‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


කලාකරු සුබසාධනය වෙනුවෙන් බොහෝ දේ කිරීම අරමුණයි

කලාකරු සුබසාධනය වෙනුවෙන් බොහෝ දේ කිරීම අරමුණයි

ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවල්

යුග යුග හද රැඳි ගී ප්‍රසංගය 31 වැනිදා BMICH හිදී

එදා මෙදා තුර කාල පරාසය තුළ ලක්ෂ සංඛ්‍යාත රසික සිත්සතන් සංගීතයෙන් මුසපත් කරන්නා වූ, යුගයේ හැඟුම්බර ගී හඬින් ඔබේ හදවත් ආමන්ත්‍රණය කරන්නා වූ ගායන ශිල්පීන්, ශිල්පිනියන් විශාල පිරිසක් එකම වේදිකාවක ප්‍රථම වතාවට ගී ගයන දැවැන්ත ප්‍රසංගයක් පැවැත්වීමට සූදානම් වන බව අපට දැනගන්නට ලැබුණා...

ගායක ගායිකා සංගමයේ වත්මන් සභාපති ප්‍රවීණ සංගීතවේදී කීර්ති පැස්කුවල් සමඟ ඒ පිළිබඳව කළ පිළිසඳරයි මේ.

* කවදා කොහේදී ද මේ කටයුත්ත සිදුකෙරෙන්නෙ..?

මෙම 31 වැනි ඉරු දින සවස 7.00 ට බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී තමයි මේ සොඳුරු හෝරා කීපය යුග යුග හද රැඳි ගී ප්‍රසංගය ඔබට රස විඳීමට හැකියාව ලැබෙන්නේ.

* 'යුග යුග හද රැඳි ගී' ප්‍රසංගය යනුවෙන් මෙය නම් කරන්න විශේෂ හේතුවක් තිබෙනවා ද?

ඇත්තටම ඔව්. යුග පහක් නියෝජනය වන පරිදි තමයි ප්‍රසංගය සඳහා මම ගීත තේරීම් කළේ. ප්‍රවීණයන්ගේ සිට වත්මන් පරපුර දක්වාම නියෝජනය කරන ගායක ගායිකාවන් මේ සඳහා සහභාගි වන නිසාම 'යුග යුග හද රැඳි ගී' යනුවෙන් නම් කිරීමට මා සිතුවා.

* මෙවැනි දැවැන්ත ප්‍රසංගයක් කිරීමට අදහස් කළේ...?

අපේ ගායක ගායිකා සංගමයේ මුල් පුටුව මා භාර ගත්තේ පසුගිය සැප්තැම්බර් මාසයේදී පමණ. 1991 ජනවාරි 29 දින තමයි මේ සංගමය ආරම්භ වන්නේ. ඒත් කාලානුරූපීව කලින් කලට සභාපතිවරු පත්වෙලා විවිධ වැඩසටහන් කළත් සැලකිය යුතු මුදලක් උපයා ගන්නට හැකියාව ලැබුණේ නෑ. ඒ වගේම කියන්න ඕනි අපේ භාණ්ඩාගාරයේත් ලොකු මුදලක් නෑ. එහි සැලකිය යුතු මුදලක් තිබුණොත් අසරණ වුණු කලාකරුවන් වෙනුවෙන් යමක් කිරීමට හැකියාව ලැබෙන බව මට තේරුණා.

අපේ සංගමයේ කලාකරුවකු හෝ ඔහුගේ ඥාතියකු හදිසියේ රෝගාතුර වී හෝ මරණයක් වුණු වෙලාවට රු. 10,000 මුදලක් ලබාදීම තමයි මෙතෙක් සිදුවුණේ. එහෙත් අපට සංගමයක් ලෙස මීට වඩා පුළුල් වූ වැඩපිළිවෙළක් අවශ්‍යයි. මේ සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් හදන්න නම් අපට මුදල් තිබෙන්න ඕන. ඒ සඳහා තියෙන පහසුම මඟ තමයි සංගීත ප්‍රසංග පැවැත්වීම.

දැනට අපේ සංගමයේ සාමාජිකත්වය දරන 200ක පමණ ප්‍රමාණයෙන් පසුගිය කාලේ විවිධ කලකිරීම් නිසා අපෙන් ඈත්වුණු අයත් එක්ක ප්‍රවීණ, නවක, ජනප්‍රිය, කියන මේ ත්‍රිත්වය එකම වේදිකාවකට කැඳවාගෙන ඔවුන්ගේම සුබ සාධනය වෙනුවෙන් මෙවැනි ප්‍රසංගයක් කිරීම මූලික අභිප්‍රාය වුණේ.

* සිය දෙනෙක් පමණ සහභාගි වන ප්‍රසංගයක් නිසා මෙහි කාල කළමනාකාරිත්වය සංවිධානය කරන්නේ කොහොම ද?

සිය දෙනෙක් සහභාගි වන ප්‍රසංගයක් වුවත් මෙහි ගීත සියයක් අන්තර්ගත වෙන්නැහැ. සම්පූර්ණ ප්‍රසංගයේම තියෙන්නේ ගීත 25ක් පමණයි. ඒ ඒ යුගවලට අයත් ගීත ගායනා කෙරෙන අතර සමහර එක් ගීතයකට 10ක් 15ක් විතර සහභාගි වෙනවා. ප්‍රවීණයන්ගේ සිට නවක පරපුර දක්වා යුග 5ක කලාකරුවන් ඒ සඳහා සහභාගි වෙනවා කියලා මා මුලින් පැවසුවේ ඒ නිසයි. මේ කටයුත්ත ඉතාමත් සැලසුම් සහගත ලෙස අප සංවිධානය කර තිබෙනවා.

