරාඩ් නානායක්කාර මාමා මගේ ජීවිතයට විශාල බලපෑමක් කළ කෙනෙක්. ඔහු සෑම විටම මාව අගය කරමින් මාව දිරිමත් කළා.

විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසුව මට හොරණ විද්‍යාරත්න විදුහලේ ආර්ථික විද්‍යාව පිළිබඳව ගුරු පත්වීමක් ලැබුණා. උදේ වරුවේ ආර්ථික විද්‍යාව උගන්වන ගමන් සවස් වරුවේ ළමයින්ට නාට්‍ය හා රංග කලාව ගැන ඉගැන්නුවා. එහිදී උසස් පෙළ ඉගෙන ගනිමින් සිටි ධර්මසිරි බණ්ඩාරනායක, ඩග්ලස් සිරිවර්ධන, ලාල් කුලරත්න, තරංග රුක්මල්වල වැනි ශිෂ්‍යයින් මගෙන් නාට්‍ය හා රංග කලාව ඉගෙන ගත්තා. ඉන් පසුව මම විවිධ නාට්‍ය ශෛලීන් අත්හදා බැලුවා. මගේ සිසුන් සමඟ කළ පළමු වේදිකා නාට්‍යය “සුදු ඇතා ආවට පස්සේ“. ඒක ඉතාම ජනප්‍රිය වුණා. ඉන් පසුව 'නරියා සහ කේජු', 'චිත්‍රාගේ ප්‍රේම කතාව' වැනි නාට්‍ය කීපයක්ම නිර්මාණය කළා. ඒ නාට්‍ය සෑම එකක්ම විවිධ ශෛලියේ නාට්‍ය. 'නරියා සහ කේජු ' නාට්‍යයට එම වසරේ රාජ්‍ය නාට්‍ය උලෙළේදී හොඳම නාට්‍යයට හිමි සම්මානයත් ලැබුණා. එහිදී අපේ රංගන ශිල්පීන් කීප දෙනෙකුටත් සම්මාන ලැබුණා. සංගීතය නිර්මාණය කළ ෂෙල්ටන් ප්‍රේමරත්නටත් හොඳම සංගීත නිර්මාණයට හිමි සම්මානය ලැබුණා. විජය නන්දසිරි, මර්සි එදිරිසිංහ, නීල් අලස් වැනි ශිල්පීන් එහි රඟපෑවා. මගේ සෑම නාට්‍යයකම කිසියම් දේශපාලනයක් තිබුණා. ඒක රටේ පැවතුණු දේශපාලනය නෙමෙයි. මම බෙහෙවින්ම ආශා කළ අධ්‍යයනය කළ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් චරිතය නිසා එසේ වන්නට ඇති.“

“ඒ කාලේ රූපවාහිනී මාධ්‍යය ලංකාවේ තිබුණේ නෑ. චිත්‍රපටවලට දායක වෙන්න අපි වගේ අයට අවස්ථාව තිබුණෙත් නෑ. චිත්‍රපටවලට සම්බන්ධ කරගත්තේ අධ්‍යක්ෂවරයා සමඟ සමීපව කටයුතු කරන නළු නිළියන්ව පමණයි. අනෙක මට කවදාවත්ම චරිත ඉල්ලගෙන ගිය කෙනෙක් නෙමෙයි. වේදිකා නාට්‍යවල මගේ රංගනයන් දැක්ක අධ්‍යක්ෂවරු මට ඔවුන්ගේ නිර්මාණවලට කතා කළා. මගේ පළමු රූපවාහිනී රංගනය තමයි අඹ යහළුවෝ ටෙලි නාට්‍යයේ ගල් බණ්ඩාගේ චරිතය. එහි අධ්‍යක්ෂ සුදත් දේවප්‍රිය ටෙලි නාට්‍යයේ පිටපත ගෙනත් මට දීලා මට ගල් බණ්ඩාගේ චරිතය කරන්න එන්න කිව්වා. මම කිව්වා “අනේ මල්ලි මට බැහැ වෙන කවුරුහරි හොයාගන්න“ කියලා. නමුත් ඔහුගේ පෙරැත්තය මත මම ඒ චරිතය කළා. ඒකට හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා.“

“ඉන් පසුව මම බන්දුල විතානගේ අධ්‍යක්ෂණය කළ “අසල් වැසියෝ“ ටෙලි නාට්‍යයේ රඟපෑවා. ොහෝ දෙනෙක් ඒ චරිතය හැඳින්නුවේ 'අයි නෝ ද ලෝ' යනුවෙන්. ඒ රංගනය සමාජයේ බොහෝ ජනප්‍රිය වුණා. බොහෝ දෙනෙක් ඒ චරිතය දැක්කේ කොමඩි චරිතයක් හැටියට. නමුත් ඒක කොමඩි චරිතයක් නෙමෙයි; තමන්ගේ දරුමල්ලන් ජීවත් කරවන්න නීතිය දන්නවා යැයි කියාගෙන බොරු රංගනයක යෙදෙන පුද්ගලයෙක් ඔහු.“

