‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


හැට නවයක් නොදැවී

හැට නවයක් නොදැවී

ඉන්ද්‍රචාපගෙ සමීප රූපයට පහුගිය සතියේ හසු වුණේ ශ්‍රී ලංකාවෙ අද ක්‍රිකට් ක්‍රීඩාවෙ රූපාවලියක්. ක්‍රිකට් බාසාවෙන් ම කිව්වොත්, අද සමීප රූපය වසා ගන්නේ නොට් අවුට් සික්ස්ටි නයින් බැට්ස්මන් කෙනකුගෙ පින්තූරයක් නෙවි, ඒත් වයස හැට නවය පහුගිය 21 දා සම්පූර්ණ කරපු ශ්‍රී ලංකාවෙ ජනප්‍රියම කලා මාධ්‍යයක කට් අවුට් එකක්. ජනවාරි 21 දා අවුරුදු හැට නවයක් සම්පූර්ණ කළ සිංහල සිනමාවෙ පින්තූරයකිනුයි සමීප රූපෙ සැරසෙන්නෙ.

1947 ජනවාරි 21 දා අපේ රටේ හා හපුරා කියලා ප්‍රදර්ශනය කරපු බයස්කෝප් එක කඩවුණු පොරොන්දුවෙ සමීප රූපයක් සමඟ 2015 දෙසැම්බරයෙ පෙන්නන්න පටන් ගත්ත හෝ ගානා පොකුණ වගේම සිංග මචං චාලි වල සමීප රූපයි ඇ‍ඳෙන්නෙ. ඉන්ද්‍රචාප, වයස ගණන් හදල බැලුවම තරු වීසි වුණා. රිදී තිරයේ තරුනම් නෙවි, අපේ සිංහල සිනමාවෙ වයස කීය ද කියල දැනුනම වීසිවුණු තරු. අවුරුදු හැට නවයක් ගෙවිලත්, අපේ සිනමාව කොතැන ද කියන ප්‍රශ්නෙ තමයි ඉන්ද්‍රචාපට මේ කට් අවුට්ස් දැක්කම සිහියට ආවෙ.

කඩවුණු පොරොන්දුව කියන වේදිකා නාට්‍යය අපේ රටේ බයස්කෝප් එකක් වීමත්, වේදිකා නාට්‍යකරුවෙක් විදියට දක්ෂකම් පාමින් අපේ රටේ ප්‍රේක්ෂකයන් අතර නමක් හදා ගත්ත තරුණ නාට්‍යකාරයකුගෙ චිත්‍රපටයක් සමඟ සිනමාවෙ හැට නවය අවසන් කිරීමේ උත්සවය, සටහන් වීමත් අතර, අපට එකවරම නොපෙනෙන සම්බන්ධයක් තියෙනව ද කියලත් ඉන්ද්‍රචාපට හිතෙනවා. වේදිකා නාට්‍ය හා චිත්‍රපට අතර සම්බන්ධයක් තිබුණත් නැතත්, වේදිකා නාට්‍යකරුවකුගෙ චිත්‍රපටයක් ලෙස සමීප රූපයේ ඇ‍ඳෙන හෝ ගානා පොකුණ චිත්‍රපටයෙ සමීප රූපවලට ඉන්ද්‍රචාප කැමැතියි. කඩවුණු පොරොන්දුව, වේදිකා නාට්‍යයක චිත්‍රපට නිර්මාණයක් වුණත්, හෝ ගානා පොකුණ වේදිකා නාට්‍යකරුවෙකුගෙ අපූරු චිත්‍රපටයක් විදියට මේ හැට නවවන අවුරුද්ද අවසන සමීප රූපයට එක්වීම සිංහල සිනමාවෙ සුබ ලකුණක් ද කියාත් ඉන්ද්‍රචාපට හිතෙනවා.

