කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
පුංචි පැළේ ගසවෙනා

උණු කඳුළු


ගිනි කාස්ටකේ වැපිරූ ගොයමේ
ශේෂ වූ කරල් දෑතෙහි රුවා
විය­ළුණු දෙනෙ­තින් මදෙස බලා
හිනැහී පසුව
හොරෙන් ඇස් පිහිදා ගත්,
නුඹ හස­රැලි නුබ ගැබ සේ ගත සිත
සැන­සු­මට අත්වැ­ලයි මාගේ,
සුදු කොඩි වැල තවම වැට මායි­මෙන්
වෙන් ව නැති සේ ම
නිසරු දෑසින් පිරි­පුන් හද­ව­තින්
නොළා ඇසි­පිය මා දෙස බලා
අම්මා තව­මත් ඈත සිට
ඉන්නවා මට පේනවා


එම්.ජී. ඩිල්කි නවෝදා
13 ශ්‍රේණිය,
‍අනුලා විද්‍යා­ලය,
නුගේ­ගොඩ.


සැමට පිහිට

දව­සක් මම පාසල් යන විට­කදී වය­සක මිත්ත­ණි­යක පාර පැනී­මට නොහැ­කිව සිටිනු දුටු­වෙමි. වාහන ඉතා වේග­යෙන් තර­ග­යට මෙන් එහා මෙහා යයි. මගීන් ගැන කිසි සැල­කි­ල්ලක් ඔවුන් නොද­ක්වන බව පෙනිණි. මම ආච්චි අම්මාගේ අතින් අල්ලා­ගෙන කහ ඉර හරහා අනෙක් පසට මාරු­වී­මට උදව් කළෙමි. ඉන්පසු ඇය මගේ ඔළුව අතගා ‘‘මගේ හොඳ පුතාට බුදු සර­ණයි” යැයි කීවාය.
මා කළ යහ­පත් ක්‍රියාව ගැන සතු­ටු­වෙ­මින් මම පාස­ලට ගියෙමි.

විහඟ සුල­ක්ෂණ
09 ශ්‍රේණිය,
ගුරු­ගෙ­දර,
සපු­ග­ස්කන්ද.


සන්දේශ කාව්‍යය රස කැටි වූ සැල­ළි­හිණි සන්දේ­ශය

ලෝක සාහි­ත්‍ය­යට ප්‍රථම සන්දේශ කාව්‍ය එකතු කරන ලද්දේ මහා කවි “කාලි­දාස” විසිනි. එම කෘතිය මේඝ­දූ­තය යි. ඉන්දි­යානු සාහි­ත්‍යය ඇසුර ලබා ගෙන අප රටෙහි ද සන්දේශ කාව්‍ය රචනා වීම ඇර­ඹිණි. ලක්දිව හමු­වන පැරැ­ණිම සන්දේශ කාව්‍ය ද්වය වන්නේ “තිසර සන්දේ­ශය” හා “මයුර සන්දේ­ශය” යි. සිංහල සාහි­ත්‍යයේ ස්වර්ණ­මය යුගය වන්නේ කෝට්ටේ යුගය යි. එස­ම­යෙහි දී සන්දේශ කාව්‍ය පහක් රචනා වූ අතර ඒවා ප‍ෙරවි සන්දේ­ශය, සැල­ළි­හිණි සන්දේ­ශය, ගිරා සන්දේ­ශය, කෝකිල සන්දේ­ශය, හංස සන්දේ­ශය නම් වේ.
ඒ අත­රින් සැල­ළි­හිණි සන්දේශ කාව්‍ය සිංහල සාහි­ත්‍ය ඉති­හා­සයේ ලියැ­වුණු විශි­ෂ්ට­තම සන්දේශ කාව්‍ය යි. එහි රච­කයා වන්නේ රාජ­ගුරු තොට­ග­මුවේ ශ්‍රී රාහුල හිමි ය. උන්ව­හන්සේ පාලි, සංස්කෘත, ප්‍රාකෘත, පෛශාවි, ශෞර­සේන, අප­භ්‍රංශ යන භාෂා හයක විශා­ර­ද­යෙකි. උන්ව­හන්සේගේ දෙවන සන්දේශ කාව්‍යය සැළ­ලි­හිණි සංදේ­ශ­යයි. මෙහි කවි 108ක් ඇතු­ළත් වේ.
සැල­ළි­හිණි සන්දේ­ශය රචනා කරන ලද්දේ හය­වන පැර­කුම්බා රජුගේ කනිටු දිය­ණි­යන් වූ උල­කු­ඩය (ලෝක­නාථා) දේවි­යට පුත් කුම­රෙකු ලබා­දෙන ලෙස කැල­ණියේ විභී­ෂණ දෙවි­යන් යදිනු සඳහා ය. සැළ­ලි­හිණි සන්දේ­ශයේ සියලු කවි රචනා වී ඇත්තේ සමු­ද්‍ර­ඝෝෂ විරි­තෙනි.

