‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


Bollywood

ග්‍රීක දෙව් කුමරාගේ උපන් දිනය

ග්‍රීක දෙවියකු බොලිවුඩ්පුරයේදී උපන් දින සාදයක් පවත්වලා. කවුරුන් ද මේ ග්‍රීක දෙවියා? වෙන කවුරුන්වත් නොවෙයි. අපි හැමෝම දන්නා, සුපිරි නළු රිතික් රෝෂන්. ඔහු ග්‍රීසියේ දේවතාවකු ලෙස හැඳින්වූයේ ඇයි දැයි පැහැදිලි නැහැ. සමහරවිට ඔහු 'ධූම් - 2' චිත්‍රපටයේ එන එක්තරා දර්ශනයක සුදු පැහැති දේව ප්‍රතිමාවක් ලෙස තත්පර කිහිපයකට පෙනී සිටිය නිසා වෙන්න ඇති.

කොහොම වෙතත්, මේ 'ග්‍රීක දෙවියා' පසුගියදා තම 42 වැනි උපන් දිනය සැමරුවා. ඒ නිමිත්තෙන් උපන් දින සාදය පැවැත්වුණේ මුම්බායි නගරයේ ෆෝ සීසන්ස් නම් වූ හෝටලයේදීයි. රිතික් තමන්ගේ උපන්දිනය වෙනුවෙන් තෑග්ගක් ලැබුවා. ඔහුට ඒ තෑග්ග දුන්නේ වෙන කවුරුවත් නොවෙයි. තමන්මයි. උපන් දිනයට ඔහු අලුත් ම අලුත් රෝල්ස් රොයිස් මෝටර් රථයක් මිලදී ගත්තා. එය තම නිවෙසට පදවාගෙන පැමිණි රිතික්, මුලින් ම ඊට නංවා ගත්තේ පුතුන් දෙදෙනා වන රෙහාන් සහ රිදාන්වයි. ඔවුන් සමඟ පුංචි රවුමක් ගිය රිතික්, ඉන්පසුව පැමිණියේ උපන් දින සාදය පැවැත්වෙන හෝටලයටයි. ඔහු එහි ළඟා වන විට ආරාධිතයන් සියල්ලන් ම හෝටලයෙන් පිටතට පැමිණ සිටියා. ඔවුන්ගේ ඇස් යොමුවී තිබුණේ 'බර්ත් ඩේ බෝයි' වෙතට නම් ‍නොවෙයි. ඔහුගේ අලුත් ම මෝටර් රථය දෙසටයි. මෝටර් රියෙන් බැසගත් රිතික් සහ දරු දෙදෙනාව ඔවුන් පිළිගත්තේ උණුසුම් අන්දමින්. මේ පිරිස රිතික් ගේ සමීපතම යහළු යෙහෙළියන්.

ඒ අතරින් කැපී පෙනුණේ බොලිවුඩයේ 'කිං ඛාන්' හෙවත් ශාරුක් ඛාන්. රිතික් ගේ මුල්ම රංගනය ඇතුළත් වූ 'කහෝ නා ප්්‍යාර් හේ චිත්‍රපටයේ ඔහු සමඟ රඟපෑ අමීෂා පටේල් ද පැමිණ සිටියා. ජනප්‍රිය නළු රන්වීර් සිං ඇතුළු තවත් හිතවතුන් කිහිප දෙනෙකුම මේ සාදයට එක්ව සිටියා. මැදියම් රැයේදී සාදය නිමාවට පත්වූ පසුව ශාරුක් ව ඔහුගේ නිවසට කැඳවා ගෙන යන්නටත් රිතික් කටයුතු යෙදුවා. රිතික් තම අලුත් ම මෝටර් රියට ශාරුක් සහ රන්වීර්වද දරු දෙදෙනාවද නංවාගෙන ශාරුක්ගේ නිවසට පිටත්ව ගියා.


නොගැලපීම් මැද අවසන් වූ පෙම් කතාවක්

ආදරයෙන් බැඳුණු යුවළක් තමයි, ආදිත්‍ය රෝයි කපූර් සහ ශ්‍රද්ධා කපූර්. 'ආශික්වි - 2' චිත්‍රපටයේ ආදිත්‍ය සහ ශ්‍රද්ධා මැවූ පෙම් ලොව හුදු රංගනයක් වුවත් දෙදෙනා ගේ සැබෑ ප්‍රේමය ලොවට රහසක් වුණේ නැහැ. ටික කාලයක් ගතවෙද්දී බොලිවුඩ්පුරයේ ජනප්‍රිය ම පෙම් යුවළ බවට පත්වුණේ මේ දෙදෙනායි. චමත්කාරයෙන් ගලා ගිය ආදිත්‍ය - ශ්‍රද්ධා ප්‍රේම වෘත්තාන්තය හිටි හැටියේ ම නතර වුණා.

