‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


අද කාලේ කවුරුවත් විශ්වාස කරන්න බෑ

අද කාලේ කවුරුවත් විශ්වාස කරන්න බෑ

රුක්ෂානා දිසානායක

කවදා හෝ රංගන ශිල්පිනියක් වීමට පෙරුම් පුරමින් සිටි රුක්ෂානා දිසානායක ගේ ඒ සිහිනය සැබෑ වුණා.. දැන් ඇය පුංචි තිරයේ නිතර නිතර දකින ජනප්‍රිය රුවක්.

රුක්ෂානා ඒ ගැන මොකද හිතෙන්නේ?

සතුටුයි... උතුම් පැතුම් සහ වස්සානේ ප්‍රේමය යන ටෙලි නාට්‍ය වලින් මේ දවස් වල මාව දකින්න පුළුවන්.

රුක්ෂානා කිව්වාට සමහරු අඳුරන්නෙත් නැහැ නේද?

ඔව්. නෙතු කියලා තමයි ගොඩක් දෙනෙක් මාව දැක්කහම කතා කරන්නේ.

රංගන ශිල්පිනියක් වෙන්න ලැබුණේ වාසනාවටද දක්ෂතාවයටද?

වාසනාවට මේ ක්ෂේත්‍ර‍යට එන්න ලැබුණා. නමුත් රැඳෙන්න නම් දක්ෂතාව ඕනේ.

රුක්ෂානා කෙහොම කෙනෙක්ද?

සරලව සතුටින් ඉන්න කැමැති කෙනෙක්.

නළු නිළියෝ එහෙම කිව්වට හැබැහින් සරල නැහැ කියලයි සමහරු කියන්නේ?

මෙහෙමයි . ඇත්තටම ගොඩක්ම සරල වෙන්න බැහැ. ඒක බොරු කතාවක් නේ. රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් විදිහට ආකර්ෂණයක් ඇති වුණහම ඔවුන් ගැන අවධානයෙන් සිටින පිරිස වැඩියි. ඉතින් මම සරල වීම කියලා අදහස් කළේ ඇඳුමින් පැළදුමෙන් හෝ බස් එකේ යන එන එක ගැන නෙමෙයි. මිනිසුන් සමග සරලව හා සුහදව ගනු දෙනු කිරිම පිළිබඳවයි.

රංගන ශිල්පිනියක් ලෙස දිගටම රැඳි ඉන්න පුළුවන් වේවිද?

කොයි තරම් දුරට ප්‍රායෝගිකව කරන්න පුළුවන් වේවිදැයි ප්‍ර‍ශ්නයක් තියෙනවා. නමුත් මම රංගනයට ගොඩක් ආදරෙයි. ඉතින් පුළුවන් තරම් කාලයක් රැඳි සිටින්න උත්සහ කරනවා.

ඔබේ රුව ජනප්‍රිය රංගන ශිල්පිනියකගේ රුවට සමානයි කියලා කවුරුත් කියලා නැද්ද?

රුවංගි අක්කා වගේයි කියලා කියනවා. අනේ හැබැයි ඇය නම් දන්නේ නැතිව ඇති ඒ ගැන. මට තවම රුවංගි අක්කාව මුණ ගැහුණේ එකම දවසයි.

ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණු සොඳුරුම මතකය තියෙනවාද?

ගොඩක් තියෙනවා. ඒ අතර බදුල්ලේ කෙනෙක් මගේ චිත්‍ර‍යක් ඇඳලා අපේ ගෙදරටම එවලා තිබුණා. මං ඒකට හරිම කැමැතියි අදටත් අපේ ගෙදර ඒක තියා ගෙන ඉන්නවා. තව දවසක් පාරේදී ආන්ටි කෙනෙක් ඇවිත් මාව එක පාරටම බදා ගත්තා... ඉතින් මේ සිදුවීම් දෙක මට විශේෂයෙන් මතක තියෙනවා.

රුක්ෂානා පෙම්වතියක් බව නම් දන්නවානේ නමුත් එහි හිමිකාරයා ගැන තවම කිව්වේ නැහැනේ?

ඒක නම් කියන්න බයයි. අපට කාවවත්ම විශ්වාස කරන්න බැහැනේ අද කාලේ.

ඔහු ඔබට නැති වෙයි කියන බයද තියෙන්නේ?

එහෙම දෙයක් නෙමෙයි. කිසිම දෙයක් ස්ථීර නැහැ. මගේ ආදරයත් ස්ථීර නැහැ කියලා වෙලාවකට මට හිතෙනවා.

ඒ කියන්නේ මේ ප්‍රේමය අස්ථීරයි?

මේ ලෝකේ කිසිම තැනක ස්ථීර දෙයක් නැහැයි කියලයි මට හිතෙන්නේ. මගේ ජිවිතයේ අත්දැකීම් එක්ක එහෙම ඇත්ත ස්ථීර ආදරයක් තියේවි යැයි විශ්වාස නොකරන තැනට අද මං ඇවිත් තියෙනවා.

ඔබ ඔය නොකියා කියන්නේ පෙම්වතා වුණත් විශ්වාස නැහැයි කියලා නේද?

එයත් ඉතින් දැනගන්න එපැයි මට විශ්වාස නැහැ කියලා. අනික ඔහු දන්නවා මම කියන දේ කෙළින්ම කියන කෙනෙක් කියලා ඒ නිසා ඒ ගැන වැරැදි වැටහීමක් ඇති කර ගන්න එකක් නැහැ.

හොඳයි මේ අස්ථීර ආදරේ ස්ථීර කරමු යැයි ඔහු යෝජනා කළොත්?

අම්මේ.. මම බොහොම සතුටින් බාර ගන්නවා..

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්