කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
Astrology - සතියේ කල දසාව

ශ. ව. 1937 ක්වූ මීන රවි 14 භාග මැදින් මස අව ජල­වක තිථිය ලත් මාර්තු මස 27 ඉරු දින සිට අප්‍රේල් මස 02 ශනි දින දක්වා....
හරිප්‍රිය ගුණසේකර

වාහ­න­යක් මිලදී ගැනීම සඳහා කලක් තිස්සේ පැවැති බලා­පො­රොත්තු ඉටු වේ. පදිංචි ස්ථානයේ වෙන­සක් සිදු­වී­මට නිය­මි­තය. අලුත් මිතුරු මිතු­රි­යන් හඳුනා ගැනී­මට අව­ස්ථාව ලැබෙයි. ධනය ලැබීම අතින් යහ­පත් සති­යකි. රැකියා කට­යුතු කෙරෙහි ඇති උන­න්දුව ඉහළ යයි. සමිති සමා­ගම් ආදි­යෙහි නිල­තල ලැබී­මට ඉඩ ඇත. උසස් අය­ගෙන් ප්‍රශංසා අස­න්නට ලැබෙයි. තරග විභාග ජය අත් වෙයි.

ජය අංකය - 03
සුබ දවස -  ඉරිදා

සිතේ අස­හ­න­කාරී තත්ත්වය මැඬ පවත්වා ගැනී­මට අව­ස්ථාව උදා වෙයි. කාල­යක් තිස්සේ ඇදී ආ ගැට­ලු­ව­කට පිළි­තුරු සොයා ගැනී­මට හැකි වෙයි. පවුලේ සුහ­ද­තාව වර්ධ­නය වෙයි. බාහිර දේ කෙරෙහි වැඩි අව­ධා­න­යක් යොමු කරයි. සම්මුඛ පරී­ක්ෂ­ණ­ව­ලට මුහුණ පෑ අයට රැකියා සඳහා කැඳ­වීම් ලැබේ. හෘද­යා­බාධ ඇති අය වහා වෛද්‍ය­ව­ර­යකු හමු­විය යුතුය.

ජය අංකය - 09
සුබ දවස -  සෙන­සු­රාදා

අපේක්ෂා නොකළ අව­ස්ථා­වක ආර්ථික වාසි හිමි­කර ගැනී­මට වාස­නාව උදා වෙයි. සහෝ­දර සහෝ­ද­රි­ය­න්ගෙන් තෑගි බෝග ආදිය ලැබී­මට ඉඩ ඇත. උද්‍යෝ­ග­යෙන් යුතුව රැකියා කට­යු­තු­වල නිරත වීමට ඉඩ ලැබේ. අලුත් මිතුරු මිතු­රි­යන් හඳුනා ගැනී­මට අව­ස්ථාව උදා වෙයි. අන­තු­රු­ව­ලට ඉඩ ඇති බැවින් පරිස්සම් වන්න. පෙම් සබ­ඳතා වර්ධ­නය වෙයි.

ජය අංකය - 02
සුබ දවස -  ඉරිදා

ලිපි ලේඛ­න­ව­ලට අදාළ කට­යු­තු­ව­ලදී කල්ප­නා­කා­රීව ක්‍රියා කළ යුතුය. කලක සිට බලා­පො­රොත්තු වූ තන­තුරු ලාබ­යක් සඳහා ඉඩ සැල­සෙයි. පදිංචි ස්ථාන­යෙන් බැහැර ප්‍රදේශ කීප­යක සංචා­රය කිරී­මට අව­ස්ථාව සැල­සෙයි. උත්සා­හයේ පම­ණට කට­යුතු සාර්ථක කර ගැනී­මට වෙහෙස විය යුතුය. මංගල යෝජනා ඉදි­රි­පත් වෙයි.

ජය අංකය - 05
සුබ දවස -  සිකු­රාදා

හවුල් ව්‍යාපා­ර­වල යෙදී සිටින ව්‍යාපා­රි­ක­යන්ට බලා­පො­රොත්තු වූ ප්‍රති­ඵල ලබා ගැනී­මට හැකි වෙයි. අති­රේක ආදා­යම් මාර්ග වර්ධ­නය වීමට ඉඩ ඇත. කලා කට­යු­තු­වල නිරත අයට යහ­පත්ය. ස්වයං රැකියා අංශයේ නිරත අයට වඩාත් ඵල­දායි ලෙස දියුණු වීමට ඉඩ ලැබෙයි. තරග විභා­ග­ව­ලින් ජය­ග්‍ර­හණ ලැබෙයි. මංගල යෝජනා ඉදි­රි­පත් වෙයි.

ජය අංකය - 01
සුබ දවස - බ්‍රහ­ස්ප­තින්දා

අස්ථාන ගතවූ වටිනා ලිය­වි­ල්ලක් නැවත සොයා ගැනී­මට හැකි වීමෙන් සිතට සතුට ඇති වෙයි. කාල­යක් විදේ­ශ­ග­තව සිටි ඥාති සහෝ­ද­ර­ය­කුගේ පැමි­ණී­මක් සිදු­විය හැක. කෙටි ගමන් බිමන් අධික වෙයි. සති මැදදී සතුට දන­වන පුව­තක් අස­න්නට ලැබෙයි. තම සෞඛ්‍යය කෙරෙහි උනන්දු විය යුතුය. ප්‍රේම සම්බ­න්ධතා වර්ධ­නය වන ලකුණු පෙන්වයි.

