‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


‘කෝපි ක‍ෙඩ්’ හැර ගිය අබිලිං

‘කෝපි ක‍ෙඩ්’ හැර ගිය අබිලිං

අබිලිං යනු කවුද යන්න අමුතුවෙන් හඳුන්වාදිය යුතු නැත. අතිශයජනප්‍රිය ටෙලි නාටක මාලාවක් වූ ‘කෝපි ක‍‍ෙඩ්’ හැඩ කළ ඔහු ගම ගිනි තියන්නේ එය නරඹන අපවද කෝපයට පත් කරමිනි. මේ අබිලිංගේ සැබෑ නම චන්ද්‍රසිරි කොඩිතුවක්කු ය. ඔහු පිළිබඳ මේ සටහන ලියැවෙන්නේ ඔහුගේ හදිසි අභාවය නිසා බව කනගාටුවෙන් වුව ද කිවයුතු වන්නේ ය.

චන්ද්‍රසිරි කොඩිතුවක්කු පොදු ජනයා අතර වඩාත් ජනප්‍රිය අබිලිං හැටියට වුව ද ක්ෂේත්‍රයේ සහෘද‍යන් ඔහු ඇමතුවේ ‘කොඩි’ යන කෙටි නමිනි. කොඩි ඉන්නා තැන රස සාගරයකි. එහෙයින් කොතැනක සිටිය ද බොහෝ දෙනකු ඔහුව වටකරගත්තේ ආගිය කතා ඇසීමට ය. තමන් රංගනයට පිවිසීම පෙර දුක් විඳි අන්දම කාටවුවත් පැවසීමට‍ ඔහු අමතක නොකළේ ය. කොඩි හමුවූ අවස්ථාවක මට ද ඒ පිළිබඳ කියා ඇත්තේ ය.

“පුතා අපි ක්ෂේත්‍රයට එන්න විඳපු වේදනාව දන්නෙ අපි විතරයි‍. අලුත් පරපුරේ අයට මේ මොකවත් නැහැ. මං මගේ ආරම්භය ගැන ඔවුන්ට කියන්නෙ වෙන මුකුත් හින්දා නොවෙයි, මේ ක්ෂේත්‍රයෙහි වටිනාකම කියාදෙන්න ඕන හින්දා.”

කොඩි තම අතීතය පවසන හේතු කාරණාව එලෙස විග්‍රහකළේ ය. කොඩිගෙ ගම කැලණිය පෙතියාගොඩ ය. ගමේ සම්බෝධි විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ කොඩි ආර්ථික දුෂ්කරතාවයන්ට අනන්තවත් මුහුණ පෑවේ ය. එහෙයින් ධම්ම ජාගොඩයන්ගේ රංග ශිල්ප ශාලිකාවට බැඳීමට ද ඔහුට නොහැකි විය. ඒ එහි ඇතුළත්වීමේ ගාස්තුව වූ රුපියල් 25 ගෙවීමට නොහැකිවීමෙනි. එකල එම මුදල සාමාන්‍ය පවුලකට දැරිය හැකි වුවත්, කොඩි හිටියේ ඊටත් පහළිනි.

කුමන දේ වුණත් රංගන ශිල්පියකු වීමේ හීනය කොයි මොහොතේවත් අතහැරීමට ඔහුට කළ නොහැක්කක් විය. ඒ නිසා ම කොඩි ගෙවල් අසල තිබූ මිරිස් කුඩු මෝලක රැකියාවකට ගියේ ය. ඉන් ලැබෙන මුදල් ඔහු වියදම් කළේ රංගනයට අවස්ථා ලබාදෙන සම්මුඛ පරීක්ෂණවලට සහභාගි වීමට ය.

එය අතරතුරදී කොඩි ජර්මන් සංස්කෘතික ආයතනයේ රංගන පාඨමාලාවක් හදාරන්නේ දක්ෂ නළුවකුවීමේ අදිටනින් යුතුව ය.

