‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


නිමන්ති ගේ සොඳුරු නිවහනට ගොඩවැදෙමු

නිමන්ති ගේ සොඳුරු නිවහනට ගොඩවැදෙමු

ප්‍රභාත් කියන්නේ හරිම නිවුණු ‍සැමියෙක්

නිමන්ති

ඇය මට ගැළපෙන ආදරණීය බිරිඳක්

ප්‍රභාත්

මෙවර කැදැල්ල විශේෂාංගයත් රැගෙන අප පියමැන්නේ ආදරණීය කලා යුවළක් වෙසෙන සොඳුරු නිවහනකටයි. ඒ ජනප්‍රිය නිළියක වන නිමන්ති පෝරගේ සහ කැමරා අධ්‍යක්ෂවරයකු වන ප්‍රභාත් ගේ සොඳුරු නිවහනටයි. ඔවුන්ගේ සොඳුරු කැදැල්ලේ තොරතුරු ඔබ වෙත ගෙන එන අරමුණෙන් බත්තරමුල්ලේ නිස්කලංක පරිසරයක පිහිටි ඒ නිවහනට අපි ගොඩවැදුණා.

මේ දවස්වල නිමන්ති ටෙලිනාට්‍යවලින් දකින්නට නොමැති තරම්... ?

ඔව්. මම වසර ගණනාවකින් චිත්‍රපට හා ටෙලි නාට්‍ය කිසිවක චරිත නිරූපණය කරන්න එක් වුණේ නැහැ. එයට හේතු කිහිපයක්ම බලපෑවා. මූලිකම හේතුව තමයි පවුල් ජීවිතයට මුල් තැන දීම. මගේ දරුවන් තවම පොඩියි. පුතාට අවුරුදු අටයි. පුංචි දුවට තවම අවුරුදු එක හමාරයි. එයා පසුපසින්ම ඉන්න ඕන වයස. එනිසා තව අවුරුද්දක් දෙකක් යනතුරු කිසිම නිර්මාණයකට දායක නොවී ඉන්න තමයි හිතාගෙන ඉන්නේ.

නිළියක වුවත් දැන් ඔබ වගකීම් දරන මවක්...?

ඉස්සර ගත කරපු ජීවිතය දෙස බලත් දී දැන් නම් මුළු ජීවිතයම වගකීමක් ලෙසයි දැනෙන්නේ. මම රඟනොපෑවත් නිෂ්පාදන පැත්තෙන් කලාවට දායක වෙනවා. මොකද ප්‍රභාත්ගෙත් මගෙත් ප්‍රඩක්ෂන් හවුස් එකෙන් නිතරම වගේ හොඳ නිර්මාණ එළි දකිනවා. ඒවාට සහයෝගය ලබා දෙමින් තමයි කාලය ගත කරන්නේ.

දරුවන් සමඟ දවස ගෙවන එක පහසුද?

(ඇය හඬ නඟා සිනාසෙයි...)හම්මේ හරිම සනීපයක් තමයි දැනෙන්නේ. උදේ පාන්දර අවදිවීම මගේ පුරුද්දක්. සාමාන්‍යයෙන් පාන්දර පහට මම අවදි වෙනවා. නින්දට යනවිට රෑ දහය විතර වෙනවා. අපේ පුතා මව්ලි මතීෂ පතිරණගේ. දුව සංසා ස්නේහා. පුතා පාසල් යන්නේ ජාත්‍යන්තර පාසලකට. එනිසා පුතාගේ වැඩකටයුතු සියල්ල සිදු කෙරෙන්නේ මගේ අතින්. දරුවන්ගේ වැඩ කටයුතුයි ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුයි නිසා මට දවස ගතවෙනවා දැනෙන්නේ නැහැ. රඟපෑවේ නැහැ කියලා කිසිම පාළුවක් පාඩුවක් මට දැනෙන්නේ නැහැ.

විවේකයක් ලැබුණොත් මොකද කරන්නේ?

හුඟක් වෙලාවට විවේකයක් ලැබුණොත් අපි ඇවිදින්න යන්නේ පුතා කැමැති තැන්වලට. පුංචි දරුවන්ට ගැළපෙන ඔවුන් විනෝද වෙන තැන්වල අපි අනිවාර්යයෙන්ම සංචාරය කරනවා.

ප්‍රභාත් ගැන නිමන්ති තුළ ඇත්තේ මොන වගේ හැඟීමක්ද?

ප්‍රභාත් කියන්නේ හරිම නිවුණු ‍සැමියෙක්. හරිම සහයෝගයෙන් එයා එක්ක වැඩ කරන්න පුළුවන්. දරුවන් වුණත් වැඩිපුරම කැමැති ප්‍රභාත් ගෙදර ඉන්නවටයි. අනෙක නිතරම ප්‍රභාත්ට ගෙදර රැඳෙන්න අවස්ථාව නොලැබෙන නිසා නිවාඩුවක් ලැබෙන හැම මොහොතෙම එයා කාලය ගත කරන්නේ ගෙදරම තමයි.

