‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


සුමීගෙන් අහන්න

ඇම්. ඩී. ගුණසේන 'දිනමිණ' පත්‍රයේ සේවය කර තිබේ ද?

කළුතර උතුර, තොටුපළ පාරේ සිරි අබේසේකර

ප්‍රශ්නය - 'කාර්ලෝවිවාරි' අන්තර්ජාතික චිත්‍රපට උලෙළ තවමත් පැවැත්වෙනව ද?

පිළිතුර - නැහැ. චෙකොස්ලොවැකියාව කැඩුණට පස්සේ ඒ උලෙළ ඉබේම නැවතුණා.

මාතලේ ධර්මා ඒකනායක

ප්‍රශ්නය - පොත් ප්‍රකාශක ඇම්. ඩී. ගුණසේන මහතා 'දිනමිණ' පත්‍රයේ සේවය කර තිබෙනවා ද?

පිළිතුර - එච්. (හේමේන්ද්‍ර) එස්. (සේපාල) පෙරේරා 'දිනමිණ' පටන් ගත් කාලයේ ඔහු අකුරු අමුණන්නකු වශයෙන් 'දිනමිණේ' වැඩ කර තිබෙනවා. පෙරේරා මහතා ඔහුට උදවු කළ නිසයි ගුණසේන මහතා තම පුතකුට සේපාල යන නම පවා තබලා තියෙන්නේ.

පොලොන්නරුවේ හේමන්ත බණ්ඩාර

ප්‍රශ්නය - රූකාන්ත - චන්ද්‍රලේඛා යුවළ දැන් සිටින්නේ ඇමෙරිකාවේ ද? නැත්නම් ලංකාවේ ද?

පිළිතුර - දෙපැත්තෙම ඉන්නවා. හැබැයි මේ දිනවල ඉන්නේ ලංකාවේ.

ගල්ලෑල්ලේ එම්. විජේසේකර

ප්‍රශ්නය - 'සුරතලී' චිත්‍රපටයේ 'සිරියාමෙ සාරා' ගීතය ගයමින් රඟපාන නළුවා කවුද?

පිළිතුර - ආනන්ද ජයරත්න.

හලාවත අනුර ශාන්ත පීරිස්

ප්‍රශ්නය - උපාලි අත්තනායකගේ රංගන හැකියාව ගැන ඔබ මොකද හිතන්නෙ?

පිළිතුර - අති දක්ෂ නළුවෙක්. 'රන්කඳ', 'සුබ සහ යස' වැනි නාට්‍යවල ඔහු කළ රංගනය විශිෂ්ටයි. ඉන්දුට මල් මිටක්, ජනක සහ මංජු, හිඟන කොල්ලා වැනි චිත්‍රපටවල ඔහුගේ රංගනය ද මා අගය කරනවා.

පිළියන්දල චාමර විජේසිංහ

ප්‍රශ්නය - 'ගම්පෙරළිය'ට ඉන්දියාවේ රණ මයුර සම්මාන ලැබෙද්දී හිටපු විනිශ්චය මණ්ඩල සාමාජිකයන් පිරිස කවුද?

පිළිතුර - සත්‍යජිත් රායි, ලින්ඩ්සේ ඇන්ඩර්සන්, ආන්ද්‍රේ වජ්ඩා, මහාචාර්ය ඒ. ඇම්. බෲසිල්, ජෝර්ජස් සැඩුල්, කලටෂෝව් ('ක්‍රේන්ස් ආ ෆ්ලයින්' චිත්‍රපටයේ අධ්‍යක්ෂ) කේ. කවකිටා මහත්මිය, මැග්ඩා මහත්මිය, කේ. ඒ. අබ්බාස්.

හලාවත අනුර ශාන්ත පීරිස්

ප්‍රශ්නය - 'පරපුටුවෝ' වේදිකා නාට්‍යය ගැන යමක් කියන්න?

පිළිතුර - එය සැමුවෙල් බෙකට්ගේ නාට්‍යයක ('එන්ඩ් ගේම්' නමැති නාට්‍යයේ) සිංහල පරිවර්තනයක්. පරිවර්තනය කළේ ස්වර්ණ ශ්‍රී බණ්ඩාර. මෙය විකාරරූපී නාට්‍යයක්. 1975 වේදිකාගත වූ මේ නාට්‍යය නිෂ්පාදනය කළේ සුනිල් පීන්තු.

දෙණියායේ ජයන්ත මලවිආරච්චි

ප්‍රශ්නය - චන්දිමාල් ප්‍රනාන්දුගේ සී. ටී. උපහාර ගී ප්‍රසංගය සාර්ථක ද?

පිළිතුර - ඉතාම සාර්ථකයි. චන්දන, සමන්ත, පීටර් හා විරන්ජන් ඉතාම හොඳින් ගීත ගායනා කළා. චන්දිමාල්ගේ සංගීත සංයෝජනය අපූරුයි. කෙවින් නුගේරා සමඟ ලතින් නර්තන ඉදිරිපත් කළ චන්දිමාල්ගේ දියණියන්ගේ (රුක්ෂි හා රංගි) නර්තනයන් ද මනහරයි. එය රසිකයන් ඉහළින්ම පිනවූ සංගීත ප්‍රසංගයක්.

වස්කඩුව දෙදියවල ගාමිණි ගුණතිලක

ප්‍රශ්නය - 'පෙරළිකාරයෝ' චිත්‍රපටයේ රඟපෑම සඳහා හින්දි නිළි තනුජා ලංකාවට ආ විට ඇය සමඟ ඇගේ දියණිය ජනප්‍රිය නිළි කාජල් ලංකාවට ආව ද?

පිළිතුර - ඔව්. එතකොට කාජල් හුඟක් පුංචියි. දෙදෙනාම නැවතිලා හිටියේ නිෂ්පාදක තිලක් අතපත්තුගේ නිවෙසේ. එහි ඔවුන් සිටි කාමරය ඔවුන් වෙනුවෙන්ම වායුසමනය කළා. අධ්‍යක්ෂ දිනේශ් ප්‍රියසාද් පුංචි කාජල්ව වඩාගෙනත් තියෙනවා.

මේ අයත් ප්‍රශ්න එවා තිබුණා. උඩුගම්පළ වතුමුල්ලේ ඉන්දීවරි ද සිල්වා, පිළියන්දල උපාලි ගුණරත්න, හික්කඩුව සීනිගම ඊ. දයානන්ද ද සිල්වා, මිනුවන්ගොඩ මාලා පද්මකුමාරී, වත්තල හේකිත්තේ ලක්ෂ්මන් රණසිංහ.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්