‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


'මොබි ඩික්' මිථ්‍යාවේ යථාර්ථය

'මොබි ඩික්' මිථ්‍යාවේ යථාර්ථය

හර්මන් මෙල්විලෙ නමැති ප්‍රකට ලේඛකයා ලියූ 'මොබි ඩික්' නමැති නවකතාව ලොව පුරා ජනප්‍රියත්වයට පත්ව විවිධ භාෂාවනට පරිවර්තනය වූ කෘතියක් වෙයි. තමන්ට පාදයක් අහිමි කළ සුදු පැහැ තල්මසකුගෙන් පළිගැනීමේ චේතනාවෙන් වියරු වැටුණු නාවිකයකු වූ කපිතාන් අහබ් පිරිස එක්කරගෙන. 'මොබි ඩික්' නමැති එම තල්මසා හඹා ගිය පුවත මෙල්විලෙගෙ නවකතාවෙන් විස්තර විය.

1820 දී තල්මස් දඩයමේ ගොස් මුහුදු බත් වූ 'එසෙක්ස්' නමැති නෞකාව පිළිබඳ පුවත හර්මන් මෙල්විලෙගේ මොබි ඩික් නවකතාවට පාදක වූයේය. කෙසේ වෙතත් 'එසෙක්ස්' නෞකාවට අදාළ සැබෑ පුවත වසර 2000 දී නතානියෙල් ෆිල්බ්‍රික් කෘතියක් ලෙස පළ කළේ 'ඉන් ද හාට් ඔෆ් ද සී' යන නමිනි. ප්‍රබන්ධයක් නොවන කෘතියක් වූ එය පාදක කොටගෙන රොන් හොවාඩ් අධ්‍යක්ෂණය කළ සිනමා පටය 'ඉන් ද හාට් ඔෆ් ද සී' පසුගිය දෙසැම්බර් 11 දා සිට ලොව පුරා ප්‍රදර්ශනය වෙයි.

'අ බියුටිෆුල් මයින්ඩ්' හා 'ඇපලෝ 13' වැනි සිනමා පට නිර්මාණය කරමින් හොලිවුඩයේ නමක් දිනාගත් රොන් හොවාඩ්. මෙම චිත්‍රපටය හඳුන්වන්නේ 'මොබි ඩික් මිථ්‍යාවේ යථාර්ථය' යනුවෙනි. චාල්ස් ලීවිට්ගේ තිර රචනයක් අනුව නිර්මාණය වූ 'ඉන් ද හාට් ඔ‍ෆ් ද සී' ඇරැඹෙන්නේ 1850 දී ලේඛක හර්මන් මෙල්විලෙ අවන්හලක් පවත්වාගෙන යන තෝමස් නිකර්සන් හමුවට යාමෙනි. 'එසෙක්ස්' නෞකාවේ අවසන් ගමනේ දිවි බේරාගත් එකම නාවිකයා වන්නේ තෝමස්ය. මෙල්විලෙ මුදල් පිරිනමමින් තෝමස්ගෙන් ඉල්ලා සිටින්නේ ඔහු ලද අත්දැකීම විස්තර කරන ලෙසිනි. එහෙත් තෝමස් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි. පසුව ඔහු සිය බිරියගේ බල කිරීම මත එම කතාව මෙල්විලෙට පැවසීම අරඹයි.

කතාව 1820 දක්වා දිව යයි. 'ෆැන්ටක්ට්' නමැති සමාගම නෞකා යොදවන්නේ තල්මස් දඩයම සඳහාය. එකල තල්මස් තෙල් හොඳින් මුදල් ඉපැයිය හැකි වාණිජ ද්‍රව්‍යයක් වෙයි. 14 හැවිරිදි නිකර්සන් එසෙක්ස් නෞකාවේ සේවයට එක් වන්නේ 'කැබින් බෝයි' කෙනකු ලෙසිනි. ඕවන් චේස් නෞකාවේ පළමු නිලධාරියා වන අතර කපිතාන්වරයා වන්නේ පළපුරුද්දෙන් අඩු ජෝර්ජ් පොලාර්ඩ්ය. ඔහු චේස්ගේ දක්ෂතාවන්ට මෙන්ම ලබා සිටින ජනප්‍රියත්වයට ද ඊර්ෂ්‍යා කරයි. දෙදෙන අතර ගැටුම මධ්‍යයේ 'එසෙක්ස්' නෞකාව කුණාටුවකට මුහුණ දෙයි. ඒ අග පළමු තල්මස් දඩයම ද සාර්ථක කර ගනියි.

එම නෞකා ගමනේ ලද අත්දැකීම්, සිදු වූ ගැටුම් ආදිය නිකර්සන් සවිස්තරාත්මකව මෙල්විලේ ඉදිරියේ තබන අතර අවසන මෙල්විලෙ 'ඉස්මායිල් යනුවෙන් මා හඳුන්වන්න' යනුවෙන් 'මොබි ඩික්' නවකතාව ලිවීම අරඹයි.

ක්‍රිස් හෙම්ස්වර්ත්, බෙන්ජමින් වෝකර්, සිලියන් මර්ෆි, ටොම් හොලන්ඩ්, බ්‍රෙන්ඩන් ග්ලීසන්, බෙන් විෂෝ, මිෂෙල් ෆෙයාර්ලේ, ගැරී බීඩ්ල් සහ චාලට් රිලේ වැනි නළු නිළියෝ මෙහි රඟපාති. බ්‍රිතාන්‍යයේ ලීවෙස්ඩෝ චිත්‍රාගාරයේ තැනුණු විශාල ටැංකියක මෙහි බොහෝ මුහුදු දර්ශන රූගත වී තිබේ.

ඩොලර් මිලියන 100ක වියදමකින් තැනුණු 'ඉන් ද හාට් ඔෆ් ද සී' චිත්‍රපටය පසුගිය ජනවාරි 4 දා වන විට ඩොලර් මිලියන 87.4ක් උපයාගෙන ඇති බව වාර්තා විය. මෙම චිත්‍රපටය පිළිබඳ විචාරක ප්‍රතිචාර විවිධය. ප්‍රතිශතයක් ලෙස ගත් කල මෙම චිත්‍රපටය පිළිබඳ සුබවාදී විචාර පළ කර ඇත්තේ 47%ක් පමණි. කෙසේ වෙතත් මෙම චිත්‍රපටය වැඩිම ආදායම් උපයා ඇත්තේ රුසියාවේදීය. තායිලන්තයේ, දකුණු කොරියාවේ හා තායිවානයේ ද 'ඉන් ද හාට් ඔෆ් ද සී' සමකාලීන අනෙක් හොලිවුඩ් චිත්‍රපටවලට වඩා වැඩි ආදායම් උපයා තිබේ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්