උත්පලා අංජලී සෙනෙ­වි­රත්න
7 ශ්‍රේණිය ‘එෆ්’,
රත්නා­වලී බාලිකා විද්‍යා­ලය,
ගම්පහ.


උඩ­ඟු­කම විනා­ශ­යට මුල වේ

එක­මත් එක කාල­යක දුෂ්කර ගමක රන්වන් කර­ලින් බර­වුණු ලස්සන වෙල්යා­යක් තිබුණා. ඒ වෙල් යාය ළඟම උණ පඳු­ර­කුයි, ගෙඩි පිරුණු උසම උස පුවක් ගස­කුත් තිබුණා. මේ ගස් දෙක ටික කාල­යක් යද්දී ගොඩක් හිත­වත් වුණා. සැබැයි හැම­දාම පුවක් ගහ උණ ගහට සම­ච්චල් කරන්න පටන් ගත්තා. උණ පඳුර ඒවා ගණන් ගත්තෙ නෑ. එයා ඒවා අහලා එව­ලේම අම­තක කරලා දැම්මා.


පුවක් ගහ :- ඔයා නම් පොඩි සුළ­ඟක් ආවත් බිමට පහත් වෙනවා. ඒත් මම බල­න්නකෝ ලොකු සුළ­ඟක් ආවත් කෙළින් ඉන්නවා. පොඩ්ඩක් වැනෙ­නවා විත­රයි. අනික මම ඔයාට වඩා ශක්ති­මත්. ඔයා වගේ නැවෙන්නෙ නෑ.

උණ පඳුර :- කමක් නෑ මම බිමට පහත් වෙලා ආපහු ශක්ති­මත් වෙනවා.


ඉතින් හැම­දාම මේ විදි­හට පුවක් ගස උණ ගසට විහිළු කරන්න පටන් ගත්තා.
එක දව­සක් හිතා­ග­න්න­වත් බැරි තරම් සුළ­ඟක් හැමුවා. ඒත් පුවක් ගස කැඩිලා ගියේ නැහැ. ගෙඩි හැළිලා කොළ අතු ටිකක් බිමට නැවිලා. ඒත් පුවක් ගසට ලජ්ජා නැහැ. උඩ­ඟු­ක­මින් උණ ගසට සම­ච්චල් කරන එක නව­ත්ත­ලත් නැහැ. ඒත් තවම උණ ගස නම් පුවක් ගහට මුකුත් කීවේ නැහැ. එක දව­සක් එදා වගේම තද සුළ­ඟක් හැමුවා. හැබැයි පුවක් ගහ පෙරදා සුළ­ඟට දුර්වල වෙලා තිබුණු නිසා නැමී දෙකට මැදින් කැඩි­ලම ගියා.

උඩඟු පුවක් ගසට වුණු දේ අපත් මතක තියා ගන්න ඕනැ. කව­දා­වත් අපත් උඩඟු වෙන්න හොඳ නැහැ. අනිත් අය වගේ ම සමා­නව හිතන්න පුරුදු වෙන්න ඕනෑ.


විනදි ඔමෙත්මා
(පන්තිය සඳ­හන්ව නැත)
ශ්‍රී චන්ද්‍ර­ජෝති ම.වි., යක්කල.


මගේ පැතුම කවදා හෝ කොරි­යා­වට යෑමයි

2016 වසර අධික අවු­රු­ද්දකි. මේ වස­රේදි මගේ එකම පැතුම වන්නේ දකුණු කොරි­යා­වට යෑමයි. මම කැමති ම රට වන්නේ දකුණු කොරි­යා­වයි. දකුණු කොරි­යාවේ අග­නු­වර සියොල්ය. මම එර­ටට ආශා කරන්නේ රූප­වා­හි­නියේ මා දුටු කතා 2 ක් නිසයි. එනම් අභීත දිය­ණිය හා ජන­හි­ත­කාමී රැජ­නයි. එම කතාවේ සිටින ඩියො­ක්මාන් කුම­රිය සහ දොංයි බිසව යන දෙදෙ­නාම දුප්පත් මිනි­සුන්ට සේවය කළහ.