සික්ස්ටි නයින් නොට් අවුට් සමීප රූපය සමඟ අතීතාවර්ජන Flashback රූප, දර්ශන රාශියක් ඇ‍ඳෙනවා. 1947න් පටන්ගත්ත, විනෝදාස්වාදය සපයමින් දකුණු ඉන්දියාවෙ චිත්‍රපටවල සමීප රූප ඒ විදියටම සිංහල දෙබස් කියන චිත්තරපටවල සමීප රූප බවට පත්වුණත්, 1956 දී දෙවියන්ට පින්සිදු වෙන්න අපේම ශ්‍රී ලන්කන් සිංහල චිත්‍රපටයක සමීප රූපයක් ඉන්ද්‍රචාප දැක්කෙ, ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයට පින්සිද්ධ වෙන්න. ලෙස්ටර් ‍මහත්තයගෙ සමීප රූපයත් සමඟ රේඛාව චිත්‍රපටයෙ සමීප රූපෙ ඇ‍ඳෙනකොට, දැනෙන ආස්වාදය කියල නිම කරන්න බෑ. ඉන්දියාවෙ ස්ටුඩියෝවල හදපු පාරවල, මල්වතු උයන්වල, සින්දු කියමින් රඟපාපු නළු නිළියන්ගෙ සමීප රූප ඇ‍ඳෙන්නට පටන් ගත්තත්, සිනමාවෙන් අපේ රටේ ප්‍රේක්ෂකයන්ට කිව්වෙ මොනවද යන ප්‍රශ්නෙට නියම පිළිතුරක් ලැබුණෙ නෑ කියලයි ඉන්ද්‍රචාපගෙ කල්පනාව.

1965 දී නවදිල්ලියෙ පවත්වපු ජාත්‍යන්තර සිනමා උලෙළෙ සමීප රූපය සමඟ, අපේ රටේ චිත්‍රපටයකට ඉතිහාසෙ පළමුවන වතාවට ලැබුණු සම්මානයෙ සමීප රූපයත් ඇ‍ඳෙනවා. රණ මයුර Golden Peacok සම්මානෙ සමීප රූපය ඉස්සරහා, ලෙස්ටර් මහත්තයගෙත් ගම්පෙරළිය චිත්‍රපටයෙත් සමීප රූප ඇ‍ඳෙනවා. එතැන් පටන් හැට නවයක් සම්පූර්ණ කළ අපේ සිනමාවෙ සමීප රූප විදියට ඇ‍ඳෙන නිර්මාණ රාශියක් ඉන්ද්‍රචාපගෙ මතකයට එනවා. නිධානය, විරාගය, බඹරු ඇවිත්, සත් සමුදුර, තුං මං හන්දිය. පළඟැටියෝ, දඩයම, වැලිකතර, පරසතුමල්, හංස විලක්, පාර දිගේ, සිසිල ගිනි ගනී, හාර ලක්ෂය වගේ චිත්‍රපට රාශියක සමීප රූප ඉන්ද්‍රචාප දකිනවා. පහුගිය දශක දෙකක තරම් කාලයක නම්, අපේ සිනමාව ජාත්‍යන්තරයට ගෙන ගිය තරුණ සිනමාකරුවන්ගෙ සමීප රූප රාශියක්.

ලෙස්ටර් මහත්තයගෙන් පටන් ගෙන, පතිරාජ, ඔබේසේකරලගෙන් වර්ණවත් වෙච්ච සිනමාවෙ තරුණ ජවය, තරුණ ප්‍රභාව නොඅඩුව තිබුණත්, ප්‍රෙක්ෂකයො සිනමා ශාලා වෙත කැන්දා ගැනීමේ අභියෝග ජයගත් නිර්මාණ තිබුණෙ අතළොස්සයි කියලයි ඉන්ද්‍රචාපට දැනෙන්නෙ. හොඳ චිත්‍රපට සමීප රූපාවලියට එකතු වෙන්න හොඳ අධ්‍යක්ෂවරු, තරුණ ජවසම්පන්න නිර්මාණකරුවො හිටියට පමණක් මදි බවයි ඉන්ද්‍රචාපට හැ‍ඟෙන්නේ. පහසුකම් ඇති සිනමා ශාලා, ඩිජිටල්කරණය, සිනමා කලාව හා කර්මාන්තය අතර, සමබර සම්බන්ධතාවක් පවත්වා ගැනීමට රජයේ මැදිහත් වීම වගේ ප්‍රශ්න මැද හැට නව වැනි උපන් දිනේ සමරන සිංහල සිනමාවෙ සමීප රූපය ඇ‍ඳෙන්නෙ හැත්තෑ වැනි අවුරුද්ද නම්, මල් පිපුණු වසන්තයක සමීප රූපාවලියක් ඉන්ද්‍රචාප හමුවට ගෙන ඒවි යන සුන්දර බලාපොරොත්තුවෙන්.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්