‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


මම නර්තන විශාරදවරියක්

මම නර්තන විශාරදවරියක්

ලතා දිසානායක

මතකයේ නිදහන් ගත ගීත සමුච්චයක් සංගීත ක්ෂේත්‍රයට තිළිණ කළ එක් පැරැණි ගායිකාවක් ලෙස ලතා දිසානායක හැඳින්විය හැකිය. ඇගේ උප්පත්ති නාමය පද්මලතා දිසානායක වෙයි. 1943 මැයි 23 වැනි දින මරදාන ප්‍රදේශයේ උපන් ඇය තවමත් ක්‍රියාශීලි කාන්තාවකි.

* ඔබේ කලා දිවියේ ආරම්භය සිදු වූයේ කෙසේ ද?

අපේ පවුලේ සාමාජික පිරිස එකොළහක්. ලොකු අක්කා ලලිතා දිසානායක. ඇය කලාගුරු ජේ. ඩී. ඒ. පෙරේරාගේ වෙස්සන්තර නාට්‍යයේ ක්‍රිෂ්ණජිනා ලෙස රඟපෑවා. පුහුණු වීම් කටයුතු සඳහා ඇය සමඟ ගිය මටත් කලාවට හිත ගියා. ඒ අනුව 1955 රජයේ කලායතනයට එකතුව නර්තනය ඉගෙන ගත්තා. එදවස නැටුම් අංශයේ ප්‍රධානියා එස්. පනිභාරත. සංගීත අංශය ලයනල් එදිරිසිංහ භාරව සිටියා. නැටුම් හදාරන අතරතුර ඔහු යටතේ ස්වර අභ්‍යාස කළා. නමුත් ඩිප්ලෝමාව ලැබුණේ නැටුම් අංශයට.

* කෙසේ වෙතත් ඔබ ගුවන් විදුලි ගායිකාවක්?

ධර්මදාස වල්පොල පවත්වාගෙන ගිය සංගීත පංතියක් මරදානේ තිබුණා. ඊට මම ඇතුළු වෙලා සිසිර සේනාරත්න යටතේ ගායනය ප්‍රගුණ කළා. ඔහුගේ සිරිපා වඳිමු මුනිගේ ගීතයේ අත්වැල් ගායනය කරන්න මටත්, මල්ලිකා ද සිල්වාටත් අවස්ථාව ලැබුණා. ධර්මදාස වල්පොලගේ සරල ගී වැඩ සටහනකින් ඇසුණු සංසාරෙදි සෑසිරියේ පාද වඳිමි මා ගීතයේ සහාය ගායිකාව වුණේ ඊට පස්සේ. තවත් කාලයක ප්‍රේමසිරි කේමදාසගේ සංගීත මංජරියෙන් ගායනයේ නිම්වළලු පුළුල් කර ගත් මට ළමා පිටියේ ගීත ගයන්නත් පුළුවන් වුණා. 1965 භාරත සංගීතඥ දීපාල් නාත් මෙහෙයවන ලද ගුවන් විදුලි සරළ ගී පරීක්ෂණයෙන් සමත්ව ඒ ශ්‍රේණි ගත“මම ඉතින් නිදි දෙව්දුව“ ගීතය ගායනා කරමින් ගී ලොව අභිසෙස් ලැබුවා. .

* ඔබ ගී ලොවට තිළිණ කළ ජනප්‍රිය ගීත මොනවා ද?

මගේ නිත්‍ය ගායන දිවියට වසර 50 සම්පූර්ණයි. මේ කාල පරාසය තුළ ගැයූ ගීත සංඛ්‍යාව නිශ්චිතව මටවත් මතක නැහැ. සතුට සැනසුම සුවේ පතා, ආදර නදියක මිහිර මැවේ, රුවන් අඹර, නෙතු යට සිතු යට, සුදු නෙළුම් මලක්, එපා. බලන්න, ඉර වරිවර, මොහිදීන් බෙග් සමඟ ගැයූ මෙලොවේ කරුමේ නිසා ඉපදීලා, ජයතිස්ස හෙට්ටිආරච්චි සමඟ ගැයූ ඔබේ පෙම් සිනාවේ වැනි ගීත දැනුත් රසික හදවත් බැඳගෙන සිටින බව පමණක් දන්නවා.

* කලා ශිල්පිනියක් විදියට ක්ෂේත්‍ර කීයකට සම්බන්ධව සිටියා ද?

ප්‍රේමසිරි කේමදාසගේ කැලෑමල් ගීත නාටකයේ මුල් නිෂ්පාදනයේ මා රඟපෑවා. තව ඩික් ඩයස්ගේ සම්පත, ගම්මානෙක මල් පිපිලා යන නාට්‍යවලත් ගීත ගයමින් චරිත නිරූපණය කළා. සිනමාව පැත්තෙන් කතා කරන විට ගැහැනු ගැට, කුරුලු බැද්ද, සුහද දිවි පිදුම, සුහද සොහොයුරා ඇතුළු චිත්‍රපට දහයක නැටුම් ඉදිරිපත් කොට තිබෙනවා.

