‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


ඉන්දියානු අහස් කුස සරුංගල්වලින් වැසී ගිය දිනයක්

ඉන්දියානු අහස් කුස සරුංගල්වලින් වැසී ගිය දිනයක්

සියලුම ඉන්දියානුවන් ජාති ආගම් බේදයකින් තොරව පවත්වන උත්සවයක් පසුගිය ජනවාරි 14 වැනිදා පැවැත්විණ. ඒ උත්තරායන් හෙවත් ජාතික සරුංගල් උත්සවයයි. සෑම වසරකම එකම දිනයකදී පැවැත්වෙන මේ උත්සව දිනය එළ‍ඹෙන තුරු බොහෝ ඉ න්දියානුවන් සිටින්නේ ඇඟිලි ගනිමිනි. මුළු මහත් ඉන්දියාවම උත්සවශ්‍රීයයෙන් ඇළලි යන මෙදින ඉන්දියාවේ අහස් කුස විවධ වර්ණයේ සරුංගල් දස දහස් ගණනින් වැසී යයි. ගෙවල් පියසි මතට වී උඩ බලාගෙන ගුවනට සරුංගල් පාකර හරිනා ඉන්දියානුවන් මෙදින සුලබ දසුනකි. ඔවුනට එදින තවත් වැදගත් වන්නේ ඥාති හිතමිතුරු සැවොම එක්ව ප්‍රී‍තියෙන් මේ කටයුත්තට සහභාගි වීමය.

ඉන්දියාවේ බටහිර ප්‍රදේශයන්හි මේ උත්සවය හැඳින්වෙන්නේ මකර සංක්‍රාන්ති උත්සවය ලෙසිනි. අනෙකුත් හින්දු උත්සව මෙන් මේ උත්සවයට නිමිති වන්නේ සඳුගේ ගමන නොව හිරුගේ ගමනය. එනිසාම මේ උත්සවය සඳහා නිශ්චිත දිනයක් වෙන්වී තිබේ. මුළු මහත් ඉන්දියාව පුරාම ජාති ආගම් ‍බේදයකින් තොරව මේ උත්සවය සමරන්නේ ද එහෙයිනි. ශීත සමය නිමාව දකිමින් ගිම්හානයේ ආරම්භය ද මෙමගින් සනිටුහන් කෙරේ.

ජනවාරි 14 වැනිදා උත්තරායන් උත්සවය ඇරැඹුණද ඒ සඳහා වූ ලක ලැහැස්තියෙන් මුළු ඉන්දියාවම කල එළි වන්නේ සති කීපයකට පෙර සිටය. හැමෝගේම අපේක්ෂාව වන්නේ වර්ණවත් අලංකාර සරුංගලයක් ගුවනේ පා කර හැරීමය. උත්තරායන් දිනට පෙර දින ගම් හා නගරවල පදික වේදිකා කඩ පිල් පිරී යන්නේ විවිධ හැඩයේ වර්ණවත් සරුංගල්වලිනි. මහ මඟ දිගට සරුංගල් මිටි හිස තබාගත් කොලු කුරුට්ටෝ සරුංගල් අලෙවි කරමින් සරති. තවත් වෙළෙන්දන්ගේ හිස් සරුංගල්වලින් වැසීගොසිනි. කවුරු කවුරුත් පොරකන්නේ අලංකාරම සරුංගලය තමා සතු කර ගැනීමටය.

ගම්වල සරුංගල් හැදීමේ දක්ෂතා ඇති අයගේ ද කරල පැසෙන්නේ මේ කාලයේදීය. ඔවුහූ තමන් සතු ශිල්ප දක්වමින් සරුංගල් තනා විකුණා ගනිති. මේ සරුංගල් විවිධ හැඩ තල ගන්නා අතරම විචිත්‍ර වර්ණයෙන් යුතු කොළවලින් ද අලංකාර වේ. ඉන්දියානුවෝ තමන් ප්‍රිය කරන බොලිවුඩ් තරුවකගේ රුව රැගත් සරුංගල් උඩ යැවීමට ප්‍රිය කරති‍. මෙනිසා උත්තරායන් දිනයේ දී ශාරුක් ඛාන්ලා සල්මන් ඛාන්ලා අමිතාබ් බච්චන්ලා මධුරිලා ප්‍රීති සින්ටාලා තොග ගණනින් උඩ යති.

