‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

දේශපාලන පක්ෂ හතරක හටගෙන ඇති අභ්‍යන්තර ගැටලු හේතුවෙන් පක්ෂ කිහිපයක් දෙකඩ වන ලකුණු පහළ වී ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ජාතික සන්ධානය, සමස්ත ලංකා මහජන පක්ෂය යන පක්ෂ තුළ මේ වනවිට අභ්‍යන්තර ගැටුම් උත්සන්න වෙමින් පවතී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන පිරිස වෙන පෙරමුණක් ලෙස ඉදිරිපත්වනු ඇතැයි කියති. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ආර්.ඒ. හාෆිස් ඉල්ලා අස්වීමෙන් හිස් වූ පුරප්පාඩුව සඳහා ඒ පක්ෂයේ මහලේකම් එම්.ටී. හසන් අලී මහතා පත් කිරීම රවුෆ් හකීම් මහතා විසින් ප්‍රතික්ෂේප කිරීමත්, ඒ පුරප්පාඩුව පිරවීම සඳහා හිටපු ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තවු‍ෆික් පත්කිරීමට පියවර ගැනීමත් එම පක්ෂය දෙදැරීමට හේතු වී ඇති අතර, තමන්ට මන්ත්‍රී ධූරය ලබා නොදුනහොත් පක්ෂ මහලේකම් ධූරයෙන් හා පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වන බව හසන් අලි මහතා ප්‍රකාශ කර තිබේ.

විස්තර »

කහ­ව­තට බැඳුණු සිත් . . .

කහ­ව­තට බැඳුණු සිත් පන්ස­ලට ළං කළා

ඒ නිසයි ආවෙ අපි ගිහි ගෙයින් නික්මිලා

අකැප මුත් දුව පැනිිලි මේ වගේ දඟ­ලලා

කොහොම අම­තක කරමු අපෙ පුංචි නංගිලා

ඉහළම ආයෝජකයන්ට අගමැතිගෙන් ඇරියුම්

ස්විට්සර්ලන්තයේ පැවැති ලෝක ආර්ථික සමුළුවේදී ලොව මුල් පෙළේ සමාගම් දහසක ප්‍රධානීන්ට ආයෝජනයට සුදුසු පරිසරයක් ශ්‍රී ලංකාවේ උදාවී ඇත යන පණිවිඩය ගෙන යෑමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම සමුළුවට සහභාගිවීම නිසා අවස්ථාව උදා විය. අගමැතිවරයාට එම ආයෝජකයන් සමඟ ද්වි පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද එහිදී අවස්ථාව සැලැසිණි.

විස්තර »

විපක්ෂය

නව ව්‍යවස්ථා යෝජනාව නියත ලෙසම හකුළා ගන්නවා

ජා.නි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක

යහපාලන ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ගෙන ආ නව ව්‍යවස්ථාවක් සැකසීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම තව දුරටත් ප්‍රමාද කොට අවසානයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේ යෝජනාව ආණ්ඩුව විසින් නියත ලෙසම හකුළා ගනු ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.

විස්තර »

වංහුං

ජෝඩුව එකතු කරන්න කප් ගහපු කපුවො ඇවිත්! අත පාටියෙ ජ්‍යෙෂ්ඨයො හැමෝම දැන් කපු මහත්තුරු වෙලාලු. හෙට අනිද්දා එන පුංචි ඡන්දෙට බයේලු කට්ටිය මේ රස්සාවට බැහැල තියෙන්නෙ. පක්සෙ බේද තියාගෙන ඡන්දෙට ගියොත් පස්ස බිම ඇනෙන එක ෂුවර් කියල හැමෝම පිළිගන්නවලු. කප් ගපහපු කපුවොයි කපෝති වෙච්ච කපුවොයි හැමෝම කපු රස්සාවට බැහැලා ඉන්නෙ එක ජෝඩුවක් ඉලක්ක කරගෙනයි. ඒ හිටපු මහ තැනයි දැන් මහතැනයි එකතු කරන්නලු! මේ ඉව අල්ලන්නෙ හැරෙන පැත්ත හොයන්නද? අපි අහල තියෙන්නෙ මුලින් ම අජටාකාශයට ගිය 'ලයිකා' බැල්ල කියලයි. හැබැයි දැන් මේ සතා ලන්ඩන් නුවරට වෙලා පක්ෂ විපක්ෂ . . .

විස්තර »

මධ්‍යම පළාත් මන්ත්‍රී සවාරියේ කෝටි දෙකක මුදල් මගඩියක්

රජයේ මුදල් රුපියල් කෝටි ගණනක් වැය කර මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරුන් පසුගිය දා සිදු කළ සිංගප්පූරු සංචාරය ශ්‍රී ලංකාවට කළු පැල්ලම් එක්කළ බරපතළ අර්බුද රැසක් නිර්මාණය කළ එකක් බවට පත්ව තිබේ. කණ්ඩායම් දෙකක් වශයෙන් මන්ත්‍රීවරුන් එම සංචාරයට දිවයිනෙන් පිටව ගොස් තිබෙන අතර සිංගප්පූරුවට යෑමට සහ ඒමට එක් මන්ත්‍රීවරයකු වෙනුවෙන් රුපියල් 39800,00ක මුදලක් වැය කැර ඇත.

විස්තර »

ආණ්ඩු පක්ෂය

නව ව්‍යවස්ථාවක් ගේනවාදැයි තාම තීන්දුවක් ගෙන නැහැ

එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර සේනාරත්න

ඉදිරියේදි පවතින ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ම වෙනස් කොට නව ව්‍යවස්ථාවක් ගෙන එනවාද නැතිනම් පවතින ව්‍යවස්ථාවට දැවැන්ත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් සිදු කරනවා ද යන්න තීන්දු කෙරෙනුයේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමෙන් පසුව බව එ.ජා.ප. ගම්පහ දිසා පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පවසයි. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සිදු නොකරන බවට ප්‍රතිඥාවක් දී තිබෙනවා. ඒ අනුව නම් සම්පූර්ණයෙන් ම ව්‍යවස්ථා වෙනසක් සිදු කළ නොහැකියි.

විස්තර »

 
 

 

 
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්