‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


පොඩි මෑන් සමඟ සුපිරි සීයා වේදිකාවට

පොඩි මෑන් සමඟ සුපිරි සීයා වේදිකාවට

ඔබ එළිමහන් සංගීත ප්‍රසංග වලට සහභාගි වන සංගීත රසකාමියෙක් නම් මේ දිනවල ප්‍රසංග වේදිකාවට නැවුම් වෙනසක් එක් කරමින් වෙනස්ම වූ වින්දනයක් ලබාදෙන ‘පොඩි මෑන්’ හොඳින් හඳුනනවා විය යුතුයි.

විවිධ වූ චරිත ප්‍රසංග වේදිකාවට පිවිසෙන යුගයේ ‘පොඩි මෑන්’ නම් අපූර්ව වූ චරිතයක් තුළින් හාස්‍යය, උපහාසය කැටි වුණු අලුත් ම ආරක ගීත රැසක් ගායනා කරන චාමර වීරසේකර ආරච්චිගේ නම් වන මේ යොවුන් ගායන ශිල්පියා පිළිබඳව මුලින් ම රටට හෙළි කළේ ‘රසඳුන’ යි ඒ හරියටම මීට වසරකට ඉහත දී.

එදා මෙදා තුර ගෙවී ගිය වසරක කාලයේදී ගීත ලෝලී රසිකයින් පිනවමින්, ප්‍රසංග වේදිකාවට නැවුම් වෙනසක් ගෙනා ‘පොඩි මෑන්’ පසුගිය 10 වැනිදා කොට්ටාව කටුකුරුන්දේ පැවැති දේදුනු මේලා 2016 සංගීත ප්‍රසංගයේදී ‘සුපිරි සීයා’ නම් වූ අලුත් ම චරිතයක් හඳුන්වා දීලා.

පොඩි මෑන් වගේ ම සුපිරි සීයා සමඟත් ‍ප්‍රසංග වේදිකාවට පැමිණ ගීත ලෝලී රසිකයන්ට නැවුම් වූ වින්දනයක් ලබාදීමට සූදානම් වන චාමර ඒ පිළිබඳව තොරතුරු පළමුවෙන් ම රසඳුනට කියන්න අමතක කළේ නැහැ.

“විශාරද නිහාල් ගම්හේවා යටතේ දේශීය සංගීතය හැදෑරූ මම ක්ෂේත්‍රයට අත්පොත් තබන්නේ මීට වසර 13 කට පමණ පෙරයි.

ප්‍රසංග වේදිකාවට ගීත අහන්න එන සහෘද රසිකයින්ට වෙනස්ම විදිහේ යමක් කිරීමටයි මට ඕන වුණේ... අඩියෙන් අඩිය මම දැමූ ඒ ශක්තිමත් අඩිතාලමේ උත්සාහයේ වෙනස මේ වනවිට චාමර හෙවත් ‘පොඩි මෑන්’ යුගයේ ජනප්‍රිය චරිතයක් බවට පත් කරන්නට සමත් වුණා.

“මගේ හිත මේ ඇති දුක් වින්දා” මම ගායනා කළ පළමු ගීතයයි. ඕගන් වාදනය, ගීත රචනය, ගීතනු නිර්මාණය, රංගන යන සකලවිධ අංශයන් හි ඇත්තේ උපන් හැකියාවක් යැයි කියන්න පුළුවන්. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක ලලිත් පන්නිපිටිය නිර්මාණ ‘thank you Doctor’ සිනමා පටයෙන් පසු මගේ රංගන ප්‍රතිභාව දුටු ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරුන‍්ගෙන් විවිධ නිර්මාණයන් සඳහා ආරාධනා ලැබුණි. පුංචි තිරයේ මගේ කුලුඳුල් ටෙලිනාට්‍යය වන්නේ ශාන්ත සොයිසා අධ්‍යක්ෂණය කළ ‘පබා’ ටෙලි නාට්‍යයයි.

මම ලියා ගායනා කරන ‘ඔබාමා’ ගීතයට මේ වනවිට ප්‍රසංග වේදිකාවේ ඉහළම ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේ ම ‍ ‘පොඩි මෑන්’ චරිතය ක්ෂේත්‍රයට පිවිසිලා මේ වනවිට අවුරුද්දක් ගතවෙලා. ඒ කාල වකවානුව වනවිට ප්‍රසංග 142 ක් සඳහා සහභාගි වීමට හැකියාව ලැබීම මා ලැබූ විශාල ජයක්‍.

‘පොඩි මෑන්’ ට ආදරය කරන රසික ඔබ වෙනුවෙන් ගෙම්බා ස්ටූඩියෝ ප්‍රඩක්ෂන් හවුස් එක්ක ‘ඔබාමා’ ගීතය ලබන පෙබරවාරියේ කරලියට ගෙන ඒමට මේ වනවිටත් සියලු කටයුතු සූදානම් කරලයි තියෙන්නෙ.

මේ සුබ ආ‍රංචියත් එක්ක ලොකු ලොකු මෑන්ස්ලා අතරේ ‘පොඩි මෑන්’ට එදා මෙදා තුර සහෘද හදවත් තුළ ලැඟුම් ගන්නට මුලින් ම අත්වැල් සැපයූ ‘රසඳුන’ ට මම ස්තූති වන්ත වනවා.”


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්