* සංගීතය හා නර්තන වින්‍යාසයෙන් සහාය වෙන පිරිස ගැන කතා කළොත්...?

මෙහි නර්තන අංග කිසිවක් අන්තර්ගත වෙලා නෑ. ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නෙ ගීත ගායනා කිරීම පමණයි. රෝහණ බෝගොඩ, කපිල පූගලආරච්චිගේ කියන අපේ ප්‍රවීණ කලාකරුවන් මේ ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂවරු ලෙස කටයුතු කරනවා. ඒ වගේම ගායනා කරන මේ ගී අතර පැරැණි ගීත, 70 දශකයේ ගීත, බටහිර ගීත, හින්දි ගීත, නව පරපුරේ ජනප්‍රිය ගීත යන මේ සියල්ලක්ම ඇතුළත් වෙනවා.

* සුබසාධන කටයුතු යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක් ද? ඒ මොනවා ද?

මම මුලින් සඳහන් කළා වගේ අපේ සංගමයේ සාමාජිකත්වය දරන කලාකරුවකුගේ මරණයක්, සිදුවුවහොත් හෝ හදිසියේ රෝගාතුර වුවහොත් මේ දක්වා ලබා දුන්නේ රුපියල් 15000 නැතිනම් 10000ක්. මේ මාසයේ 31 වැනිදායින් පසුව එම ක්‍රමය වෙනස් වෙනවා. මින් ඉදිරියට අපේ සංගමයේ සාමාජිකත්වය දරන කලාකරුවකු හදිසියේ මියගියහොත් ඒ අයගේ සියලුම අවමංගල කටයුතු අපේ සංගමය සිදු කරන බව මේ මොහොතේ කියන්නට ඕන.

දෙවැනි කාරණය තමයි අපේ සාමාජික කලාකරුවන් වෙනුවෙන් සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් ලබාදීමට කටයුතු කරනවා. ඒ වගේම වයස අවුරුදු 65 පිරුණු අපේ කලාකරුවන් වෙනුවෙන් ආරම්භ කිරීමට සූදානම් කරනවා, දැනටමත් එහි මූලික කටයුතු සූදානම් කරලයි තිබෙන්නේ. මේ සඳහා ලොකු මුදලක් අපට අවශ්‍ය වෙනවා. එනිසා මම සභාපති ධූරය දරන කාල සීමාව තුළ මිලියන 100 ක මූල්‍ය තැන්පතුවක් දක්වා වර්ධනය කරන්නයි මගේ සැලසුම වෙලා තියෙන්නෙ.

විශේෂයෙන් කියන්නට ඕනි අපේ සංගමයේ සාමාජිකත්වය නොවෙන අපේ කලාකරුවකු මරණයට පත්වුවහොත් රෝගාතුර වුවහොත් ඒ සඳහා ද අප සංගමය නොපිරිහෙළා අවැසි උදවු උපකාර කිරීමට තීරණය කරලයි තිබෙන්නේ.

* එතකොට නව වසරේ ඔබේ පෞද්ගලික සංගීත ජීවිතය කොහොම ද?

මගේ පෞද්ගලික සංගීත ජීවිතයේ වැඩ කටයුතු වෙනදා වගේම සාමාන්‍ය විදිහට කරගෙන යනවා... කෙතරම් කාර්ය බහුල වුවත් ඒ සියල්ල බොහොම සමබරව තමයි කරගෙන යන්නෙ. සුපුරුදු ලෙසම මගේ සංගීත පන්ති දෙකෙහි ඉගැන්වීම් කටයුතු අඛණ්ඩව කරන අතර මගේ ශබ්දාගාරයේ වැඩ කටයුතු සහ ගීත පටිගත කිරීම් ද දිගටම කරගෙන යනවා. මොකද මම සාමාන්‍යයෙන් මගේ පරණ ගීත ටිකම කිය කියා ඉන්න කැමැති නැහැ... නව ගීත නිර්මාණය කරලා ඒ තුළින් යමක් කරන්න හිතන කලාකරුවෙක් විදිහට මම අලුත් ගීත නිර්මාණය කරනවා.

ඒ වගේම කියන්න ඕන ප්‍රවීණ සහ නව පරපුරේ අය ගීත නිර්මාණය කරලා මා ලවා ගායනා කරවනවා. සෑම සතියකටම ඇතැම් විට ගීත දෙක තුන ගායනා කරන අවස්ථා තිබෙනවා. මගේ කාර්ය බහුලත්වයත් එක්ක ඇතැම් විට මේවා මඟ හැරෙන අවස්ථාත් තිබෙනවා.

ඊට අමතරව ප්‍රසංගවලට, වැඩසටහන් වලට සහභාගි වෙනවා. මේ හැම කටයුත්තක් එක්කම මගේ පවුල් ජීවිතය බොහොම සමබරව පවත්වාගෙන යන්නත් අමතක කරන්නෑ.

* අවසන් වරට යමක් පැවසුවොත්...

කලා ක්ෂේත්‍රයේ වගේම මාධ්‍ය ක්ෂේත්‍රයේ හැම දෙනෙක්ම වගේ මට ආදරය කරනවා. ඉතින් ඒ ආදරය හැමදාමත් මට ලැබේවි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම කලාව තුළින් මම හදාගත්ත නම ඔස්සේ ‍අපේ සමාජයට සේවය කරන්න... මගේ නම පාවිච්චි කරමින් මට යමක් කරන්න හැකියාව තිබෙන බව මට විශ්වාසයි. ඒ තුළින් මම දරන උත්සාහයට මගේ රසික රසිකාවන්ගෙන් උපරීම සහායක් ලැබේවි කියලා මම විශ්වාස කරනවා වගේම මගේ ඉදිරි වැඩ කටයුතු වලටත් ඔබගේ සහාය අපේක්ෂා කරනවා.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්