සමහරු කියන්නේ දෙදෙනාගේ නොගැළපීම මේ වෙන්වීමට හේතුව වූ බවයි. ඒ කතාවේ ඇත්තක් තිබෙනවා. ආදිත්‍ය සහ ශ්‍රද්ධා ගේ ජීවිතවල පසුබිම එකිනෙකට වෙනස්. ආදිත්‍ය වඩාත්ම කැමැති නිහඬව ජීවත් වෙන්නයි. මාධ්‍යයන් ඉදිරියේ පෙනී සිටින්න ඔහු අකැමැතියි. ඒත් ශ්‍රද්ධා ඊට වඩා වෙනස් ගති ඇති යුවතියක්. ගමන් - බිමන් යන්න, විවිධ අත්දැකීම් ලබන්න, මාධ්‍ය ඉදිරියේ කතා කරන්න ඇය හරි ම කැමැතියි. දෙදෙනා ඇසුරු කළේත් එකිනෙකට වෙනස් ගති ඇති මිතුරු මිතුරියන්.

මෙවැනි නොගැළපීම් තිබුණත් ආදිත්‍ය සහ ශ්‍රද්ධා සමීපව ආදරය කළා. බොහෝ විට ආදිත්‍ය, තම පෙම්වතිය හමුවන්නට ඇගේ නි‍ෙවසට ගිය බව රහසක් නොවෙයි. ඒත් ඔවුන් දෙදෙනා අතර නොයෙකුත් මත ගැටුම් පැවතුණු බවයි පැවසෙන්නේ. මේ හේතුවෙන් ශ්‍රද්ධාගේ දෙමව්පියන් ආදිත්‍ය ව ප්‍රතික‍්ෂේප කිරීමේ තත්ත්වයකට පත්වුණා. ආදිත්‍යගේත් ශ්‍රද්ධාගේත් සමීප යහළු යෙහෙළියන් පැවසුවේ ඇතැම් අවස්ථාවලදී මේ දෙදෙනා අතර අඩදබර පවා ඇතිවූ බවයි.

මෙවැනි වියවුල් සිතින් දරා ගෙන සිටි ආදිත්‍ය තම වෘත්තීය ජීවිතය තුළ සිදුවූ පසුබැසීම් වලට මුහුණ දුන්නේ දැඩි කලකිරීම් මැද්දේයි. ඔහු රඟපෑ 'දාවත් - ඊ - ඉෂ්ක්' නම් වූ චිත්‍රපටය රසික ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණා. ඉන්පසුව අධෛර්යයට පත්වූ ඔහු, රඟපෑමෙන් සමුගන්නටත් සූදානම් වුණා. එය වැළකී ගියේ ඔහුගේ වැඩිමල් සොයුරු සිද්ධාර්ත් රෝයි කපූර් ගේ බලපෑම නිසාලු.


 

 

 

දීපිකා, රන්වීර් ෆිල්ම් ෆෙයාර් කිරුළු පැළඳිති

ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙළ බොලිවුඩ් සිනමාවේ ජය දද නංවන වර්ණවත් රාත්‍රියක් බවට අටුවා ටීකා අවශ්‍ය නැහැ. මෙවර මේ විචිත්‍රවත් උලෙළ පැවැත්වුණේ 61 වැනි වතාවටයි. ජනවාරි 15 දා මුම්බායි නුවර ගිගුම් දෙමින් මුළුදුන් මේ සම්මාන රාත්‍රියේ වගතුග අහන්න, දකින්න මුළු ලොවම උනන්දුවුණා. කවුරුත් නෙත් සිත් යොමු කළේ මෙවර කිරුළු පළඳින හොඳම නළුවා සහ නිළිය දෙසටයි.

මෙවර හොඳම නළුවා ලෙස 'ෆිල්ම්ෆෙයාර්' සම්මානය දිනුවේ 'බජිරාඕ මස්තානි' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ රන්වීර් සිං. හොඳම නිළිය ලෙස සම්මාන දිනුවේ 'පිකු' චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වූ දීපිකා පදුකෝන්. හොඳම චිත්‍රපටයට හිමිවන සම්මානය දිනා ගත්තේ 'බජිරාඕ මස්තානි' චිත්‍රපටයයි. එය අධ්‍යක්ෂණය කළේ සන්ජේ ලීලා භන්සාලි. ඔහු හොඳම අධ්‍යක්ෂවරයාට හිමිවන ෆිල්ම් ෆොයර් සම්මානය දිනා ගත්තා.

මෙවර දීපිකා පදු‍කෝන් හොඳම නිළිය ලෙස කිරුළු පැළඳුවේ දෙවැනි වතාවටයි. මීට කලින් 2013 දී ඇය හොඳම නිළිය ලෙස පළමුවරට ෆිල්ම් ෆොයාර් සම්මානය දිනාගත්තේ 'රාම්ලීලා' චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්.

හොඳ ම නවක නළුවා ලෙස සම්මාන දිනා ගත්තේ 'හීරෝ' චිත්‍රපටයේ රඟපෑ සුරාජ් පන්චෝලියි. හොඳම නවක නිළිය, 'දම් ලගා කේ හයිෂා' චිත්‍රපටයේ රඟපෑ භූමි පෙඩ්නෙකාර්.

ප්‍රවීණ නළු අනිල් කපූර් ට හොඳම සහය නළුවාට හිමිවන 'ෆිල්ම් ෆෙයාර්' සම්මානය හිමිවුණා. ඒ, 'දිල්ධදක්නේ දෝ' චිත්‍රපටයේ රංගනයටයි. හොඳම සහාය නිළිය, ප්‍රියංකා චොප්රායි. ඒ, 'බජිරාඕ මස්තානි' චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්