‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»
»
»

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 

ලෝක ආර්ථික සමුළුවට අවුරුදු හතළිහකට පසු ශ්‍රී ලංකාවට ආරාධනාවක් ලැබීමම වැදගත් කරුණක් විදියටයි සැලකිය යුත්තේ. මේ විශේෂිත සමුළුවට සහභාගි වෙන්න පුළුවන් ආරාධිතයන්ට පමණයි.

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වුණු මේ ලෝක ආර්ථික සමුළුව පැති ගණනාවකින් ශ්‍රී ලංකාවට වැදගත් වෙනවා.

ප්‍රථම වතාවට ශ්‍රී ලංකා නායකයකුට මෙම සමුළුවට සහභාගි වෙන්න ලැබුණු අවස්ථාව වගේම ලෝක රාජ්‍ය නායකයන් හා මහ පරිමාණ ආයෝජකයන්, සමාගම් ප්‍රධානීන් මුහුණට මුහුණ හමුවෙලා රනිල් වික්‍රමසිංහ අපේ අගමැතිතුමාට කතා කරන්න මේ ලැබෙන අවස්ථාවත් අතිශය වැදගත්.

විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා

හතරවැනි විද්‍යා තාක්ෂණ විප්ලවය

මේ සමුළුවේදී කතා කරන්නේ හතර වැනි පරම්පරාවේ තාක්ෂණ විප්ලවය ගැනයි. එතැනදි භෞතික, ඩිජිටල් හා ජීව විද්‍යාත්මක යන අංශ තුනටම සම්බන්ධ වෙලා මේ ලෝකයේ සිදුවන විපර්යාස, වෙනස්වීම් ගැන කතා කරනවා.

අපි ආර්ථික ප්‍රශ්න කියල පාසල් නිල ඇඳුම් ප්‍රශ්නය, පාරවල් කාපට් කිරීම වගේ දේවල් ගැන කතා කර කර හිටියත් ලෝකය ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් නැනෝ තාක්ෂණය, ජීව තාක්ෂණය හරහා මුළු ලෝකයම නව සංවර්ධන උපමානවලට ළඟා වෙමින් සිටින්නේ.

දැන් බලන්න 'ගූගල්' හෙට අනිද්ද ඩ්‍රැයිවර්ලා නැති වාහන පාරට දානව. ඒ ලෝකයේ කෘත්‍රිම බුද්ධිය සාමාන්‍ය මිනිසාගේ බුද්ධිය පසුකර යනවා, ඉක්මවා යනවා.

මේ වෙනස් වන ලෝකය අපි තේරුම් ගන්න ඕන. අද හෙට නෙවෙයි ඊළඟ අවුරුදු 10ට හරි 20ට හරි ආර්ථිකයේ ඇතිවන වෙනස්වීම් අනුව රටවල් කොයි වගේ ප්‍රතිපත්ති ද අනුගමනය කරන්න ඕන කියල මේ සමුළුවේදී සාකච්ඡාවට භාජනය වුණා.

ලෝක නායකයන් සෑහෙන දෙනෙක් මහ පරිමාණ සමාගම් හිමියන්, ආයෝජකයන්, ආර්ථික විශේෂඥයන්, බුද්ධිමතුන්, ලෝක විද්වතුන් 2000ක් මෙතනදි රැස්වෙලා වැදගත් සාකච්ඡාවල යෙදුණා.

අගමැතිතුමාට මෙතනදි ලංකාවේ තත්ත්වය ලෝක නායකයන් ඇතුළු සහභාගි වන සම්භාවනීය පිරිසට පැහැදිලි කරන්න අවස්ථාව ලැබුණා.

විද්වතුන් - බුද්ධිමතුන් හමුවීම

ශ්‍රී ලංකාවට මෙච්චර කල් එකතු කර ගන්න අවස්ථාව නොලැබුණ ලෝකයේ විද්වතුන් සහ බුද්ධිමතුන් කණ්ඩායම් පළමු වරට හමුවෙලා සබඳතා ඇති කරගන්න අපේ අගමැතිතුමාට මෙහිදී ඉඩ ලැබුණා.

එහිදී අගමැතිතුමාට පිලිප්ස්, ටාටා, මයික්‍රොසොෆ්ට් ඇතුළු විශාල සමාගම් ගණනාවක ප්‍රධානීන් සමඟ සාකච්ඡා කරල අදහස් හුවමාරු කරගන්න ලංකාවේ ආයෝජන අවස්ථාවලට තියන ඉඩකඩ ගැන ඔවුන්ට පැහැදිලි කරන්න අවස්ථාව ලැබුණා. මේක පැහැදිලිව අපේ පැත්ත පැහැදිලි කරන්න ලැබුණ දුර්ලභ අවස්ථාවක්.

මීට කලින් හිටපු නායකයන්ට වඩා අගමැතිතුමාගේ විශේෂත්වය තමයි තව අවුරුදු විස්සකින් නැත්නම් තිහකින් ලංකාව යන්න ඕන තැන ගැන එතුමාට හොඳ අවබෝධයක් තිබෙනවා. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ලෝකයේ වෙනස්වීම් පිළිබඳව ඉතාම පුළුල් අවබෝධයක් ඇතිව ක්‍රියා කරන්නේ. ඒක එතුමා සමඟ කටයුතු කරනකොට හොඳට පේනවා.

අලුත් දැනුම් සම්භාරයක්

මෙතනදි මේ වැදගත් ලෝක සමුළුවේදී අනාගත ලෝකයේ ඇතිවන වෙනස්වීම් ගැන තමන් නොලැබූ විශාල දැනුම් සම්භාරයක් ලබාගන්නත් අවස්ථාව ලැබුණා.

