‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


සින්ඩරෙල්ලා නරඹන්න නොමිලේ වරම්....

සින්ඩරෙල්ලා නරඹන්න නොමිලේ වරම්....

ඉනෝකාගෙන් පෙම්වතුන්ට තෑග්ගක්

සම්මානනිය චිත්‍රපට අධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යාංගනී මේ දිනවල ඇගේ දෙවන චිත්‍රපටය වන සින්ඩ්‍රෙල්ලා මංගල දර්ශනය පෙබරවාරී මස 5 වන දා සවස 5ට කොළඹ රීගල් සිනමා ශාලාවේදී තිරගත කිරීමට ලහි ලහියේ සැරසෙනවා. පෙම්වතුන්ගේ මස පෙම්වතුන්ට පුදනා තිළිණයක් ලෙස තිරගත කරන්නට ඇය අදහස් කරගෙන සිටින් බවත් අපට දැන ගන්නට ලැබුණා‍. ඉතින් ඒ පිළිබඳ ඉනෝකා දැක්වූයේ මෙවන් අදහසක්.

වයස 18-24 අතර ‘රසඳුන පාඨක‘ පෙම්වතුන් 25 දෙනකුට එදින තම ආදරවන්තයා හෝ අදරවන්තිය සමග සින්ඩ්‍රෙල්ලා මංගල දර්ශනයට සහභාගි වන්නට අවස්ථාව ලබා දෙන්නට අපි සුදානම්. ඔවුන්ට කරන්න තියෙන්නේ ආදරය පිළිබඳ ඔවුන්ගේ සංකල්පනා වැලන්ටයින් දිනය නමින් සුන්දර වැකිකට අකුරු කරන්නයි. ඔවුන්ගේ ඒ නිර්මාණ ලබන 28 දිනට කලින් රසඳුන - ලේක්හවුස්, කොළඹ යන ලිපිනයට හැඳුනුම් පතෙහි පිටපතක්ද සමඟ යොමු කළ යුතුයි. හොඳම 25 දෙනාට මේ අවස්ථාව හිමිවේ.


ගීතා කාන්ති ගුරුවරියක් වෙයි

ගීතාකාන්ති ජයකොඩි ගුවන් විදුලිය රූපවාහිනිය පමණක් නොවෙයි සිනමාවෙත් සුවිශේෂී දස්කම් දැක්වූ ප්‍රවීණ ශිල්පිනියක්. ඇය අලුත් ම වැඩකට අතගහලා කියලා පළමුවෙන් ම රසඳුනට කියන්න අමතක කළේ නැහැ.

“මම මේ දවස්වල ස්වර්ණවාහිනියේ විකාශය වෙන 'හංස පිහාටු' ටෙලිනාට්‍යයේ උද්දික ප්‍රේමරත්නයන් අම්මා ගේ චරිතය රඟපානවා. ඒ නිසා ටිකක් විතර කාර්ය බහුලයි. අපි මේ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරනකොට ආධුනික ළමයින් ගේ රංගනය ගැන නම් සෑහීමකට පත්වෙන්න බැහැ.

බො‍හෝ ටෙලිනාට්‍ය වල වැඩ කටයුතු කරන්න ගියා ම අධ්‍යක්ෂවරු මගෙන් කරන ඉල්ලීමක් තමයි ඇයි අපි දන්න දේවල් කියල දීලා ඊළඟ පරම්පරාවක් නිර්මාණය කරන්නෙ නැත්තේ කියලා. ඒ කතාවේ කිසියම් ඇත්තක් තියෙනවා.

ඒ නිසා මම ලබන සිකුරාදා (28) පෑලියගොඩ නවලෝක විහාරයේත්, සෙනසුරාදා (29) කුඩා බුත්ගමුව පියදස්සිනාරාමයේ දීත් තරුණ තරුණියන්ට මගේ දැනුම බෙදා දෙන්න වැඩසටහන් පවත්වනවා.

රංගනය පිළිබඳව උනන්දුවක් දක්වන තරුණ තරුණියන්ට මම ඒ සඳහා ආරාධනා කරනවා.“


දුකාගේ කලා දිවියේ පෙරළියක්

නව පරපුරේ ජනප්‍රිය ගී පද රචකයකු තමයි වසන්ත දුක්ගන්නාරාල කියන්නේ. සිය කලා දිවියේ යම් පෙරළියක් වෙන්න යනවා කියලා දුකා 'රසඳුනට' කිව්වේ හරිම ආඩම්බරයෙන්.

“මම කලා ලෝකයට ඇවිත් අවුරුදු තිහක් වෙනවා. දැනට මම සින්දු තුන්සීයක් පමණ ලියලා තියෙනවා. ඒ නිමිත්තෙන් ලබන අප්‍රේල් මාසයේ ගී ප්‍රසංගයක් සංවිධානය කළා. ඒ නිසා ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ. නෙළුම් පොකුණේ තමයි ප්‍රසංගය පැවැත්වෙන්නේ. 'ඌ තමයි දුකා' නමින් මගේ ජීවිත කතාව එදිනට එළිදැක්වෙනවා. මගේ ගීත විසිතුනක් එදින සජීවීව ගැයෙනවා. 'මම සිංහයාට බයයි නංගියේ' ගී එකතුව එදින ග්‍රන්ථයක් ලෙස එළිදැක්වෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්, පණ්ඩිත් අමරදේවයන් සහ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මේ සඳහා විශේෂ ආරාධිත අමුත්තන් වශයෙන් සහභාගි වීමට නියමිතයි.

ඒ වගේ ම මේකත් මතක් කරන්න ඕන. මම ඉගෙන ගත්තේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ. ඒ නිසා ඒ වෙනුවෙන් ගීතයක් නිර්මාණය කරන්න මට හිතුණා. 'ජපුර ප්‍රේමය' නමින් නම් කර ඇති එම විශේෂ ගීතයත් එදින එළිදැක්වීමට සූදානමින් ඉන්නවා.“


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්