“මට රඟපාන්න කිසියම් චරිතයක් ලැබුණාම ඒ චරිතය පිළිබඳව මගේ අර්ථකථනයක් මම නිර්මාණය කරගන්නවා. ඉන් පසුව අධ්‍යක්ෂවරයා සමඟ මගේ අදහසත් පවසලා තමයි මම රංගනයේ යෙදෙන්නේ. මම රංගනය කාගෙන්වත් ඉගෙන ගෙන නෑ. මා දරන එක මතයක් තමයි රංගනය කිසිවෙකුටත් ඉගැන්විය නොහැකි බව. රංගන පාසලකින් හෝ පාඨමාලාවකින් ඒ පිළිබඳව කිසියම් මඟපෙන්වීමක් කරන්න පුළුවනි. නමුත් රංගනය කියන දේ මූලික වශයෙන්ම රංගන ශිල්පියා විසින්ම නිර්මාණය කරගත යුතු දෙයක් ලෙසයි මම දකින්නේ. කිසියම් චරිතයක හැඩරුව තියෙන්නේ ඒ චරිතය ලියවුණු පිටපත අස්සේ. පිටපතේ ඇති ඒ චරිතය සොයාගෙන අපි සමාජයෙන් සහ අත්දැකීමෙන් එකතු කරන්නා දේවල් ඒ චරිතයට එකතු කළ යුතුයි. අද බොහෝ තරුණ නළු නිළියන් විදෙස් චිත්‍රපට බලන්නේ රඟපාන්න කෑලි සොයාගන්න. අප චිත්‍රපට බලන්න ඕන ඒකට නෙමෙයි. ඒ නිර්මාණය රස විඳින්න.“

“දූ දරුවෝ මම රඟපෑ පළමු ටෙලිනාට්‍යයයි. ඒ රංගනයට ඒ වසරේ ජනාධිපති සම්මානත් මට හිමි වුණා. මුලදී කලාව තුළ මට අවශ්‍ය වුණේ වේදිකා නාට්‍ය රචකයෙක් සහ රංගන ශිල්පියෙක් වෙන්න. '80 ජූලි වැඩ වර්ජනයෙන් මගේ රැකියාව අහිමි වුණු නිසා ඒක කරන්න මට බැරි වුණා. ඒ කාලේ මගේ බිරිය රැකියාව කළේ රත්නපුරේ. දිනපතා ඇය හොරණ සිට රත්නපුරයට ගියා. රැකියාව නැති නිසා අවුරුදු හතරක් විතර මම ගෙදරට වෙලා දරුවන් බලාගෙන සිටියා. ඒ නිසා කොළඹ සහ කලා ක්ෂේත්‍රය සමඟ තිබුණු සම්බන්ධතා නැති වුණා. ඒ නිසයි අවුරුදු කීපයක් රංගනයෙන් දුරස් වෙලා හිටියේ.“

“සිනමාව තුළ සාර්ථක, ආන්දෝලනාත්මක චරිත කීපයක්ම නිරූපණය කරන්න මට අවස්ථාව ලැබුණා. ඉන් එකක් ධර්මසිරි බණ්ඩාරනායකගේ 'බවදුක' චිත්‍රපටය. එහි මගේ රංගනය ගැන ධර්මසිරිත් බොහොම සතුටු වුණා. ඒ වගේම තවමත් තිරගත නොවුණු ප්‍රසන්න ජයකොඩිගේ 'සංසාරණ්්‍්‍යයේ දඩයක්කාරයා' චිත්‍රපටයේ හාමුදුරුවන්ගේ චරිතයත් මම තෘප්තිමත් වූ චරිතයක්. එය සයිමන් නවගත්තේගමයන්ගේ 'සංසාරණ්්‍්‍යයේ දඩයක්කාරයා' කෘතිය ඇසුරින් නිර්මාණය වුණු චිත්‍රපටයක්.

උදයකාන්ත වර්ණසූරිය නිර්මාණය කළ 'මධුර චාරිකා' චිත්‍රපටයෙන් මට හොඳ චරිතයක් නිරූපණය කරන්න අවස්ථාවක් ලැබුණා. මධුර චාරිකා තවම නිල වශයෙන් තිරගත නොවුණත් පසුගිය සිනමා උලෙළේදී එය නරඹන්න අවස්ථාව ලැබුණා. 'මධුර චාරිකා' උදයකාන්ත මීට පෙර නිර්මාණය කළ චිත්‍රපටවලට වඩා වෙනස් චිත්‍රපටයක්.“

මගේ පුතා, සෞම්‍ය ලියනගේ මේ ක්ෂේත්‍රයේ ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. එය හරිම ආස්වාදනීයයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්