‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


පිනි මුවන්ගේ වසන්ත සංක්‍රමණය

පිනි මුවන්ගේ වසන්ත සංක්‍රමණය

සාමි මිනිසුන් කියන්නේ ආක්ටික් කලාපයට වෙන්වූ ආදි වාසීන් පිරිසක්. නෝර්වේ, ස්වීඩනය, පින්ලන්තය හා රුසියාව ඇතුළු රටවල් කිහිපයක්ම මොවුන්ගේ වාසස්ථාන වනවා. ආදිවාසීන් සඳහා වූ අන්තර්ජාතික සම්මුතීන් වලින් ආරක්ෂා වූ ස්කැන්ඩිනේවියානු ආදිවාසීන් වන්නේත් මෙම සාමි ජන කොට්ඨාසයයි. මොවුන්ටම වෙන්වූ භාෂාවක් වන සාමි භාෂාව මොවුන් භාවිත කරනවා. සාමිවරුන්ට වෙන්වූ භූමි ප්‍රදේශය වර්ග කිලෝමීටර 388350ක් පමණ වන අතර මෙය දළ වශයෙන් නෝර්වේ රටේ සමස්ත භූමි ප්‍රමාණයට සමානයි.

සාම්ප්‍රදායික සාමි ජනයාටම වෙන්වූ ජීවනෝපායන් රැසකි. මුහුදු සීමාවට ආසන්නව වෙසෙන සාමි ජනයා සාම්ප්‍රදායික ධීවර කර්මාන්තයේ නිරත වන අතර මීට අමතරව බැටලුවන් ඇති කිරීම දක්නට ලැබෙනවා. ලොම් ලබා ගැනීම එහි ප්‍රධානම අරමුණක්. එහෙත් මේ සාමි ජනයා ලෝක ප්‍රසිද්ධ වී තිබෙන්නේ ඔවුන්ගේ ප්‍රධානම ජීවනෝපාය නිසා. ඒ තමයි පිනි මුවන් ඇති කිරීම. කිරි ලබා ගැනීමට, සම්, ඇටකටු හා මස් සඳහා මොවුන් පිනි මුවන් ඇති කරනවා. වර්තමානයේ සාමි ජනයාගෙන් 10%ක් පමණක් මෙම රැකියාවෙහි නිරත වෙයි. මෙම රැකියාව පූර්ණ කාලීන ලෙස සිදු කරන්නේ මෙම ජනතාව අතරින් 28000ක් පමණයි.

කෙසේ වෙතත් පිනි මුවන් මෙලෙස ඇති කිරීම සාමි ජනයාට පමණක් සීමා කර තිබෙනවා. විවිධ පාරිසරික සාම්ප්‍රදායික සංස්කෘතික හා දේශපාලන හේතුන් මත සාමි ජනයා තම අවශ්‍යතාවන් සඳහා වන වැදුණු පිනි මුවන් දඩයම් කිරීම වසර පන් දහසකට පමණ පෙර සිටම කර ඇති අතර පිනි මුවන් හීලෑ කර ඇති කිරීමත් ආරම්භ කර තිබෙනවා.

සාමාන්‍යයෙන් පිනි මුවන් ලක්ෂ 2ක් පමණ නෝර්වේ රටෙහි සාමි ජනයා සතුව සිටින අතර ශීත කාලය අනුව මෙම අගය වසරින් වසර වෙනස් වෙනවා.

ශීත කාලය පුරාවටම ඉහළ තැනිතලාවල වෙසෙන මෙම පිනි මුවන් ආහාරයට ගන්නේ හිමෙන් වැසුණු 'පිනි මුව ලයිකනයි (Reindeer lichen) පිනි මුව ලයිකන යනු ශීත කාලගුණවලදී එළිමහන් ස්ථානවල එනම් තුන්ද්‍රාතණබිම්වල වැඩෙන ලයිකන විශේෂයකි. ශීත කාලය අවසන් වී වසන්ත සමය ආරම්භ වන විට මෙම විශාල පිනි මුව රංචු දක්ක‍ාගෙන පහළ වෙරළබඩ ප්‍රදේශවලට ගමන් කිරීම මෙම සාමි ජනයා සෑම වසරකම සිදු කරන ක්‍රියාවක්. මෙය 'වසන්ත සංක්‍රමණය ලෙස හඳුන්වනවා. (Spring Migration)

මෙම සංක්‍රමණය නිසා පිනිමුව ලයිකන වලට වසන්ත හා ග්‍රීෂ්ම ඍතුවලදී නැවතත් වර්ධනය වීමට අවස්ථාව ලැබෙනවා. මේ අතර වෙරළබඩ කලාපයේ තෘණ වර්ග ඝන හිම තට්ටුව තුළින් ඉහළට පැමිණ පිනි මුවන් සඳහා ආහාරයට ගත හැකි ලෙස වර්ධනය වී තිබෙනවා. මෙම වෙරළබඩ තෘණ භූමිවල ඉතා හොඳින් වැඩෙන පිනි මුවන් නැවතත් ශීත කාලයට ඉහළ තැනිතලා ප්‍රදේශ වෙත පැමිණෙන විට ඔවුන්ට ආහාරයට ගැනීමට පිනි මුව ලයිකන හොඳින් වර්ධනය වී තිබෙනවා. මෙය වාර්ෂිකව සිදුවන ඉතා අපූර්ව සිදුවීමක්.

මෙම පිනි මුව සංක්‍රමණය සාමිවරුන් තීරණය කරන්නේ ඔර්ලෝසුවට අනුව නොවේ. වසන්ත සමයේ කාලගුණය හා හිම තට්ටුවේ ඝනකම මත ගමනේ වේගය හා දින වකවානු වෙනස් වනවා. සමහර අවස්ථාවලදී රාත්‍රී කාලයේ ගමන් කිරීමත් දක්නට ලැබෙනවා. දිවා කාලයේදී හිරු එළිය ඇති නිසා හිම තරමක් දියවී ගමන් කිරීමට තරමක් අපහසු වුවත් රාත්‍රී කාලයේ හිම හොඳින් මිදීම නිසා ගමන් කිරීමට පහසු වනවා. කෙසේ වෙතත් මේ කිසිවක් කලින් සැලසුම් කළ නොහැකියි. සාමි ජනයා සමඟ මෙම කටුක එහෙත් අපූර්ව ගමනට එක්වී ජීවිතයට වෙනස්ම අත්දැකීමක් එක්කර ගැනීමට ඔබටත් හැකියාව තිබෙන නමුත් ඒ සඳහා ශ්‍රී ලංකා මුදලින් ඉතා විශාල මුදලක් වැය වන බව කනගාටුවෙන් වුවත් කිව යුතුමයි.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම, යුද අත්හදා බැලීම් හා සංවර්ධන ව්‍යාපෘති නිසා පිනි මුව වාසස්ථාන අහිමි වීම සාමි ජනයා හා පිනි මුවන් මුහුණ පා ඇති ප්‍රබලම අභියෝග වනවා. කෙසේ වෙතත් ශ්වේත හිම තලය මතින් ලක්ෂ ගණන් පිනි මුවන් ගමන් කරන මෙම වසන්ත සංක්‍රමණය මිහි මත ආකර්ෂණීයම අවස්ථාවලින් එකක් බව කිව යුතුමයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්