අපි දන්නවා අපේ ආර්ථිකයට දේශීය වගේම විදේශීය ඍජු ආයෝජනත් ඉතාම වැදගත්. ඉදිරි ලෝකය තුළ අපේ කොටස වෙන් කරගන්න කොයි වගේ ආයෝජන ද අපට අවශ්‍ය කියල ක්‍රමෝපායිකව සාකච්ඡා කරන්න අවස්ථාව ලැබීමත් වැදගත්. එහෙම බැලුවහම තව අවුරුදු විස්සකින් කොයි වගේ තැනකට ද අපිට යන්න පුළුවන් ඊට එකතු කරගන්න හැකියාවක් තියන අංශ ගැන දැනුමින් සන්නද්ධව හිටියම එතෙන්ට යන්න හැකියාවක් ලැබුණා.

විශාල ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළක්

අපිට ළි‍ඳේ ඉන්න ගෙම්බෝ වගේ ගිය අවුරුදු 10 කළ දේවල් ඒ සීමිත ආර්ථික මෙහෙයුම් ගැන කතා කරනවට වඩා අද හෙට ඉදිරියට දිගු කාලීන, මධ්‍ය කාලීන හා කෙටි කාලීන ආර්ථික සංවර්ධනය ගැන අවධානය යොමු කරන්න මේ වගේ ලෝක ආර්ථික සමුළුවලින් අවස්ථාව ලැබුණා.

මේක ඉතාම වැදගත් අවස්ථාවක රජය මේ වසර සංවර්ධන වසර ලෙස කටයුතු කරමින් සිටින අවස්ථාවක මේ සමුළුව යෙදී තිබීමත් වැදගත්.

අපට රටේ නිෂ්පාදන ධාරිතාව දෙගුණ තෙගුණ කරගන්න වගේ ම මාස 60ක් තුළ රැකියා දසලක්ෂයක් අපේ අනාගත පරපුර සඳහා ඇතිකරගන්න අවස්ථාව ලැබෙන්නේ මෙවැනි දැනුම පදනම් කරගත් මාර්ගයක් හරහා ගමන් කිරීමෙන් පමණයි.

අගමැතිතුමා විශාල සමාගම් ප්‍රධානීන් හමුවෙලා කළ සාකච්ඡා අනුව ශ්‍රී ලංකාවට අවශ්‍යව ඇති මහ පරිමාණ ආයෝජන රැසකට මූලික එකඟත්වය ඇතිකරගෙන තිබෙනවා. දිගු කාලීන යුද්ධයකින් පසුව රට සංවර්ධනයට ලැබුණ අවස්ථාව පසුගිය පාලනය අහිමි කරගත්තත් මේ රජය ක්‍රමික සංවර්ධනයක් සඳහා රට යොමු කරගන්න සැලසුම් සහගතව කටයුතු කරන බව මා පැහැදිලිව කිව යුතුයි.

මහා පරිමාණ ආයෝජන රැසක්

ශ්‍රී ලංකාව දේශීය විදේශීය ආයෝජකයන් එකතු කරගනිමින් ඩාවෝස් නුවර දී පැවැත්වූ ආයෝජන සමුළුවක් ලංකාවට ඉදිරියට බෙහෙවින්ම ආයෝජන දිනාගන්න ‍ඉවහල් වේවි. ජනවාරි 8න් පස්සේ මේ රටේ ඇතිවූ වෙනස ඒකාධිපතිවාදය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ශක්තිමත් වීම විශේෂයෙන්ම අධිකරණය, පාර්ලිමේන්තුව ශක්තිමත් වීම ලංකාවේ ප්‍රතිරූපය රටක් ලෙස ජාත්‍යන්තරය ඉදිරියට ගෙන යාමට ඉවහල් වෙලා තියෙනවා.

මේ පදනම මත තමයි ලංකාව නව සංවර්ධන ගමනකට අවතීර්ණය වෙලා සිටින්නේත් මේ ලෝක ආර්ථික සමුළුවට සහභාගි වෙන්නෙත්.

2030 වසරේදී ලංකාවේ ආර්ථික සිතියම නිර්මාණය කිරීමේ වගකීම පැවරෙන්නේ ආයෝජකයන් වෙත බව එහිදී අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකාව තුළ ආයෝජන දිරිගැන්වීම සඳහා ආයෝජන මණ්ඩලය වෙනුවට කළ යුතු ව්‍යුහාත්මක වෙනස්කම් පිළිබඳව ද එහිදී අගමැතිතුමා පෙන්වා දී තිබෙනවා.

අපි සංවර්ධනය වේගවත් කරන්න නම් රටට එන ආයෝජන ප්‍රමාද කරමින් සිදුවන අතපසු කිරීම් රෙඩ් ටේප් සම්පූර්ණයෙන් ඉවත් කර ආයෝජනයට මුළුමනින් හිතකර තත්ත්වයක් අපි ඇතිකරගන්න ඕන කරනවා.

මෙතනදි අගමැති තුමා චීන ආයෝජකයන්ට පෙන්වා දුන්න වැදගත් කරුණක් තමයි චීනය මේ රටේ යටිතල පහසුකම්වල ආයෝජනය කිරීමට වෙනුවට රැකියා උත්පාදනය වන නව ව්‍යාපෘතිවලට ඒ ආයෝජන යොමු කිරීම. රටේ රැකියා ප්‍රමාණය වැඩිකරගන්නා අතර වෘත්තිය නිපුණත්වය ලබා ගැනීම.

නව තාක්ෂණ දැනුමෙන් ශ්‍රී ලංකා ශ්‍රම හමුදාව සන්නද්ධ කිරීමත් ශ්‍රී ලංකාවට ආයෝජන ලබා ගැනීමේදී අවධානය යොමුකරන බව එහිදී අගමැතිවරයා පෙන්වා දී තිබෙනවා.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්