ප්‍රභාත්ගේ ගති ගුණ ඔබ දකින්නේ මොව විදිහටද?

ගතිගුණ හොඳ නැත්නම් අපිට මේ විදිහට ලස්සනට පවුල් ජීවිතයක් ගත කරන්න බැහැනෙ. අපි දෙන්නම එකම ක්ෂේත්‍රයක නිසා බොහෝ දේ ගැන අපි දෙදෙනා අතර අවබෝධය ඉහළයි. එනිසා ප්‍රභාත්ට එයාගේ රැකියාව නිදහසේ කරගැන්මට ඉඩකඩ සැකසී තිබෙනවා.

ප්‍රභාත් හා දරුවන් වෙනුවෙන් නිමන්ති අතින් රසවත් කෑම බීම පිළියෙල වෙනවා ඇති?

ඉස්සර නම් එක එක වර්ගයේ කෑමබීම හැදුවා. එත් දැන් නම් දරුවන් දෙදෙනා පොඩි නිසා ඒ දේවල් වලින් දුරස් වෙලා. නමුත් ප්‍රභාත් ගොඩක් වෙලාවට සලාද වර්ග වගේම චයිනීස් කෑම කන්න කැමැතියි. ඒ වගේ දේවල් ප්‍රභාත් ගෙදර ඉන්න වෙලාවට මම හදලා දෙනවා.

නිමන්ති හදන කෑමට ප්‍රභාත් ගොඩක් කැමැති ඇති?

අප අසල සිටින ප්‍රභාත් කතාබහට එක් කර ගනිමින් මම ඇසුවෙමි.‍

ඔව්. ප්‍රභාත් පැවැසුවේ සිනහවක් මුවගට නගා ගනිමිනි.

මේ දවස්වල ඔබේ 'සිනෙ ආට්ස්' ආයතනයෙන් සිදු කෙරෙන නිර්මාණ මොනවාද?

පසුගිය දවස්වල අලුත්ම සිනමා නිර්මාණ කිහිපයක් සිදු කළා. මේ දවස්වල ටෙලි නාට්‍ය කිහිපයක් නිර්මාණය වෙනවා.

නිමන්ති වැනි බිරියක් ලැබීම ගැන මොකද හිතෙන්නේ?

ඇගෙන් විශාල සහයෝගයක් මට ලැබෙනවා. ඇය රඟපානවට මම කැමැතියි. ඇගේ කැමැත්තෙන් තමයි ඇය නිර්මාණවලින් දුරස්ව ඉන්නේ. කොහොම වුණත් නිමන්ති ගැන මට කියන්න තිබෙන්නේ ඉතා හොඳ මට ගැළපෙන ආදරණිය බිරියක් කියන එක තමයි.

නිමන්ති ගෙවන මේ ජීවිතේ එක්ක රංගන ඇගෙන් දුරස්ම වී යයිද?

රංගනයට මම ඇයට කවදාවත් නීති දාලා නැහැ. දුව තවමත් පුංචි නිසා පහුගිය කාලයේ කරපු ආරාධනා සියල්ල ඇයට ප්‍රතික්ෂේප කරන්න වුණා. අනෙක ඇය කවදාවත් එක දිගට රැල්ලට රඟපාපු කෙනෙක් නෙමෙයි.පවුල් ජීවිතය වගේම කලා ජීවිතයත් බැලන්ස් කරගෙන රඟපාන්නයි ඇය බලාපොරොත්තු වෙන්නේ. දැනට රූගත කෙරෙන ටෙලි නාට්‍යයක රඟපාන්න මමම ඇයට ආරාධනා කළා. ඒත් ඇය එයට කැමැති වුණේ නැහැ. ඉදිරියේ දී ඇගේ රඟපෑම් යළිත් ආදරණීය ප්‍රේක්ෂකයන්ට දැක ගන්න ලැබේවි කියා මම හිතනවා.

අනාගත බලාපොරොත්තු?

අපි දෙන්න ප්‍රාර්ථනා කරපු බොහෝ දේ අපිට මේ වනවිට ලැබී තිබෙනවා. හැම දෙයක්ම අපේ කැපවීමෙන් මහන්සියෙන් ගොඩනගාගත් දේවල්. ඉතින් මේ හැමදේම තවත් සාර්ථක කරගෙන ඉදිරියට යන එක තමයි අපේ බලා පොරොත්තුව. ඒවගේම

දරුවන්ගේ වැඩකටයුතු සිදුකරගෙන ඔවුන් හොඳ පුරවැසියන් බවට පත් කරගෙන අපි‍ දෙන්නා සතුටින් ජීවත් වෙන එක තමයි එකම බලාපොරොත්තුව.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්