* ඔබ දිගු කාලයක් හිටිහැටියේම අතුරුදන් වීමේ රහස කුමක් ද?

විවාහයෙන් පසු මගේ කලා කටයුතු අඩපණ වුණා. ඒ සීමා පවුරු කඩා බිඳගෙන 1977 ප්‍රේමලාල් දන්වත්තගේ නාවික හමුදා නැටුම් කණ්ඩායම සමඟ රටවල් 15 පමණ චාරිකා කළා. රටවල් 28 ක එයාර් ලංකා ගුවන් සේවය ප්‍රචාරය සඳහා සංස්කෘතික නැටුම් දර්ශන ඉදිරිපත් කෙරුවා. 1980 - 1985 අතර කාලයේ කැලිෆෝනියාවේ අරාබි ජාතික කාන්තාවකගේ පෞද්ගලික ලේකම්වරිය හැටියට සේවයට කළා. යළි පෙරළා ලංකාවට පැමිණි මා 1986 ආදර නදිය නමින් කැසට් පටයක් වෙළෙඳ පොළට නිකුත් කළා. කැනඩාවේ පදිංචියට ගියේ 2002 දී. එහිදී නර්තන කණ්ඩායමක් හැදුවා. සරසවි ඩාන්සින් ඇකඩමි නමින් හඳුන්වා එමඟින් අපේ රටේ නැටුම් කලාව කැනඩාවේ නියෝජනය කරනවා. එයට පළමු පෙළේ සහතිකයක් එරටින් ලැබී තිබෙනවා.

* ඔබ පිළිකා රෝගයෙන් පෙළෙන බව පවසන පුවත ඇත්තක් ද?

මම පියයුරු පිළිකාවෙන් නොවිඳිනා දුක් වින්දා. අසනීප කාලයේ කැනඩාවේ වෙසෙන අසල්වැසි සිංහල, දෙමළ සියලුම දෙනා අනේකවිධි උදවු උපකාර කළා. කැනඩා රජය නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නා. මේ නිසාම මා වගේ පිළිකා රෝගීන්ට පිළිසරණක් වෙන්න සංගීත ක්ෂේත්‍රය යොදා ගත්තා. සඳකිරණින් ඒක පුද්ගල ගීත ප්‍රසංගය මා පළමුවෙන් පැවැත්වූයේ 1988. එහි දෙවැන්න හා තෙවැන්න කැනඩාවේ පැවැත්වූවා. 2012 ලංකාවේ පැවැත්වූ සඳකිරණින් ප්‍රසංගයේ සිවුවැන්නේ සියලුම ආදායම පිළිකා රෝහලට පරිත්‍යාග කළා.

* ඇත්තටම ඔබ රංගන හා ගායන ශිල්පිනියක් ලෙස හඳුන්වා දෙනවාට වඩාත් කැමැති ද?

මම රංගන හෝ ගායන ශිල්පිනියක් නොවෙයි. නර්තන විශාරදවරියක්. නැටුම් ගුරුවරියක් විදියට මම පාසල් ගණනාවක ඉගැන්නුවා. බම්බලපිටියේ ශාන්ත පාවුලු විදුහල ඉන් එකක්. මෙහි ඉගෙන ගත් ශිෂ්‍යාවන් කිහිප දෙනෙක් කලා ලොවේ නම ගිය ඇත්තියන්. මම බෙර වාදනය වගේම ජන ගී, ප්‍රශස්ථි, ශ්ලෝක, අෂ්ඨක ගායනය කරන්නත් පුළුවන්. හැම නර්තන ශෛලියකම ඉතිහාසය කියන්න දන්නවා. මේවා නැවත මතු පරපුරට දායාද කරන්න ළඟදි නැටුම් පංති මාලාවක් බෞද්ධාලෝක මාවතේ සුදර්ශි ශාලා භූමියේ අරඹනවා.

* ඔබ මේතාක් කළ මෙහෙවර වෙනුවෙන් ඇගැයීම් ලබා තිබෙනවා ද?

නැටුම් ගුරුවරියක වශයෙන් කළ සේවයට විශ්‍රාම වැටුපක් ලැබෙනවා රුපියල් එකොළොස් දාහක. මෙය ජීවත්වීමට මදි. ගිය අවුරුද්දේ සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් කලා භූෂණ රාජ්‍ය සම්මානයත්, කොළඹ දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවයේදී කොළොම්තොට භූෂණ සම්මානයත් ලැබුණා. ඇගේ දුරකතන අංකය - 0766131610.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්