ජය අංකය - 09
සුබ දවස -   ඉරිදා

අර­මුණු ඉටු කර­මින් මේ සතිය උදා වෙයි. මුදල් හදල් වැඩි­පුර අතේ ගැව­සෙයි. ප්‍රේම සම්බ­න්ධතා වර්ධ­නය වෙයි. උරු­ම­යෙන් හිමි වීමට තිබූ දේප­ළක් අයත් වීමට ඉඩ ඇත. ආග­මික පුද පූජා ආදි­යට වැඩි නැඹු­රු­තා­වක් ඇති කරයි. රැකියා අපේක්ෂා කරන අයගේ බලා­පො­රොත්තු ඉටු වෙයි. කාල­යක් ඇසුරු කළ අයකු සමඟ විවාහ ගිවි­සු­ම­කට ඇතු­ළත් වීමට වැඩි­හිටි ආශි­ර්වාද ලැබේ.

ජය අංකය - 08
සුබ දවස -  බදාදා

බහි­න්බස් වීමක් නිසා අම­නාප වූ අයකු සමඟ යළි හිත­ව­ත්කම් ගොඩ­නඟා ගැනී­මට හැකිය. ව්‍යාපාර කට­යු­තු­වල නිරත අයට සුබ ඵල හිමි කරයි. ව්‍යාපා­රි­ක­යන්ට මූල්‍ය ආයෝ­ජන අව­ස්ථාව උදා වෙයි. ඉතා අව­ධා­න­යෙන් හා ඉව­සි­ලි­ව­න්තව කට­යුතු කළ යුතු සති­යකි. මංගල යෝජනා ඉදි­රි­පත් වෙයි. උසස් අය­ගෙන් ප්‍රශංසා අස­න්නට ලැබේ.

ජය අංකය - 06
සුබ දවස -  සඳුදා

පදිංචි ස්ථානය පිළි­බඳ ප්‍රශ්න­යක් විසඳා ගැනී­මට වැඩි­පුර කාල­යක් කැප කරයි. ඉතා බුද්ධි­මත්ව හා කල්ප­නා­කා­රීව කට­යුතු කළ යුතුය. නව වාහ­න­යක් හෝ ඉඩ­මක් මිලදී ගැනී­මට හැකි වෙයි. රිය පැද­වී­මේදී ඉව­සී­මෙන් හා කල්ප­නා­වෙන් රිය පැද­විය යුතුය. ආග­මික පුද පූජා ආදි­යට වැඩි නැඹු­රු­වක් ඇති කරයි. වකු­ගඩු බාධා හා මුත්‍රා බාධා ඇති අය සැලකිලිමත් වන්න. මංගල යෝජනා ඉදි­රි­පත් වෙයි.

ජය අංකය - 02
සුබ දවස -  සඳුදා

දරු­වන්ගේ හා වැඩි­හිටි අයගේ කට­යුතු ආදි­යේදී සැල­කි­ලි­මත් විය යුතුය. හදි­සියේ යෙදෙන දුර ගම­නක් නිසා රැකියා කට­යු­තු­ව­ලට බාධා ඇති­වී­මට ඉඩ ඇත. නිවෙ­සක් හෝ ඉඩ­මක් ගැනී­මට තිබූ බලා­පො­රොත්තු ඉටු වේ. හිත­වත් අය සමඟ විනෝද චාරි­කා­ව­කට සහ­භාගි වීමට ඉඩ ඇත. පරි­ග­ණක අංශ­වල සේවයේ නිරත අයට උසස් වීම් ලැබේ.

ජය අංකය - 03
සුබ දවස -  අඟ­හ­රු­වාදා

බුද්ධිය මෙහෙ­යවා කට­යුතු කොට ජය­ග්‍ර­හණ අත්කර ගැනී­මට හැකි වෙයි. රැකි­යා­වට අදා­ළව මෙතෙක් පැවැති දුෂ්ක­රතා මඟ හැරෙයි. වතු­පිටි ආදියේ ආදා­යම් තත්ත්වය වර්ධ­නය වෙයි. දියු­ණු­වට නව අඩි­තා­ල­මක් දැමී­මට අව­ස්ථාව උදා වෙයි. රැකියා ස්ථානයේ රාජ­කාරි වෙනු­වෙන් වැඩි­පුර වෙහෙ­සී­මට සිදු වෙයි. ප්‍රේම සබ­ඳතා වර්ධ­නය වෙයි. මංගල යෝජනා ඉදි­රි­පත් වෙයි.

ජය අංකය - 03
සුබ දවස -  අඟ­හ­රු­වාදා

අවි­වා­හක අයට මංගල යෝජනා ඉදි­රි­පත් වෙයි. සිතේ සතුට දෙන සති­යකි. මේ සතිය ඔබට මිශ්‍ර ඵල ගෙන දෙයි. තරග විභා­ග­ව­ලින් ජය­ග්‍ර­හණ ලැබෙයි. විසි­තුරු භාණ්ඩ මිලදී ගැනී­මට වැඩි රුචි­ක­ත්ව­යක් දක්වයි. ආග­මික පුද පූජා ආදි­යට වැඩි නැඹු­රු­වක් ඇති කරයි. හෘද­යා­බාධ ඇති අය ප්‍රවේ­ශම් වන්න. ආර්ථික ගැටලු මතු­වන අතර ණය­වීම් ආදි­යට මැදි­හත් වීමට සිදු වෙයි.

ජය අංකය - 01
සුබ දවස -  බ්‍රහස්ප­තින්දා


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]