වර්ණවත් කොළ යොදා සරුංගලයක් තැනීමෙන් පමණක් සරුංගලය උඩ යන්නේ නැත. ඒ සඳහා සුදුසු වූ නූලක් ද තිබිය යුතුය. මේ නූල් සෑදීම ද කලාවකි. මේ නූල් සෑදීම පාරම්පරිකව කරගෙන එනු ලබන ජන වර්ග එරට වෙති. ඒ එක් එක් ජන වර්ග විසින් සාදනු ලබන නූල් ද ආවේණික වර්ණයන්ගෙන් යුක්ත වේ. සරුංගල් යැවීම සඳහා ගනු ලබල නූල් වර්ග සාමාන්‍ය නූල් නොවන්නා‍සේම එම නූල් තැනීම ද ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. සරුංගල් යැවීමට භාවිතා කරන නූල් හඳුන්වන්නේ ' මන්ජා ' ලෙසිනි. මේ මන්ජා තනනුයේ කුඩු කර ගත් වීදුරු කුඩු නූල වටා තවරමිනි. වීදුරු කුඩු තැවරීමෙන් නූල ඉතා තියුණු වේ. මෙනිසා නූල් තනන්නෝ මෙන්ම සරුංගල් උඩ අරින්නෝ ද බෙහෙවින් ප්‍රවේශම් වෙති. ඔවුහූ සරුංගල් ඇරීමට පෙර දෑතේ ඇඟිලි හොඳින් වෙලා ගැනීමට වග බලා ගනිති.

සෑම ඉන්දියානු සැණකෙළියකදීම ආහාරවලට ද අත්වන්නේ සුවිශේෂ ස්ථානයකි. ඇතැම් ප්‍රාන්තවල සරුංගල් උත්සයටම විශේෂ වූ ආහාර පාන සැකසේ. සරුංගල් උත්සවය ජයටම සමරන ගුජරාට් ප්‍රාන්තයේ මෙදින ශීත කාලයේ හට ගන්නා ' උන්ධියෝ ' නම් වූ එළවළුව සැකසේ. එය එදින භෝජන සංග්‍රහයේ වෙසෙස් තැනක් ගනී. ඊට අමතරව ඇට වර්ග අල වර්ග හා ශීත කාලයේ හට ගන්නා එළවළු ද පිස ගනී. මේ සියල්ලටම අමතරව ' ජලෙබී ' ලෙසින් හැඳින්වෙන අධික පැණි රසයකින් යුතු රස කැවිල්ලද සාදති.

මෙහිදි ඉන්දියානු නිවෙස්වල පියෙසි ගැන ද යමක් කිව යුතුය. අපේ රටේ මෙන් නොව ඉන්දියාවේ බොහෝ නිවෙස්වල පියෙසි අපේ මෙන් උළු සෙවිලි කර නොමැති අතර එම පියෙසි කොන්ක්‍රීට් ලියෙන් නිමවා තිබේ. උෂ්ණාධික සමයේදී ඔවුන් නිදා ගන්නේ මේ පියසි මතය. මෙදින උදෑසන ආහාරයන් පසු බාල මහලු සැ‍වොම සිය නිවෙස්හි පියසි මතට ගොඩ නැගෙන්නේ සරුංගල් යැවීමටය. සැවොම එකට එක්වී තමන් අතැති සරුංගල් ඉහළ යවනුයේ සියලු ‍බේද අමතක කර සතුටින් පිනා යමිනි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්