දකුණු කොරි­යාවේ මිනි­සුන් ඉතා ආචා­ර­ශී­ලීය. දකුණු කොරි­යාව සීතල රටකි. මම සීතලේ සිටී­මට ඉතා ආශා කරමි. කෙදි­නක හෝ මම මගේ පැතුම ඉටු­කර ගනිමි.

සෙනෙත්මි තිරන්යා
8 ශ්‍රේ­ණිය,
ශුද්ධ වූ පවුලේ කන්‍යා­රා­මය,
බම්බ­ල­පි­ටිය.


පොල් රොටිය

ගෙදර තිබුණ පළි­යට
කොච්චි දමල හරි­යට
අම්ම හැදුව රොටි­යට
දැවිල්ල දෙයි කන­විට
නැන්ද හදන රොටි­යට
කොච්චි දැම්මෙ පද­මට
හද­නව කිව් පළි­යට
කන්නට බෑ අද මට

මෙනුක ලක්වින් ගුණ­ව­ර්ධන
3 ශ්‍රේණිය ‘ඩී’,
වේළු­වන වි., කොළඹ 09.


මම මී මැස්සෙක් වෙමි

මා අයත් වන්නේ කෘමි සතුන් ගණ­යට ය. මගේ ප්‍ර­ධාන ආහා­රය සොයා ගැනීම සඳහා මල් කුම­රි­යන් වෙත පියඹා යන්නේ මහත් සෙනෙ­හ­සිනි. මම මගේ පවුලේ අනෙ­කුත් සාමා­ජි­ක­යින් සමඟ එක්ව සම­ඟි­යෙන් විශාල මී වද­යක් බඳිමි. මගේ කඩි­ස­ර­කම ආද­ර්ශ­යට ගන්නා ලෙස ගුරු­වරු ළම­යින් ට උප­දෙස් දෙති.

ආර්.ජී. චාරු හංසනා
3 ශ්‍රේණිය,
මාලි­ගා­තැන්න ප්‍රා.වි.,
උස්සා­පි­ටිය.
 


මියුරු උදෑ­සන

ඉර මාමා හෙමින් එබෙයි
සඳ මාමා දුකෙන් පෙළෙයි
ගස්වල අතු සුවය ගෙනෙයි
සීත සුළං ගත සන­සයි
මල් පිපිලා සුවඳ බෙදයි
ඵල දරලා රසය ගෙනෙයි
සුළං ගතට සිසිල ගෙනෙයි
ඉර මාමා උණු­සුම දෙයි
කුකුල් හාමි කෑ මොර දෙයි
කුරුලු රංචු පිය­ඹා‍ ­යයි
පුංචි ළමයි පාසල් යයි
මියුරු උදෑ­සන එළ­ඹෙයි


සෙනුරි තීක්ෂණා
6 ශ්‍රේණිය,
යට්ට­පාත ක.වි.,
යට්ට­පාත.
 


කුරු­ණෑ­ගල වැල්ලව මධ්‍ය මහා විද්‍යා­ලයේ අභි­න­ව­යෙන් පත්වූ ප්‍රාථ­මික අංශයේ ශිෂ්‍ය නායක නායිකා මණ්ඩ­ලය සේයා­රු­ව­කට පෙනී සිටි අන්දම. විදු­හ­ල්පති ඩී.එම්.ටී.බී. දිසා­නා­යක, ප්‍රාථ­මික අංශයේ විදු­හ­ල්ප­තිනී එස්.එල්.ඩබ්.එම්. ගුණ­සිංහ, ශිෂ්‍ය නායක නායිකා මණ්ඩ­ලය බාර ආචා­ර්ය­ව­රි­යන් වන ඒ.එන්.ආර්. ජය­ති­ලක සහ පද්මා ඇතු­ගල ගුරු මහත්ම මහ­ත්මීහු ද සේයා­රුවේ වෙති.
 

අවුරුද්දත් ළඟයි!


පුංචි දුවේ පුතේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ළඟම එනවා. ඒ වෙනුවෙන් ඔබ ලියන ගද්‍ය පද්‍ය හා චිත්‍ර නිර්මාණ ඉක්මනින් ළමා පිටුවට යොමු කරන්න.

ළමා පිටුව, සිළුමිණ, ලේක්හවුස්, කොළඹ 10
.

 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]