1969 වසර කොඩිගේ ජීවිතයට සුවිශේෂී වන්නේ ය. ඒ ඔහු හා හා පුරා කියා වේදිකාවට ගොඩවන්නේ ඒ වසරේදී ය. ‘බැද්දේ ගෝරනාඩුව’, ‘සොක්කානෝ රජානෝ’, ‘බකතපස්’, ‘දෙව්ලෝ දෝණි’, ‘උතුරේ රාහුල හිමි’ යනාදී වශයෙන් කොඩිගෙ නාට්‍ය සංඛ්‍යාව පෙළගැස්විය හැකි ය.

කොඩි පිළිබඳ බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි. ඒ ඔහු අතිදක්ෂ අභිරූපණ නාට්‍යකරුවකි යන්නයි. මෙරට අභිරූපණ කලාව හඳුන්වාදීමෙ පිරිස අතර කොඩි ද ඉදිරියෙන් ම සිටියි‍. එම කලාව භාවිත කරමින් 1973 දී ජයසේකර අපොන්සු සහ රංජිත් පෙරේරා සමඟ එක්ව අභිරූපණ දැක්මක් කොඩී පැවැත්වීය. කෙසේ වෙතත් මෙලෙස රංගනයේ යෙදුණත් කොඩී ජනප්‍රිය චරිතයක් නොවීය. ඔහු රසිකයන් අතරට යන්නේ ‘කෝපි කඩේ’ හා එකතුවීම සමඟිනි. තේවිස් ගුරුගේ මහතාගේ අධීක්ෂණය යටතේ කලක් රංගනය හැදෑරූ කොඩී එම පාඨමාලාව ඔස්සේ ‘කෝපි කඩේට‍’ එකතුවන්නේ එහි අබිලිං හැටියට ය. වර්ෂය කිව්වහොත් 1987 ය. ‘කෝපි කඩේ’ ආරම්භ වන්නේ ද එම වසරේදී ය.

මුල් යුගයේ අබිලිං සුදු චරිතයකි. නමුත් කුමාර සිරිවර්ධන ‘කෝපි කඩේ’ පිටපත් රචනා කිරීම ආරම්භ කිරීමත් සමඟ අබිලිං කළු චරිතයක් බවට පත් විය. ගමේ උන් කෙටවීම, ගිනි ගෙඩි දීම, කේළාම් කීම අබිලිං ආරම්භ කරන්නේ එතැන් පටන් ය. චන්ද්‍රසිරි කොඩිතුවක්කුගේ රුව ප්‍රේක්ෂකයන් වැලඳගන්නේ ‍ඉන්පසුව ය. එදා සිට ඔහු කොයි කාටත් අබිලිංම විය. කේලම් කියන්නත්, කොටවන්නත් අබිලිං යන නමින් හැඳින්වූවේ එම චරිතයෙහි ගතිගුණ නිසාම ය. අභාග්‍යයකට කොඩි අබිලිංටම කොටු විය. වැඩි දෙනෙකු ඔහුව සිරකොට තැබුවේ එකම රාමුවක ය. ගුවන් විදුලියේ B ශ්‍රේණියේ ගායකයකු ද වූ කොඩී මිය යනතෙක් ම වේදකා නාට්‍යකරුවකු ලෙස ක්‍රියා කළේ ය.

මෙතැන් පටන් කෝපි ක‍ෙඩ්ට අබිලිං පැමිණෙන්නේ නැත. ඒ වෙනුවෙන් අදේශකයෙක් කිසිදා බිහිවන්නේ ද නැත. අපට දැන් ඇත්තේ අබිලිංගේ මතකය පමණි. වයස හැට හතක් ආයු වලඳා ජීවත්ව සිටි ‍කාලයේදී අපව පිනවූ අප ආදරණීය කොඩිට නිවන්සුව පතනවා හැර අන් කුමක් කරම් ද?


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්